Cart

Showing 97–144 of 706 results

0 out of 5

සීතා මැරී රම් රද

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,620.
ඒ මන්දෝදරී රාවණාගේ අග රැජිනයි මේ මන්දෝදරී ප්‍රබුද්ධ නාරායනගේ බිරිඳ මන්දෝදරී නාරායනයි මන්දෝදරී වසර හත්දහසක් සසර සැරිසරමින් රාවණාගේ චරිතයට අනෙකුත් එක් කළ කළු පැල්ලම් සෝදා හැරීමේ අසීරු වෑයමක යෙදෙනවා. ඒ වගේම සීතා, මන්දෝදරී හා එක්ව අනාගතයේ උපදින, වර්තමානයේ ජීවත් වන ස්ත්‍රීන්ට නින්දා පරිභව, අවමන්, අඩන්තේට්ටම් හිංසනයන් විරහිත අග්නි පරීක්ෂාවන් හෝ අන් එබඳු පරීක්ෂාවන් හා පලවා හැරීම් නොමැති ප්‍රෞඩ හා අභිමානවත්...
0 out of 5

නයිට් සිංගර්

Original price was: Rs. 1,980.Current price is: Rs. 1,782.
night singer – johanna mo පරිවර්තනය – නිම්ම් මුදිතා හේරත්
0 out of 5

සදාකො සහ කඩදාසි කොක්කු දහස

Original price was: Rs. 450.Current price is: Rs. 360.
සදාකො සසාකි වයස අවුරුදු 11 ක සුන්දර ජපන් දැරියකි. දක්ෂ මලල ක්‍රීඩිකාවකි. හිරෝෂිමාවට හෙළනු ලැබූ පරමාණු බෝම්බය ප්‍රතිඵලයක් ලෙස නොසිතූ මොහොතක ඇය ලියුකේමියා රෝගයට ගොදුරු වෙයි. මරණය පෙනි පෙනී වූවද කඩදාසි කොක්කු තනමින් ජීවිතේ පිළිබඳ බලාපොරොත්තු අත් නොහැරිය සදාකො අවසානයේ දිරියෙන් මරණයට මුහුණ දුන්නාය.ජපන් දරුවන්  අතර අමරණීය වූ සදාකො වෙනුවෙන් හිරෝෂිමාවේ පිහිටා ඇති ස්මාරකය පාමුල අදටත් දහස් ගණන් කඩදාසි කොක්කු...
0 out of 5

රතු පෝනියා

Original price was: Rs. 600.Current price is: Rs. 480.
රතු පෝනියා , ජෝන් ස්ටන්බෙක් නම් ඇමරිකානු කතුවරයා විසින්, ජෝන් ටිෆ්ලින් නැමැති දරුවකු කේන්ද්‍ර  කොටගෙන ලියන ලද කතාංග නවකතාවකි. උතුරු කැලිෆෝනියාවේ ගොවිපලක  උස් මහත් වෙන අතර ජොඩී,ජීවිතයේ ස්වභාවය ස්වභාව ධර්මය සහ මිනිසුන් පිළිබඳ නිරායාසයෙන්ම ඉගෙන ගන්නා ආකාරය රතු පෝනියා නව කතාවේ ඉතාමත් තාත්වික ආකාරයට විස්තරවේ. 1933 - 1936 කාලය තුළ සඟරාවක් කොටස් වශයෙන් පළ වුණු කෙටිකතා හතරකින් සමන්විත මෙම කතාව...
0 out of 5

ලෙයින් ලියැවුණු පළිගැනීම

Original price was: Rs. 950.Current price is: Rs. 855.
“එයාගෙ තාත්තා මැරුවෙ මම නෙමෙයි” යි කියලා ඌ කිව්වා. 'ඒ වුණත් ඒ අහිංසක කෙල්ලගෙ හිත ගින්දරේ දැම්මෙ උඹ' කියලා කෑගහන ගමං මම ගුළි පෙට්ටියක් ඌ ඉස්සරහා තිබ්බා. 'අපි දෙන්නාගෙං වැරදිකාරයා කවුද කියලා තීන්දු කිරීම දෙවියන්වහන්සේට බාරයි. මේ පෙට්ටියේ තියෙන ගුළි දෙකෙං එකක තියෙන්නේ මරණය. අනික් ගුළියේ තියෙන්නෙ ජීවිතය. උඹ දෙකෙං එකක් තෝරගෙන ගිලපං. ඉතුරු එක මම ගිලිනවා. යුක්තිය, සාදාරණේ මේ...
0 out of 5

පෙරළූ නැවුම් පස – 2

Original price was: Rs. 750.Current price is: Rs. 675.
peralu nawmpasa 2 පරිවර්තනය සිරිල් සී පෙරේරා
0 out of 5

පෙරළූ නැවුම් පස – 1

Original price was: Rs. 850.Current price is: Rs. 765.
peralu nawm pasa-1 පරිවර්තනය සිරිල් සී පෙරේරා
0 out of 5

ප්‍රේමාක්ෂර

Original price was: Rs. 950.Current price is: Rs. 855.
2023 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත කෘතියකි මේ එළැඹ ඇත්තේ වාල්මිකී තැබූ පිය සටහන් පසු පසුකර යා යුතු නිමේෂයයි. සීතා පළමුව රිසි සේ, ඇගේ දිවි පුවතින් ඒ ඉසිවර ගැඹුරු සිත වර්ණවත් කරන්නට ඇත. යම් හෙයකින් ඒ මුල්වරය රාමච්න්ද්‍ර හෝ රාවනා ලද්දේ නම් ඔවුන් කුමක් පවසනු ඇත්දැයි මම තවමත් උපකල්පනය කරමි. ප්‍රේමයේ විශ්වීයත්වය වූ රාධා ක්‍රිෂ්ණා ද තවත් එබඳු වූ ප්‍රභාස්වරයකි.මේ...
0 out of 5

රුහිරු සුවඳ

Original price was: Rs. 1,000.Current price is: Rs. 900.
ප්‍රංශයේ පැරිස් නුවර තරුණ මාළු වෙළෙන්දියකට උපන් බිලිදා, එකෙණෙහිම මාළු අපද්‍රව්‍ය පිරුණු කාණුවකට විසි කර දමයි. එහිදී ළදරුවාගේ පළමු හැඬුම මව පෝරකය කරා ගෙන යාමට මඟ පෑදුණේ ය. ඉන්පසු අනාථ නිවාසයක කටුක ජීවිතයක් ගත කරමින් හැදී වැඩුන ඒ දරුවා, ගැටවරයෙකු වී ලේ උරා බොන කිණිතුල්ලෙකු අයුරින් තමාගේ ඒකායන අරමුණ වූ රුහිරු සුවඳක් නිර්මාණය කිරීම උදෙසා, කිසිවෙකු විශ්වාස නොකරන, බිහිසුණු ක්‍රියාදාමයකට...
0 out of 5

දෙහදක සටන

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
කැරොලයින් ෆෙයි එම ඍතු ලන්ඩන් සැණකෙළියේ වඩාත් ආකර්ෂණයෙන් යුතු තරුණිය වූවාය. මාකි වුල්කන් සහ ආර්යාවගේ දහහත් හැවිරිදි දියණිය වූ ඇය කුප්‍රකට සර් මොන්ටේගු රෙවස්බි විසින් ලන්ඩන් සිට සෙවන් ඕක්ස් වෙත අස්රිය ධාවනයකට පොළඹවා ගන්නේ උපක්‍රමශීලීවය. ඔහු අතරමඟ ගම්බද නවාතැන්පොළක් අසල රිය නවත්වන්නේ ඇක්සලයේ කැඩී යාමක් ගැන කියමිනි. මෙය නවාතැන්පොළේ ඇය සමඟ රාත්‍රිය නවාතැන් ගැනීම සඳහා සර් මොන්ටේගු විසින් කළ කූට...
0 out of 5

ජීවිතය යලි ලදිමි

Original price was: Rs. 900.Current price is: Rs. 810.
2019 වැඩියෙන්ම අලෙවි වූ අනුවේදනීය චරිතාපදානය. බෙනයක් ගුහාවක් වැනි තැනකට රිංගාගෙන මිනිසුන්ට ජීවත් විය හැකිද? එහෙත් දෙවැනි ලෝක යුද සමයේ යුදෙව්වන්ට දිවි බේරා බේරාගැනීමට සතුන් මෙන් එලෙස සැඟව සිටීමට සිදුවිය. යුදෙව්වකු වීමේ ශාපයට වන්දි ගෙවන  තරුණ මවක් සිය පස්මසැති බිලිඳු දරුවා සමග එවැනි ජීවිතයක් කරා තල්ලු වේ. එය ද දවසකට දෙකකට මාසෙකට හමාරක නොව යුද්ධය පවතින තුරාවටමය. අනෙක් මව්වරුන් ජීවිත...
0 out of 5

මළ මිනිස්සු

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,275.
mala minissu නිකොලායි ගොගොල් පරිවර්තනය : සිරිල් සී.පෙරේරා ප්‍රකාශනය : සීමාසහිත ඇස් ගොඩගේ සහ සහෝදරයෝ පිටු : 480
0 out of 5

කැළලිකාරයෝ

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
තුවාල සුවපත් වුවද ඒවාගේ කැළලි හා සම්බන්ධ මතකය සමග පොර බැඳීම ජීවිත කාලයක් පවතින බව කියන මෙම නවකතාව, බාහිර හා අභ්‍යන්තරික සේම ඒකපුද්ගල හා සාමූහික කැළලි සමග සාමය ඇති කර ගැනීමට තැත් කරන චරිත සමූහයක් වටා ආඛ්‍යානමය ජීවිත ජාලයක් වියයි. ඒ ඔස්සේ ආදරය, විවාහය, ලිංගිකත්වය හා දේශපාලනය ඒකපුද්ගල මිනිසා හා සාමූහික මිනිසා එකට බැඳලන සංකීර්ණ විලාස ගවේෂණය කරයි.
0 out of 5

කඩදොර

Original price was: Rs. 980.Current price is: Rs. 882.
මේ, කොත්මලේ පුරාවෘතාන්තයේ ගිලී අවසන් වූ ගම්මානයක වැලි කැටවලින් හා දිය බිඳිතිවලින් ලියූ කතාවකි. තවත් අතෙකින් මෙය තමාට, තමා අවට පරිසරයට, ගහකොළට හා සතා සීපාවටද, තමා වටා වන සකළ සත් ජනයන්ටද ආදරය කළ යෞවනියකගේ කතාවයි. කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වෙනුවෙන් ඉදිවූ කොත්මලේ ජලාශය වෙනුවෙන් ඔවුන් අතහැර ගියේ හුදෙක් මහ පොළොවේ පස් පමණක් නොවේ; ඔවුන් හා බැඳුනු පරම්පරා ගණනක අතීත...
0 out of 5

කොළපාට ඇස්

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද my December Romance  නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පීය ආචාර්යවරයෙකු සහ තරුණ විශ්වවිද්‍යාල සිසුවියක අතර ඇතිවන සම්බන්ධතාවක් වස්තු කොට ගෙන ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්‍රබන්ධයක අලුත් ආකෘතික සහ සංදර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයකු සහ ලේඛිකාවක වන උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණය එක මත එක ගැටෙන...
0 out of 5

සෝයා

Original price was: Rs. 1,950.Current price is: Rs. 1,560.
කලබලයෙන් පිරුණු සියවසක් පුරා ඇදෙන එක් කාන්තාවකගේ  ත්‍රාසජනක ජීවන ගමන... ශාන්ත පීතර්බූර්ගය: ඔක්තෝබර් විප්ලවයහි එක්  කුප්‍රකට ප්‍රචණ්ඩ රාත්‍රියක් රෝමානොෆ් රජ මැදුරෙහි සුඛෝපභෝගී ජීවිතයෙහි අවසානය සනිටුහන් කරයි. එයත් සමග තරුණ සෝයා ඔසුපොෆ් සිටුවරියගේ සිහින සුණු විසුණු වෙයි. පැරීසිය: පළමු ලෝක මහා සංග්‍රාමයේ සෙවනැල්ලට යටත්ව විශ්‍රාමිකයෝ ජීවත්වීමට සටන් කරති. දරිද්‍රතාවෙන් බැට කමින් පැරීසියට පලා එන සෝයා ධනවත් කතක් ලෙසින් පැරිසියෙන් පලායයි. අමෙරිකාව: ...
0 out of 5

කෝපාග්නිය

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
ලෝරා තම ජීවිතයෙන් වැඩි කොටසක් ගෙවා ඇත්තේ අනිත් අයගේ විවේචනයන්ට ලක් වෙමිනි. අනිත් අය ඇයව දකින්නේ වහා කිපෙන, සිත අවුල් කරගත්, තනිව වසන අයකු ලෙසටය. ලෝරා රුධිරය වැකුණු ඇඳුමින් සැරසී, භයංකර මිනීමැරුමක් සිදු වූ ස්ථානයකින් පිටව යනවා දුටු පමණින් ඇය මිනීමරුවකු බව ඔප්පු වන්නේ නැති වග මිරියම් දනියි. වැරදි තැන, වැරදි වේලාවේ සිටීම කොතරම් පහසුවෙන් සිදුවිය හැකි දෙයක් දැයි මිරියම්ගේ...
0 out of 5

මරණය දොරකඩටම ඇවිත්

Original price was: Rs. 550.Current price is: Rs. 440.
මිනීමරු  හිට්ලර්ගේ  වධක කදවුරේ මරණය අබියස කල් ගෙවු ළමයාගේ කතාව  වෙන කිසිම වරදක් නිසා නොව යුදෙව්වකු වූ නිසා සිය පවුලෙන් වෙන්කොට නාසි වධකාගාරයකට යැවූ ජැක් මැන්ඩල්බම් නම් ළමයාගේ කතාව ඔබට කියන්නේ ඇන්ඩ්‍රියා වොරන්ය. ලී කුඩු මැදට දැමු පාන් පෙත්තක් හා දියාරු සුප් වීදුරුවක් කා බී සාගින්දරයෙන්, වසංගත රෝගවලින් බැටකමින් තුන් අවුරුද්දක් වධකාගාරවල ගත කළ ජැක්ට ඔහුගේ ජීවිතය බේරාගැනීමට බොහෝ දුරට...
0 out of 5

සමස්තයෙන් ඩිංගිත්තක්

Original price was: Rs. 975.Current price is: Rs. 877.
2008 මෑන් බුකර් සම්මානය අවසාන වටයට තේරුණු නවකතාවකි. නවකතාවක් යනු මනා ශිල්පයකට අමතරව ඥාන  ගවේෂණයක් ද විය හැකි බව ස්ටීව් ටොල්ට්ස් මේ නවකතාවෙන් පෙන්වා දෙයි.  ඒ ගවේෂණය සෞන්දර්යාත්මක වින්දනයෙන් අනූන විය යුතු බවට ඔහු උදක්ම වගබලා ගෙන තිබේ. මාර්ටින් ඩීන් තම සිර මැදිරියේ සිට කියන කතාව තුළ ගැබ්වූ වන්නේ, අසාමාන්‍ය පියෙකු අසාමාන්‍ය යුගයක සහ අසාමාන්‍ය ආදරයක් පිළිබඳ වෘතාන්තයකි. සම්මතය ප්‍රශ්න...
0 out of 5

සිසිරයේ රැයක මගියෙකු… නම්

Original price was: Rs. 550.Current price is: Rs. 495.
ඉතාලෝ කැල්විනෝ ඉපදුනේ කියුබාවේදීය. හැදුණේ වැඩුණේ ඉතාලියේ සහ ප්‍රංශයේය. ලෝකයේ විශිෂ්ට නූතන නවකතා කරුවන් අතර ඔහු ද අද ප්‍රබලයෙකි. ඔහුගේ නවකතා හොඳින් කියවා අවසන් කරන පාඨකයෝ "නියම මිනිසෙකි" යන්න ඔහුට කරන බුහුමනක් ලෙස පවසති මේ නවකතාව සාමාන්‍ය නවකතාවකින් ඉඳුරාම වෙනස් වූ අපූර්වතම නිර්මාණයකි. මෙහිදී ඔබ ද නව කතාවේ චරිතයක් බවට පත්වේ.  ඊට අමතරව කතුවරයාද නවකතාවට පිටින් සිටින ලේඛකයෙකුට වඩා නවකතාවේ...
0 out of 5

සුදු සපත්තු

Original price was: Rs. 690.Current price is: Rs. 552.
sudu sapaththy white boots- nole streatfeild පරිවර්තනය : නිශානි දිසානායක ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ පිටු : 256
0 out of 5

යකඩ යුගය

Original price was: Rs. 400.Current price is: Rs. 360.
"ඇයි මිනිස්සු මේ විදියට හැසිරෙන්නෙ" කියලා මං රහස් පරීක්ෂකයා ගෙන් පුදුමයෙන් වගේ ඇහැව්වා 'ඒකෙන් ඒ මිනිස්සුන්ට තියෙන සෙතේ මොකක්ද?" "මිනිස්සු ඒ විදියයි." ඔහු කිව්වා "සත්තු" ඊට පස්සේ මං යකඩ පොලු දැම්ම හැම ජනේලයකටම, ඒක කළේ තඩි ඉන්දියන් කාරයෙක්, ජනෙල් රාමු වල පොලු වද්දපු ඇණ හිස්වලට උඩින් මිනිහා පොටි ගහලා වැහැව්වා. "එතකොට ඇණ ගලවන්න බැහැ." මිනිහා මට විස්තර කරනවා. ඊට පස්සේ...
0 out of 5

පඬුරු බඳින ගස්

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
2023 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත කෘතියකි ලෝකයක් දිනන්න පිරිමියෙකුට ඕනැ කරන්නෙ එකම එක දෙයයි. ඒ ජීවිතේ හති වැටුන වෙලාවක උණුහුමට ඔලූව තියාගන්න පුලූවන් ආදරණිය ගැහැනියකගේ උකුළක්. ඒ වගේම තමයි… ගෑනියෙකුට ලෝකයක් හිමි කරගන්නට ඕනැ කරන්නේ තමුන්ට රැකවරණයක්, ආදරයක්, ගෞරවයක් දැනෙන පිරිමියෙක්ගේ උරහිසක වාරුවක්. එහෙම දෙන්නෙක් අහම්බෙන් හරි මුණගැහුණහම ඇතිවෙන ගින්දර නිවන්න මේ ලෝකෙ කාටවත් බැහැ. ජාති, ආගම්, කුලමල, වයස...
0 out of 5

කොණ්ඩිත්තම්

Original price was: Rs. 575.Current price is: Rs. 460.
“සහෝදරයා… මම ඉගෙන ගන්නේ දායක සභාවේ මිනිස්සුන් දුක් විඳල දෙන දානමානවලින්… මට දඩ මුදලක් නෙමෙයි… අඩුම ගානේ නීතිඥ ගාස්තුවවත් ගෙවාගන්න විදිහක් නෑ… අනික මම හිරේ ගියොත්, මගේ පන්සලේ දායක සභාව ආයිත් මාව පන්සලට වද්දගන්න එකකුත් නෑ… මොකද මම විශ්වවිද්‍යාලෙට ආවේ ඉගෙනගෙන ආපහු පන්සලට ගිහින් පින් දහම් කටයුතු කරන්න මිසක විප්ලව කරන්න නෙමෙයි….” බුද්ධ චීවරය දරන හාමුදුරුවන්ගේ කතාව බෙහෙවින් ඍජුය. එහෙත්...
0 out of 5

පොල්කිචි ප්‍රේමය

Original price was: Rs. 525.Current price is: Rs. 420.
බැඳීම්, වගකීම් හා සංස්කෘතික යදම්වලට හසු වූ ගැහැනියකගේ අනුවේදනීය කතාව
0 out of 5

බොනී සහ ක්ලයිඩ්

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
19 හැවිරිදි, කුඩා සිරුරකින් යුතු, උස අඩි 5 ක් වත් නැති, බර රාත්තල් 90 කට නොවැඩි බොනී, මිනීමරුවකු සමඟ විවාහ වී සිටියාය. ඩලාස්හි දුප්පත් නිවෙසක විසූ ඇය අවන්හලක වේටර්වරියක ලෙස සේවය කළ අතර ආධුනික කිවිඳියක්ද වූවාය. 21 හැවිරිදි ක්ලයිඞ් අවිවාහකයෙකි. ඔහුත් ඩලාස්හි වඩාත් අසරණ අඳ ගොවි පවුලකින් පැවත ආ, දුප්පත්කමට වෛර කළ සමාජයේ තමාටම හිමි තැනක් දිනා ගැනීමට උත්සාහ කළ,...
0 out of 5

කොම්පැනිවීදියේ රොසලිනාහාමී

Original price was: Rs. 750.Current price is: Rs. 675.
1925 පමණ වන විට කොලොම්පුර කම්කරු  අරගල අතර සටන්කාමී කාන්තාවන් කිහිප දෙනකු ගැන සඳහන් වෙයි. වීර පොන්සිනාහාමි,මැගලිනාහාමී,මයිමූනා එවැනි  සටන්කාමී චරිත කිහිපයකි. ඒ සමයේ පැවති ට්‍රෑම්කාර් වර්ජනය  සමයේ මෙම සටන්කාමී කාන්තාවන් ට්‍රෑමකාර් පීලිමත දිගාවී එම රථ නවතවා අරගලයට සහාය දුන් බැව් කියවේ.කොම්පැනිවීදියේ රොසලිනාහාමී එවැනි සටන්කාමී අරගලකාරියක් ඇසුරු කරගත් නවකතාවකි.
0 out of 5

ඇට මැස්සා

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,062.
ඇටමැස්සා වූ කලී පාඨකයාගේ පරිකල්පනය අවදි කරන අතිශයින් විචිත්‍ර වූ ද , විසිතුරුද ව වූ ද වේගීය වූ ද, විවාද ජනක වෘතාන්තයකි.සංස්ථායන් බිඳ හෙලීමේ ලා නිරන්තර අරගලයක කැපවී සිටින විමුක්තිකාමීන් ආකර්ෂණය කිරීමේ ලා මේ කෘතිය වඩාත් පොහොසත් ය.ඉතාලිය එක්සත් කිරීමේ ව්‍යාපාරය පසුබිම් කරගත් ආදරය සහ කුමන්ත්‍රණය පිළිබඳ මේ සෘෂි දැක්මක් සහිත නවකතාව ප්‍රජාපීඩනය පිටුදැකීමට වෙහෙසෙන වඩා යහපත් ලෝකයක් අපේක්ෂා කරන...
0 out of 5

හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ

Original price was: Rs. 3,000.Current price is: Rs. 2,550.
හොරොව්පොතානේ පලවෙනි ඩීයාරෝ නවකතා කෙටිකතා චරිත කතා ආදී වශයෙන් මෙකල ප්‍රකාශන රාශියක්  පාඨකයන් හට කියවීමේ භාග්‍යය ලැබී ඇත. නූතන යුගයේ මෙබඳු ගද්‍ය පද්‍ය කෘති නිසා සිංහල සාහිත්‍ය ද සෑහෙන පමණින් පෝෂණය වී ඇති බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ.මේ පොත් අතරතුරට උප්පත්තියේ සිට තමන් හැසිරුණු ජීවන කතාව පිළිබඳ ලියැවුණු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ "උපන්දා සිට" "අපේ ගම" වැනි පොත්ද පාඨකයා රස ගැන්වීමට හා සමාජ...
0 out of 5

ලංකාවේ සංග්‍රාමය

Original price was: Rs. 2,250.Current price is: Rs. 1,800.
  අමිෂ් ති‍්‍රපති ලොව පුරා ඉමහත් ජනප‍්‍රියත්වයක් ලැබුවේ ඉන්දීය උපමහද්වීපය ඇතුළත පමණක් පිටපත් ලක්‍ෂ පනස්පහකට වඩා අලෙවි වූ සිංහල, දෙමළ, තෙළිඟු, බෙංගාලි වැනි ආසියානු භාෂාවනට පමණක් නොව ස්පාඤ්ඤ, පෘතුගීසි, පෝලන්ත හා ප‍්‍රංශ වැනි යුරෝපීය භාෂාවනට පවා පරිවර්තනය වූ ‘ශිව’ නවකතා ති‍්‍රත්වය හරහා ය. 2015 වසරේ ජූනි මස නිකුත් වූ ‘රාම; ඉක්ෂ්වාකු අංකුරය’ කෘතියෙන් ඔහු ගේ රාම-චන්ද්‍ර පොත් පෙළ ඇරැුඹිණි. භාරතීය...
0 out of 5

පහනක අඳුර

Original price was: Rs. 950.Current price is: Rs. 807.
2023 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත නවකතාවකි අවංකකම හෘද සාක්ෂිය හා නීතිය මත කටයුතු කරන සිවිල් නිලධාරියකු ගේ පාපොච්චාරණය මැද කොලඹ නගර සිතියම මත ඇදෙන සංකීර්ණ බල සබඳතා මෙරට සමකාලීන මානව ප්‍රහසන නිමවයි. සමාජ දහවල එළිය කළ ප්‍රබුද්ධත්වයේ සූර්‍යයා සමාජ රාත්‍රිය පහන් කළ ප්‍රබුද්ධත්වය පහන් ද නිවී යයි. පරිහානියට පත් වූ සමාජ හා සංස්කෘතික සංස්ථාපිතයෝ ආලෝකය වෙනුවට අන්ධකාරය පතුරුවති. රැස් වළලු...
0 out of 5

කරුනෙ

Original price was: Rs. 700.Current price is: Rs. 595.
කරුනේ - උපනන්ද වැලිකල 2023 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත කෘතියකි. මේ සොහොනේ තනියම ඉන්නකොට තමයි මං හුඟක් දේවල් ඉගෙන ගත්තෙ.. අකුරු ලියන්ටයි  කියවන්ටයි විතරක් ඉස්කෝලෙ ගියාම ඇති... නිවිහැනහිල්ලෙ කල්පනා කරන්ට ඉස්කෝලෙ යන්ට ඕනෙ නෑ.... අනික ඉස්කෝලෙන් කාටවත් කල්පනා කරන හැටි කියා දෙන්නෙ නෑනෙ... එක කරන්ට පුරුදු  වෙන්ට ඕනෑ අපිමයි. මං පන්සලට යන්නෙත් නෑ... පන්සිල් ගන්නෙත් නෑ... ඒත් මං හරියටම...
0 out of 5

අකාල අහස

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,232.
2023 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත  කෘතියකි අකාල අහස  - දීප්ති මංගලා රාජපක්ෂ "මහ පොළොවේ අයිතිය ඉල්ලලා මිනිස්සු සටන් කරනවා. එක එක්කෙනා මරා ගන්නවා. තවත් කොටසක් බලය නැති වෙයි කියලා තියෙන බයට අහුවෙන කෙනාව මර මරා බලය රැකගන්න උත්සාහ කරනවා. හැමදාම අසාධාරණයට ලක් වෙච්ච මිනිස්සු කොටසක් කවදත් මේ රටේ හිටියා" -ඔසද- "ගඟ සංසුන් වෙන කොටත්, රළු වෙනකොටත් මට ඒක කලින්ම දැනුනා....
0 out of 5

කරුමක්කාර කතාවක්

Original price was: Rs. 300.Current price is: Rs. 270.
සන්තියාගෝ නසාරගේ ඝාතනය පිළිබඳ මේ නවකතාව චිත්‍රපට තිරරචනයකට සමානයි. ඒ තරමටම එය රූපකාර්ඨවත් යථාර්ථවාදී රීතිය ඔස්සේ ලියා ඇති එය, ලතින් ඇමෙරිකානු සමාජය සහ සංස්කෘතිය දෙස හෙලන නිර්දය විචාරයක් බඳුය. තරුණියගේ කන්‍යාභාවය පවුලක නම්බුව පිළිබඳ සමාජ කාරණයක් වීම ලංකාවේ මෙන් ම ලතින් ඇමරිකානු කලාපයේ ද මිනිසුන්ගේ ජීවිතය සහ මරණය අතර ප්‍රශ්නයක් වන්නේ කෙසේද යන්න ගබ්රියෙල් ගාර්ෂියා මාකේස් මේ නවකතාව තුළින් මනාව...
0 out of 5

ලුබ්ලිනයේ ඉන්ද්‍රජාලිකයා

Original price was: Rs. 620.Current price is: Rs. 558.
නොබෙල් ත්‍යාගලාභී යුදෙව් ලේඛක ඉසාක් බෂෙවිස් සිංගර්ගේ බොහෝ නවකතා වල චරිත පාත්‍රයෝ බොහෝවිට නපුරු  බලවේගවලට යටත් වීමත්, ඒවා සමග ගැටෙමින් ඉන් ගැලවෙන්නට වෙර දැරීමත් නිරූපණය වේ.'ලුබ්ලිනයේ ඉන්ද්‍රජාලිකයා' හි ප්‍රධාන චරිතය වන යෂා  ද තමන් වටා වන නපුරු බලවේග සමග නිරන්තරව ගැටෙන්නේ අවසානයේ එහෙම ගොදුරක් බවට පත් වෙයි. නිර් - යුදෙව් වාදියෙකු වන යෂා ගැහැනුන්  කිහිපදෙනෙකු සමග එකවිට ඇතිකරගන්නා සම්බන්ධතා ජාලය...
0 out of 5

ඕපපාතික

Original price was: Rs. 250.Current price is: Rs. 200.
අවුරුදු 4 සිට 12 දක්වා වයසේ දී තම මවගේ අනේකවිධ වධ හිංසාවලට ලක්ව විශ්වාස කළ නොහැකි තරම් ගුජුප්සාජනක අතවරයන්ට ගොදුරු වූ   දරුවෙකුගේ අනුවේදනීය සත්‍ය කථාව
0 out of 5

බිඳුණු බිළින්දා

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,080.
ඔබ විශ්වාස කරන්න අකමැති වුවත් විශ්වාස කරන්න. ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු පිරිමි රැසක් විසින් ලිංගික අඅපහරණයට යොදා ගන්නා ලද කුඩා දැරියකගේ හද කම්පා කරවන අනුවේදනීය අමිහිරි සත්‍ය කතාවයි මේ . මේ ඇගේ කතාවයි අට හැවිරිදි   ජෝඩි බ්‍රවුන්ගේ කතාවයි.
0 out of 5

ඇට ගැහියං

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
අමෙරිකාවේ කනෙක්ටිකට්හි වසන සාරථක නීතීඥවරයා... ගරුසරුකම් , මුදල් හදල් , යාන වාහන, ගේ දොර සරුවට ඇති, හොඳ, රූමත් බිරිඳක්, දියණියක් හිමි වූ රාත්තල් 256 ක් බර බිලී හැලෙක්!   තැනින් තැනට යන අහිකුණ්ඨක නඩයක මහලු ගැහැනියක් ඔහුගේ රථයේ හැපී මිය යයි. කිසිදු කරදරයකින් තොරව ඔහු නීතියෙන් නිදහස් වෙයි. ඒ මහලු අහිකුන්ටක ගැහැනියගේ පියා යුරෝපයේ සිටි වයස්ගතම අහිකුන්ටකයා සියවසකටත් වඩා වයස්ගත...
0 out of 5

නර්මදාවේ ගී රාවය

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
දැන් මගේ සිරුර එහි මේරීම පෙන්නුම් කිරීමට හදන විට සිදුවන වෙනස්කම් ගැන මට අහක බලාගෙන සිටිය නොහැකි වී ඇත. වීණාවේ බර මගේ වැඩී එන පියවුරුවලට දරා ගැනීමට බැරිය . මගේ මුහුණුවරේ සිදුවන මේ වෙනස්කම් සමග චිත්තවේග ලෝකයේ ද වෙනස්කම් සිදු වුණේය. මගේ ඉන්ද්‍රියන්ට සියලු දේ වඩා ශක්තිමත්ව දැනිණි. මට තවදුරටත් මගේ තාත්තා ගේ සංගීතය නමැති බිංගේ තුළ ඩොල්ෆින් මාළුවකු ලෙස...
0 out of 5

සැඟවුණු සංකේතය

Original price was: Rs. 3,200.Current price is: Rs. 2,560.
සිතිය නොහැකි තරම් බලසම්පන්න වූ එය ආරක්‍ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලූ දෙන මියගියහ. එය අපගේ දෑස් ඉදිරියේම සියවස් ගණනාවක් තිස්සේ සඟවා තැබූ පණිවිඩයක්ද වූයේය. එම පණිවිඩය සංකේතයක්ද? ග‍්‍රන්ථයක්ද? එක’මෙක වචනයක් පමණක්ද? අබිරහස සොයා ඉදිරියටම ගමන් කළ රොබට් ලැන්ග්ඩන් ඉන්ද්‍රිය සංවේදී විහීනතා ටැංකියක් ඇතුළතදී මරණයේ නිමේෂය අත්වින්දේය.
0 out of 5

ඇනා කැරනිනා

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම මනෝවිද්‍යාත්මක නවකතා වශයෙන් සම්භාවනාවට පාත්‍ර වූ ඇනා කැරනිනා කෘතිය මගින් දහනව වන ශතවර්ශයේ රුසියානු සමාජය සහ පොදු වශයෙන් සමස්ත මානව වර්ගයා පිළිබඳ මවනු ලබන සුවිශාල සිතුවම සර්වකාලීන අගයකින් යුතු ය.මේ මහා කෘතිය රචනා කළ ටෝල්ස්ටෝයි තම ඇති ප්‍රබල පරිකල්පන ශක්තිය මෙහෙයවමින් ජගත් සාහිත්‍යයෙහි දක්නට ලැබෙන අමරණීය චරිත කිහිපයක් නිර්මාණය කරයි.සුපිරි පැලැන්තියට අයත් විවාහක කාන්තාවක් වන ඇනා...
0 out of 5

ගැටී

Original price was: Rs. 860.Current price is: Rs. 688.
ක්‍රිස්තු වර්ෂ 1203 දී නම දෙනෙකුගෙන් සමන්විත බ්‍රිතාන්‍ය ජාතික පිරිසක් ක්‍රිස්තියානි  බැතිමතුන්ගේ ප්‍රධාන පූජනීය වන ජෙරුසෙලම වන්දනා කිරීමට පිටත්ව යති. හදිසි අනතුරු, සතුරු උපද්‍රව අනපේක්ෂිත සිදුවීම් මැද මධ්‍යතන යුගයේ යුරෝපය සහ මැදපෙරදිග හරහා පාගමනින් අසුපිටින්, මුහුදින් සිදු කෙරෙන මේ දීර්ඝ ගමන සම්පූර්ණ කිරීම ඊට සහභාගී වූවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වේ.මුලු දිවයින පුරාම ඉඩම් හිමි රදළයින්ට බැලමෙහෙවරකම් කරමින් කුසගින්න හා...
0 out of 5

නිවුන්නු

Original price was: Rs. 580.Current price is: Rs. 464.
ඒ දෙන්නා නිවුන්නු... කරදරකාර නිවුන්නු... හැමෝටම ඒ දෙන්නව එපා වෙලා ඒ දෙන්නටත් හැමෝමව එපා වෙලා.. මේ කරදර කාල වැඩිහිටියන්ගෙන් බේරිලා පැනලා යන්නයි ඒ දෙන්න හිතාගෙන ඉන්නේ හැම දෙයක්ම මායාවක් තරමට ලස්සන තැනකට එහෙම තැනක් ? ඔව් එහෙම තැනක් තිබුනා. ආදරේ පිරිච්ච තැනක් ඒ නිසා හැමදේම මායාවක් වගේම ලස්සන තැනක් . මේක වැඩිහිටියන්ටයි පොඩිහිටියන්ට ලස්සන කතාවක්
0 out of 5

ඇමසන් වනයේ ඇස

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,160.
amazon wanaye asa පරිවර්තනය : මංජුල දිසානායක ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
0 out of 5

කත්මණ්ඩුවේ නාග රාජයා

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,160.
kathmanduwe naga rajaya පරිවර්තනය : මංජුල දිසානායක ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
0 out of 5

බහිරව රණශූරයෝ

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,160.
bahirawa rana shurayo පරිවර්තනය : මංජුල දිසානායක ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
0 out of 5

බැබිලෝනියාවේ නීල බහිරවී

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,160.
Babiloniyawe nila bahirawi පරිවර්තනය : මංජුල දිසානායක ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
0 out of 5

බහිරව සැරයටිය

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,160.
Bahirawa sarayatiya children of the lamp පරිවර්තනය : මංජුල දිසානායක ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
Loading...