Cart

Best Seller

කොළපාට ඇස්

Availability: Out of stock

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.

ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද my December Romance  නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පීය ආචාර්යවරයෙකු සහ තරුණ විශ්වවිද්‍යාල සිසුවියක අතර ඇතිවන සම්බන්ධතාවක් වස්තු කොට ගෙන ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්‍රබන්ධයක අලුත් ආකෘතික සහ සංදර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයකු සහ ලේඛිකාවක වන උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණය එක මත එක ගැටෙන සලස්වමින් චිත්තාභයන්තර ගැටුම විවරණය  කරන පර්යේෂණාත්මක කෘතියකි. භාෂාව උත්කෘෂ්ට රමණීය  හැඟීම් දනවන මෙවලමක් සේ භාවිතා කරන මේ නවකතාවෙන් ප්‍රධාන චරිතයන් ගේ ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය හා රාගය අනුරතිය, සරාගී ආවේශයන් සහ ලාලසාවන් විවෘතව හෙළිදරව් කෙරේ. ආගමික දේශපාලන සමාජ විද්‍යාත්මක හා මනෝ විශ්ලේෂණීය කියවීම් තුළද විවිධ මානයන් හරහා විමසීමෙන් මනුෂ්‍ය ජීවිතයේ සැඟවුණු මනෝභාවයන් හාරා පාදා ගතහැකි ප්‍රේමණීය වියමනකි.

Out of stock

Compare
Category:

may december romance

kolapata as

ආරතී දේවි මොහන්දාස්
උපුල් ශාන්ත සන්නස්ගල

ප්‍රකාශනය : Grantha(pvt)Ltd

 

400 pages

Weight .408 kg
Loading...