Educational
බුදුන් වහන්සේ විශ්වය පැහැදිලි කළ ආකාරය
Rs. 675
The Buddha's Explanation of the Universe නම් කෘතියෙහි පරිවර්තනයක් වන මෙහි ජීවය සහ විශ්වය පිළිබඳ බුදුන් වහන්සේගේ දර්ශනය නිවැරදිව ඉදිරිපත් කළ ඇති ඉතාමත් වටිනා ග්රන්ථයකි
බ්‍රිතාන්‍යයන් ලියූ සැබෑ ඌව ඉතිහාසය
Rs. 1,080
ලංකා සිවිල් සේවයේ නිරතව සිටි බ්‍රිතාන්‍ය ජාතික හර්බට් වයිට් මහත්මා විසින් ඌව පළාත පිළිබඳ සම්පාදනය කරන ලද Manual of the Uva Province නම් අගනා කෘතිය අතිශය දුර්ලභ ග්රන්ථයකි.මේ ග්‍රන්ථය ඌව ඉතිහාසය පරිසරය සහ සමාජය පිළිබඳ කෝෂ ග්රන්ථයක් බඳුය. ඌවේ ස්වාභාවික පරිසරය ,ගොවිබිම ජලමාර්ග කඳුවැටි සහ වනාන්තර ආදිය පිළිබඳ විස්තර මෙහි අඩංගුය.ඛනිජ සම්පත් සහ ශිල්පීය කර්මාන්තය පිළිබඳව ද මෙහි සඳහන් කොට...
නොමැකෙන අප්‍රිකානු මතකයන්
Rs. 702
ශ්‍රී ලංකාව හා අප්‍රිකානු රටවල් අතර ඇති රාජ තාන්ත්‍රික සම්බන්ධතා, අප්‍රිකානු සංගමය, අප්‍රිකානු පාර්ලිමේන්තුව අප්‍රිකාවේ නම රැන්දූ නායකයන් නොබෙල් ත්යාගලාබීන්, රාජ්‍ය නායිකාවන් මෙන්ම අප්‍රිකාව තුළ සිදුකරන චීන හා ඉන්දියානු ආයෝජනයන් පිළිබඳව මනා සටහන් ගණනාවකින් යුක්ත සහ බොහෝ වැදගත් හේතු අනාවරණය කෙරෙන කෘතියකි අප්‍රිකාව පිළිබඳව නොදන්නා බොහෝ හරවත් මෙන්ම වැදගත් තොරතුරු රැසක් එකම ග්රන්ථයක් තුළින් සම්පිණ්ඩනය කොට ඇතැයි කිව හැක.
භික්ෂුව සහ දාර්ශනිකයා
Rs. 585
මැතිව් රිකාඩ් ඔහු 1946 වර්ෂයේ උපන් ප්‍රංශ ජාතිකයෙකි.1976දී පශ්චාත් උපාධි අණුක ජාන පරීක්ෂණ කටයුතුවල නිරතව සිටියදී ඉන්දියාවේ තිබ්බත බුදු දහම ගැන අවබෝධයක් තම ගුරුවරයා වූ කන්ග්යූර් රින්තපාච් ගෙන් ඉගෙන ගන්නා ලදී.වර්ෂ 1972 දී තම ආචාර්ය උපාධිය නිම කොට වැඩි දුරටත් බුදු දහම හැදෑරීම සඳහා තිබ්බතයට ගොස් එහි මහණ විය.අවුරුදු 26 කට වඩා කාලයක් බෞද්ධ භික්ෂුවක් වශයෙන් කටයුතු කරමින් දැනට නේපාලයේ...
ඩාවින් ෆ්‍රොයිඩ් සහ අයින්ස්ටයින්
Rs. 304
1850 - 1950 සියවස හැළියක් නම් ඩාවින් ෆ්‍රොයිඩ් හා අයින්ස්ටයින් ඒ හැලිය දරා සිටින ලිප් ගල් තුන වැන්නයි .එම කාල පරිච්ඡේදය තුළ මිනිස් චින්තනය වෙනස් මගකට යොමුකිරීමට මුල් වූ මහා ප්‍රාඥයන් අතුරෙන් ප්‍රධානම තුන්දෙනා මොවුන් වීම ඊට හේතුවයි මේ සරල බසින් සැකවින් ලියවුණු ඔවුන්ගේ චරිත කතා
ස්ටීවන් හෝකිං
Rs. 464
ඔහු විද්‍යාඥයෙකි .එසේ මෙසේ විද්‍යාඥයෙක් නොව අයිසෙක් නිව්ටන් ඇල්බට් අයින්ස්ටයින්ට සමාන කල හැකි මහා විද්‍යාඥයෙකි .ඔහු විසි එක් වැනි වියේදී මාරක රෝගයකට ගොදුරු විය .මේ මාරක රෝග උත්සන්න වී බොහෝ අවයව අප්‍රාණ වී රෝද පුටුවකට කොටු වුනේය.එහෙත් මෙම රෝගය සමග ඔහු අවුරුදු පනස් හතරක් ජීවත් වුණේ ය. පොතපත ලීවේය .විශ්වය පිළිබඳ නොවූ විරූ මතිමතාන්තර පළ කළේය .
අබ්දුල් කලාම්
Rs. 176
මේ පොතේ වැඩිපුර ඇතුළත් වන්නේ අධ්‍යාපනය ගැන මේ මහා චින්තකයා ලොවට හෙළිකළ චින්තනයෙන් බිඳකි .ඔහු ප්‍රායෝගික මිනිසෙකු වූවා සේම ඔහුගේ චින්තනය ද ප්‍රායෝගිකය .ක්‍රියාවට නැගිය හැකිය. මේ පොතෙන් කියාපාන්නේ අධ්‍යාපනය පිළිබඳව ඔහු ලියු අදහස් හා දේශනවල දක්වන ලද අදහස් ය .කවර ළමයෙකුට, ළමයින්ගේ දෙමාපියන්ට ගුරුවරුන්ට මෙන්ම අධ්‍යාපනයට සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදකයන්ට වුවදක්රියාවට නැඟිය හැකි අදහස් මෙහි ඇතුළත් ය.
ජොසේ මුජිකා
Rs. 184
ඔබ දැන් මේ කියවන්නට යන්නේ මිහිපිට ජීවත්වන අතිශයින්ම දුර්ලභ පරමාදර්ශී චරිතයක් ගැනයි .පුදුමයකට වගේ ඔහු දේශපාලඥයෙකි. ඔහු රටක ජනාධිපති වුවත් දුප්පතුන් අතරෙනුත් දුප්පතෙකි .එසේ වන්නේ ඔහු තමාගේ වැටුපෙන් 90% දන් දී දිළින්දකු ලෙස පිටිසර පළාතක ජීවත් වන නිසාය .බොහෝ චාම් කෙලින් කතා කරන මේ අපූරු මිනිසා සතුව තිබෙන්නේ අවුරුදු තිහකට වඩා පරණ මෝටර් රථයකි .ඔහු රකින්නට පරිවාර හමුදාවක් නැත .තනියටඉන්නේ...
මායිම්ගල
Rs. 600
ඉරිදා ලක්බිම පුවත්පතෙහි සතිපතා වසරකට වැඩි කාලයක් පුරා පළවූ "මායිම්ගල" නම් විශේෂාංග යෙහි ලිපි පෙළ මෙලෙස පොතක් ලෙස පාඨක ඔබ වෙත ගෙනහැර දක්වයි. බලයලත් මිනින්දෝරු සුනිල් කුසුම්සිරි මහතා විසින් සිය අවුරුදු තිහක මිනින්දෝරු ක්ෂේත්‍රයේහි අත්දැකීම් පමණක් නොව මිනින්දෝරු ක්ෂේත්රයේ ශ්‍රේෂ්ඨ සහෘදයන්ගේ අත්දැකීම් හා ඔවුන් තුළ වූ ත්‍රාසය කුතුහලය හා විනෝදය සපිරි සොඳුරු මතකයන් ද මේ පොතෙහි අන්තර්ගත කර ඇත.
සිංහල සිරිත් සංග්‍රහය
Rs. 440
සිංහල සිරිත් ජන සම්ප්රදායකි , එය සාම්ප්‍රදායික දැනුමෙන් පෝෂණය වූවකි .එමෙන්ම පරපුරෙන් පරපුරට ජනශ්රුතිය උරුමයක් වේ, සිංහල සිරිත් සංග්‍රහය මෙලෙස ජනගත වනුයේ උක්ත සියලු හිමිකම් මතු පරපුර වෙත දායාද කරමිනි මහින්ද කුමාර දළුපොත
යතිවරයෙකු සේ සිතන්න
Rs. 760
Amazon.com & New York Times Best Selling Book in 2020 JAY SETTY විසින් රචිත THINK LIKE A MONK යතිවරයෙකු සේ සිතන්න සිතේ සාමය හා එදිනෙදා අරමුණු ජයගැනීමට ඔබේ සිත පුහුනු කරන්න JAY SHETTY විසින් රචිත THINK LIKE A MONK ග්‍රන්ථය තවමත් ලොව පුරා වේගයෙන් අලෙවිවන සුවිශේෂී පුද්ගල වර්ධන ග්‍රන්ථයයි. ඉන්දීය සම්භවයක් සහිත බි්රතාන්ය ජාතිකයෙකුවන ජේ සෙට්ටි වසර කිහිපයක් ඉන්දියාවේ මහනදම්...
3 ශ්‍රේණිය මව්බස – සිංහල
Rs. 240
3 ශ්‍රේණිය මව්බස - සිංහල ක්‍රියකාරකම් වැඩපොත නව විෂය නිර්දේශයට අනුකුලව සම්පාදිතයි සැකසුම : කථිකාචාර්ය W. කරුණාරත්න
තම්බි මුදියන්සේ
Rs. 320
තම්බි මුදියන්සේ නම් කුප්‍රකට නාමයෙන් හැඳින්වුණු පුද්ගලයෙක් අවුරුදු දෙසීයකට ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ ජීවත් වූයේය . ඉංග්‍රීසීන් මෙරට ආක්‍රමණය කළ අවධියේ ,ඔවුන්ගේ ඔත්තු සේවයට එක්වී සිටි ප්‍රමුඛතම ස්වදේශික ඔත්තු කරුවා වූයේ තම්බි මුදියන්සේ යන කුප්‍රකට නාමයෙන් පසුකාලයකදී හැඳින්වුණු දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන ය . ඔහුද පසු කාලයේදී ඔහුගේ මී මුණුපුරා ද ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජ හා සංස්කෘතික ඉතිහාසය වෙනස්...
දේව කථාලංකාරය
Rs. 320
ප්‍රථම මුද්‍රණයෙන් පසුව විවිධ හේතුන් නිසා නැවත මුද්‍රණය නොකළ ඉතා අගනා පොත් රැසකි .කාලයාගේ වැලි තලාවෙන් වැසී යන මෙම දුර්ලභ පොත් ඇතැම් විට එම විෂය පිළිබඳ මහඟු මිණිකැට වැන්න. ප්‍රකට නූර්ති නාට්‍ය රචකයෙකු ව සිටි සී දොන් බස්තියන් ජයවීර මහතාගේ දේව කථාලංකාරය එවැනි අගනා මිණි කැටයකි. දේව පුරාණ පිළිබඳ ගැඹුරින් කළ අධ්‍යනයක් වූ මෙම කෘතිය මුලින්ම පළ කර ඇත්තේ 912...
ලංකා ඉතිහාසයෙන් කතන්දර
Rs. 720
මුල් කෘතියේ සඳහන් අන්දමින්ම මාරි මියුසියස් හිගින්ස් මැතිනියගේ පැතුමක් ඉටු කරමින් ඇය විසින් කොටස් දෙකකින් සම්පාදිත "stories from the history of ceylon "නමැති කෘතිය තනි පොතක් ලෙසින් "ලංකා ඉතිහාසයෙන් කතන්දර"මැයෙන් මෙසේ සිංහල සාහිත්‍ය හා සබැඳේ රාම සීතා කතාවේ සිට සිංහල ඉතිහාසය ඉතා රසවත් කතන්දර මාලාවක් අයුරින් ගලා යනුයේ කුතුහලය ද දනවමිනි . තම මව්බිමේ ඉතිහාසය දැඩි අභිරුචියකින් හැදෑරීමට පොළඹවන මෙම...
1 ශ්‍රේණිය පූර්ව භාෂා කුසලතා වැඩපොත
Rs. 120
දරුවන් සඳහා විශේෂයෙන් ලිවීමේ හැකියාව වර්ධනය සඳහා අවශ්‍ය මූලික පෙරහුරුව මෙමඟින් ලබාගත හැකිය
1ශ්‍රේණිය සිංහල ලියන හුරුව
Rs. 240
සිංහල අකුරු නිවැරදිව හා පැහැදිලිව ලිවීම සඳහා උචිතම ක්‍රමය පස් රූල් ක්‍රමය බව පරීක්ෂණ මගින් සනාථ වී ඇත .එමනිසා සිංහල අකුරු වල හැඩය ප්‍රමාණය හා දිශාගත කිරීම සලකා බලා විද්වත් මණ්ඩලයක් විසින් පස් රූල් ක්‍රමය සකස් කර ඇත.
වනගත පාසල
Rs. 760
මාස 16ක් මොනරාගල දිස්ත්‍රික්කයේ වනගත ගමක ජිවත් වී ආවාසිදායක ග්‍රාමීය ප්‍රදේශවල අධ්‍යාපනය පිළිබඳව කළ පර්යේෂණය මුල් කර ගත් මහාචාර්ය Victoria J Baker ගේ The Blackboard in the jungle පොතහි අංග සම්පුර්ණ සිංහල පරිවර්තනය දැන් වියත් වෙතින් ගෙන්වාගත හැක
සුදුවතුර ආර ගම
Rs. 520
විසිවන සියවසේ සිංහල ගමක ජන ජීවිතය මොණරාගල දිස්ත්‍රික්කයේ , වනගත හුදෙකලා ගමක ,ගැමියන් තනා දුන් පැල්පතක ජීවත් වෙමින් ගමේ ගැමියන් ඇසුරු කරමින් එම ගමේ ගැමියන්ගේ දිවි පැවැත්ම පිළිබඳ අංග සම්පූර්ණ අධ්‍යයනයක් කළ මහාචාර්ය වික්ටෝරියා බේකර්ගේ A sinhalese village in sri lanka නම් විශිෂ්ට පර්යේෂණ කෘතිය සමරසිංහ ගුණසේකර හා රන්මිණි විතානගම විසින් සිංහලයට පරිවර්තනය කළ වගයි , සුදුවතුර ආර ගම ගැමියන්ගේ...
පුනරුත්තිය පිළිබඳ යුරෝපීය විශ්වාස
Rs. 760
මේ කෘතියේ ඇතුළත් වන , අඩු තරමින් පුනරුප්පත්ති සිද්ධි කීපයක් වත් අතීන්ද්‍රිය ක්‍රියාවලියක් පිළිබඳ සාක්කි ලබා දෙන බව මම විශ්වාස කරමි .මෙයින් මා අදහස් කරනුයේ අදාල පුද්ගලයාගේ ඇතැම් ප්‍රකාශ හෝ අසාමාන්‍ය හැසිරීම් විලාසය සාමාන්‍ය සන්නිවේදන මාර්ග වලින් පැහැදිලි කිරීම අපට නොකළ හැකි බවය .මේ දෑ හේතුවෙන් පුනුරුප්පත්තිය සාධාරණ සේ පෙනී යන අර්ථකථනයක් බවට පත්වෙයි මහාචාර්ය ස්ටීවන්සන් පුනුරුප්පත්තිය පුනර්භවය හා නැවත...
මිනිසා යෝධයකු වූයේ කෙසේද
Rs. 1,600
මේ මිහිතලය මත යෝධයෙක් සිටී . ඔහුගේ දෑත් යෝධ යන්ත්‍ර සූත්‍ර සැණෙකින් ක්‍රියාශීලී කරයි . ඔහුගේ දෙපා වලට දිනකට මයිල දහසක මග වුවත් ගෙවා යා හැක . ඔහුගේ පියා පත් වලට මොනම කුරුල්ලෙකුට වත් ලංවිය නොහැකි වලා වලින් ඔබ්බට ඔහු ගෙන යා හැකිය ඔහුගේ වරල් මත්ස්‍යයෙකුගේ වරල් වලට වඩා ශක්තිමත්ය ඔහුගේ දෑස් නොදැකිය හැකි දේ දකී, ඔහුගේ කන් ලොව තවත්...
5 ශ්‍රේණිය පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම්
Rs. 280
තේමාවෙන් තේමාවට පාඩමෙන් පාඩමට ප්‍රශ්න හා සවිස්තර පිළිතුරු සහිතව විෂය නිර්දේශය ආවරණය කර ඇත 2020 නව විෂය නිර්දේශයට අනුකූලව ගුරු අත් පොත හා පෙළපොත ආශ්‍රිතව ක්‍රියාකාරකම් පාදකව සම්පාදිතයි
5 ශ්‍රේණිය පරිසරය වැඩ පොත
Rs. 280
පරිසරය වැඩ පොත 2020 නව විෂය නිර්දේශයට අනුකූලව ,ගුරු අත්පොත හා පෙලපොත ආශ්‍රිතවත් ක්‍රියාකාරකම් පාදකව සම්පාදිතයි . පසුගිය වසර 10ක විභාග ප්‍රශ්න පත්‍ර හා ආදර්ශ ප්‍රශ්න ද පිලිතුරු සහිතව ඇතුළත්ය
5 ශ්‍රේණිය පරිසරය
Rs. 240
ශිෂ්‍යත්ව විභාගයට අනුමාන පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් ඉලක්ක ප්‍රශ්න 1000 ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තු වසර 10 ක පසුගිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න ද ඇතුළත් කර ඇත 2020 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව ගුරු අත් පොත හා පෙළපොත ආශ්‍රිතව ක්‍රියාකාරකම් සම්පාදක ව සම්පාදිතයි
ලක්දිව සැඟවුණු වනකතා
Rs. 630
ලලා ආදිත්‍ය තරුණ ගුහ නිර්මාණ ශිල්පියෙකි .ලංකාවේ සැඟවුණු සෞන්දර්ය හෙළිකළ හඳුන්වා දීමට ඔහු කෙරෙහි පැවතියේ මහත් උද්යෝගයකි.ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ලලා ලන්ඩනයේදී වෘත්තීය පුහුණුව ලැබීය. .බටහිර යුරෝපයේ මැදපෙරදිග රුසියාව හා ඈත පෙරදිග රටවල දීර්ඝ සංචාරයන්හි යෙදුණු මේ ලේඛකයා වන ජීවිතය , සත්ව ජීවිතය හා ජන ජීවිතය හාත්පසින් විවරණය කළේ හෘදයානන්දාකාර ශෛලීකිනි.මෙතෙක් කිසිදු ලේඛකයකු නුදුටු සිතිජයක් හෙළිකරමින් රචිත ලක්දිව...
පෙම්බර ලංකා
Rs. 612
පෙම්බර ලංකා යනුවෙන් මෙසේ සුහද පාඨක ජනතාව අතට පත් කෙරෙන්නේ ආර්. එච් බැසට් නම් විජාතිකු විසින් ලියැවුණු Romantic ceylon නැමති සුප්‍රකට කෘතියේ සිංහල පරිවර්තනයයි .ඉංග්‍රීසි පොත ප්‍රථම වලට 1929 දී ප්‍රකාශයට පත් වූවකි . සිංහල, දමිළ, මුස්ලිම් හෙවත් මුවර් හා යුරෝපා ජාතීන් අතර පැවති ප්‍රබල සමගිය අවධාරණය කරමින් ඇරඹෙන මේ ග්රන්ථයෙහි එදා ජන ජීවිතයත් මෙහි විසූ සියලු ජනකොටස්වල විවිධ සංස්කෘතික...
සිංහල සාහිත්‍ය විචාරය
Rs. 280
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සැකසුණු 10 – 11 ශ්‍රේණි විෂය නිර්දේශයට අනුකූල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පසුගිය විභාග ප්‍රශ්නෝත්තරවලට අනුරූපව ඉලක්කගතව සම්පාදිතයි
5 ශිෂ්‍යත්ව පසුගිය ප්‍රශ්න පත්‍ර
Rs. 536
1998 සිට 2020 දක්වා පසුගිය වසර 23ක ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර සහ පිලිතුරු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ලිඛිත අවසරය මත මුද්‍රණය කර ඇත .
සා.පෙළ පළාත් අධ්‍යාපන ප්‍රශ්න පත්‍ර කට්ටලය
Rs. 480
ආසන්න වසර දෙකක , වර්ෂ අවසාන පළාත් විභාග ප්‍රශ්නෝත්තර *බස්නාහිර පළාත *දකුණු පළාත *මධ්‍යම පළාත *උතුරු මැද පළාත *ඌව පළාත *වයඹ පළාත *නැගෙනහිර පළාත *උතුරු පළාත *සබරගමු පළාත
5 ශ්‍රේණිය ඉලක්ක මෙහෙයුම් ප්‍රශ්නෝත්තර කට්ටලය
Rs. 280
බස්නාහිර පළාත දකුණු පළාත සබරගමු පළාත ඌව පළාත උතුරු මැද පළාත පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අනුමාන පෙරහුරු ප්‍රශ්නෝත්තර කට්ටලය
වන සතුන් මැද සත් වසක්
Rs. 578
ස්වභාව සෞන්දර්යයේ නිකේතනය වූ සුරම්‍ය ලංකාදීපය පිළිබඳව ලියැවුණු සහස්ර සංඛ්‍යාත ග්‍රන්ථාවලිය අතර ඩග්ලස් රැෆල් විසින් ලියන ලද මේ කෘතියට හිමි වනුයේ විශේෂ ස්ථානයකි .ලංකාවේ ස්වභාවික සෞන්දර්යය චමත්කාරයෙන් මෝහනයට පත්වූ විදේශීය ලේඛකයන් අතරින් ඩග්ලස් රැෆල්ට හිමි වනුයේ ද අග්‍රගණ්‍ය සම්මානනීය ආසනයකි .හෙතෙම වෘත්තියෙන් බ්‍රිතාන්‍ය හමුදාවේ උසස් නිලධාරියෙකි. එහෙත් රයිෆලයට වඩා පෑනත්, පින්සලටත් ඔහුගේ සුරත සූර බව මේ කෘතියෙහි එන හැම වැකියකින්...
මා කළ ගවේෂණ
Rs. 585
පහසුවෙන් රැවටෙන අසන දකින දේ සොයා නොබලා අදහන මිනිසුන්ගේ එම දුබල කම් වලට සිනාසෙමින් කෝවූර් මේ ග්‍රන්ථය ලියා ඇත්තේ අපූරු ශෛලියකිනි .ඔහු සිනාසෙන්නේ මිනිසුන් හිස මත දරා සිටින මොහාන්ධකාරයට මිස එම බරින් පීඩා විඳින මිනිසුන්ට නොවේ .මිථ්‍යාවේ බරින් මිදීමට හේ ජනතාවට සුරත දිගු කරන්නේ උතුරා යන මානව දයාවකිනි. වසර අසූවක් ඈතට දිව ගොස් නිවී ගිය මොහුගේ ජීවිතය පුරාම එම මානව...
ශිෂ්‍යත්ව විභාගයට අනුමාන ගණිත ගැටළු1600
Rs. 360
2020 වර්ෂයේ සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව ගුරු අත්පොත හා පෙලපොත ආශ්‍රිතව ක්‍රියාකාරකම් සම්පාදක ව සම්පාදිතයි . 5 ශ්‍රේණිය ගණිතය විෂය නිර්දේශයට අයත් පාඩම් ඔස්සේ දිගහැරෙන අභ්‍යාස රැසකි.මෙහිදී එම අභ්‍යාස වඩාත් සුවිශේෂීව පියවර ක්‍රම යටතේ සරල තත්වයේ සිට සංකීර්ණත්වය කරා රැගෙන යන අයුරින් අභ්‍යාසය පෙළගස්වමින් දරුවාට බවරක් නොවන අයුරින් වැඩි අභ්‍යාස ප්‍රමාණයක් කිරීමට යොමු කර ඇත .එමගින් මෙම පොත...
අවුෂ්ව්ට්ස් ඝාතක කදවුර
Rs. 600
අපකීර්තිමත් නට්සි වධකාගාරය පිළිබඳ ලෝරන්ස් රීස් ගේ මෙම කෘතිය ඝාතනය,කෲරත්වය, වික්‍රමය, පලායාම සහ නොනැසී පැවතීම පිළිබඳ අනුස්මරණීය කතන්දරයකි
කුමාඕන්හි මිනී කන ව්‍යාඝ්‍රයෝ
Rs. 400
ඉන්දියාවේ යුක්ත ප්‍රාන්තයේ ප්‍රදේශයේ කැලෑවල සැනසෙනු මේජර් කෝබට් මේ පොතේ එකතු කර තිබෙන්නේ මිනී කන ව්‍යාඝ්‍රයන් පිළිබඳ සත්‍ය කතා ය .මෙය වනාහි සූර වීරකම් ඇතුළත් කථා ප්රවෘත්ති රුචි කරන කවුරුත් කියවිය යුතු අගනා ග්රන්ථයකි
ලංකාවේ ගිනිඅවි සහ දඩයම්
Rs. 595
බ්‍රිතාන්‍ය පාලන යුගයේ දී ලංකාවට පැමිණි සැමුවෙල් බේකර් දේශ ගවේෂකයකු මෙන්ම ලංකාවේ අලි ඇතුන් වන සතුන් විශාල සංඛ්‍යාවක් මරා දැමීමේ වගකීම භාරගත් දඩයක්කරුවෙක් ද විය .ඒ එසේ වුවද සුන්දර නුවරඑළිය ප්‍රදේශය ජනාවාසයක් බවට පත් වීම ද , විදේශීය එළවළු බෝග ගොවිතැන ලංකාවට හඳුන්වා දීමද සිදු වූයේ ඔහුගේ ඔහු ගේ පුරෝගාමීත්වයෙනි
කන්ද උඩ රට සටන්
Rs. 595
බ්‍රිතාන්‍යයන් කන්ද උඩරට ආක්‍රමණය සඳහා දැරූ ප්රයත්නයේ දී ඔවුන් හා කන්ද උඩරට සිංහලයන් අතර කලක් තිස්සේ පැවති සටන් පිළිබඳ ඓතිහාසික කරුණු අලලා ඉතා මෑත වකවානුවකදී kandyan wars යනුවෙන් ලියැවුණු ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය කන්ද උඩරට සටන් නමින් අප මෙසේ ඔබ අතට පත් කරමු. ඉංග්‍රීසි කෘතිය ජෙයාෆි පවල් අතින් සම්පාදනය වීඇත්තේ ඔහු විසින් සිදුකරන ලද ඉතා පුළුල් ගවේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් බව...
කෝපි කාලෙ ලංකාව
Rs. 340
වර්ෂ 1858 දී ජෝන් කැපර් නැවත ලංකාවට එන්නේ ලන්ඩනයේ ප්‍රකට ලේඛකයෙක් සහ තීරු ලිපි රචකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වීමෙන් අනතුරුවය 1856 දී ආරම්භ කළ ceylon Times පුවත්පත ඔහු මිලදී ගන්නේ එහි හිමිකරු සහ කර්තෘ බවට පත්වෙමිනි ... කැපර් 1874 දී සිලෝන් ටයිම්ස් පුවත්පත විකුණා දමා නැවත එංගලන්තය බලා නැව් නැග්ගේය. ඔහු Old ceylon sketches of ceylon life in olden time පොත...
නාට්‍ය රසය
Rs. 680
'නාට්‍ය රසය' යනු නාට්‍ය කලාව ගැන අත්දැකීම් හා නාට්‍ය නැරඹීමෙන් ලබා තිබෙන 'ආස්වාදනීය ඥානය' විද්‍යාර්ථයන්ට හා රසිකයන්ට ප්රදානය කරන විස්තර වර්ණනාවකි නාට්‍යයක් රඟ දැක්වීම සහ නාට්‍යයක් නැරඹීම සාමූහික කර්තව්‍යයකි.තාක්ෂණයේ මහිමයෙන් වත්මනේ කොතරම් දියුණු කලා මාධ්‍ය වින්දනය උදෙසා වෙතත්, මේ සාමූහික කර්තව්‍යය තවමත් හරිම ප්රබලය . සමූහයක් සමගින් නාට්‍යයක් රඟ දක්වමින් නාට්‍යකරුවා ප්‍රේක්ෂක සමාජයට ආස්වාදනීය ඥානයක් ලබා දෙනු ලැබේ. එකී ඥානය...
පුරාණ ශ්‍රි ලංකාවේ සුසාන චාරිත්‍ර
Rs. 520
ආචාර්ය මංගල කටුගම්පොළ 2015 වර්ෂයේ චිනයේ සීචූආන් විශ්වවිද්‍යාලයෙන් භූගෝලීය තොරතුරු පද්ධතිය හා ජනාවාස පුරාවිද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය .ඔහු සිය අධ්‍යයන කටයුතු වල දී භූගෝලීය තොරතුරු පද්ධති හා පුරාවිද්‍යාව ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාව හා පුරාවිද්‍යාවේ අංශ කෙරෙහි අවධානය යොමු කර තිබේ වර්තමානය වන විට ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ලෙස කටයුතු කරනු ලබයි
ඉතිබිසෝ ජාතකය හා ඉතිබිසෝ ජාතක කාව්‍ය
Rs. 833
ඉතිපිසෝ ජාතක කාව්‍ය ක්‍රිස්තු වර්ෂ එක්දහස් හත්සිය එකොළහේ දී අල්ගම පතිරාජ කිවිඳුන් විසින් රචනා කරන ලද්දකි .ඉතිබිසෝ ජාතක ගද්‍ය ඊට ද වඩා පැරණි යුගයකට අයත් බව සැලකිය හැක .මෙම ජාතක කතාවේ ඇති විශේෂත්වය වන්නේ එය ජාතක පොතෙහි අන්තර්ගත නොවන කතාවක් වීමත් බෝසතුන්ගේ ස්ත්‍රී ආත්ම භවයක් නිරූපණය කරමින් මෙරට දැකිය හැකි එකම කතාපුවත වීමත්ය .සෙංකඩගල යුගයේ සාහිත්‍ය හා ස්ත්‍රීවාදී සාහිත්‍ය පිළිබඳ...
ලක් බිමේ තවත් යුගයක්
Rs. 578
ඉංග්‍රීසි නමකින් හැඳින්වුවද දක්ෂිණ ලංකාවේ තංගල්ලේ ඉපිද කොළඹ දී ජීවිත ගමන සමාප්ත කළ රිචඩ් ලයනල් ස්පිට්ල් නමැති සාහිත්‍යධර වෛද්‍යවරයා අතින් බිහිවුණු ග්‍රන්ථාවලිය අතර far off things නම් කෘතිය ද වෙයි ලේඛකයා ම කියන පරිදි එය ලංකාවේ ඉතිහාසය, ආදිවාසීන්, මිත්‍යා මත හා වනයේ අභිරහස් පිළිබඳ සංග්‍රහයකි "ලක්බිමේ තවත් යුගයක් " යනුවෙන් සිංහල පාඨක ඔබ අතට මෙසේ පත් කෙරෙන්නේ ඒ ඉංග්‍රීසි කෘතියේ...
මනෝවිද්‍යා උපදේශන ප්‍රවේශය
Rs. 441
මානව ගැටලු විසඳා ගැනීමේ ලා මනෝවිද්‍යාත්මක උපදේශනයෙන් ලැබෙන මාර්ගෝපදේශනය අතිශය ප්‍රශස්තය .එම න්‍යායාත්මක ඥානය නූතන සමාජයට දායාද කිරීම කාලීන අවශ්‍යතාවයකි.මනෝවිද්‍යා උපදේශන න්‍යායන් සම්බන්ධයෙන් ලාංකීය අධ්‍යයන ක්ෂේත්රයෙහි ප්‍රාමාණික ග්රන්ථ සොයා ගැනීම තරමක් දුෂ්කර ව්‍යායාමයකි ඒ සම්බන්ධයෙන් සිදු කොට ඇති ශාස්ත්‍රීය විමර්ශන අති දුබල වීම ඊට හේතුවයි මනෝ විද්‍යා උපදේශන ප්‍රවේශය නමැති මෙම කෘතිය මගින් එම අවශ්‍යතාව පූර්ණ කිරීමට සමත් වී ඇත
උපදේශන මනෝවිද්‍යාවේ මූලික සංකල්ප
Rs. 408
උපදේශන මනෝවිද්‍යා පාඨමාලා හදාරන විද්‍යාර්ථීන්ට සහ ප්‍රායෝගිකව උපදේශනය නියැලෙන වෘත්තීය උපදේශ කරුවන්ට මෙම ග්‍රන්ථයේ අන්තර්ගත ඥාන සම්භාරය අතිශයින්ම වැඩදායි වනු ඇත. මෙම ග්‍රන්ථය රචනා කිරීම මගින් අදාල විශේෂයෙහි උන්නතිය වෙනුවෙන් කතුවරිය විසින් ගන්නා ලද උත්සාහය අති සාර්ථකය