Novels
මොරිසාකි පොත්හලේ ගෙවුණු දවස්
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
...හිදෙකි මට කිව්ව විදිහට ඒ දෙන්නගේ සම්බන්ධය අවුරුදු දෙකහමාරක් පරණ යි. වෙන විදිහකට කිව්වොත්, අපේ සම්බන්ධය තිබුණටත් වඩා වැඩි කාලයක් තිස්සේ එයාලා ආදරය කරලා තියෙනවා. මට සහතික කරලා කියන්න පුළුවන් එයාට වෙන සම්බන්ධයක් තිබුණා කියලා මට යාන්තම්වත් දැනිලා තිබුණෙ නෑ. මං කිසි ම වෙලාවක එයාව සැක කළේ නෑ. ඒ වගේ දෙයක් වෙන්න තියෙන සම්භාවිතාව ගැන මං හීනෙකින්වත් හිතලා බලලා තිබුණෙ...
අධිරජු සැතපෙනු පිණිස
Original price was: Rs. 980.Rs. 882Current price is: Rs. 882.
එදා අධිරාජ්යයේ නව සිතියම අඳින්නට මාලිගයට සිතියම් වේදීන් පැමිණි දිනය අන් කිසිදු දිනයකින් වෙනස් එකක් ලෙස කිසිවෙකුට දැනී නොතිබිණ. නමුත් එතැන් පටන් අධිරාජයා කරා නින්ද නොපැමිණියේය. සිතියම් වේදීන්ගේ පැමිණීමත් අධි රජුගේ නින්ද අහිමි වීමත් අතර ඇති ඒ අබිරහස් සම්බන්ධය කුමක්ද? අධික කම්සැප ගෙනෙන වෙහෙසින්, මධු විතෙන් හෝ කිසිදු නිදි ඔසුවකින් පිළිසරණක් නොලැබ අධි රජු පියවි සිහියේ විකල් අන්ත වෙත ඇදී...
අමුතු ගෙවල්
Original price was: Rs. 1,450.Rs. 1,305Current price is: Rs. 1,305.
amuthu gewal පරිවර්තනය රශ්මික මණ්ඩාවල
සුදු කළු
Original price was: Rs. 1,500.Rs. 1,350Current price is: Rs. 1,350.
පුතා ඔය පිටිපස්සෙ තියෙන ටින් කබල්වලට වෙඩි තිබ්බට කමක් නෑ. මං දන්නවා ඔයා කුරුල්ලන්ට කුරුමානං අල්ලන විත්තිය. ඒත් බට්ටිච්චන් නම් වෙඩි තියන්න එපා පුතා. උන් මරණ එක පවක්.” දවසක් තාත්තා අයියට කීවා. ඒ තමයි තාත්තා පවක් ගැන කී පළවෙනි වතාව. මං ඒ ගැන මෝඩ් මිස්ගෙන් ඇහුවා. “ඔයාගෙ තාත්තා හරී. බට්ටිච්චො කරන්නේ අපිව සතුටු කරන්න සින්දු කියන එක විතරයි. එළවළු, පලතුරු...
දරසෑය මත පණපිටින්
Original price was: Rs. 1,000.Rs. 800Current price is: Rs. 800.
පරිවර්තනය ගුණතිලක මැටියගෙන්
යශ්පාල්
Original price was: Rs. 1,250.Rs. 1,000Current price is: Rs. 1,000.
පරිවර්තනය චූලානන්ද සමරනායක
ආදර විවාහය
Original price was: Rs. 1,600.Rs. 1,280Current price is: Rs. 1,280.
පරිවර්තනය නදී කම්මැල්ලවීර
ගඟ හැරෙන තැන
Original price was: Rs. 1,800.Rs. 1,440Current price is: Rs. 1,440.
පරිවර්තනය නිලූක කඳුරුගමුව
ලූනාගේ උරුමය
Original price was: Rs. 1,480.Rs. 1,332Current price is: Rs. 1,332.
1997 දෙසැම්බර් 10 වන දින ජුලියා බටෆ්ලයි හිල්, කඳු මුදුනක පිහිටි ලූනා යැයි නම් තබන ලද වසර දහස් ගණනක් ඉපැරණි රෙඩ්වුඩ් ගසට නැඟුණේ සති දෙක තුනකින් නිමාවට පත්වේ යැයි සිතූ ගස්ලැගුමක නිරත වීමට ය. ලූනා ආරක්ෂා කරගැනීම ඇගේ ඒකායන අරමුණ විය. නමුත් ඇය පවා නොසිතූ ලෙස ගස්ලැගුම වසර දෙකකට වැඩි කාලයක්, එනම් දවස් 738 ක් දක්වා ඇදී ගියේ ය. දැඩි...
දෙමුතු අන්නා
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
හස් සහ සිතුලි ඉන්නෙ යෞවනයෙ දොරටුව අබියස. ඔවුන්ව පිටස්තරයෝ දකින්නෙ අමුතු ළමයි දෙන්නෙක් විදියට. මුහුණ දෙන එකම ප්රශ්නයට අහස් සහ සිතුලි විසඳුම් හොයන්නෙ දෙයාකාරයකට. දෙන්නා හැලහැප්පීම් නැතුව එකඟ වෙන්නෙ එකම දෙයක් සම්බන්ධයෙන් විතරයි. අහස් සහ සිතුලි ජීවවිද්යාත්මකව වැඩිවිය පත් වෙන්නෙ මේ කාලයෙදි. ඒ නිසාම එයාලට මුහුණ දෙන්න සිදුවෙන අභියෝගත් එමටයි. මේ අලුත් ශාරීරික සහ මානසික විපර්යාසයන් සමග ගනුදෙනු කරන්න, ඔවුන්...
පියසර ගෙදර
Original price was: Rs. 1,500.Rs. 1,350Current price is: Rs. 1,350.
piyasara gedara pages 280
ඉටි කුටිය විනිවීදිමි
Original price was: Rs. 900.Rs. 810Current price is: Rs. 810.
සිතෙන් සිත හැඳින එක්වන, කාලයේ අනේකාකාර කුණාටුවලට හසුවී, ගසාගෙන ගොස් තැන තැන රැදුන, නර පණු රැළකි. ඔවුහු අතීත අනාගත කාල තලවල විපරීතව මංමුලාව සරති. ගැටෙති. පොරකති. මියෙති. වැළලුණ රහස්වල පීඩනයට හසුව මිරිකෙති. හුදකලාව ම අහම්බෙන් පැමිණ, කලුවර තැනෙක හිඳගත් එකෙකු, සිය සිත පතුල කැණ ආලෝක පුංජයක් අහුලා, වැළලූ පැටලුමක පොටක් පාදයි. ස්නේහයේත්, මානව දයාවේත් කදුළු, ළතෙත් හදවත් හි තැවරෙයි. නොවෑවෙන...
වසඟ වූ හදවත
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
සැබීනා වාන්ටේජ් මෙනෙවිය සාමිවර තෙට්ෆෝර්ඩ් සමඟ විවාහ ගිවිසගෙන සිටි නමුත් ඒ විවාහය සම්බන්ධව ඇය තුළ තිබුණේ කිසියම් බියකි. ඒ ගිවිසුම සමඟ වූ ඇගේ බැඳීම පසුව ඇගේම සැකයකට පාත්‍ර වූයේ රොමැන්ටික තරුණ ජීප්සියකු වූ මයිකල් හමුවීමත් සමඟය. අවසානයේ ඇය බලයෙන් තල්ලු කරනු ලැබ තිබුණේ තම හදවතේ පෙළඹවීමද, යුතුකමද යන දෙකෙන් එකක් තෝරා ගැනීමේ අවස්ථාව වෙතය. මෙය අති සුඛෝපභෝගී මොන්ටෙ කාලෝ සමාජය...
මහ මඟක කුඩා නිවහන – Charlotte years – book 04
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
maha magaka kuda niwahana little house – Charlotte years – book 04 pages 154
නොනිදන දිවයිනේ චාරිකාවක්
Original price was: Rs. 1,150.Rs. 1,035Current price is: Rs. 1,035.
nonidana diwaine charikawak upone a sleepless isle පරිවර්තනය රන්ශිත කුලරත්න pages 282
මෝඩයෝ මැරෙති
Original price was: Rs. 2,700.Rs. 2,160Current price is: Rs. 2,160.
ලෝකප්රකට ගෝඞ් ෆාදර් කෘතිය රචනා කළ ඉතාලි - අමෙරිකානු ලේඛක මාරියෝ පූසෝගේ Fools Die නවකතාවේ සිංහල පරිවර්තනය.
ගෝඩ්ෆාදර් – God Father
Original price was: Rs. 1,750.Rs. 1,400Current price is: Rs. 1,400.
අමෙරිකානු ජාතික ලේඛක මාරියෝ පූසෝගේ ලෝ ප්රකට ‘God Father’ නවකතාවේ සිංහල පරිවර්තනයයි. ඉරණමට එරෙහිවන මිනිසකු, මැර අධිරාජ්යයක නායකයකු ලෙසින් දෛවෝපගතව හා සිය අභිමතය අනුව ජය පැරදුම විසඳාගන්නා අයුරු කියැවෙනRead More
කොළ හුළඟ
Original price was: Rs. 980.Rs. 882Current price is: Rs. 882.
ගබඩා, විනෝදශාලා සහ මුඩුක්කු වලින් නිර්මිතමහා සුළිසුළඟක් මකොන්දෝ නමැති කුඩා නගරය මතපතිත වූ කල. ඒ සමග පැමිණි දුර්ගන්ධය කරණ කොට ගෙන එහි වැසියන්ට තවදුරටත් ස්වකීය නිවහන හඳුනාගන්නට පුළුවන් වන්නේ නැත. කෙසෙල් සමාගම පැමිණ. ඒ ආ වේගයෙන්ම ආපසු යන්නට ගිය විට ඔවුන් හට ඉතිරි වන්නේ කුණු වී යන රික්තකයක් පමණි. මේ ගොහොරුවේ ජීවත්වන අවසාන ගෞරවාන්විත මිනිසා වන කර්නල්වරයා, මුළු නගරයේම පිළිකුලට...
ආරියා
Original price was: Rs. 2,000.Rs. 1,600Current price is: Rs. 1,600.
වර්ෂ 1953 දී ඉරානයේ ටෙහෙරානයේ වාසය කරන බෙහෙරුශ් නම් ට්රක්රථ රියැදුරාට එක් රාත්රියක ද වීදියක අතහැර දමා ගිය බිලිඳියක් හමුවෙයි. කොළ නිල් පැහැ දෑසකට හිමිකම් කියූ ඇය ඔහුගේ දිවියට කෙතරම් නම් බලපෑමක් සිදුකරනු ඇතැදැයි ඔහු නොදැන සිටියේ ය. ආරීයා නම් පිරිමි නමක් ලබන ඇය මව්වරු තිදෙනෙක් අතර දෝලනය වෙයි. පළමු මව ඇයට කෲර ලෙස සලකයි. ධනවත් වැන්දඹු දෙවැනි මව ඇයට...
නාගදන්ති
Original price was: Rs. 2,000.Rs. 1,800Current price is: Rs. 1,800.
මරණය කියන්නෙ අවසානයක් නෙවෙයි. තවදුරටත් රිදවිය නොහැකි තැනකට ආත්මය රැගෙන යාමක් විතරයි. ස්නේහා මට කියල දුන්නේ අන්න ඒක. ස්නේහා කියලා කියන්නේ මං දන්නා තරමින් ආදරේට මැරීගෙන ආදරේ කෙරුව ස්නේහවන්තියක්. එයා තරම් මේ ලෝකෙ කිසිම කෙනෙක් අහිමි වෙච්ච ආදරයක් වෙනුවෙන් මුළු ජීවිතේම විනාශ කරගනීවි කියලා මං නම් හිතන්නේ නෑ. දෙවියන්වහන්සේ ලුසිෆර් දේව දූතයාව සාතන් යක්ෂයා බවට පත්කෙරුවා නම්, මේ දේවදූතියත් යක්ෂණියක්...
සයුරුතෙර පහන්ටැඹ
Original price was: Rs. 1,500.Rs. 1,350Current price is: Rs. 1,350.
තුර්කි - ග්රීක සමුද්ර දේශසීමාව අසල හුදෙකළා ප්රදීපාගාරයක වාසය කරන කුඩා දරුවකුගේ මතක ආවර්ජනා ඇසුරෙන් ගොඩනැගෙන මෙම නවකතාව තුර්කි ජන රජය බිහිවීම, දෙවැනි ලෝක යුද්ධය සහ එරට හමුදා පාලනයකට නතු වීම යනාදී ඓතිහාසික සිද්ධි සමූහයක් පසුබිම් කරගත් ළගන්නාසුලු කතාන්තරයකි. කෙනෙකුගේ ළමාවිය ඒ තැනැත්තා මත කෙතරම් තීව්ර බලපෑමක් ඇති කරන්නේද යන්න මොනවට පැහැදිලි කර දෙන මෙම කෙටි නවකතාව, සහෝදර ප්‍රේමය, දාරක...
මගෙ ආදර පඹ ගාල
Original price was: Rs. 2,000.Rs. 1,600Current price is: Rs. 1,600.
කොල්ලට 33 යි! කෙල්ලට 21 යි!! කොල්ලා ස්ටෑන්ඩ් අප් කොමඩියන්! කෙල්ල ෂෙයාර් මාකට් වැඩකාරි!! කොල්ලා පන්ජාබ්! කෙල්ල ජෛන!! කොල්ලා දික්කසාදයි! කෙල්ල මල් කැකුලක්!! පරස්පර ගොඩයි! එකම පඹ ගාලක්! කොල්ලගෙ කෙසේ වෙතත් කෙල්ලගෙ ගෙදරින් නම් නෑ කිසි බුරුලක්! ඒත් ඒ දෙන්නගෙ ආදරේ! ඒක පරද්දන්න ඔය පරස්පර හුටප්පරවලට පුළුවන් වෙයිද? අවුරුද්දක්.. දෙකක්.. තුනක්.. නෑ.. අවුරුදුම දොළහක් ගියාට පස්සෙත් ඒ ආදරේ... ...හිඳිලා ගියාද?...
ආදිපාදවරයාට මනාලියක්
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
යාච්ඤාව අවසන්වීමත් සමඟ ටාරාට දැනගත හැකිවූයේ ජිවිතයේ කිසිදින දැක නොතිබූ ආක්රේග් ආදිපාදවර ටොන්ක්විල් තමා විවාහ කරගෙන ඇති බවය. ඇය රැගෙන එනු ලැබුවේ උපතේ සිටම වසර දහඅටක් හැදී වැඩුණු අවජාතක දරුවන් සඳහා වූ ලන්ඩන් නුවර අනාථ නිවාසයකිනි. බිය ඇතිකරවනසුලු ස්කොට්ලන්ත මැක්රේග් වරිග ප්‍රධානියා වූ ඔහුට අවශ්‍යව තිබුණේ එදිරිවාදී කික්ඩොනොන් වරිගයෙන් පළිගැනීම සඳහා මෙවලමක් ලෙස ඇය යොදා ගැනීම හා සිය වරිගයට උරුමක්කාරයෙකු...
ගමන නොනිමෙයි
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
අපි හැමෝම ඉන්න තැනක් නැතිව, නොනිමි ගමනක... "ලූකා, අනේ මට ඉඩං කෑල්ලක් හොයලා දීපං පුතා. මට පැලක් හදා ගන්ඩ.” - අම්මා “අම්මා, මං රඝුරාමා එක්ක රස්සාවට යන්ඩද? උඹ හා කියපං මං යනවා.” - බෙන්වා “බිස්නස් එකක් කරපං බෙන්වා. බිස්නස් කියන්නේ සල්ලි” - ලූකා "අනේ, මගේ කොල්ලා! රඝුරාමා! අයියෝ... උන් ඌව අල්ලගත්තා, අම්මා!”- ලක්ෂ්මී “මං උඹට කිව්වා ලක්ෂ්මී. මං උඹට කිව්වා...
හෙදර් නිම්නයෙන් එහා ලෝකය – Martha years book 04
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
මාර්තා, තමා වාසය කරන කඳු වළල්ලෙන් වහා ඇති විසල් ලොව දැක ගැනීමේ ආශා 'සිළුවක්' හදවතේ දල්වා ගෙන සිටියාය. දිනක ඒ පැතුම සැබෑ විය. විශාල නිවාස හා රළු මං මාවතේ පිරී නාගරික සමාජය තුළ ඈ සෙවු ප්‍රභාශ්වර බව විඳගන්නට ඇයට හැකිවීද?
තලිබාන් ක්‍රිකට් ක්ලබ්
Original price was: Rs. 1,650.Rs. 1,320Current price is: Rs. 1,320.
මෙම නවකතාව හුදෙක්ම ක්‍රිකට් ක්‍රීඩාව අළලා රචනා වූ ප්‍රබන්ධයක් නොවේ. එය රුදුරු අන්තවාදීන්ගේ අයෝමය හස්තයේ ග්‍රහණයට හසුව පීඩා විඳින සුවහසක් ඇෆ්ගනිස්ථානු වැසියන්ගේ ජීවන අරගලයේ කතාන්තරයකි. මෙම කතාව ලියැවෙන්නේ රුක්සානා නම් මාධ්‍යවේදිනියක වටාය. ඇය හුදෙක්ම සිය අරමුණු කරා නොපසුබටව හඹා යන නව යොවුන් තරුණියක් පමණක් නොව, කුරිරු අන්තවාදීන්ගේ මර්දනකාරී පාලනයට එරෙහිව නැඟී සිටින බුද්ධිමත්, ධෛර්යසම්පන්න ගැහැනියගේ සංකේතයකි. තම ආදරධෑය මවගේ වියෝවෙන්...
පැරීසියේ ප්‍රේමයක්
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
අමිමා මියගිහින් වැඩි කාලයක් යන්න කළින් තාත්තා ආයෙමත් විටාහ වෙයි කියලා නොරීනා හිතුවේ නෑ. තාත්තා, ඒ කියන්නේ සෙන් වංශාධිපතිතුමා විවාහ කරගත්ත ලස්සන කාන්තාව නපුරු කුඩමිමෙක්ම වෙයි කියලත් නොරීනා හිතුවේ නෑ. ඒත් කුඩම්මා නොරීනාට වස දීලා මරන්නත් උත්සාහ කළා. ඒ උත්සාහය වැරදුනත් නොරීනාට තව දුරටත් ගෙදර ඉන්න බය හිතුණා. නොරීනා, තාවකාලිකව අන්ධ වුණ ප්‍රංශ ජාතික වංශාධිපතිවරයෙකුගෙ සේවිකාව විදිහට වෙස්වලාගෙන ගෙදරින් පැනලා...
His and hers රහසක්
Original price was: Rs. 1,950.Rs. 1,755Current price is: Rs. 1,755.
'හැම කතාවකම දෙපැත්තක් තියෙනවා. ඔයාගෙ පැත්තයි, මගේ පැත්තයි. අපේ පැත්තයි. එයාලගෙ පැත්තයි. ඔහුගේ පැත්තයි, ඇගේ පැත්තයි. ඒ කියන්නෙ කවුරුහරි කෙනෙක් හැමතිස්සෙම කියන්නෙ බොරු! දුෂ්කර කඳුකර ගම්මානයක සිදුවන අබිරහස් ඝාතනයක්! නොකැමැත්තෙන් වුවද ඒ පිළිබඳ වාර්තා කිරීමට පැමිණෙන ඇනා ඇන්ඩෲස් නම් BBC මාධ්‍යවේදිනියක්! ඝාතනය වූ තැනැත්තිය තම පාසල් මිතුරියක බැව් දැනගත් පසු, ආපසු හැරීමක් නොමැති බව ඇනා වටහාගනී. විසි වසරකට පෙර ගත්...
The Boyfriend
Original price was: Rs. 2,615.Rs. 2,353Current price is: Rs. 2,353.
The Boyfriend by Freida McFadden is a dark and addictive psychological thriller that will keep you guessing until the final page. What starts as a perfect love story quickly turns into a terrifying game of secrets, lies, and danger. With shocking twists, suspenseful moments, and fast-paced writing, this book is perfect for readers who love thrillers that make their heart race....
චීන අලුත් අවුරුද්දට පෙර දින රාත්‍රිය
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
පරිවර්තනය : විමලදාස සමරසිංහ pages 277
පිරිමියාව කියවමු -02
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
පරිවර්තනය රෝහිණි විජේසුරිය
සොඳුරු නිම්නයේ සැරිසරා
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
පරිවර්තනය : ශානිකා දුලානි කුමානායක
කීව් දියණියෝ
Original price was: Rs. 1,350.Rs. 1,215Current price is: Rs. 1,215.
' කීව් දියණියෝ ' මගින් යුක්රේන ඉතිහාසයේ මකා දමන්නට උත්සාහ කළ වැදගත් කොටසක් ලොව පුරා පතළ කිරීමේ කාර්යය එරින් ලිත්තෙකේන් (Erin Litteken) කතුවරිය මැනවින් සිදු කර ඇත. 1929 දී ස්ටාලින් යුක්රේනයේ ආරම්භ කළ කෘෂිකර්මාන්තය සාමූහික කරණය කිරීමේ වැඩ පිළිවෙල මිලියන 3-10 අතර අහිංසක ගොවියන් සාගතයෙන් මිය ඇදෙන්නට සැලැස්වූවක් විය. ආරම්භයේ දී එහි ජිවිත සුපුරුදු පරිදි ඉදිරියට ගිය මුත්, ඉක්මනින්ම එම...
දොන් කිහොතේ 2
Original price was: Rs. 1,975.Rs. 1,777Current price is: Rs. 1,777.
ට සියවස් හතරකට පෙර ලියැවුණු දොන් කිහොතේ නවකතාව තවමත් ස්පාඤ්ඤ සාහිත්‍යයේ මුදුන්මල්කඩ වශයෙන් සම්භාවනාවට පාත්‍ර වීම සුවිශේෂයි. එදා මෙදා තුර බිහි වූ වඩාත් විනෝදාත්මක වික්‍රම චාරිකාව වීමට අමතරව, අසරණ සරණ ප්‍රේමය සහ වික්‍රමාන්විත පුරුෂාධිපති සාහිත්‍ය සම්ප්‍රදාය පිළිබඳ විශිෂ්ටතම හාස්‍යානුකරණය වශයෙන්ද මේ කෘතිය ලෝකය පුරා ප්‍රශංසාවට ලක්වෙයි. එසේම, ලෝකයේ සෑම සාහිත්‍ය ධාරාවක් කෙරෙහිම ඒ මගින් පතුරුවා ඇති බලපෑමත් අද්විතීයයි. එයින් නිර්මාණාත්මක...
දොන් කිහොතේ 1
Original price was: Rs. 1,850.Rs. 1,665Current price is: Rs. 1,665.
මීට සියවස් හතරකට පෙර ලියැවුණු දොන් කිහොතේ නවකතාව තවමත් ස්පාඤ්ඤ සාහිත්‍යයේ මුදුන්මල්කඩ වශයෙන් සම්භාවනාවට පාත්‍ර වීම සුවිශේෂයි. එදා මෙදා තුර බිහි වූ වඩාත් විනෝදාත්මක වික්‍රම චාරිකාව වීමට අමතරව, අසරණ සරණ ප්‍රේමය සහ වික්‍රමාන්විත පුරුෂාධිපති සාහිත්‍ය සම්ප්‍රදාය පිළිබඳ විශිෂ්ටතම හාස්‍යානුකරණය වශයෙන්ද මේ කෘතිය ලෝකය පුරා ප්‍රශංසාවට ලක්වෙයි. එසේම, ලෝකයේ සෑම සාහිත්‍ය ධාරාවක් කෙරෙහිම ඒ මගින් පතුරුවා ඇති බලපෑමත් අද්විතීයයි. එයින් නිර්මාණාත්මක...
ඉනික්බිති පැමිණියේ අඳුරු සමයයි
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
ආක්‍රමණික හමුදාවක පැමිණීම හේතුවෙන් පුදුමයට පත් වූ කුඩා, ස්කැන්ඩිනේවියානු වෙරළබඩ නගරයකි. ඊට දක්වන්නේ සුළු ප්‍රතිරෝධයක් පමණි. ආක්‍රමණිකයන් හට එම නගරය වැදගත් වන්නේ එහි විශාල ගල්අඟුරු පතලක් හා ඊට යාබදව වරායක් ද වූ බැවිනි. ආක්‍රමණික බළ ඇණියේ ප්‍රධානියා වන කර්නල් ලාන්සර්, සිය කාර්යමණ්ඩලය සමඟ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ සහ ජනයාගේ ආදරය දිනා ගත් නගරාධිපති ඕර්ඩන්ගේ නිවසේ තම මූලස්ථානය ස්ථාපිත කරයි. ජනතාව...
රුවල් බිඳී ගිය ඔරුවක
Original price was: Rs. 1,500.Rs. 1,350Current price is: Rs. 1,350.
රවීන්ද්‍රනාත් තාගෝර් විසින් රචිත 'The Wreck' (මුල් කෘතිය බෙංගාලි භාෂාවෙන් Naukadubi) යනු දෛවයේ සරදම් සහ මානුෂීය සබඳතා වල අස්ථිර බවත් සංකීර්ණත්වයත් නිරූපණය කරන සම්භාව්‍ය නවකතාවකි. මෙහි සොබා දහම (විශේෂයෙන් ගංගා නදිය) චරිතවල හැගීම් සමඟ බද්ධ කරන ආකාරය අතිශය විශිෂ්ටය. විවාහ මංගල්‍ය දෙකකට පසු ගංගා නදියේ ගමන් ගන්නා බෝට්ටු දෙකක් කුණාටුවකට හසු වී විනාශ වීමෙන් නවකතාව ඇරඹේ. මෙහිදී සිදුවන මාරු වීමක්...
දෙහදු කඩුල්ල
Original price was: Rs. 700.Rs. 630Current price is: Rs. 630.
රජෙකුට වුවත් හිඟමන් යදින දුගියකුට වුවත් ප්‍රේමයේ රමණීය බව සේම ප්‍රේමයේ විරහවද දැනෙන්නේ එකම ආකාරයකටය. ප්‍රේමයේ රමණීය බව තාවකාලික වුවද ප්‍රේමයේ විරහව සදාකාලිකය. රමණීය ප්‍රේමය අහසේ දිදුලන තරුකැට සේ එළිය විහිදුවයි. ප්‍රේමයේ විරහව දරාගනු නොහැකි කළ අහසේ දිදුලන ඒ තරුකැට බිමට වැටෙනුයේ කඳුළු බිඳු සේය. එම කඳුළු රැයේ වට පිනි සේ තුරු ළපලු අතර රැදී තිබෙනු ඇත.
නෙමිසස්
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
සොහොනෙන් එපිට සිට පැමිණි හසුනක් එක් අවසාන අයැදුමක් නොවිසඳිය හැකි අපරාධයක් නොබෝදා මියගිය කෝටිපති ජේසන් රැෆල්ගෙන් මිස් මාපල්ට ලිපියක් ලැබුණු විට, එයින් කුමක් කළ යුතු දැයි ඇයට තේරුම් ගත නොහැකි විය. ඇයගේ ගණන්හිලව් ගැන මනාව දැන සිටි ඔහු, අපරාධයක් විසඳන ලෙස ඇයට අභියෝග කළේය. ඇය එය විසඳුවහොත් පවුම් 20,000ක් ඇයට ලැබෙනු ඇත. එකම ගැටලුව වූයේ, අපරාධයට අදාළ වූයේ කවුරුන්ද, එය...
