Showing 49–96 of 873 results

0 out of 5

ෆ්ලොරන්හි මෝහිණිය

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,160.
කහ කෙස් ඇති විදේශිකයෙක් හින්දුස්ථානයේ මෝගල් අධිරාජයා වන අක්බර්ගේ රජ වාසල වෙත එන්නේ රජ පෙළපත සලිත කරන, පුරවැසියන්ගේ සිතුවිලි වෙනස් කරන බලගතු රහසක් දරාගෙනය. එහෙත් ඒ රහස අධිරාජයාට පැවසීමට හැකි වන්නේ රජ සබයේ සම්ප්‍රදායන්, දේශපාලන කටයුතු, ප්‍රභූ පුද්ගල මැදිහත්වීම් වැනි විවිධ බාධක අතරතුරිනි. ඉන්ද්‍රජාලික ගුප්ත බල ඇතැයි සැලකෙන මෝගල් රජ කුමරියක් වන මන බඳන කළු ඇස් ඇති කේරා කොස් මුලින්...
0 out of 5

කැරවල්

Original price was: Rs. 1,850.Current price is: Rs. 1,480.
මතක තියාගන්න, මේ ඔක්කෝම සෙල්ලමක් විතරයි. මේ ගේට්ටුවලින් එහා සිද්ධ වෙන දේවල් ඔබව බියවද්දාවේ, නැත්නම් තිගැස්මට පත් කරාවි. ඒත් ඒ කිසිම දේකට ඔබව රවටන්නට ඉඩ දෙන්න එපා. අවුරුද්දකට වතාවක් කුප්‍රකට මාස්ටර් ලෙජන්ඩ් කැරවල් එකක් පවත්වයි. ආරාධනා කරනු ලබන්නන්ට පමණක් විවෘත වේ. මේ අවුරුද්දේ සතියක් දිගු සෙල්ලම පවත්වනු ලබන්නේ, වක ගැසුණු මාර්ග හා හිමෙන් වැසුණු වංගගිරියක් වූද මිනිස්සු කොහෙත්ම ඔවුන්ගේ පෙනුමෙන්...
0 out of 5

විලෙන් එහා ඈත ඉවුර

Original price was: Rs. 900.Current price is: Rs. 720.
මාර්තා මෝර්ස් පවුල විලෙන් එක් ඉවුරකද ඔවුන්ගේ ඥාතිහු අනෙක් ඉවුරෙහි ද වාසය කරති. එගොඩ සහ මෙගොඩ අතර ඇතිවන ගණුදෙනු ඇසුරින් කතා පිටු අතර ඉපැරණි ස්කොට්ලන්ත ගැමි පරිසරයේ සුවඳ විහිදී යයි. එසේම කුඩා මාර්තාගේ දඟකාරකම් වලින් කතාව වඩාත් රසවත් වී ඇත. මේ ලොව පුරා පාඨක ආකර්ශනය දිනාගත් Little House කතා මාලා රචිකාව වන ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මී මිත්තණියගේ ජීවන අත්දැකීම් ඇසුරින්...
0 out of 5

විල් තෙර අසබඩ කුඩා නිවහන

Original price was: Rs. 900.Current price is: Rs. 720.
මාර්තා මෝර්ස් පවුල විලෙන් එක් ඉවුරකද ඔවුන්ගේ ඥාතිහු අනෙක් ඉවුරෙහි ද වාසය කරති. එගොඩ සහ මෙගොඩ අතර ඇතිවන ගණුදෙනු ඇසුරින් කතා පිටු අතර ඉපැරණි ස්කොට්ලන්ත ගැමි පරිසරයේ සුවඳ විහිදී යයි. එසේම කුඩා මාර්තාගේ දඟකාරකම් වලින් කතාව වඩාත් රසවත් වී ඇත. මේ ලොව පුරා පාඨක ආකර්ශනය දිනාගත් Little House කතා මාලා රචිකාව වන ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මී මිත්තණියගේ ජීවන අත්දැකීම් ඇසුරින්...
0 out of 5

මංපෙතක අන්දරය

Original price was: Rs. 850.Current price is: Rs. 680.
0 out of 5

ඉඳිකටු ඇස

Original price was: Rs. 1,850.Current price is: Rs. 1,480.
කිරිච්චිය ඔහුගේ ආයුධය බවට පත් වෙද්දී ඔහුගේ සංකේත නාමය වූයේ ඉදිකටුව ය. හිට්ලර්ගේ ඉස්තරම්ම රහස් ඒජන්තවරයා නැතහොත් චරපුරුෂයා  වූ ඔහු කිසිදු තෙතමනයක් නැති, අනුකම්පා විරහිත වෘත්තීය ඝාතකයෙකි. ඒ 1944 වර්ෂය යි. ජර්මානුවන්ගේ ග්‍රහණයේ පැවැති ප්‍රංශය ආක්‍රමණය කිරීම සඳහා මිත්‍ර පාක්ෂික හමුදාව විසින් සැලසුම් කර තිබූ දිනය උදා වීම සඳහා තිබුණේ සති කීපයක කාලයක් පමණකි. ගුවන්යානා හා නෞකා සමූහයක් ලෙස වෙස්ගැන්වූ...
0 out of 5

මං ඉතාලියේ තනි උනා

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
ලෝකයේ බලවත්ම තනතුර... ලෝකයේ බලවත්ම පුද්ගලයා... ඇමරිකානු ජනාධිපතිවරයා! එසේ වුවත්, කාන්තාවකගේ ආදරය වෛරයට හැරවුණු කල ඇයට ඔහුද තවත් එක් පිරිමියකු පමණි! ආදරය... රාගය... සමබර කර ගනිමින් 'බලය' නමැති අතුරේ යාමට ඔහුට හැකිවේද? නොඑසේ නම්, තම සමබරතාවද ගිලිහී සියල්ල අහිමිව සැමගෙන්, සියල්ලෙන් සමුගැනීමට ඔහුට සිදුවේද?
0 out of 5

toxic

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,400.
මොහාන් රාජ් මඩවල මහතාගේ නවතම කෘතිය Toxic කතුවරයාගේ සමරු අත්සන සහිතව ඔබගේ පිටපත අදම වෙන් කරවා ගන්න පිටපත් බෙදා හැරීම සැප්තැම්බර් මස15 වන දා සිට පිටු  264 වර්ණ පිටු 08Read More
0 out of 5

කාන්තාවන්ට පමණයි

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
පරිපූර්ණ ජිවිතයක් උදෙසා ගැහැනියකට අවශ්‍යම ද මිනිහෙක්? #අබිලන්ඩේශ්වරි, වයස අවුරුදු හතළිස් පහයි. ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපිකාර්නි. කිසි දිනෙක තමන්ට ම කියා ජීවතයක් නොතිබුණු, සොයුරියගේ, නැන්දණියගේ සහ පවුලට රැකවරණ සලසන්නියගේ භූමිකාව කරන්නට පැවරුණු ගැහැනියක්. නමුදු එසේ වූයේ, සාම්ප්‍රදායික දෙමළ බ්‍රාහ්මණ වංශික ජීවිතයෙන් හා පෙර සඳහන් සියලු භූමිකාවන්ගෙන් මිදී, හුදෙකලාවෙන් සන්නද්ධව, මුහුද අද්දර පිහිටි කන්‍යා කුමාරි නගරය වෙත යන්නට කෝච්චි ටිකට්ටුවක් මිලදී ගන්නා...
0 out of 5

කා

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.
පෞරාණික ඊජිප්තු වාසීන්ගේ මිථ්‍යා ඇදහීම් අතර මුල් තැනක් ගෙන තිබුණ දිව්‍යමය හාස්කම් සහ ඉන්ද්‍රජාලික බලය පිළිබඳ විශ්වාසය මෙම කෘතියේ තේමාව වෙයි. මෙහි දැක්වෙන වර්ත අතර මුල් තැනක් ගන්නා පාරාවෝ කලක් පෞරාණික ඊජිප්තු දේශය පාලනය කළ අධිරාජයෙකි. දෙවියන්ගේ ආශීර්වාදයෙන් උපතලද පාරාවෝ අධිරාජයාගේ දූ කුමරිය නෙතර් තුවා (Neter Tua) නම් වූවාය. නෙතර් තුවා යන නාමය උදා තරුව (Morning Star) යන අරුත දෙයි....
0 out of 5

බිහිසුණු කුසුම්

Original price was: Rs. 2,250.Current price is: Rs. 1,800.
සමුදුරක් අසල මන්දිරයක එක් සොයුරියක් තවමත් ශාපයට ලක්ව සිටියි. ************* සලාන් වෙරළෙන් බොහෝ ඈත වික්‍රමයන්ගේ නියැළීමට සිහින මැවුවද, ඇගේ පවුලේ අනෙකුත් අය ආකේනියාව පුරා විසිර ගොස් සිටියද, දහඅට හැවිරිදි වෙරිටි තෝමස් සිය අක්කා කමීල් සමග සිය පවුලේ වතුයාය වෙන හයිමෝහි රැඳුණාය. කීර්තිමත් උද්භිද විද්‍යාඥයකුගේ බිරිඳ වන බ්ලූම්හි ආදිපාදවරිය වෙරිටි ඇගේ පුතු ඇලෙක්සැන්ඩර්ගේ ආලේඛ්‍ය චිත්‍රයක් පින්තාරු කරනු දැකීමට උනන්දුවෙන් පසු වෙන...
0 out of 5

සමුදුරු විලාපය

Original price was: Rs. 1,650.Current price is: Rs. 1,320.
සුරංගනා කතාවකට නැවත පණපෙවීම ඉතාමත් හුරුබුහුටියට කළ යුතු කාර්යයකි. ඒ කාර්යය මනාව ඉටුකළ පොත් ත්‍රිත්වයක් ලෙස මෙම හවුස් ඔෆ් සෝල්ට් කතා මාලාව දැක්විය හැකිය. තෙවන පොත මේ වන තුරුත් මුද්‍රණයෙන් නිකුත්ව නොතිබුණත් පළමු පොත් දෙක මෙන්ම එයද කුතුහලය, ත්‍රාසය සහ වල්වීම මදි නොකියන්නට සපයන පොතක් වන බව නොඅනුමානය. මෙය මෙම කතා මාලාවේ පළමු පොත වන අතර එහිදී අප හඳුනාගන්නා චරිත...
0 out of 5

කවුරු විශ්වාස කරන්නද ?

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.
සිල්වර් බර්ච් ගස දැන් පෙනෙන මානයේ ය. ජැක් විසින් ඇන්ජෙලා තබා තිබෙන්නෙ හස්ති වෘක්ෂය අසල නම් දැන් එතැනට ඉතාම ආසන්නය. මේ උගුලෙන් ගැළවීමට තවමත් කිසිදු උපායක් ස්කොටිබි ගේ සිතේ නොමැතිය. හිස හරවා පිටු පස බැලූ ඔහු දුටුවේ පිස්තෝලය තමා දෙසටම එල්ල කරගෙන මඳක් පිටුපසින් ඇවිද එන ජැක් ය. "මෝඩ වැඩක් නම් කරන්න හිතන්නවත් එපා ස්කොටි. දැන් හැම දෙයක්ම ඉවර වෙන්න...
0 out of 5

සීගිරි කොදෙව්

Original price was: Rs. 750.Current price is: Rs. 675.
බොඳව යන පරම්පරාවක ආලේඛ්‍ය නිරූපණයක් සේ, ගෙවී ගිය යොවුන් වියක මතක සමුච්චයක් සේ, යෞවනත්වයේ ප්‍රතිනිර්මාණයක් සේ, සියල්ලටමත් වඩා අලුත් ආකාරයට හිතන, නව දෘෂ්ටි කෝණ සොයන පරපුරක ඇරැඹුමක් සේ ගලා යන මතීෂගේ කතාවයි, 'සීගිරි කොදෙව්. යාන්තම් උසස් පෙළ ලියා අවසාන කළ ගැටවරයකු සීගිරියේ නින්නාද වන පෞරාණික සුවඳින් හා එහි යටගියාවේ අරුමැසි බවින් පෝෂණය වෙමින් කියන කතාවත්, තමා සතු නොස්ටැල්ජික මතක හා...
0 out of 5

ප්‍රාණ

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,125.
මේ තරුණ තරුණියන් දහස් ගණනක් ටයර් සෑයවල ට බිලි වූ 80-90 දශකයේ පවුල් දෙක තුනක කතාවකි. ශ්‍රී ලංකාවේ සිට ලන්ඩනය හරහා යුක්රේනයට ද සම්බන්ධ වන මානව හිමිකම් ප්‍රශ්න ගොන්නක හරස් කඩකි. එහෙත් සුනේත්‍රා සුපුරුදු ලෙසම විචිත්‍ර කතා උපක්‍රම අතරින් පාඨක ප්‍රජාව නුවර, කොළඹ හා ලන්ඩනය හරහා චිත්‍රපටයක් රූගතකිරීමට ද සහභාගී කරවන්නී ຜ. ප්‍රේමයේ ස්පන්දනය හා පවුලක බැඳීම් ටයර් සෑයකින් පිළිස්සී...
0 out of 5

වාපී

Original price was: Rs. 800.Current price is: Rs. 640.
රාජකීය සිරියහන් ගබඩාවේ සිංහ කවුළුව තුළින් පිටතින් ගලා ආ මඳ ආලෝකය විහිදූ රිදී පහන් ඇගෑ සියල්ල කුණාටු සුළඟ විසින් නිවා දමනු ලැබ ඇත්තේ සාහසික ලෙසිනි. සන්ධ්‍යා භාගයේ ඇරඹුණු වර්ෂාව රන් පැහැයෙන් වර්ණාලේපිත  ‌මාළිගා වහළවල් මත ඊතල මෙන් පතිත වන අයුරු මහ රජු බලා සිටියේ මහත් ප්‍රහර්ෂයෙනි. වැස්සේ සුගීතය අසමින් නින්ද නොනින්දේ වැතිරී පාලි කුමරියගේ නිරුවත් ළය මඬල මත මුහුණ හොවා...
0 out of 5

දෙයියන්ගෙ ඇතා

Original price was: Rs. 980.Current price is: Rs. 882.
දහනව වන සියවසේ මුල් භාගය වන විට ලක්දිව රජ කිරීමේ වරම පැවතියේ ඉන්දියානු නායක්කර් වංශය නොහොත් වඩුග පෙළපත වෙතය. එම වකවානුවේ මෙරට මුහුදු බඩ පළාත් පාලනය කරන ලද්දේ ඉංග්‍රීසීන් විසිනි. වඩුග ආධිපත්‍යයෙන් සිංහලේ ගලවා ගැනීම උදෙසා ඇහැළේ පොළ අදිකාරම් යුද ප්‍රකාශ කරන්නට කැස කවමින් සිටියේය. අනෙක් අතට, සෙංකඩගල පුරය ආක්‍රමණය කරන්නට උනන්දුවෙන් සිටි ඉංග්‍රීසීන්ගේ අතකොලුවක් ලෙස සැලකුණු ඇහැළේපොළ පාර්ශ්වය වනසා...
0 out of 5

ආලවන්ත ජේත්තුකාරයා

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,000.
අප්‍රමාදව ගැලපෙන මානලියක් තෝරාගත යුතු යයි වේල්සයේ කුමාරයා විසින් කරන ලද යෝජනාව ප්‍රතික්ෂේප කළ රොතිංහැම් සාමිවරයා අමනාපයෙන් මෙන් පිටවී ගියේ විභූතියෙන් යුතු තම ගම්බද මාලිගාව වෙතය. ඒකාධිපති අදහස් තිබු මේ ආලවන්තයාට සුරීන්ගා මෙල්ටන් හමුවන්නේ තම වතුයාය තුළ කැලෑවේ අසු පිට සවාරියක් යමින් සිටියදීය. ඒ අවස්ථාවේ ඇය බලවත් සිත්වේදනාවෙන් පසුවූයේ සල්ලාල පියගේ ණය බරින් නිදහස් වීම සඳහා තම කරනොඇඹූ වටිනා අශ්වයා,...
0 out of 5

වහලකුගේ ඉරණම

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
"වහලකුගේ ඉරණම" නමැති මේ අනුවේදනීය සත්‍ය කථාන්තරය ඇමෙරිකා එක්සත් ජනපදයෙහි නිදහස් පුරවැසියකු වූ සොලමන් නෝතප් නම් කළු ජාතික තරුණයකු පිළිබඳව වේ. වර්ෂ 1841 දී ඔහු රවටා පැහැරගෙන ගොස් වහල් කමට විකුණන ලදුව, පුරා අවුරුදු 12 ක් ඇදහිය නොහැකි තරම් දරුණු කෲර අමානුෂික වධ හිංසා විඳ, විස්මයජනක ලෙස හමු වූ සත්පුරුෂයකුගේ පිහිටෙන් ආපසු නිදහස ලබාගනියි. 17 වන සියවසේ සිට අප්‍රිකාව ආක්‍රමණය...
0 out of 5

පීත හිරු අඩක්

Original price was: Rs. 2,200.Current price is: Rs. 1,760.
peetha hiru adak  
0 out of 5

සැගවුණු ලෝකය

Original price was: Rs. 2,200.Current price is: Rs. 1,760.
“ඩයිනෝසරයෝ පෘථිවියේ බිහිවුණේ ට්‍රියාසික යුගයේ. ඒ කියන්නේ අවුරුදු මිලියන දෙසීයකට විතර කලින්. හැබැයි උන් ඉතා ම සාර්ථක ව පෘථිවිය පුරාම ව්‍යාප්ත වුණේ ජුරාසික සහ ක්‍රිටේසියස් කියන ප්‍රාග් ඓතිහාසික යුග සීමා අතර කාලයේදී. උන් අවුරුදු මිලියන එකසිය පනහක් තරම් ඉතා විශාල කාලයක් පෘථිවියේ ජීවත් වෙලා තියෙනවා. හැබැයි උන් ගේ හොඳම කාලය තමයි ක්‍රිටේසියස් යුගය. මේ යුගයේදී ඩයිනෝසර් වර්ග විසි එකක් පෘථිවියේ...
0 out of 5

අහිමි රස මතක සොයා (කමොගවා කෑම රහස් පරීක්ෂකයෝ 2)

Original price was: Rs. 550.Current price is: Rs. 440.
කියෝතෝ වේ පිහිටි කමොගවා අවන්හල සුවිශේෂි එකකි. ඔබ මීට වසර ගණනාවකට පෙරාතුව වුවද ආහාරයට ගත් කෑම වේලක් ඒ රසයෙන්ම, ඒ විදියටම සැදීමට ඔවුහු සමත් වෙති. නාගරේ කමොගවා සහ ඔහුගේ දියණිය කොයිෂි කමොගවා මේ අවන්හල පවත්වාගෙන යනු ලබති. සකුරා මල් පිපෙන කියෝතෝවේ ගං ඉවුරු දිගේද හිගෂි හොන්ගන්ජි පන්සල අවට පිහිටි කරසුමා දෝරි, ශොමෙන් දෝරි වැනි වීදිවල ඇවිද යාමට ඔබට හැකිය. උණුසුම්...
0 out of 5

මැදියම් රෑ පුස්තකාලේ

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
'ජීවිතය සහ මරණය කියන අවස්ථාවන් දෙක අතරේ තියෙනව පුස්ත කාලයක්.' ඈ කිව්වා. 'ඒ පුස්තකාලය ඇතුළේ තියෙනව ගණන් කරලා ඉවර කරන්න බැරි තරම් පොතේ. ඒ හැම පොතක්ම, ඔයාට ජීවත්වෙන්න ඉඩ තිබුණ වෙනත් ජීවිතයක් අත්හදා බලන්න අවස්ථාවක් දෙනවා. ඔයාට තිබුණ තෝරාගැනීමේ ඔයා වෙනස් විදිහට කළා නම්, දේවල් මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණේ කොහොමද කියල පෙන්වා දෙනවා. දැන් ඔයා පසුතැවෙන හැම දෙයක්ම...
0 out of 5

රුදුර නොදරන අඳුර

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
The Dark Holds No Terrors යනු දැරියක කලාතුරකිනුත් යුවතියක නිරන්තරවත් ගැහැනියක සුලබවත් අත්විඳින නමුත් රහසේ සඟවා ගනිතියි සිතිය හැකි යම් යම් අත්දැකීම් රාශියක එකතුවකි. පරපීඩනය ඉවසා දරාගත යුතු දෙයක් නොවන අතරම ප්‍රශ්න වලට විසඳුම ඇත්තේ පලායාම තුළ නොවන බවද කතුවරිය සිය සරල නමුත් බරැති රචනා ශෛලියෙන් අවධාරණය කරයි. අවසානයේ සෑම අයකුම අප ජීවත්වන සමාජවල සංස්කෘතික නිර්මිතයන් හා අගයයන් විසින් පීඩාවට...
0 out of 5

මකුළු දැලේ යුවතිය

Original price was: Rs. 650.Current price is: Rs. 520.
කළු වහල් යුවතියකගේ හා ඇය හා මිතුරු වූ සුදු යුවතියකගේ වීර චාරිකාව නිදහසින් මෙපිට කිසිවකින් ඔවුන් සෑහීමකට පත්කළ නොහැකි විය "අකුරු කියවන්න ඉගෙන ගන්න එපා එයාලා ඔයාගේ දබරැඟිල්ල කපා දමාවි. ඔයා තරුණයි. එයාට ඕනෙ දෙයක් කරගන්න ඇරලා ඔයා ඇස් දෙක වහගෙන ඉන්න. එයා ඔයාගේ කුසේ වළක් හාරාවි. ඉපදෙන දරුවාත් ඔයා වගේම වහලෙක්. එයාලට ඒ දරුවා විකුණලා ලාබ ගන්න පුළුවනි. කිසිවක්...
0 out of 5

නිරුවත් යුවතිය

Original price was: Rs. 750.Current price is: Rs. 600.
මම මගේ දරුවන් පිළිබඳ බෙහෙවින් සැලකිලිමත් වීමි. ඔවුනට සතුට සපිරි ළමා වියක් ලබා දෙන්නට මම නිතරම වෙහෙසෙමි. ඒ සමගම මම මහත් අවධානයෙන් යුතුව අවට නිරීක්ෂණය කරමි. විමසිල්ලෙන් පසුවෙමි. ඒ මල් කැකුළුවන් අහිංසක ලෝකය පිළිබඳ කිසිත් නොදන්නා මගේ දරු පැටවුන් ගොදුරු කරගන්නට මාන බලන පාපතරයන් සමාජයේ සිටිනා බව මම ඉතා හොඳින් දන්නා හෙයිනි.. "සුළං හමන්නේ අතු ඉති සොලවාගෙනය. දැරියක සෙමෙන් ගස්...
0 out of 5

රෝස වලාකුළු

Original price was: Rs. 450.Current price is: Rs. 360.
ආදරය නොමැතිකම හයිඩ් ද දැන සිටියාය. ආදරය නැතිකම යනු කිසිවෙකු ඔබ කෑවාදැයි නොවිමසීමයි. ඇස් රතු වී ඇත්තේ කිමදැයි නොවිමසීමයි. අසනීපයක් දැයි විමසිලිමත් නොවීමයි. ඔබේ වේදනාව නොහැඳිනීමයි. අවුරුදු පහළවක් වුවද ඔබ ආදරය ලැබිය යුතු කෙනෙක් බව නොදැනීමයි. අනාදරය, රැකවරණය නොමැති කමට කොතරම් ළඟද?
0 out of 5

කඳුකර රෝස මල්

Original price was: Rs. 480.Current price is: Rs. 384.
එදා රාත්‍රියේ දැරීය සීයා සමඟ කතා කළේ සැන්දෑවේ දුටු ලස්සන ගැනය. ඇය ඒ අතරේ ලේන්සුව ලිහුවේ නෙලාගත් මල් ඔහුට පෙන්වීමටය. එහෙත් ඒ සියල්ල පරවී අපූරු වර්ණයන් ද මැලවී ගොස් තිබුණි. සියේ ...! ඇයි මේ....? "මල් හැදිලා තියෙන්නේ ඉර එළියේ වැඩෙන්න. ලේන්සුවක හිර වුණාම ඒවා මැරිලා යනවා " ඔහු කීවේය. මින් පසු නිදහසේ හැදී වැඩෙන්නට මල් වලට ඉඩ හරින බව ඇය...
0 out of 5

හෙයිඩ්ගේ දරුවෝ

Original price was: Rs. 680.Current price is: Rs. 544.
*අපි අනික් අයගේ ජිවිත වලින් පාඩම් ඉගෙන ගන්න ඕනෙ. අපට ආදරය කරන කෙනෙක්ගේ හිත රිදෙන කල් පමා වෙන්න හොද නැහැ. ලෝකෙ වටිනාම දේ සල්ලි නෙවේ තව කෙනෙක්ගේ හිතේ අපි ගැන ඇතිවන ආදරය, කරුණාව...."
0 out of 5

දෙයියන්ගෙ ඇතා

Original price was: Rs. 980.Current price is: Rs. 882.
දහනව වන සියවසේ මුල් භාගය වන විට ලක්දිව රජ කිරීමේ වරම පැවතියේ ඉන්දියානු නායක්කර් වංශය නොහොත් වඩුග පෙළපත වෙතය. එම වකවානුවේ මෙරට මුහුදු බඩ පළාත් පාලනය කරන ලද්දේ ඉංග්‍රීසින් විසිනි. වඩුග ආධිපත්‍යයෙන් සිංහලේ ගලවා ගැනීම උදෙසා ඇහැළේ පොළ අදිකාරම් යුද ප්‍රකාශ කරන්නට කැස කවමින් සිටියේය. අනෙක් අතට, සෙංකඩගල පුරය ආක්‍රමණය කරන්නට උනන්දුවෙන් සිටි ඉංග්‍රීසීන්ගේ අතකොලුවක් ලෙස සැලකුණු ඇහැළේ පොළ පාර්ශ්වය...
0 out of 5

වරලස

Original price was: Rs. 900.Current price is: Rs. 720.
කාන්තාවන් තිදෙනෙක් රටවල් තුනක් එක් අමතක නොවන වාරිකාවක් සමිතා ඉන්දියානු ජාතික අඩු කුලේ (Untouchable) කාන්තාවකි. සිය එකම දියණියට අධ්‍යාපනය ලබාදීමට සැදී පැහැදී සිටින සමිතා ඒ අරමුණ උදෙසා ඕනෑම දෙයක් කරන්නට සූදානමින් සිටින්නීය. සිසිලියේ ජීවත්වන ජුයූලියා ඇගේ පියාගේ වැඩපොළේ වැඩ කරයි. පාලෙමෝ නගරයේ එවැනි එකම වැඩපොළ ජුයුලියාගේ පියාගේ වැඩ පොළයි. ඇගේ පියා යතුරු පැදි අනතුරකින් මරණයට පත්වීමත් සමඟ ඇගේ පවුලේ අනාගතය...
0 out of 5

හෙනා සිත්තරිය ලක්ෂ්මී

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,575.
අවමන් සහගත යෝජිත විවාහයකින් පලායමින් සිටි වයස අවුරුදු දාහතක් වූ ලක්ෂ්මී, හුදෙකලා ව සිය පිටිසර ගම්මානයේ සිට ජායිපූර්හි වර්ණවත් පින්ක් නගරයට පැමිණෙන්නට මාර්ගය සලසාගනියි. එහි, හෙනා ශිල්පිනියක බවට පත්වන ඇය ඉහළ පැළැන්තියේ කාන්තාවන් අතර වැඩිම ඉල්ලුමක් දිනා ගන්නට සමත් වන්නී ය. ප්‍රභූ පවුල්වල ජීවන රහස් පිළිබඳ දැනුවත්, විශ්වාස වන්තියක වන ලක්ෂ්මී, කිසි දිනෙක තම ජිවිතය පිළිබඳ කිසිදු රහසක් හෙළි නොකර...
0 out of 5

නිදොස්මි නිදහස්මි

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
ගැහැණියකගේ දෑසින් කඳුළු ගලන්නේ එක සීමාවක් දක්වා පමණි.ඒ සීමාව විසින් ඈ දූවිලි තරම් අංශුවලට බිඳ දමන නමුත් එක මොහොතක් තුළ ඇයව පූර්ණව ප්‍රතිනිර්මාණය කරයි.නැවත ඇය කිසිදාක හඬා වැටෙන්නේ නැත. සමාජය විසින් බලෙන් කරගැස්වූ සීමාවෙන්ද රාමුවෙන්ද හැඩයෙන්ද පිටවී,ගිනි පුපුරක් බවට පත් වූ ගැහැණියකගේ කතාවයි නිදොස්මි! නිදහස්මි! මනෝහරි ජයලත් ස්වකීය නවකතා රචන අනන්‍යතාව වඩාත් ප්‍රභාවත් කරමින් රචිත මෙම කෘතිය ඇගේ පස්වන නවකතාවයි.
0 out of 5

විසුවියස් විදාරණය හෙවත් පොම්පියා නගරයේ විනාශය

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
ශ්‍රීමත් එඩ්වඩ් බුල්ව ලිට්න් විසින් 1834 දී පළ කරන ලද මෙම කෘතිය ඉංග්‍රීසි සම්භාව්‍ය සාහිත්‍යයේ විශිෂ්ට නිර්මාණයකි.ක්‍රිස්තු වර්ෂ 19 අගෝස්තු 24 වැනිදා දහවල් කාලයේ ඉතාලියේ පොම්පියානගරයේ අසළ වූ විසුවියස් ගිනිකන්ද පිපිරීමෙන් වූ අතිමහත් විනාශය මේ කතාවට පසු බිම් වී ඇත . වර්ෂ දහස් ගණනක් තිස්සේ ගිනිකන්ද තුළ ඒකකාශී වූ අති බිහිසුණු බලය විදාරණය වී දහවල මධ්‍යම රාත්‍රිය මෙන් ඝන අන්ධකාරයෙන්...
0 out of 5

පොලියානා පොත් එකතුව

Original price was: Rs. 2,860.Current price is: Rs. 2,288.
පොලියානා සතුට බෙදෙන පොලියානා ජම් සහ පොලියානා යන කෘති ත්‍රිත්වයෙන් මෙම ග්‍රන්ථය සමන්විත වේ.
0 out of 5

ස්වප්නේෂ්වර

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
පාන්දරින් හිමේ මීදුමක, මද්දහනේ වෙල් එළියක හැන්දෑවේ තුන් මං හන්දියක සෙවනැලි තුළ සැඟවුණු මානසික අභිරහස් අතරට පිවිසීමට මෙම නවකතාව ඔබට ආරාධනා කරයි. මෙම ග්‍රාමීය භූ දර්ශනයේ වෙසෙන මිනිසුන් අහිංසකත්වයේ හෝ සරලත්වයේ විකට රූප නොව සංකීර්ණ හා ස්ථිර ජීවිත ඇති පුද්ගලයන්ය.ගැමි ජීවිතය බැලූ බැල්මට තේරුම් ගත හැකි තැනක් නොවේ එය දැනිය යුතු ක්ෂේත්‍රයකි. එය යක්ෂ දේව යාතුකර්ම සංස්කෘතීන් පුරා, දෘශ්‍යමානය සහ...
0 out of 5

මාරක පැතුම

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
අවශ්‍ය කෙනාව විනාශ කරන්න ඕනේ නම් ඔයා ඒ කෙනාගේ යටි සිතට බලය යොදන්න ඕනේ.අපි හැමදෙනාම දරාගෙන ඉන්න මරණයේ පැතුම උද්දීපනය කරලා, අවුස්සලා එළියට ගන්න ඕනේ. ඇය වෙත පවතින උනන්දුව ක්‍රමයෙන් තීව්‍ර වන ආකාරය මම දුටිමි. 'ඔයාට තේරෙනවා නේද? දැන් ඒ මරණයේ පැතුම පතන කෙනා විසින්ම ඇත්තෙන්ම ඇත්ත රෝගී තත්ත්වයක් එයා තුළ ඇති කරගන්නවා.දැන් එයා ප්‍රාර්ථනා කරන්නේ ලෙඩ වෙලා මිය මියයන්න....
0 out of 5

හිකරි ඩිකරි ඩොක්

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
හර්කියුල් පොයිරෝ ගේ ලේකම්වරිය වන මිස් ලෙමොන්ට යම් කරදරයක් තිබේ යන්න තේරුම් ගැනීමට ඔහුට ස්වකීය රහස් පරීක්ෂක සමස්ථ හැකියාවන්ම අවශ්‍ය නැත.ඇය විසින් එක්තරා ලිපියක වැරැදි තුනක්ම සිදු කර තිබේ.ඔහුගේ සාමාන්‍යයෙන් කාර්යක්ෂම සහායිකාවකගේ සොහොයුරිය සේවය කරන ශිෂ්‍ය නේවාසිකාගාරයේ චෞරෝන්මාදය (ක්ලේප්ටෝමේනියාව) උද්ගත වී ඇතැයි යන හැඟීම මෙම වැරදී සිදුවීමට හේතුව බව පෙනිණි.අනපේක්ෂිත අවස්ථාවලදී අනපේක්ෂිත තීරණගත යුතුයි අදහස් කළ, මෙම විශිෂ්ට රහස් පරීක්ෂකවරයා...
0 out of 5

පොපී

Original price was: Rs. 950.Current price is: Rs. 760.
පාඨකයින්ගේ ආදරය දිනාගත් මුදුණ වාර ගණනක් එළි දක්වා තිබෙන නිර්මාණයකි. ඇගේ නිර්මාණවල විශිෂ්ටත්වය ඇගේ කතාවක් සඳහා පුද්ගල චරිත ගණනාවක් කේන්ද්‍රීය වීමයි. ආදරය, වෛරය, අත්වැරදීම්, පසුතැවීම් යනාදී මිනිස් හැඟීම් සියල්ල හාස්‍යමය සංවේදී බවකින් නිර්මාණය කිරීමට මේරි වෙස්ලි ලේඛිකාව සමත් වී තිබේ. ජීවිතය පිළිබඳව සරලව ලියැවුණු නිර්මාණවලට ඇලුම් කරන පාඨකයන්ට පොපී රසවත් තිළිණයකි. "මොහොතකින් මේ සියල්ල ගිනි ජාලාවකින් වැසී යනු ඇත.මා හුදකලාා...
0 out of 5

අමරණීයත්වයේ අම යුෂ

Original price was: Rs. 2,700.Current price is: Rs. 2,430.
අමරණීයත්වයේ අමයුෂ කෙබඳු ආකාරයේ නවකතාවක්ද එය ස්මරණයන් ස්පර්ශ කරන්නකි වසර දහසක් පමණ වූ කාල අවකාශයක් පුරා විහිද යන මෙම වශීකෘත ආඛ්‍යානය හරහා දිගහැරෙන්නේ යුරෝපයේත් එහි විසූ යුදෙව් ප්‍රජාවගේත් ඉතිහාස කතාවයි. එය ඉතිහාස කණ්ඩයන්ගේ සන්නතිය හෙළිකර දෙමින් යුරෝපා ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරයි. ආදිකාලීන සහ නූතන යුදෙව්වන්ගේ තොරතුරු ද සමගින් යුරෝපා ඉතිහාසය තුළ ඔවුන්ගේ සහභාගිත්වයන් වග වීම් සහ ගමන් මඟෙහි දිශානතිය හැඩගැසූ අයුරුද...
0 out of 5

කළු ඇත්දල

Original price was: Rs. 700.Current price is: Rs. 560.
කොරල් දූපත ලියා ජනප්‍රියත්වයට පත් රොබට් මිචෙල් බැලන්ටයින් අතින් ලියැවුණු වෙනස්ම නවකතාවකි, මෙම නවකතාවට වස්තු විෂය වන්නේ සමකාලීනව වඩාත්  ප්‍රචලිතව පැවැති වහල් මෙහෙයයි. අප්‍රිකාවේ වනාන්තරවල විසූ නීග්‍රෝ ජාතිකයන් අල්ලා වහලුන් ලෙස සේවයට යෙදවීම පිණිස විදෙස් රටවල යැවීමේ ජාවාරම ඔහු දැඩිව පිළිකුල් කළේය. "මෙම නවකතාව හුදෙක් වහල් මෙහෙයේ ඇත්තා වූ අමානුෂික භාවයන් පාඨකයන් වෙත හෙළිදරව් කරනු පිණිසමය. අප්‍රිකා වහල් වෙළෙදාම සපුරා...
0 out of 5

හඬනු පෙම්බර දේශය

Original price was: Rs. 950.Current price is: Rs. 760.
දකුණු අප්‍රිකානු කළු ජනතාවගේ දුක්ඛිත තත්වය ලොව හමුවේ තැබු ප්‍රථම ලේඛකයා ඇලන් පේටන්ය. ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඕස්ටේ්‍රලියාවේ ද්වීතීයක පාසල් හා සරසවිවල නිර්දේශිත පෙළ පොතකි. 'හඬනු පෙම්බර දේශය' භාෂා විස්සකට පරිවර්තනය වී ලොව පුරා ප්‍රචලිත වු විශිෂ්ට ග්‍රන්ථයකි. වර්ගවාදය මිනිස් සමාජය තුළ ඇති කරන අසමානත්වය, උනුන් කෙරෙහි ඇති කරන බිය, දරිද්‍රතාව හා අපරාධ යන විෂම තත්වයන් පිළිබඳ අපක්ෂපාත හා විෂයබද්ධ විවරණයකි....
0 out of 5

දේව උද්‍යානය

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
සුප්‍රකට ඉංග්‍රීසි ජාතික  ස්වභාව විද්‍යාඥයකු වූ ජෙරල්ඩ් මැල්කම් ඩරල් සිය සුන්දර ළමා වියේ ඉතා රසවත් විනෝදාත්මක අත්දැකීම් ඇතුළත් කොට පොත් තුනක් ලිවීය.මගේ පවුලයි අනෙක් සත්තුයි ඉන් තුන් වැන්නයි ඩරල් පවුල ග්‍රීසියට අයත් කෝෆු දිවයිනේ වාසයට යන විට ජෙර්ල්ඩ්ගේ (ජෙරී) වයස අවුරුදු අටකි.එහි විසූ අවුරුදු  පහක කාලය තුළ කුඩා ජෙරී  ස්වභාවධර්මය සුන්දරත්වයෙන් හා චමත්කාරයෙන් වශීකෘත වේ.කෝෆු දිවයිනේ සුන්දර ගැමි පරිසරය තුළට...
0 out of 5

කුරුල්ලෝ, සිවුපාවෝ සහ නෑදෑයෝ

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
සුප්‍රකට ඉංග්‍රීසි ජාතික  ස්වභාව විද්‍යාඥයකු වූ ජෙරල්ඩ් මැල්කම් ඩරල් සිය සුන්දර ළමා වියේ ඉතා රසවත් විනෝදාත්මක අත්දැකීම් ඇතුළත් කොට පොත් තුනක් ලිවීය.මගේ පවුලයි අනෙක් සත්තුයි ඉන් දෙවැන්නයි ඩරල් පවුල ග්‍රීසියට අයත් කෝෆු දිවයිනේ වාසයට යන විට ජෙර්ල්ඩ්ගේ (ජෙරී) වයස අවුරුදු අටකි.එහි විසූ අවුරුදු  පහක කාලය තුළ කුඩා ජෙරී  ස්වභාවධර්මය සුන්දරත්වයෙන් හා චමත්කාරයෙන් වශීකෘත වේ.කෝෆු දිවයිනේ සුන්දර ගැමි පරිසරය තුළට නිරායාසයෙන්ම...
0 out of 5

දල්වන්න එක ඉටි පහනක්

Original price was: Rs. 750.Current price is: Rs. 675.
ග්ලුකොමා රෝගයනිසා පෙනීම අහිමිවූ දැරියකගේේ කතාව. මෙම පොතේ කතුවරිය ද මෙම පොතේ ප්‍රධාන චරිතය වන කැතීගේ වයසේදීම දෙනෙත් අහිමි වූ තැනැත්තියකි. බ්‍රේල් ක්‍රමයට ලිවීම හා කියවීම ප්‍රගුණ කළ ඇය 1954 දී මිල්වොකි මවුන්ට මේරි විද්‍යාලයට ඇතුළුව කම්ලවුනඩ් උපාධිය ලබා ගත්තාය කැතීගේ හදවත ඉරි තැලුණු පොළොවෙන් මතුවූ දිය උල්පතක් ගුබුළු දමන්නාක් මෙන් පිනා ගියේය. සදහටම වැලලී ගියා යැයි සිතා සිටි බලාපොරොත්තුවේ...
0 out of 5

ගැඹුරු මුහුද

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,062.
"ගැඹුරු මුහුද" වනාහි මෙතැන් සිට සියවසක් පමණ ගිය පසු මිහිපිට ඇතිවන සමාජයක් පසුබිම් කොට රචිත විද්‍යා නවකතාවකි.විද්‍යාව හා තාක්ෂණය මත ගොඩනැගුණු එම සමාජය පාලනය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති මත පිහිටුවන ලද ජගත් රජයකිනි.අඟහරු ග්‍රහයා මත පදිංචි වූ මිනිසා සිකුරු ග්‍රහයා මත ද පදිංචි වීමට සූදානම් වෙයි. ගොඩ ගොවිතැන් අත්හැර දමා මුහුදේ ගොවිතැන් කරන මිනිසා මුහුද කොටු කොට, කිරටත් මසටත් තල්මසුන් ඇති...
0 out of 5

මම වූයෙමි…මම වෙමි…මම වන්නෙමි…

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,250.
ඩයනා ගැබල්ඩොන්ගේ 'අවුට්ලැන්ඩර්’ නම් ජනප්‍රිය නවකතාවෙහි ආඛ්‍යාන වින්‍යාසයද, එහි කාලාවතරණ ආකෘතියද, යටත්විජිත විරෝධී තේමාවද අන්තර්පඨිතමය ලෙස ඇසුරු කරගනිමින් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සිංහල ජන විඥානය නිර්මාණය කළ ඓතිහාසික විවිධත්වය ස්ත්‍රියකගේ එදිනෙදා අත්දැකීම් ඇසුරින් ප්‍රතිනිර්මාණය කරමින් සාමාන්‍යයෙන් සාහිත්‍ය නිර්මාණවලට විෂය නොවන මොරටුවේ කිතුනු ප්‍රජාවගේ ජීවන විලාසයන් සහ ඉතිහාසය රසවත් සහ ඉතිහාස කරණය කරන ලද ආඛ්‍යානයක් ලෙස ඉදිරිපත් කරමින්, සාමාන්‍යයෙන් වීර කතාවල මැකී...
0 out of 5

හිත හොඳ දොස්තර සහ මහ මුහුදේ අවතාරය – කතා මාලා අංක 18

Original price was: Rs. 800.Current price is: Rs. 640.
පරිවර්තනය සමරසිංහ ගුණසේකර pages 190
Loading...