Novels
රෝජා
Original price was: Rs. 1,500.Rs. 1,200Current price is: Rs. 1,200.
ගඟක් මුහුදට පැන්නා මිනිස්සු... දුබලයන්ව ඉපදෙන්නාහ මිනිස්සු... ජීවිතයේ යම් යම් යුගවල විවිධ හේතු කාරණාවන් නිසාවෙන් දුබලයන්ව ජීවිතය රැකගන්නාහ නමුත්... අප කිසිවෙකුටත් දුබලයන්ව මිය යන්නට අයිතියක් නැත. අප නැගිටිය යුතුය අප හිනැහිය යුතුමය
ඇල්බට්වරුද මනුෂ්‍යයෝය
Original price was: Rs. 1,950.Rs. 1,560Current price is: Rs. 1,560.
Albert waruda manushyayoya කතෘ තරිඳු ශ්‍රී ලොකු ගමගේ pages 512
රෑ මාතා
Original price was: Rs. 1,050.Rs. 945Current price is: Rs. 945.
කර්ට් වොනෙගට් පශ්චාත් නූතනවාදී නවකතා කලාවේ ඇමරිකානු පුරෝගාමියා ය. කොනෙල් විශ්ව විද්‍යාලයෙන් ජීව රසායන විද්‍යාව හැදෑරූ ඔහු, දෙවැන ලෝක යුද්ධයේදී ඇමරිකානු පාබල සෙබළෙකු හමුදාවේ සටන් කරන අතරේ යුද සිරකරුවෙකු විය. යුද්ධයෙන් පසු නිදහස ආපසු ආපසු සිය රට පැමිණ චිකාගෝ විශ්ව විද්‍යාලයෙන් මානව විද්‍යාව හැදෑරුවේය. ඔහුගේ මුල්ම නවකතාව 'සෙල්ලම් පියානෝව' 1952 දී නිකුත් විය. 'ජෙනරල් ඉලෙක්ට්‍රික්' සේවය කළ අත්දැකීම් අළලා, මිනිසත්‍කම...
අමුතු ළදකි ඈ
Original price was: Rs. 400.Rs. 320Current price is: Rs. 320.
කෙයිකෝ සමාජයට ගැලපෙන්නේ නැත. ඇයට වයස තිස් එකකි. ඇයට කිසිදාක පෙම්වතෙක් හිඳ නැත වසර දහඅටක් පුරා ඇය එකම සිල්ලර වෙළඳ සලක සේවය කරන්නීය. ඇයට හොඳ රැකියාවක් ලැබෙතැයි ඇගේ දෙමව්පියෝ ප්‍රාර්ථනා කරති. ඇය විවාහ නොවන්නේ මන්දැයි ඇගේ මිතුරෝ කල්පනා කරති. එනමුදු තමාව සතුටට පත්කරන්නේ කුමක්දැයි කෙයිකෝ දැන සිටියාය. සිල්ලර තමාව ඉවත් කරගන්නට ඇය කිසිවෙකුට ඉඩ නොදුන්නාය.
මුරාට්ගේ මරණය
Original price was: Rs. 360.Rs. 280Current price is: Rs. 280.
කාන්තාවන් දෙදෙනෙක් ඔවුන්ගේ දෙමාපියන්ගේ භූමිය හරහා ගමනක යෙදෙති.වැරදි හැරීමකි. වැරදි තීරණයකි. ඔවුහු මොරොක්කෝවට පැමිණි විට යුරෝපානු කාන්තාවන් ලෙස ඔවුන්ට තිබුණු නිදහස නොමැති බව යන කාරණය ගැන ඔවුන්ට අදහසක් නොතිබුණි. ඉතින්, සලේ ඔවුන්ගේ මග පෙන්වන්නා සහ ගැලවුම්කාරයා ලෙස පෙනී සිටිය විට ඔවුහු එම අවස්ථාව සතුටින් වැළඳ ගත්හ.ඇහිරුණු අවකාශයකින් ඔවුන්ව උකහා ගත් ඔහු කලේ ඔවුන්ව ඊටත් වඩා ඇහිරුණු අවකාශයකට කැඳවාගෙන යාම පමණකි.මෙම...
අලුත් වීරයෙක්
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
1944 ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරය නාසි හමුදාවේ පාලනයට නතු විය. ඉතාලියානු දේශප්‍රේමී සටන් ව්‍යාපාරය සිය බලාපොරොත්තු අත නොහැර සටන් කළේය. දහතුන් වියැති පාවුලෝ සහ ඔහුගේ සහෝදරිය කොන්ස්ටැන්සාද නාසි පාලනයට විරුද්ධව තම සටන ගෙන ගියහ.ජර්මන් හමුදාවෙන් පැන යන දේශප්‍රේමී යුද සිරකරුවන් සඟවාගෙන උදව් කිරීමට ඔවුන්ගේ මවට සිදුවන විට ඔවුන් දෙදෙනාටද එහි කොටසක් පැවරෙයි. ජර්මානු පාලනයට එරෙහිව සටන් කිරීමට දෙදෙනාටම අවශ්‍ය වුවද මේ...
කදිම පාසලේ නායිකාවෝ
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
නිවුන් සොයුරියන් හා ඔවුන්ගේ මිතුරියන් දැන් කදිම පාසලේ ඉහළම පංතියකය. එහෙත් ඔවුහු තවමත් දඟකාරය. විදුහල්පතිනිය ඇතුළු ගුරුවරියන් වෙහෙසෙන්නේ එම පිරිස අතරින් පාසලට අලුත් ශිෂ්‍ය නායිකාවක තෝරන්නටය වඩාත් හොඳින් වගකීම් දැරිය හැකි ශිෂ්‍යාව කවුරුන්ද..?
කදිම පාසලේ දුෂ්ඨපාලිකාව
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
කදිම පාසලේ මිත්‍රශීලී නේවාසිකාගාර පාලිකාව අසනීපයෙනි. අලුතින් එන පාලිකාව නපුර ගතිගුණ පළ කරයි. ඇගේ දියණිය කේලම් කාරියකි. කදිම පාසලේ කදිම බාලිකාවන් දුෂ්ට බව කේළම් හා නපුර පරදවන්නේ කොයි ආකාරයෙන්ද..?
කදිම පාසලේ හොඳම නිළිය
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
රඟපෑමෙත්, වයලීන වාදනයේත්, අසාමාන්‍ය දක්ෂතා ග්ලැඩියස් ගෙන් හා මිරාබෙල් වෙතින් සොයා ගැනේ. කදිම පාසල් පන්තිනායකාවක වීමට එලසි සුදුසු නැති බව ළමයි වටහා ගනිති. කදිම පාසලේ තවත් වාරයක මෝඩකම් අතරේ ඕ 'සලිවන් සොයුරියන් හැසිරෙන්නේ කෙබඳු ආකාරයටද?
කදිම පාසලේ සසල රාත්‍රිය
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
ග්‍රීෂ්ම වාරය හොඳම පාසල් වාරයයි. අලුත් ශිෂ්‍යාවක් කදිම පාසලට ඇතුල් වෙයි. ඇය පෙනුමෙන් අහිකුණ්ඨක කෙල්ලෙක්ට සමාන වෙයි. ඇගේ ජීවිතයේ සැඟව ගත් රහස කුමක්ද? එතරම් දක්ෂ ආකාරයට අසුන් හසුරුවන්නට ඇය උගත්තේ කෙසේද?
කදිම පාසලේ වීරවරිය
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
පාස්කු පාසල් වාරය ඇරඹෙද්දී නිවුන් සොයුරියන් කදිම පාසලට යන්නේ සිය මිතුරියන් යළි මුණගැසෙන අපේක්‍ෂාවෙනි. අලුත් ශිෂ්‍යාවක වූ මාරිගෙරි ඉතා දරදඬු ඇසුරට නුසුදුසු අයකු ලෙස පෙනේ. මුළු පාසලම ඇයව ප්‍රතික්ෂේප කළත්.. එක් බිහිසුණු රැයක මුළු පාසලම අභිබවා වීරවරියක ලෙස නැගී සිටි.
කදිම පාසලේ මහ රෑ සාදය
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
පැට් සහ ඉසබෙල් ඕ'සලිවන් නිවුන් සහෝදරියන්ට අකමැත්තෙන් වුවද අලුත් පාසලට යාමට සිදුවේ. "උද්දච්ච නිවුන් සොහොයුරියන්" යන අන්වර්ථ නාමය ලැබූ ඔවුන් හට කදිම පාසලේදී මට්ටුවන්නට සිදුවේවිද? මහ රෑ පැවැත්වුණු සාදයේදී පැට් හා ඉසබෙල් ලැබූ අත්දැකීම කුමක් විය හැකිද?
හිට්ලර් – ඊවා අමරණීය ආදරේ
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
නාසි ජර්මන් අධිරාජ්‍යයේ ඒකාධිපති පාලකයා ලෙස 1933 - 1945 අතර සමයේ සිය අණසක පතුරුවා සිටි ඇඩොල්ෆ් හිට්ලර් ඉතිහාසයට එක්ව ඇත්තේ මේතාක් ලොව පහළ වූ අතිශයින් කෲරතර ජන සංහාරකයන් අතුරින් කෙනෙකු ලෙසටය. ඔහු ගැන සඳහන් කරන හැම ලේඛකයෙකුම පාහේ ඔහුගේ ජීවිතයේ එම ප්‍රකට පැතිකඩ ඉස්මතු කර දැක්වීමට යත්න දරා තිබීම ස්වාභාවික ය. එහෙත් ඒ සැවොම වාගේ අමතක කර ඇති එක් කරුණක්...
Helen Moss කතාමාලාව
Original price was: Rs. 1,800.Rs. 1,440Current price is: Rs. 1,440.
Enid Blyton ලේඛිකා Famous Five රහස් පරීක්ෂක කතා මාලාවෙන් පසුව බටහිර සාහිත්‍ය ලෝකයේ බිහි වූ වඩාත් සාර්ථක ළමා රහස් පරීක්ෂක කතා මාලාවක් ලෙසින් මෙම Adventure Island කතා මාලාව හැඳින්විය හැක.මෙම පොත් වලට පසුබිම් වන්නේ ජැක්, ස්කොට් හා එමලි යන ළමුන් තිදෙනා මුහුණ දෙන ත්‍රාසජනක අත්දැකීම් මාලාවයි. 1.ලිහිණි දූපතේ අභිරහස 2.දියේ ගිලුණු මිනිසාගේ අභිරහස 3.අභිරහස් ගුහාවේ දෝංකාරය 4.නැති වූ පද්මරාග මැණිකේ...
මේ මිනිසෙකු නම්
Original price was: Rs. 850.Rs. 765Current price is: Rs. 765.
සදාචාරමය සවි බලයෙන් සහ බුද්ධිමය තැන්පත් බවින් 21 වැනි සියවසේ යෝද පුරුෂයෙකු වූ ප්‍රීමෝ ලෙවී, එදා මිහිමත ඉදිවුණු ජර්මාණු නරකාදිය ගැන එළඹි සිහියෙන් යුතුව ආවර්ජනය කළේය.ඉතිහාසය තුළ මිනිස් වර්ගයා මුහුණ දුන් අති දුෂ්ට ඒ ව්‍යසනය ඔහු මේ කෘතිය තුළ ලෝකයා හමුවට ගෙන එන්නේ එක පරමාර්ථයක් පෙරදැරිවය.එනම් නැවත එවැනි විනාශයක් ඇති නොවීමට වගබලා ගැනීම "මිනිසා" යන නාමය දරන සෑම ජීවියකුගේම මිනිස්...
ආලෝකයේ රණකාමියාගේ අත්පොත
Original price was: Rs. 750.Rs. 675Current price is: Rs. 675.
"හැම දෙනාටම මෙවැනි දේ කළ හැකි වන්නේය. එසේම කිසිවෙකු තමා ආලෝකය රණකාමියා යැයි නොසිතුවත් අප සියල්ලෝම ආලෝකයේ රණකාමියෝ වන්නෙමු." ඔහු සටහන් පොතේ හිස් පිටු දෙස බැලුවේය. ස්ත්‍රිය නැවත වරක් මඳ සිනහ නැගුවාය. ආලෝකය රණකාමියා ගැන ලියන්න ඕ කීවාය. දෙවියෝ අපට වචනවල වගකිවයුතු ස්වභාවය උගැන්වීම සඳහා නිහඬියාව ප්‍රයෝජනයට ගනිති. විවේකයේ අගය වටහා දෙනු උදෙසා හෙතෙම මහන්සිය ප්‍රයෝජනයට ගන්නේය. යහපත් සෞඛ්‍යයේ ආශිර්වාදය...
සෙරෙන්ගෙටි මිය නොයනු ඇත
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
අපූරු කෘතියකි! වෛද්‍ය ග්‍රිසිමෙක් සහ ඔහුගේ පුත්‍රයා තරම් වනජීවීන් වෙනුවෙන් මෙහෙයක් ඉටු කළ වෙන කිසිම පුද්ගලයන් දෙදෙනෙකු මේ මිහිපිට නැත .විශේෂයෙන් යමෙකු සත්ව ජීවිත පිළිබඳව උනන්දුවක් දැක්වූවත් නැතත් ඒ සෑම කෙනෙකු විසින්ම කියවිය යුතු කෘතියකි මෙය. එය තුළින් මේ විශ්මයජනක සුන්දර ලෝකයේ අප විසින් වේගයෙන් නිපදවනු ලබන බිහිසුණු දූවිලි පාත්‍රය පිළිබඳව බියකරු චිත්‍රයක් පෙන්වා දී ඇත. ජෙරල්ඩ් ඩරල්
වියැකෙන ජීවිත
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
දුපත වටා ඇති දිනෙන් දින වියැකී යන කොරල්පර ගැන දැඩි ඇල්මකින් කටයුතු කරන සාගර විද්‍යාඥයෙකු වන සල්ගාදු මහතාගේ නිවසේ මෙහෙකාර කොල්ලෙකු ලෙස වයස අවුරුදු දොළහේදී ට්‍රයිටන් සේවයට පැමිණෙයි. ට්‍රයිටන් එතුවක් දැක තිබූ විශාලතම නිවස එයයි. ලෝකය පුරා සිටින අය ඔවුන්ගේ දේවල් විකුණන්නට, කතාබහ කරන්නට, ජීවත් වීමට මෙහි පැමිණෙති. ඔවුන්ට අනුව ජීවිතය පවතින්නේ මෙතැනය. ඉර පවා ගරාජය දෙසින් නැග විත් දෙල්...
ෂර්ලි
Original price was: Rs. 2,250.Rs. 1,800Current price is: Rs. 1,800.
“ජේන් අයර්” ලැබූ අතිමහත් ජයග්‍රහණයෙන් පසුව සදාචාරාත්මක විප්ලවවාදිනියක වශයෙන් ජීවිත කාලය පුරාවටම ප්‍රසිද්ධියට පත්වූ චාලට් බ්‍රොන්ටේ සැබෑ මෙන්ම රොමැන්ටික නොවන සාධක වෙත අවධානය යොමු කරන පුළුල් සමාජ වංශ කතාවක් ලිවීමට පොරොන්දු වූවාය. එහි ප්‍රතිඵලය වූයේ “ෂර්ලි” (1849) ය. එය කාර්මිකකරණය වූ එංගලන්තයේ නැපෝලියන් යුද්ධ හා 1811-12 අතර පැවති ලුසයිඩ් කැරලි පසුබිම්වූ එකිනෙකට වෙනස් වීරවරියන් දෙදෙනකුගේ කතාවකි. යෝක්ෂයරයේ පූජක නිවෙසක පීඩාකාරී...
සසර දනව්වේ මග පෙන්වන්නෝ
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
මනෝ චිකිත්සක බ‍්‍රයන් වයිස් වෙත තරුණ කැතරින් ප‍්‍රතිකාර ලබා ගනු පිණිස පැමිණියාය. එක දිගට පෙනෙන සිහින වැලකින් සහ කාංසාවෙන් ඇය පීඩා විඳිමින් සිටියාය. සම්ප‍්‍රදායික ප‍්‍රතිකාරවලින් ඇයට සුවයක් නොලැබුණු කල වෛද්‍යවරයා ඇය මෝහනයට පත් කළේය. ලැබුණු ප‍්‍රතිඵල විස්මිත වූ අතර එතැන් සිට ගෙවී ගිය මාස දහ අටක කාලය රෝගියාගේ මෙන්ම වෛද්‍යවරයාගේද ජීවිත වෙනස් කළේය. මරණයෙන් ජීවිතය කෙළවර වන්නේද? අපි මරණයෙන් පසුවද...
සැඟවුණු උයන
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
ඉන්දියාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති අවධියේ එහි සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික යුවළකට දාව උපන් මේරි ලෙනොක්ස් දැරිය ලපටි වියේදීම මෙලොව තනිවෙයි. යෝක්ෂර් හි වෙසෙන ධනවත් ඥාතිවරයෙකු වෙත යවන ලද මේරි ඔහුට අයත් අති විශාල ගෘහයෙහි ද, කෙළවරක් නොදැකිය හැකි වතුපිටිවලද නිතර සැරසීමට පුරුදුව සිටියාය. දිනෙක අහම්බෙන් මෙන් සියල්ලන්ගේම මතකයෙන් ගිලිහී සැඟව තිබූ උයනක් ඇයට හමුවෙයි.ඒ වනතුරුම කිසිවෙකු හෝ කිසිවක් ගැන...
ඉසිවරයා
Original price was: Rs. 480.Rs. 384Current price is: Rs. 384.
Immortal Prophet of Lebanon යනුවෙන් විරුදාවලී ලද බලීල් ජිබ්රාන් නම් දාර්ශනික ලේඛකයාගේ කෘති ලෝකයේ භාෂා ගණනාවකට පරිවර්තනය වී තිබේ. ඔහුගේ කෘති ඉංග්‍රීසි හා අරාබි භාෂාවලින් ලියැවී ඇත. මෙය The Prophet යනුවෙන් ඉංග්‍රීසි පාඨකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ පොතේ සිංහල පරිවර්තනයයි. කතාවක ස්වරූපයෙන් ඉදිරිපත් වුවත් ආදරය, විවාහය, දරුවන්, දුක සැප, අපරාධය හා දඬුවම, නීතිය, නිදහස, කාලය, මරණ ආදී විවිධ මාතෘකා...
බින්දුගේ දරුවා
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
වැදූ මව හා හැදූ මව අතර දරුවෙකුගේ ජීවිතය... හදා වඩා ගැනීමෙන් දරුවෙකු අයිති කරගැනීම හෝ අහිමි ජීවිතයක් උරුම කර ගැනීමට ගන්නා වූ වෙහෙස... සාම්ප්‍රදායික පුරුෂාර්ථ මත ගොඩනැඟුණ ගෘහ ජීවිතයක සබඳතා... අනුවේදනීය ස්වරයකින් හා සියුම් චිත්ත විවරණයකින් යුතුව මේ කෘතියෙහි වර්ණිතය
දෘෂ්ටිමානයට ඔබ්බෙන්
Original price was: Rs. 2,600.Rs. 2,340Current price is: Rs. 2,340.
යතුරු සාදන්නකුගේ දියණිය වූ, මරි-ලෝ ලුබ්ලොං සය හැවිරිදි වියෙහි පටන්ම අන්ධ දැරියකි. ඇයට තම නිවසට එන පාර සොයාගැනීම ඉගෙන ගැනීම සඳහා ඇගේ පියා පැරීසියේ ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශයේ පරිපූර්ණ ක්ෂුද්‍රරූපී ආකෘතියක් ගොඩ නඟයි. එහෙත්, හිට්ලර්ගේ නාසි හමුදාව පැරීසිය ආක්‍රමණය කළ අවස්ථාවේ පියා සහ දියණිය නගරයෙන් පිටවී පලායන්නේ භයානක රහසක්ද රැගෙනය. වෙනේර් ෆෙනින්, ජර්මන් ජාතික අනාථයෙක් වන අතර, තම පියා ජීවිතක්ෂයට පත්වූ...
හිට්ලර්ගේ සිරකරුවෙක්
Original price was: Rs. 990.Rs. 792Current price is: Rs. 792.
මගේ බිරිඳ හෝ මම කිසිදු දිනෙක දේශපාලන ක්‍රියාකාරීන් නොවීම. දකුණු ජර්මනියේ වැඩිම අලෙවියක් තිබූ 'මුන්ච්නර් ඉලුස්ට්‍රියෙට්' පුවත්පතේ කතුවරයා ලෙස මම සේවය කළෙමි.එම පුවත්පත කිසිදු අයුරකින් දේශපාලනයට සම්බන්ධ එකක් නොවීය. මා අත්අඩංගුවට ගත් මුල් දිනයේ සිට මගේ සිර ජීවිතයේ අවසන් දිනය දක්වාම එදිනෙදා සිදුවීම් සටහන් කර ගත්තෙමි. මා දුටු සෑම ක්‍රියාවක්ම මට ඇසුණු හා මා අත්විඳි සියල්ලක්ම සටහන් කර තබා ගන්නට...
පාරාදීස කොදෙව්ව
Original price was: Rs. 2,250.Rs. 1,800Current price is: Rs. 1,800.
මුද්‍රා තැබූ කාමරයක්. අබිරහස් සිතියමක්. මිය ගිය යුවතියක් බලාපොරොත්තු සුන්වූ තත්ත්වයකින් රචනා කළ දිනපොතක්. මේ සියල්ල ඇනලීස්ව සොයාගැනීමක් කරා, මෙන්ම උවදුරක් කරාද ගෙන යයි... බොහෝ කලකට ඉහතදී මරු වැලඳ ගත් සිය මුතුන්මිත්තකුගේ ගුප්ත දිනපොතක් සොයාගත් වේලාවේදී, සිතියම් ශිල්පී පවුලක, ආදරය සහ රැුකවරණය යටතේ හැදී වැඩෙන දියණියක් වෙන ඇනලීස් මැලරි කුතුහලය සහ වික‍්‍රමයන්ගෙන් සපිරි ලොවකට පිවිසෙයි. එම දිනපොත සමග දුර ඈතක...
පෙනේරයක ලූ මල් පැණි
Original price was: Rs. 850.Rs. 765Current price is: Rs. 765.
'පෙනේරයක ලූ මල්පැණි' කමලා මාර්කන්දයගේ ප්‍රථම නවකතාවයි. බ්‍රිතාන්‍යයේ යටත් විජිත පාලන සමයේ අග භාගයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දුන් ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ගොවිජන ජීවිතය මෙමගින් නිරූපිතය.කාර්මීකරණයෙ බලපෑම නිසා ඔවුන්ගේ ජීවන රටාවල සිදුවූ වෙනස්කම් සමගින් ගලායන මේ කතාව පොදු මනුෂ්‍ය ගති ලක්ෂණවල ස්වභාවයද අපට දැක ගන්නට සලස්වයි. සියුම් සංවේදනා දනවන සරල බසකින් පරිවර්තිත මෙම නවකතාව ඉතිහාසයේ එක් සංක්‍රාන්තික කාල පරිච්ඡේදයක මනුෂ්‍ය ජීවන...
කාඕ යු -පාඕ
Original price was: Rs. 800.Rs. 640Current price is: Rs. 640.
වර්ෂ 1930 දී ජපන් අධිරාජ්‍යයේ කුරිරු අත්තනෝමතික පාලනයට චීනයේ විශාල භූමි ප්‍රමාණයක් ගොදුරු විය.එහි ජීවත් වූ ගැමියන්ට රූකඩ නිලධාරීන්ගේ සහ ඉඩම් හිමියන්ගේ තාඩන පීඩන ඉවසා දරා ගත නොහැකි විණි.එම ඛේදවාචකය දුගී ගැමි දරුවෙකු වූ කාඕ යූ -පාඕ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට බලපෑ ආකාරය හද සසලෙන අයුරින් මෙම කතාවට ගෙති ඇත.අන්ත කුරිරු පීඩනය යනු විප්ලවයේ ගිනි පුපුරු දල්වන අයෝමය ශක්තියක් බව...
පිසාචයෝ
Original price was: Rs. 1,650.Rs. 1,485Current price is: Rs. 1,485.
ද්‍රවිඩ ගැටවරයෙකු වීමත් සමලිංගික ආශාවන්ට නැඹුරු වීමත් අසූ ගණන් වසරවල ගතිගානුගත ලංකා සමාජයේ අවධානම් ගතිගුණ වෙයි.මෙම දිත්ව අවදානමට අමතරව ශිවන් හට තිබූ අනෙකුත් ගැටලු වූයේ තමාගේ ජීවිතය ගිරයකට අසුකළ පුවකයක් මෙන් ග්‍රහණය කරගත් මිත්තණියයි.තමාට කුමාරයකුට මෙන් සැලකුවත් තම මවත්, සොයුරියටත් සිඟන්නන් ලෙස සැලකූ ධනවත් මිත්තණියගෙන් ගැලවීම ඔහුගේ අනෙකුත් සියලු අවශ්‍යතාවයන් අභිබවා සිටි. අසූ තුනේ භීෂණයෙන් විපතට පත්වූ ද්‍රවිඩ ජනතාවට කැනඩාවට...
පියෙකුගේ කතාවක්
Original price was: Rs. 950.Rs. 855Current price is: Rs. 855.
ලයනල් ඩාමර්ගේ ගේ දරුවා වසර එකොළහක් තුළ පුද්ගලයින් 17 දෙනෙකු මරා දැමුවේය. අදුරි කාමර තුළ සිරකොට වදදී අතපය වෙන්කොට මරා දැමුවේය. ඇමරිකාවේ මිල්වෝකි හි නිවෙස් අහිංසක දෙමව්පියන්ගේ විලාප හඬින් පිරවිය. ලයනල් ඩාමර්ගේ බිඳුනු හදවතින් ගලා ආ කඳුළු අකුරු වෙවුලන වචන පේළිවල ඩාමර් අමුණා ඇත. එම කකියන වචන සමග ඔබේ හිත සුසර වූ තැනේදී ඔබේ දෑස් බොඳ වනු ඇති බව මම...
සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස
Original price was: Rs. 1,800.Rs. 1,620Current price is: Rs. 1,620.
‘The Seven Moons Of Mooli Almeida කෘතිය විනිශ්චයකරුවන්ගේ විශේෂ අගැයුමට ලක්වූයේ එය ගවේෂණය කරන පරාසයත්, අමුතු, හාස්‍යමය ආඛ්‍යාන ක්‍රමවේදයත් නිසාය.' 2022 BOOKER PRIZE සම්මානය සන්ත්‍රාස සමයක සිර වූ ශ්‍රී ලංකාව පසුබිම් කරගත් සෝපහාස සංග්‍රහයක්. 1990, කොළඹ. යුධ ඡායාරූප වාර්තාකරුවෙකු, සූදු අන්තුවෙකු සහ සැඟවුණු සමලිංගිකයෙකු වන මාලි අල්මේදා මරණයෙන් නැගිටින්නේ මෙලොව නොවන වීසා කාර්යාලයකය. සිය මළ සිරුර බේරෙ වැවේ සැඟව යද්දී...
මල්ගුඩියේ මිනී කන්නා
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
ලොව බිහි වූ ශ්‍රේෂ්ඨ නවකතාකරුවෙකු වන අභාවප්‍රාප්ත ඉන්දියානු ලේඛක ආර්.කේ නාරායන් තමාගේ කෘතීන් තුළින් ඔහු ඉපදුනු ඉන්දියානු ගැමි සමාජය තුළ ඔහුට මුණගැසුණු විවිධ මිනිස් චරිත අපූරුවට විග්‍රහ කරයි."මල්ගුඩියේ මිනීකන්නා" නමින් සිංහලයට නැගුණු මෙම නවකතාව තුළින් ප්‍රකට වන්නේ ද කතුවරයා තුළ පැවති එම අව්‍යාජත්වයයි. මෙහි එන ප්‍රධාන චරිත දෙක වූ නටරාජ් සහ වාසු යන චරිත අපට සමාජයේ බෙහෙවින් දක්නට නොලැබුණද, ඒවායින්...
ඈන් දුටු වසත් සිහිනය
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
ඈන් බාල වියේ පටන් සොඳුරු සිහින දකිමින් ඒ සිහින මල්ඵල නෙළා ගැනීමට අධිෂ්ඨානශීලීව කැපවෙන සොඳුරු සිතැත්තියකි. මේ ඇගේ දිවියේ වසන්ත සමයයි. ඉතින් වසත් සමයේ මේ දිරිය යෞවනිය දකින සිහින කෙබඳු වේද? ඒවා සැබෑ කර ගැනීමට ඇයට හැකිවේද?
දෙවත
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
මට මේවා උහුලන්න බැහැ නොනේ..තමන් පියෙක් වුනු දවසට තේරේවි දරු දුක.කොහොමත් දරුවන්ට දෙමාපිය දුකක් කියල දෙයක් නැහැ නෙව..වෙන තාත්තලා වගේ දරුවන්ට සැරපරුෂකමට ගහල බැනිල්ලක් රතු මහත්තයා කවදාවත් නොකළේය.කුඩා දවසේදීත් කොයිතරම් එපා කිව්වත් දරුවන්ට ටොපි, චොකලට්, සෙල්ලම් බඩු ඉල්ලන ඉල්ලන දේ අරගෙන දුන්නේය.සල්ලි අතේ තියේ නම් ගෙදර කන බොන දේ වලින් පුරවයි.අදටත් රතු මහත්තයා ඉතිරියක් ගැන නොසිතයි.දරුවන් වෙනුවෙන් ඒ තරමටම නැහුන...
රජ බිසවකගේ පාපොච්චාරනය (2 වන කොටස )
Original price was: Rs. 1,480.Rs. 1,184Current price is: Rs. 1,184.
"පාන් නැත්නම් කේක් කාපල්ලා” යන ප්‍රකාශය කළැයි සැලකෙන ප්‍රංශයේ මාරි ඇන්ටනෙටි බිසවගේ ඛේදවාචකය රැගත් මෙම කෘතිය මරණය තෙක් ඈ වෙලා ගත් ප්‍රීති ප්‍රමෝදය හා දුක්ඛ දෝමනස්සය ද, නොසඟවා කියා පාන්නකි. ඇගේ අවිචාර ක්‍රියාවන් අතර ප්‍රමුඛ වූ ̋ට්‍රියනන් මාලිගය” පාරාදීසයක් කරවනු පිණිස අසීමිත ධනයක් අපතේ යැවූ අයුරු, තිඹීගෙයි අමිහිරි අත්දැකීම්, රහස් තැන්හි පෙම්වතා සමඟ වින්දනය කළ ප්‍රේමාශ්වාදය, සතුරන්ගෙන් බේරී උමං මගකින්...
විසඹසර
Original price was: Rs. 1,750.Rs. 1,400Current price is: Rs. 1,400.
"රැලි සරැලි නගමින් නිහඬව ගලා යන මේ ගංදියේ, තමාගේ ජීවිතයේ අමතක කළ නොහැකි සිදුවීම් කෙතෙක් වීදැයි සසඳරා කල්පනා කළාය.මල්වරවීම, ගැහැනියක් වීම, මවක් වීම, මේ හැමදේම සිදුවූ ගංදිය ඇය හෙළන කඳුළු රැගෙන අද ද නිහඬව රැලි සරැලි නගමින් ගලා යනු ඇය ශෝකයෙන් බලා සිටියාය."
බීර සුවඳැති හාදු
Original price was: Rs. 980.Rs. 882Current price is: Rs. 882.
මේ පොළොව මත ජීවත්වන සියලු දෙනාගේම අරගලය බැඳෙන බැඳීම් අස්සේ සිරවීම සහ නොබැදෙන තනිකම අස්සේ තනිවීමය.මේ අන්ත දෙක අතර ජීවිත පවත්වාගෙන යන්නට අරගල කරනවා මිසක මිනිසුන්ට ජීවත් වන්නට ඉස්පාසුවක් නැද්දැයි ඇලීෂා ඇසුවේ තමන්ගෙනි. තනිකම ඇබ්බෙහියකි. ජීවිතේ වෙන කිසිවකට ඇබ්බැහි නොවන අයට තනිකමට ඇබ්බැහිවීම පුදුමාකාර සැනසීමකි. වෙනත් කිසිදු සුවයක් වෙනුවෙන් ඒ සැනසීම අනතුරේ දාන්නට දේවන්ට සිතුනේ නැත. අසම්පූර්ණත්වයෙහි ඇත්තේ සුන්දරත්වයකි. මිනිසුන්...
මහ සයුර ගිනි ගනී
Original price was: Rs. 1,880.Rs. 1,692Current price is: Rs. 1,692.
තිරිඟු වගාවට වූ හානිය නිසා සෝවියට් සංගමය ආහාර අර්බුදයකට ලක් වීමෙන් එහි නායකයන් බලයෙන් පහ වීමේ තර්ජනයක් මතුවෙයි. මේ අතර යුක්රේනයේ විමුක්තිය උදෙසා එකතු වූ කිහිපදෙනෙකු විසින් සැලසුම්කොට KGB ප්‍රධානියා ඝාතනය කෙරේ. මේ හේතුවෙන් සෝවියට් නායකයා තනතුරින් පහවීමේ අර්බුදය තවත් උග්‍ර වන හෙයින් රජය එම සිද්ධිය සඟවයි. අත්අඩංගුවට පත් වූ, KGB ප්‍රධානියා ඝාතනය කළ යුක්රේන ජාතිකයින් දෙදෙනා ගලවා ගැනීම සඳහා, බොරතෙල් ටොන් මිලියනයක් හා කාර්ය මණ්ඩලය 30 ක්ද සමග...
දෙවොලක ඉරණම (ෆිලේ)
Original price was: Rs. 1,480.Rs. 1,184Current price is: Rs. 1,184.
ඊජිප්තුවේ අස්වාන්හි පිහිටි අද ද දහස් ගණනක් බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර පාත්‍රවන ෆිලේ දෙවොලේ කතාව දෙවොලක ඉරණම "අමතක කරන්න අප අතර තිබෙන සටන.අමතක කරන්න මගේ මේ බිෂොප් නිල ඇඳුම.හැසිරෙන්න සහෝදරයෙකු මෙන්,සැබ්නි! මා සම්පූර්ණ විශ්වාසය තබන එකම මනුෂ්‍යයා ලෙස" -තියඩෝර්- "කිසිවක්ම අප වෙන් කරන්නේ නැහැ. ඒත්... සියල්ල අප වෙන් කර තබනවා. අප එකම මග නොගියත්, දෙවියන් අපට ආදරය දක්වයි නම් අප දෙදෙන...
කඳු රැළි
Original price was: Rs. 980.Rs. 882Current price is: Rs. 882.
මහනුවර දෙවන රාජ්‍යසිංහ රාජ්‍ය සමය පාදක කරගත් නවකතාවක් වන මෙහි ප්‍රධාන කතාව සෙංකඩගල රාජ්‍ය වෙත දූත ගමනක් ගොස් ආපසු එමින් සිටියදී නිල්ගලදී ඝාතනය වූ ගාලු කොටුවේ පළමුවන ඕලන්ද ආණ්ඩුකාර විලියම් ජේකබ් කෝස්ටර්ගේ දරුවෙකු ඉන් වසර විස්සකට පමණ පසු සිය පියාගේ ඝාතනය වෙනුවෙන් රජුගෙන් පළිගැනීම සඳහා සෙංකඩගල වෙත පැමිණීම වටා ගෙති ඇත.විලියම් කෝස්ටර් දූත ගමනක් පැමිණීම මෙන්ම ඔහුව ඝාතනය වීමද සත්‍ය...
න ගච්චති
Original price was: Rs. 980.Rs. 882Current price is: Rs. 882.
1805 -1815 දක්වා වූ කාලයෙහි උඩරට රාජධානියේ සිදුවූ ප්‍රභූ බල අරගලයෙහි එක් පාර්ශවයක් මෙම නවකතාවට කේන්ද්‍ර වී තිබේ. මේරට කෲරතම රජකුලෙස ඉතිහාසගතව ඇති ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය මෙම නවකතාව තුළ ගොඩනැංගෙන්නේ ඔහුගේ ප්‍රේමවන්තියගේ භූමිකාව ආධාර කර ගනිමිනි.මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු උඩරට ප්‍රභූන්ගේ මෙන්ම ඉංග්‍රීසියෙන්ගෙන්ද ගොදුරක් බවට පත්වූ ආකාරය පිළිබඳ කතාවයි.කිසිවෙකු නොදන්නා ඔහුගේ මානව දයාව හා ප්‍රේමයද, වැසියන් ඔහුට දැක්වූ...
රජ බිසවකගේ පාපොච්චාරනය – (1 වන කොටස )
Original price was: Rs. 1,450.Rs. 1,160Current price is: Rs. 1,160.
"පාන් නැත්නම් කේක් කාපල්ලා” යන ප්‍රකාශය කළැයි සැලකෙන ප්‍රංශයේ මාරි ඇන්ටනෙටි බිසවගේ ඛේදවාචකය රැගත් මෙම කෘතිය මරණය තෙක් ඈ වෙලා ගත් ප්‍රීති ප්‍රමෝදය හා දුක්ඛ දෝමනස්සය ද, නොසඟවා කියා පාන්නකි. ඇගේ අවිචාර ක්‍රියාවන් අතර ප්‍රමුඛ වූ ̋ට්‍රියනන් මාලිගය” පාරාදීසයක් කරවනු පිණිස අසීමිත ධනයක් අපතේ යැවූ අයුරු, තිඹීගෙයි අමිහිරි අත්දැකීම්, රහස් තැන්හි පෙම්වතා සමඟ වින්දනය කළ ප්‍රේමාශ්වාදය, සතුරන්ගෙන් බේරී උමං මගකින්...
ඇහැළ මලට දම් පාටක්
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
අධික පාඨක ප්‍රතිචාර දිනාගත් forget me not කෘතියේ සම කතෘ,චතුරි දමයන්ති ගේ යොවුන් නවකතාව ........................................................................................... "පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා." පුස්තකාල උද්‍යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය. පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය. "The tree of Paramee...!" "මම පාරමී?" "ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ...
