Showing 1–48 of 67 results

0 out of 5

මානිගේ තීරුව

Original price was: Rs. 850.Current price is: Rs. 765.
විචාරක ප්‍රතිචාරද, පාඨක ප්‍රශංසාද ලබන මානිගෙ තීරුව හොඳම පුවත්පත් තීරුව හැටියට සම්මානයෙන් පුදන ලද අවස්ථා එමටය. සිංහල පුවත්පත් තීරු රචකයින් අතර ජාත්‍යන්තර මට්ටමේ සිටින එකම තැනැත්තා හැටියට මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් මානිව හඳුන්වා තිබේ. එහෙත් ඔහු මලින්ම පුද ලබනවා නොවේ. නිදහස් අදහස් නොඅගයන පිරිස් විසින් එල්ල කරන ලද ගල්මුල්වලින් නිවෙසක් තනාගෙන මානි එහි ජීවත්වෙයි. 1989 දී ඇරඹි මානිගෙ තීරුව...
0 out of 5

ණයානන්දය

Original price was: Rs. 900.Current price is: Rs. 810.
ආදරය කියන්නෙත් ණයක්. අපිට ලැබුණම ආපහු දෙන්න ඕනේ. අපි දුන්නම ආපහු ලැබෙන්නේ නෑ ජිවිතය කියන්නෙත් ඉල්ලන්නෙම නැතුව හම්බ වුණු ණයක්. ඒක ගෙවලම ඉවර කරන්න ඕන. සල්ලිවලින් ගන්න ණය විතරක් නෙමෙයි ණය - මහේල මිනිස්සු කවුරුත් මාව සීරියස් ගත්තේ නෑ සල්ලිකාර විසේකාර ගැනියෙක් විදියටයි උන්ට මාව පෙනුණේ. ඔයාගේ ගෙදර ඇතුළේ ආදරේ පිරිලා තියෙනවා මම දැක්කා. ඒකයි මම එහේ ඇවිත් නතර වුණේ...
0 out of 5

පියාසර සමය

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,125.
තොමෝම දල්වාගත් කුඩා පහනක් අතැතිව සැඩ කුණාටු මැදින් පවා සිල නොනිවාගෙන ඒ දිගු ගමන ගොස් පැතූ පූජාසනය මත ඇය ආලෝක පූජාව පැවැත්වූවාය. පරමාදර්ශයන් සමග ජීවිතයේ අරුත් ගොනු කළ ඔහුට අනියත ජීවන මංසලකදී අහම්බ සිලිලාරයක පහස මුණගැසිණි. එයින් ඔහුගේ මුල් ජීවන අරුත් සසල වීද?
0 out of 5

නවර්තා

Original price was: Rs. 875.Current price is: Rs. 787.
nawartha උදතාරී මීපෙගමගේ pages 201
0 out of 5

සීගිරි කොදෙව්

Original price was: Rs. 750.Current price is: Rs. 675.
බොඳව යන පරම්පරාවක ආලේඛ්‍ය නිරූපණයක් සේ, ගෙවී ගිය යොවුන් වියක මතක සමුච්චයක් සේ, යෞවනත්වයේ ප්‍රතිනිර්මාණයක් සේ, සියල්ලටමත් වඩා අලුත් ආකාරයට හිතන, නව දෘෂ්ටි කෝණ සොයන පරපුරක ඇරැඹුමක් සේ ගලා යන මතීෂගේ කතාවයි, 'සීගිරි කොදෙව්. යාන්තම් උසස් පෙළ ලියා අවසාන කළ ගැටවරයකු සීගිරියේ නින්නාද වන පෞරාණික සුවඳින් හා එහි යටගියාවේ අරුමැසි බවින් පෝෂණය වෙමින් කියන කතාවත්, තමා සතු නොස්ටැල්ජික මතක හා...
0 out of 5

ප්‍රාණ

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,125.
මේ තරුණ තරුණියන් දහස් ගණනක් ටයර් සෑයවල ට බිලි වූ 80-90 දශකයේ පවුල් දෙක තුනක කතාවකි. ශ්‍රී ලංකාවේ සිට ලන්ඩනය හරහා යුක්රේනයට ද සම්බන්ධ වන මානව හිමිකම් ප්‍රශ්න ගොන්නක හරස් කඩකි. එහෙත් සුනේත්‍රා සුපුරුදු ලෙසම විචිත්‍ර කතා උපක්‍රම අතරින් පාඨක ප්‍රජාව නුවර, කොළඹ හා ලන්ඩනය හරහා චිත්‍රපටයක් රූගතකිරීමට ද සහභාගී කරවන්නී ຜ. ප්‍රේමයේ ස්පන්දනය හා පවුලක බැඳීම් ටයර් සෑයකින් පිළිස්සී...
0 out of 5

හෝමෝ ඩෙයුස්

Original price was: Rs. 2,600.Current price is: Rs. 2,340.
සාගතය අතුරුදහන් වෙමින් තිබේ ස්ථුලභාවය නිසා ඔබට ඇති ජීවිත අවදානම සාගින්න නිසා වන අවදානමට වඩා අධිකය. මරණය යනු තාක්ෂණික ගැටලුවක්ම පමණකි සමානාත්මතාවය පිටවී යයි; එහෙත් අමරණීයත්වය පිවිසෙයි. අපගේ අනාගතයේ රැඳී ඇත්තේ මොනවාද? 21වැනි සියවසේ දී තමන්වම ප්‍රති-සැලසුම් කර ගැනීමට ද, අලුත් ජීවි ස්වරූපයක් නිර්මාණය කිරීමටද හැකි දෙවියන් බඳු, වර්ගයක් බවට පත්වීමේ අභිලාෂය මනුෂ්‍ය වර්ගයාට තිබේ. විශාල දත්ත සහ කෘතිම බුද්ධිය...
0 out of 5

බුදු දහම සත්‍ය වන්නේ ඇයි?

Original price was: Rs. 950.Current price is: Rs. 855.
රොබට් රයිට් විසින් රචිත, "බුදු දහම සත්‍ය වන්නේ ඇයි?” කෘතිය වඩාත් නවීන බටහිර ඇසකින් බුදු දහමේ හරය විවරණය කිරීමට දරන ලද වැදගත් ප්‍රයත්නයකි. එය විශේෂයෙන්ම විද්‍යාත්මක, දාර්ශනික හා නූතන මනෝ විද්‍යාත්මක ඇසකින් බුදු දහමේ මූලික සිද්ධාන්ත පැහැදිලි කරයි. සිය මතයන් වඩාත් තර්කානුකූල  ‌හා ප්‍රඥාවන්තපදනමකින් යුතුව ඉදිරිපත් කිරීම මෙම කෘතියේ කැපී පෙනෙන ලක්ෂණයකි. මෙහි එන බොහෝ කරුණු විප්ලවකාරී හා සුවිශේෂී වේ....
0 out of 5

කාලයේ සංක්ෂිප්ත ඉතිහාසය

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
අග්‍රහණ්‍ය භෞතික විද්‍යාඥයන් අතුරෙන් එක් අයෙකු ලෙස ලොවම පිළිගත් ස්ටීවන් හෝකින් විසින් රචිත A Brief History of time, නම් මා හැඟි ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනය, කාලයේ සංක්ෂිප්ත ඉතිහාසය නමින් දැන් ඔබ අතට පත්ව ඇත. ප්‍රථමයෙන් මහා පිපුරුමෙන් ආරම්භ වී, සර්පිලාකාර තාරකා මණ්ඩල සිට තන්තු වාදය හරහා කළු කුහර තෙක් ගෙවී ගිය කාලය තුළ, අවකාශයෙහි මධ්‍ය හරයෙහි තවමත් රැදී සිටින, රහස් ගවේෂණය...
0 out of 5

බින්දුව සොයා යෑම

Original price was: Rs. 900.Current price is: Rs. 810.
බින්දුව යනු හුදෙක් සංඛ්‍යාවක් පමණක් නොවෙයි. බින්දුවේ මුල හෙවත් ප්‍රභවය සලකන කල, එය දාර්ශනික විවාද රාශියකට තුඩුදුන් මෙතෙක් නොවිසඳුණු අබිරහසක් බඳු විශ්වීය ඥාණයට අයත් ප්‍රපංචයකි. ඒ බින්දුවේ උපත සොයා මහාචාර්ය අමීර් ඇක්සල් ගමන් කළ ඒ අසිරිමත් චාරිකාවේ ආනන්දනීය වුත් ප්‍රඥාවන්ත වුත් කතාව සිංහල පාඨකයාට හමුවන ප්‍රථම අවස්ථාව වන්නේ සරත් මල්ලියා වඩු පරිවර්තනය කළ බින්දුව සොයා යෑමයි. අමීර් ඩී. ඇක්සෙල් බින්දුව...
0 out of 5

නිම කළෙමි දුර ගමනක්

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,125.
මෙම කෘතියට පාදකවන්නේ ඉෂමයෙල් බෙයාර්ගේ ළමා කාලය පිළිබඳ කතාවයි. වයස අවුරුදු දොළහ තරම් වු ලාබාල වියකදී ඔහු විසූ සුන්දර ගම්මානය කැරලිකරුවන් විසින් ආක්‍රමණය කර වනසාලන අවස්ථාවෙහි සතුරන්ගෙන් බේරි පළායාමට ඔහු පිවිසෙන්නේ අති භයානක වටා පිටාවක් ඇති පරිසරයකටය. යුද හමුදාවට බලහත්කාරයෙන් බඳවා ගැනීමෙන් අනතුරුව තමාටද ඕනෑම දරුණු සාහසික ක්‍රියාවක් කළ හැකි බව වටහා ගන්නා අතරම එවන් සාපරාධී ක්‍රියාවන්ගෙන් බැහැර වී නැවත...
0 out of 5

නිරුවත් ගැහැනිය

Original price was: Rs. 1,380.Current price is: Rs. 1,242.
මනුෂ්‍ය ස්ත්‍රී රූපය විශ්මයජනක යෝග්‍ය සකස් වීම් වලින් සහ සියුම් ඔපලීම් වලින් පිරි පරිණාමයේ අවුරුදු මිලියන ගණනක විශිෂ්ට ප්‍රතිඵලයකි. එය ග්‍රහලෝකය මත ඉතාම අපූර්ව පැවැත්ම වේ. විවිධ කාලයන්හි සහ විවිධ ස්ථානයන්හි මානව සමාජයන් විවිධ ආකාරයන් දහස් ගණනක් තුළ ස්ත්‍රී රූපය වෙනස් කරමින් සහ අලංකාර කරමින් සොබා දහම මත වැඩි දියුණු කිරීම් වලට වෑයම් කර තිබේ. මෙම අලුත් අධ්‍යයනය තුළ ඩෙස්මන්ඩ්...
0 out of 5

හෙනා සිත්තරිය ලක්ෂ්මී

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,575.
අවමන් සහගත යෝජිත විවාහයකින් පලායමින් සිටි වයස අවුරුදු දාහතක් වූ ලක්ෂ්මී, හුදෙකලා ව සිය පිටිසර ගම්මානයේ සිට ජායිපූර්හි වර්ණවත් පින්ක් නගරයට පැමිණෙන්නට මාර්ගය සලසාගනියි. එහි, හෙනා ශිල්පිනියක බවට පත්වන ඇය ඉහළ පැළැන්තියේ කාන්තාවන් අතර වැඩිම ඉල්ලුමක් දිනා ගන්නට සමත් වන්නී ය. ප්‍රභූ පවුල්වල ජීවන රහස් පිළිබඳ දැනුවත්, විශ්වාස වන්තියක වන ලක්ෂ්මී, කිසි දිනෙක තම ජිවිතය පිළිබඳ කිසිදු රහසක් හෙළි නොකර...
0 out of 5

මාරක පැතුම

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
අවශ්‍ය කෙනාව විනාශ කරන්න ඕනේ නම් ඔයා ඒ කෙනාගේ යටි සිතට බලය යොදන්න ඕනේ.අපි හැමදෙනාම දරාගෙන ඉන්න මරණයේ පැතුම උද්දීපනය කරලා, අවුස්සලා එළියට ගන්න ඕනේ. ඇය වෙත පවතින උනන්දුව ක්‍රමයෙන් තීව්‍ර වන ආකාරය මම දුටිමි. 'ඔයාට තේරෙනවා නේද? දැන් ඒ මරණයේ පැතුම පතන කෙනා විසින්ම ඇත්තෙන්ම ඇත්ත රෝගී තත්ත්වයක් එයා තුළ ඇති කරගන්නවා.දැන් එයා ප්‍රාර්ථනා කරන්නේ ලෙඩ වෙලා මිය මියයන්න....
0 out of 5

හිකරි ඩිකරි ඩොක්

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
හර්කියුල් පොයිරෝ ගේ ලේකම්වරිය වන මිස් ලෙමොන්ට යම් කරදරයක් තිබේ යන්න තේරුම් ගැනීමට ඔහුට ස්වකීය රහස් පරීක්ෂක සමස්ථ හැකියාවන්ම අවශ්‍ය නැත.ඇය විසින් එක්තරා ලිපියක වැරැදි තුනක්ම සිදු කර තිබේ.ඔහුගේ සාමාන්‍යයෙන් කාර්යක්ෂම සහායිකාවකගේ සොහොයුරිය සේවය කරන ශිෂ්‍ය නේවාසිකාගාරයේ චෞරෝන්මාදය (ක්ලේප්ටෝමේනියාව) උද්ගත වී ඇතැයි යන හැඟීම මෙම වැරදී සිදුවීමට හේතුව බව පෙනිණි.අනපේක්ෂිත අවස්ථාවලදී අනපේක්ෂිත තීරණගත යුතුයි අදහස් කළ, මෙම විශිෂ්ට රහස් පරීක්ෂකවරයා...
0 out of 5

ඉකිගායි

Original price was: Rs. 650.Current price is: Rs. 585.
දීර්ඝායු ලැබීමේ ජපන් ක්‍රමය
0 out of 5

සිද්ධාර්ථ ගෞතම ශාක්‍යමුනීන්ද්‍රයාණෝ

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,215.
siddhartha gawthama shakyamunindrayano කතෘ රාජේන්ද්‍ර අල්විස් pages 300
0 out of 5

වේතරණි

Original price was: Rs. 950.Current price is: Rs. 855.
රුහිරු කඳුළු තැවුණ කිරුලක් කුමටද සිරසට..? නොහිමි පෙමින් විකසිත නොවූ දෙහදක අඳුර අතරේ ගිරි ශිකර තරනය කරන දෙපයකට මල් පලසක් කොයින්ද?
0 out of 5

එළියකන්ද වධ කඳවුර

Original price was: Rs. 850.Current price is: Rs. 765.
eliya kanda wada kandaura රෝහිත මුණසිංහ pages 248
0 out of 5

සීනි මුරුක්කු

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
seeni murukku කෙටි කතා එකතුව කසුන් මහේන්ද්‍ර හීනටිගල pages 312
0 out of 5

මිහින්තලේ

Original price was: Rs. 900.Current price is: Rs. 810.
මිහින්තලේ යනු මහින්දාගමනයෙන් පසුව වල් බිහි වූ ඉතිහාසයක් නොවේ.එයට පෙරාතුවද පසුවද නොකඩවා ගලා එන සංස්කෘතික ප්‍රවාහයකි. පූර්ව ඓතිහාසික ලෙන් ලිපිවල සිට පසුකාලීන දීර්ඝ සෙල්ලිපිද කැටයම් හා නටබුන්ද කියාපාන්නේ මේ දීර්ඝතම වූ පුරාවෘත්තයයි. එතැනින්ද නොනැවතී ඉංග්‍රීසි ආණ්ඩුවේ පාලන යුගය හරහා වර්තමානය දක්වා ද පැමිණ ලාංකික අනන්‍යතාවේ කතාවයි
0 out of 5

වන්නියලැත්තෝ

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,250.
වනපෙත පරම්පරා උරුමයයි. මහ කැලය ජීවන අඩවියයි. දඩමං - අලිමං - උරමං සේම, අධිමං දිගේ සැරිසරනුයේ සහජිවන සබැඳියාවෙනි. වන පෙත සතා සිව්ව්පාවා හා සොබාදහමේ අස්පර්ශය සංස්කෘතික සම්ප්‍රදායට ඔව්හු පරම්පරා ලේ උරුමයෙන් උරුමක්කරුවෝ වෙති. ඌරුවරිගෙ වන්නියලැත්තෝ බිහි වන්නේ ආදි වාසී සියලු ජන සම්මුතීන් හා නායකත්ව ජන්ම ලාභය උත්පත්තියෙන් කරපින්නා ගෙන ය. ආදිවාසී පරම්පරා උරුම සුරැකීම සිය සනුහරේ ඇත්තන්ගේ ජීවන සුරක්ෂාව වත්මන්...
0 out of 5

රෑ මාතා

Original price was: Rs. 1,050.Current price is: Rs. 945.
කර්ට් වොනෙගට් පශ්චාත් නූතනවාදී නවකතා කලාවේ ඇමරිකානු පුරෝගාමියා ය. කොනෙල් විශ්ව විද්‍යාලයෙන් ජීව රසායන විද්‍යාව හැදෑරූ ඔහු, දෙවැන ලෝක යුද්ධයේදී ඇමරිකානු පාබල සෙබළෙකු හමුදාවේ සටන් කරන අතරේ යුද සිරකරුවෙකු විය. යුද්ධයෙන් පසු නිදහස ආපසු ආපසු සිය රට පැමිණ චිකාගෝ විශ්ව විද්‍යාලයෙන් මානව විද්‍යාව හැදෑරුවේය. ඔහුගේ මුල්ම නවකතාව 'සෙල්ලම් පියානෝව' 1952 දී නිකුත් විය. 'ජෙනරල් ඉලෙක්ට්‍රික්' සේවය කළ අත්දැකීම් අළලා, මිනිසත්‍කම...
0 out of 5

මේ මිනිසෙකු නම්

Original price was: Rs. 850.Current price is: Rs. 765.
සදාචාරමය සවි බලයෙන් සහ බුද්ධිමය තැන්පත් බවින් 21 වැනි සියවසේ යෝද පුරුෂයෙකු වූ ප්‍රීමෝ ලෙවී, එදා මිහිමත ඉදිවුණු ජර්මාණු නරකාදිය ගැන එළඹි සිහියෙන් යුතුව ආවර්ජනය කළේය.ඉතිහාසය තුළ මිනිස් වර්ගයා මුහුණ දුන් අති දුෂ්ට ඒ ව්‍යසනය ඔහු මේ කෘතිය තුළ ලෝකයා හමුවට ගෙන එන්නේ එක පරමාර්ථයක් පෙරදැරිවය.එනම් නැවත එවැනි විනාශයක් ඇති නොවීමට වගබලා ගැනීම "මිනිසා" යන නාමය දරන සෑම ජීවියකුගේම මිනිස්...
0 out of 5

පිසාචයෝ

Original price was: Rs. 1,650.Current price is: Rs. 1,485.
ද්‍රවිඩ ගැටවරයෙකු වීමත් සමලිංගික ආශාවන්ට නැඹුරු වීමත් අසූ ගණන් වසරවල ගතිගානුගත ලංකා සමාජයේ අවධානම් ගතිගුණ වෙයි.මෙම දිත්ව අවදානමට අමතරව ශිවන් හට තිබූ අනෙකුත් ගැටලු වූයේ තමාගේ ජීවිතය ගිරයකට අසුකළ පුවකයක් මෙන් ග්‍රහණය කරගත් මිත්තණියයි.තමාට කුමාරයකුට මෙන් සැලකුවත් තම මවත්, සොයුරියටත් සිඟන්නන් ලෙස සැලකූ ධනවත් මිත්තණියගෙන් ගැලවීම ඔහුගේ අනෙකුත් සියලු අවශ්‍යතාවයන් අභිබවා සිටි. අසූ තුනේ භීෂණයෙන් විපතට පත්වූ ද්‍රවිඩ ජනතාවට කැනඩාවට...
0 out of 5

පියෙකුගේ කතාවක්

Original price was: Rs. 950.Current price is: Rs. 855.
ලයනල් ඩාමර්ගේ ගේ දරුවා වසර එකොළහක් තුළ පුද්ගලයින් 17 දෙනෙකු මරා දැමුවේය. අදුරි කාමර තුළ සිරකොට වදදී අතපය වෙන්කොට මරා දැමුවේය. ඇමරිකාවේ මිල්වෝකි හි නිවෙස් අහිංසක දෙමව්පියන්ගේ විලාප හඬින් පිරවිය. ලයනල් ඩාමර්ගේ බිඳුනු හදවතින් ගලා ආ කඳුළු අකුරු වෙවුලන වචන පේළිවල ඩාමර් අමුණා ඇත. එම කකියන වචන සමග ඔබේ හිත සුසර වූ තැනේදී ඔබේ දෑස් බොඳ වනු ඇති බව මම...
0 out of 5

සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,620.
‘The Seven Moons Of Mooli Almeida කෘතිය විනිශ්චයකරුවන්ගේ විශේෂ අගැයුමට ලක්වූයේ එය ගවේෂණය කරන පරාසයත්, අමුතු, හාස්‍යමය ආඛ්‍යාන ක්‍රමවේදයත් නිසාය.' 2022 BOOKER PRIZE සම්මානය සන්ත්‍රාස සමයක සිර වූ ශ්‍රී ලංකාව පසුබිම් කරගත් සෝපහාස සංග්‍රහයක්. 1990, කොළඹ. යුධ ඡායාරූප වාර්තාකරුවෙකු, සූදු අන්තුවෙකු සහ සැඟවුණු සමලිංගිකයෙකු වන මාලි අල්මේදා මරණයෙන් නැගිටින්නේ මෙලොව නොවන වීසා කාර්යාලයකය. සිය මළ සිරුර බේරෙ වැවේ සැඟව යද්දී...
0 out of 5

මල්ගුඩියේ මිනී කන්නා

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
ලොව බිහි වූ ශ්‍රේෂ්ඨ නවකතාකරුවෙකු වන අභාවප්‍රාප්ත ඉන්දියානු ලේඛක ආර්.කේ නාරායන් තමාගේ කෘතීන් තුළින් ඔහු ඉපදුනු ඉන්දියානු ගැමි සමාජය තුළ ඔහුට මුණගැසුණු විවිධ මිනිස් චරිත අපූරුවට විග්‍රහ කරයි."මල්ගුඩියේ මිනීකන්නා" නමින් සිංහලයට නැගුණු මෙම නවකතාව තුළින් ප්‍රකට වන්නේ ද කතුවරයා තුළ පැවති එම අව්‍යාජත්වයයි. මෙහි එන ප්‍රධාන චරිත දෙක වූ නටරාජ් සහ වාසු යන චරිත අපට සමාජයේ බෙහෙවින් දක්නට නොලැබුණද, ඒවායින්...
0 out of 5

හිරු නැගෙන රටේ පෙම් පුවතක්

Original price was: Rs. 790.Current price is: Rs. 711.
අන්තර්ජාතික ප්‍රසාදයට පත් වූ ජපන් ජාතික ලේඛක හරුකි මුරකාමිගේ ආකර්ෂණීය, එමෙන්ම ශෝකාත්මක ප්‍රථම වචනය වන මෙය, ටෝරු නම් වූ ස්වභාවධර්මයද ඉක්මවා යන නිහඬ ගති පැවතුම් ඇති විශ්ව විද්‍යාල ශිෂ්‍යයකුගේ, තම ප්‍රේමවන්තයා වූ කිසුකිගේ අකල් මරණය නිසා අන්තරාන්වේෂී හැඟීමෙන් දුක් වන රූමත් නයොකෝගේද කතාවයි කිසූකීට පුද නොකළ ඇගේ කන්‍යා භාවය කැමැත්තෙන්ම ටේරුට පුද කරන ඇය, ඔහු හා විවාහ වීම ප්‍රතික්ෂේප කරයි...
0 out of 5

සේලවී

Original price was: Rs. 800.Current price is: Rs. 720.
තේ වත්ත මුදුනේදී දැරණියගල ටිකක් නුහුරු තද හුළඟක් හමාගෙන ගියේ හිටිහැටියේ හයිය ගස් වල පවා මුදුන් හොලවමින්,තද කොළ පාට කොලත් බිම හෙලමින් හමා ගෙන ගිය ඒ හුළඟ තුන්දෙනාගෙම අවධානය දිනා ගත්තා. නුරා ඒ හුළඟ ඇඟේ දැවටිලා යද්දි ඇස් පියා ගත්තා.රාද්ගේ ඇස් මොහොතකට යොමු වුණා ඇසිපිය වුණු නුරා දිහාවට කපිල් හුළඟෙ සුවඳ විඳින්න පොඩි ඉස්පාසුවක් ගත්තා.
0 out of 5

කැමෙලියා

Original price was: Rs. 975.Current price is: Rs. 877.
"බල්ලො මිනිස්සු වගේ කතා කරන්න පුරුදු උනා නම් උන් ඔච්චර හොඳ වෙන්නේ  නෑ කියලත් මතක තියාගන්න එහෙනම් ඔයාව හපා කන්නේ වලිගෙ වනල." ඇනීටා "මං කැමැතියි වැවිලිකරුවෙක් විදිහට ඡන්දෙට ඉදිරිපත් වෙන්න දැන් මගේ ඇඟේ දුවන්නේ ලේ නෙමෙයි තේ" ජෙෆ්රි "මට තේ වතුරෙන් දැනෙන්නෙ අප්‍රසන්න රසයක් සහ කුයිලය පමණි. එය රළු මුඩු නූගත්කමේ දුගඳ ලෙසද විටෙක භීතියේ බයාදු කමේ කහට ලෙස ද...
0 out of 5

ළමුතු අමයා

Original price was: Rs. 800.Current price is: Rs. 720.
‛ළමුතු අමයා’ ළමා පොතක් නොව ළමයෙකුගෙ සැබෑ සිතුවිලි පිළිබඳ උපහාසාත්මක හා යථාර්ථවාදී නවකතාවකි. “ළමා කතා කියලා ජාතියක් තියෙනවා නේද? ඒ හැම එකකම තියෙන්නෙ ‛හොඳ ළමයෙක් වෙයන් පුතේ' කියන පණිවිඩය. මට එකක් කියන්න ඕන. මට අමුතුවෙන් හොඳ වෙන්න උවමනාවක් නෑ. මම කොහොමටත් හොඳයි. වැඩිහිටියන්ගෙ තියෙන ලොකුම ප්‍රශ්න මොකක්ද දන්නවද? ලොකු වෙනකොට පොඩි කාලේ අමතක වෙන එක. පොඩිකමේ වාසියක් තමයි වැඩිහිටියෝ බය...
0 out of 5

ප්‍රේමාක්ෂර

Original price was: Rs. 950.Current price is: Rs. 855.
2023 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත කෘතියකි මේ එළැඹ ඇත්තේ වාල්මිකී තැබූ පිය සටහන් පසු පසුකර යා යුතු නිමේෂයයි. සීතා පළමුව රිසි සේ, ඇගේ දිවි පුවතින් ඒ ඉසිවර ගැඹුරු සිත වර්ණවත් කරන්නට ඇත. යම් හෙයකින් ඒ මුල්වරය රාමච්න්ද්‍ර හෝ රාවනා ලද්දේ නම් ඔවුන් කුමක් පවසනු ඇත්දැයි මම තවමත් උපකල්පනය කරමි. ප්‍රේමයේ විශ්වීයත්වය වූ රාධා ක්‍රිෂ්ණා ද තවත් එබඳු වූ ප්‍රභාස්වරයකි.මේ...
0 out of 5

ජීවිතය යලි ලදිමි

Original price was: Rs. 900.Current price is: Rs. 810.
2019 වැඩියෙන්ම අලෙවි වූ අනුවේදනීය චරිතාපදානය. බෙනයක් ගුහාවක් වැනි තැනකට රිංගාගෙන මිනිසුන්ට ජීවත් විය හැකිද? එහෙත් දෙවැනි ලෝක යුද සමයේ යුදෙව්වන්ට දිවි බේරා බේරාගැනීමට සතුන් මෙන් එලෙස සැඟව සිටීමට සිදුවිය. යුදෙව්වකු වීමේ ශාපයට වන්දි ගෙවන  තරුණ මවක් සිය පස්මසැති බිලිඳු දරුවා සමග එවැනි ජීවිතයක් කරා තල්ලු වේ. එය ද දවසකට දෙකකට මාසෙකට හමාරක නොව යුද්ධය පවතින තුරාවටමය. අනෙක් මව්වරුන් ජීවිත...
0 out of 5

සමස්තයෙන් ඩිංගිත්තක්

Original price was: Rs. 975.Current price is: Rs. 877.
2008 මෑන් බුකර් සම්මානය අවසාන වටයට තේරුණු නවකතාවකි. නවකතාවක් යනු මනා ශිල්පයකට අමතරව ඥාන  ගවේෂණයක් ද විය හැකි බව ස්ටීව් ටොල්ට්ස් මේ නවකතාවෙන් පෙන්වා දෙයි.  ඒ ගවේෂණය සෞන්දර්යාත්මක වින්දනයෙන් අනූන විය යුතු බවට ඔහු උදක්ම වගබලා ගෙන තිබේ. මාර්ටින් ඩීන් තම සිර මැදිරියේ සිට කියන කතාව තුළ ගැබ්වූ වන්නේ, අසාමාන්‍ය පියෙකු අසාමාන්‍ය යුගයක සහ අසාමාන්‍ය ආදරයක් පිළිබඳ වෘතාන්තයකි. සම්මතය ප්‍රශ්න...
0 out of 5

සිසිරයේ රැයක මගියෙකු… නම්

Original price was: Rs. 550.Current price is: Rs. 495.
ඉතාලෝ කැල්විනෝ ඉපදුනේ කියුබාවේදීය. හැදුණේ වැඩුණේ ඉතාලියේ සහ ප්‍රංශයේය. ලෝකයේ විශිෂ්ට නූතන නවකතා කරුවන් අතර ඔහු ද අද ප්‍රබලයෙකි. ඔහුගේ නවකතා හොඳින් කියවා අවසන් කරන පාඨකයෝ "නියම මිනිසෙකි" යන්න ඔහුට කරන බුහුමනක් ලෙස පවසති මේ නවකතාව සාමාන්‍ය නවකතාවකින් ඉඳුරාම වෙනස් වූ අපූර්වතම නිර්මාණයකි. මෙහිදී ඔබ ද නව කතාවේ චරිතයක් බවට පත්වේ.  ඊට අමතරව කතුවරයාද නවකතාවට පිටින් සිටින ලේඛකයෙකුට වඩා නවකතාවේ...
0 out of 5

යකඩ යුගය

Original price was: Rs. 400.Current price is: Rs. 360.
"ඇයි මිනිස්සු මේ විදියට හැසිරෙන්නෙ" කියලා මං රහස් පරීක්ෂකයා ගෙන් පුදුමයෙන් වගේ ඇහැව්වා 'ඒකෙන් ඒ මිනිස්සුන්ට තියෙන සෙතේ මොකක්ද?" "මිනිස්සු ඒ විදියයි." ඔහු කිව්වා "සත්තු" ඊට පස්සේ මං යකඩ පොලු දැම්ම හැම ජනේලයකටම, ඒක කළේ තඩි ඉන්දියන් කාරයෙක්, ජනෙල් රාමු වල පොලු වද්දපු ඇණ හිස්වලට උඩින් මිනිහා පොටි ගහලා වැහැව්වා. "එතකොට ඇණ ගලවන්න බැහැ." මිනිහා මට විස්තර කරනවා. ඊට පස්සේ...
0 out of 5

ජේසුතුමන් දඹදිව විසූ වගයි

Original price was: Rs. 500.Current price is: Rs. 450.
ජේසුතුමා එතුමාගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් දඹදිව විසූ බවත්, ක්‍රිස්තියානි ආගමට පෙරදිග ආගම් වලින් ආභාෂය ලැබුණු බවත් මෙම පොත සාධක හා සාක්ෂි ඇතිව ඔප්පු කරයි. ජේසුතුමන් දඹදිව විසූ වගයි jesus lives in india හෝල්ගර් විසින් ලියන ලද්දේ ඊශ්‍රායලය, මැදපෙරදිග, ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව ඇතුළු මෙම රටවල ඉතිහාසගත ස්ථානයන්හි අවුරුදු  කිහිපයක පරීක්ෂණවලින් පසුව ය. ඒ අනුව මෙම පොතේ කතුවර කර්ස්ටන් ජේසුතුමන් පිළිබඳව...
0 out of 5

කරුමක්කාර කතාවක්

Original price was: Rs. 300.Current price is: Rs. 270.
සන්තියාගෝ නසාරගේ ඝාතනය පිළිබඳ මේ නවකතාව චිත්‍රපට තිරරචනයකට සමානයි. ඒ තරමටම එය රූපකාර්ඨවත් යථාර්ථවාදී රීතිය ඔස්සේ ලියා ඇති එය, ලතින් ඇමෙරිකානු සමාජය සහ සංස්කෘතිය දෙස හෙලන නිර්දය විචාරයක් බඳුය. තරුණියගේ කන්‍යාභාවය පවුලක නම්බුව පිළිබඳ සමාජ කාරණයක් වීම ලංකාවේ මෙන් ම ලතින් ඇමරිකානු කලාපයේ ද මිනිසුන්ගේ ජීවිතය සහ මරණය අතර ප්‍රශ්නයක් වන්නේ කෙසේද යන්න ගබ්රියෙල් ගාර්ෂියා මාකේස් මේ නවකතාව තුළින් මනාව...
0 out of 5

ඇනා කැරනිනා

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම මනෝවිද්‍යාත්මක නවකතා වශයෙන් සම්භාවනාවට පාත්‍ර වූ ඇනා කැරනිනා කෘතිය මගින් දහනව වන ශතවර්ශයේ රුසියානු සමාජය සහ පොදු වශයෙන් සමස්ත මානව වර්ගයා පිළිබඳ මවනු ලබන සුවිශාල සිතුවම සර්වකාලීන අගයකින් යුතු ය.මේ මහා කෘතිය රචනා කළ ටෝල්ස්ටෝයි තම ඇති ප්‍රබල පරිකල්පන ශක්තිය මෙහෙයවමින් ජගත් සාහිත්‍යයෙහි දක්නට ලැබෙන අමරණීය චරිත කිහිපයක් නිර්මාණය කරයි.සුපිරි පැලැන්තියට අයත් විවාහක කාන්තාවක් වන ඇනා...
0 out of 5

මා දුටු කොවුර්

Original price was: Rs. 750.Current price is: Rs. 675.
ආචාර්ය කොවුර්, අමුණුගොඩ තිලකරත්න සහ තවත් හිතවතුන් රැසක් එකතු වී කළ පරීක්ෂණයන්හි සත්‍ය තොරතුරු මෙම කතාවෙහි ඇතුළත්ය.
0 out of 5

කෆ්කා මුහුදු වෙරළේ

Original price was: Rs. 2,200.Current price is: Rs. 1,980.
ජපන් ජාතික හරුකි මුරකාමිගේ කෘති භාෂා පනහකට වැඩි ගණනකට පරිවර්තනය වී තිබේ.ඔහු දිනා ඇති ජාත්‍යන්තර සම්මාන අතර 'ජෙරුසලම් ත්‍යාගය'' ෆ්‍රාන්ස් කෆ්කා'  සහ මෙම නවකතාව සඳහා 2006 දී ලද world fantasy ත්යාගය කැපී පෙනෙයි.යම් දවසක නොබෙල් ත්‍යාගයට හිමිකම් කිව හැකි නවකතාකරුවෙකු වශයෙන් ඇතැමුන් විසින් හඳුනාගෙන ඇති ඔහු ,ජපාන පාඨක සමාජයට වඩා බටහිර පාඨක සමාජයේ කීර්තියට හිමිකම් කියන්නෙකි. සුවිශේෂී චරිත දෙකක දෛවය...
0 out of 5

ජේසුස්වහන්සේ සහ බුදු දහම

Original price was: Rs. 575.Current price is: Rs. 517.
ක්‍රිස්තියානි ආගමේ ප්‍රභවය පිළිබඳ විග්‍රහ කරනු ලබන මෙම පොත ක්‍රිස්තියානි ආගම සහ බුදුදහම අතර  පවතින සමානකම් පිළිබඳව විචාරාත්මක ඇගයීමකි.විද්වතුන් සහ දේවධර්මවේදීන් අතර මතභේදයට තුඩු දිය හැකි කරුණු රාශියක් එහෙයින් විස්තර කෙරේ.එම කරුණු ඵලදායි බුද්ධිමත් සංවාදයක් ඇති වීම කෙරෙහි බෙහෙවින් බලපානු ඇත. ජේසුස් වහන්සේ සහ බුදු දහම නැමැති මෙම කෘතියෙන් ජේසුස් වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම් කෙරෙහි බුදු දහම පුළුල් ලෙස බලපා...
0 out of 5

DUO

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,215.
උමා සහ සාරා කාලවකවානු දෙකක දෙරටක ජීවත්වන තරුණියන් දෙදෙනෙකි. ඔවුහු සමාජ සමාන සංසිද්ධීන් හරහා ඇවිද යති. හෙවත් පරපීඩක පිරිමින්ට මුහුණ දෙති. අනතුරුව උදා වන සමාජ පරාමිතීන් හා මේ දෙදෙනා ගනුදෙනු කරන්නේ දෙයාකාරවය. උමා සන්තානගත අඳුරක වෙලී උකටලීව සැනසුම සොයා සරන්නී, සතුට අන් තැනක සෙව්වාය. සාරා අරුමැති ජීවිතේ ප්‍රහර්ශ්ය හඹා යන්නී, දිවියේ සාරය දකින අදිටන සුරතට කැටිකොට ගත්තාය. නීතිය හෝ ගා...
0 out of 5

සුළඟේ සෙවණැල්ල

Original price was: Rs. 1,890.Current price is: Rs. 1,700.
බාර්සිලෝනා නුවර 1945 - දෙවැනි ලෝක යුද්ධයෙන් සහ ඊට කලින් සිවිල් යුද්ධයෙන් ඇතිවූ මහා විනාශයෙන් ගොඩ එමින් සිටින නගරයක්. මවගේ අකල්  මරණයෙන් කම්පාවට පත්ව සිටින දනියෙල්, පියාගෙන් තෑග්ගට ලැබෙන එක්තරා ගුප්ත නවකතාවක් කියවීමෙන් පසු එහි කතුවරයා සොයා යාමේ කුතුහලයෙන් මැඩෙයි. ඒ ගමනේදී ඔහුට හමුවන්නේ බාසිලෝනා  නුවර වැළලී ගිය මහා අභිරහසකි. එම අබිරහස තුළින් ඝාතනය සහ උන්මාදය සමඟ මිශ්‍ර වූ අසම්මත...
0 out of 5

බොහීමියන් දැරියෝ

Original price was: Rs. 950.Current price is: Rs. 855.
නිර්ව්‍යාජ යෞවනත්වයෙන්, කුළුඳුල් අනුරාගෙන් හා අසීමිත කුතුහලයෙන් ත්‍රිමානීය වූ දැරියන් තිදෙනෙකු සතු පාසල් දිවියක නිමාවත් මහා ව්‍යසනයක ඇරඹුමත් එකී විපාකය තුළින් උපන් වේදනාකාරී අතුරුඵල ඔවුන්ගේ අධ්‍යාත්මය වෙනස් මගකට රැගෙන ගිය අයුරුත් ගැන කියවෙන කතාවකි 'බොහීමියන් දැරියෝ'
0 out of 5

සිහිවටනයක ලියැවුණු කතාවක්

Original price was: Rs. 550.Current price is: Rs. 495.
පාවහන් අලුත්  වැඩියා කරන්නෙකුගේ දරුවකු ලෙස උපන් හෙන්රි ඔලිවර් රින්නන්ගේ ළමාවිය එතරම් යහපත් එකක් නොවීය.පාසල් පරිසරයේදී හා වැඩුණු සමාජයේදී ඔහුට සම වයසේ අයගෙන් විඳින්නට සිදුවූ හිරිහැර නින්දා හා අක්‍රමිකතා ඔහු නෝර්වේ ,  තමා උපන් රටේ අති භයානක මිනීමරුවෙකු හා දේශද්‍රෝහියකු බවට පත් කළේය.මිනිසුන්ගේ අසීමිත වෛරයට ලක් වූ ඔහු වල දැමූ ස්ථානය පවා රහසකි. බලකාමී උන්නතිකාමී වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජර්මන් හමුදා...
0 out of 5

සන්ධ්‍යානන්දය

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,125.
කාර් එකෙන් බැහැලා බොනට් එක උඩ වැටිලා තිබිච්ච අරලියමල අරන් සුවඳ බලන්න ආනන්දට ආයෙත් හිතුනා.ඒත් මොකක්දෝ අහේතුවකට ඒකට හිත ඉඩ දෙන්නේ නෑ. කවුරුහරි  දකී කියලද ? නෑ දැක්කත් ඇති ප්‍රශ්නෙ මොකක්ද?
Loading...