Showing 577–624 of 1414 results

0 out of 5

වෙල්ලස්සේ ජනවහර

Original price was: Rs. 980.Current price is: Rs. 882.
වෙල්ලස්සේ ජන වහර නම් ග්‍රන්ථය වෙල්ලස්ස නම් ප්‍රදේශය ආශ්‍රිතව රචනා කරන ලද්දකි. යටත්විජිතකරණය සමඟ ශ්‍රී ලංකා සමාජයේ සිදු වූ අධ්‍යාපනික හා සංස්කෘතික වෙනස්කම් මගින් පෞරාණික වෙල්ලස්සේ ජන උරුමයන් ද්‍රවීකරණයට ලක් වූ සැටි මෙම ග්‍රන්ථයෙන් පෙන්වා දෙයි.  විශේෂයෙන්ම වෙල්ලස්ස ප්‍රදේශයට ආවේනික වූ එනමුත් අද දවසේ කෙමෙන් වියැකී යන වචන 3000ට අධික ප්‍රමාණයක් මේ කෘතියේ අන්තර්ගතය
0 out of 5

වියරුව

Original price was: Rs. 800.Current price is: Rs. 720.
අදයතන දේශපාලන සිදුවීම් පැරණි ජන විශ්වාස මෙන්ම අභිරහස් සිදුවීම් ද මුසු ත්‍රාසය දනවන නිර්මාණයක් වන මෙය අවසානය තෙක්ම ඔබ නොඉවසිල්ල ට පත් කරනු නිසැකය. ශ්‍රී ලාංකික ලේඛිකාවක හා ඉතිහාසඥයෙකු වූ සදනි බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ නිලධාරියකු වන ඇගෙන් වෙන් ව සිටි ස්වාමි පුරුෂයා වූ කෙවින් සහ සිය අවසන් පලිගැනීම ලෙස මහා පරිමාණය විනාශයක් අරමුණු කරගත් කුරිරු මෙන්ම තීක්ෂණ බුද්ධියකින් යුතු...
0 out of 5

මායාව

Original price was: Rs. 800.Current price is: Rs. 720.
නූතන කතාව තුල වූ ප්‍රධාන පුවත සිද්ධාර්ථ ගෞතමයන්ගේ බුද්ධත්වයට පත්වීමේ සිට මෛත්‍රී බුදුන්ගේ සම්බුද්ධත්වය දක්වා වන වර්තමාන කල්ප කාලය ආආවරණය  කරයි. එහෙත් ප්‍රධාන  කතාව ගොඩනැගෙන්නේ වර්තමානේ දැනට පරාජිතව සිටින කැරලිකරුවන් කණ්ඩායමක් වෙනම රාජ්‍යයක් සඳහා වූ ඔවුන්ගේ ඉල්ලීමට උදව් දෙන පිපිටස්තර  රටක සහයෝගය ඇතිව නීත්‍යානුකූලව පත් රජය සමග සාම සාකච්ඡා පවත්වන වකවානුවේදීය.
0 out of 5

රාජ උරුමය

Original price was: Rs. 475.Current price is: Rs. 427.
ක්‍රිස්තු පූර්ව 140 දී දුටුගැමුණු රජතුමා හා සබැඳි මිල කළ නොහැකි වටිනාකමකින් යුතු වස්තුවක නිර්මාණය ගැන සටහනකින් ඇරඹෙන the legacy නවකතාව ඉනික්බිති ගෙතෙනුයේ වර්තමානයේ දී එය සොයා යන පුවත වටයි, ඒ හා සබැඳි පෞරාණික ගැටළු ලිහා ගන්නට තැත්කරන විදේශික පුරාවිද්‍යාඥයන්ට ත්‍රස්තවාදීන්ගේ ද, බලලෝභී දේශපාලනඥයින්ගේ ද අඅතවර  වලට මුහුණ දෙන්නට සිදුවෙයි. ලංකාව එහි විචිත්‍ර ඉතිහාසය හා පෞරාණික ස්ථාන මෙන්ම වත්මන් දේශපාලන...
0 out of 5

පෙරදැක්ම

Original price was: Rs. 800.Current price is: Rs. 720.
කතාව ඇරඹෙන්නේ බර්ලින් පවුර බිඳවැටීම  බිඳ වැටීමත් සමග රාජ්‍ය ආරක්ෂක ක්‍රමය සඳහා වූ සෝවියට් කමිටුවේ (KGB) ප්‍රධානියා අනාගත ප්‍රචණ්ඩත්වයට මුල පුරන්නන්ගෙන් ලෝකයේ ඇති බල සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීමට සැලසුම් දියත් කිරීමෙනි. යුදෙව් ජාතික පුරාවිද්‍යාඥවරියක විසින් උතුරු ඉන්දියාවේ හුදෙකලා ආශ්‍රමයක පෞරාණික අනාවැකියක් සොයාගැනීම, ඊශ්‍රාලය බුද්ධිමය සහ විශේෂ මෙහෙයුම් ආයතනයට (මොසාඩ්) සිදුවිය හැකි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් ගැන අනතුරු ඇඟවීමක් කරයි.ආමේගෙඩෙන් සිදුකිරීමට තැත් කරන්නන්...
0 out of 5

ජේසුස්වහන්සේ සහ බුදු දහම

Original price was: Rs. 575.Current price is: Rs. 517.
ක්‍රිස්තියානි ආගමේ ප්‍රභවය පිළිබඳ විග්‍රහ කරනු ලබන මෙම පොත ක්‍රිස්තියානි ආගම සහ බුදුදහම අතර  පවතින සමානකම් පිළිබඳව විචාරාත්මක ඇගයීමකි.විද්වතුන් සහ දේවධර්මවේදීන් අතර මතභේදයට තුඩු දිය හැකි කරුණු රාශියක් එහෙයින් විස්තර කෙරේ.එම කරුණු ඵලදායි බුද්ධිමත් සංවාදයක් ඇති වීම කෙරෙහි බෙහෙවින් බලපානු ඇත. ජේසුස් වහන්සේ සහ බුදු දහම නැමැති මෙම කෘතියෙන් ජේසුස් වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම් කෙරෙහි බුදු දහම පුළුල් ලෙස බලපා...
0 out of 5

ජේසුතුමන් දඹදිව විසූ වගයි

Original price was: Rs. 500.Current price is: Rs. 450.
ජේසු තුමා එතුමාගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් දඹදිව විසූ බවත්, ක්‍රිස්තියානි ආගමට පෙරදිග ආගම් වලින් ආභාෂය ලැබුණු බවත් මෙම පොත සාධක හා සාක්ෂි ඇතිව ඔප්පු කරයි ජේසුතුමන් දඹදිව විසූ වගයි jesus lived in india හොල්ගර් කර්ස්ටන් විසින් ලියන ලද්දේ ඊශ්‍රාලය මැදපෙරදිග ඇෆ්ගනිස්තානය හා ඉන්දියාව ඇතුළු මෙම රටවල ඉතිහාසගත ස්ථානයන්හි අවුරුදු කිහිපයක පරීක්ෂණවලින් පසුව ය. ඒ අනුව මෙම පොතේ කතුවරයා ජේසුතුමන්...
0 out of 5

වරිගපූර්ණිකාව

Rs. 1,350
යක්ෂ ගෝත්‍රිකයින්ගේ මහා වංශය   සිතා මතා වළ දැමුවේ යැයි විශ්වාස කෙරෙන හෙළ ඉතිහාසයේ පරම හිමිකරුවන් වන යක්ෂ ගෝත්‍රික ජන සමාජයේ 'මහා වංශය' ලෙස සැලකෙන මෙම ග්‍රන්ථය 'හිරුගොත් පරපුර' හෙවත් රාවණ පරම්පරාව පිලිබඳව ඓතිහාසික වටිනාකමක් සහිත ලිඛිත සාධක රැසක් අන්තර්ගත වූවකී. අතීතයේ විසූ සුජාත හෙළයන්ගේ හර්ද සාක්ෂියෙන් නැගෙන විලාපයේ අඬහැරයක් බඳු වූ  මෙම වරිගපුර්ණිකා ග්‍රන්ථය පුරාණ පුස්කොළ ග්‍රන්ථ දෙකක් උපයෝගී...
0 out of 5

DUO

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,215.
උමා සහ සාරා කාලවකවානු දෙකක දෙරටක ජීවත්වන තරුණියන් දෙදෙනෙකි. ඔවුහු සමාජ සමාන සංසිද්ධීන් හරහා ඇවිද යති. හෙවත් පරපීඩක පිරිමින්ට මුහුණ දෙති. අනතුරුව උදා වන සමාජ පරාමිතීන් හා මේ දෙදෙනා ගනුදෙනු කරන්නේ දෙයාකාරවය. උමා සන්තානගත අඳුරක වෙලී උකටලීව සැනසුම සොයා සරන්නී, සතුට අන් තැනක සෙව්වාය. සාරා අරුමැති ජීවිතේ ප්‍රහර්ශ්ය හඹා යන්නී, දිවියේ සාරය දකින අදිටන සුරතට කැටිකොට ගත්තාය. නීතිය හෝ ගා...
0 out of 5

ආනන්ද ලියනගේ මහතාගේ පොත් කට්ට්ලය

Original price was: Rs. 3,675.Current price is: Rs. 3,120.
රාජ උරුමය  පරිවර්තනය : අනුල ද සිල්වා  pages - 376 මායාව පරිවර්තනය අනුල ද සිල්වා  pages - 474 පෙර දැක්ම  පරිවර්තනය  ආනන්ද ලියනගේ pages -506 වියරුව - පරිවර්තනය : අනුල ද සිල්වා pages 440 නිව්න් දරුවෝ පරිවර්තනය  ශ්‍රීමාල් ලියනගේ pages 448
0 out of 5

ඌවේ ඇදහිලි විශ්වාස

Original price was: Rs. 850.Current price is: Rs. 680.
අතීතයේ යාතුකර්මය ප්‍රභවය වූයේ ස්වභාව ධර්මය හඳුනා ගැනීමට අපොහොසත් වූ අපේ මුතුන් මිත්තන් ඒ කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත බියකින්  එයට වන්දනා මාන කරන්නට ආරම්භ වීමත් සමග ය.මේ යාතු කර්ම මගින් තමන්ගේ එදිනෙදා ගැටලුවලට යම් විසඳුමක් අපේක්ෂා කළ ඔව්හු එයින් පමණක් තෘප්තිමත් නොවී තමන්ට හව්හරණ සපයන ස්වභාව ධර්මයේ දායාද සුරක්ෂිත කර ගැනීමට උත්සුක වූහ.අතීතයේ මුතුන් මිත්තන් ගේ ඒ  උදාර කාර්යය භාවය ඌව...
0 out of 5

පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි?

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
මේ පොත ඔබට විරුද්ධ ලිංගිකයන් හා බැඳීම් ඇති කර ගැනීමට හා පවත්වා ගැනීමට පමණක් නොව ,එය ඔබ ගැනම  අවබෝධ කර ගැනීමටත් උදව් වෙයි. එමගින් ඔබ දෙදෙනාටම වඩාත් ප්‍රීති දායක සුවදායක හා සැනසිලිදායක ජීවිතයක් ගත කිරීමටත් සහාය වේ.
0 out of 5

ගැහැණුන්ට වඩා පිරිමින් වෙනස්

Original price was: Rs. 750.Current price is: Rs. 600.
කෙතරම් දිගු කලක් ඇසුරු කළ සිත් හඳුනාගත්තද කෙතරම් දිගු කලක් බොහෝ ආදරෙන් හිද විවාහ වුවද අඹුසැමියන් අතරේ පවතින යම් යම් නුරුස්නා බව හා මත  ගැටුම් සියවස් ගණනක් පුරාම පැවතුණකි. එසේ වන්නේ ගැහැණු හා පිරිමි අතර වූ පැහැදිලි වෙනස් බව හේතුවෙනි ගැහැණු හා පිරිමි එකිනෙකට වෙනස් වේ යන්න වටහා ගතහොත් ගැටුමෙන් හා සිත්  රිදවීමෙන් තොර සබඳතාවක් පවත්වා ගැනීමේ හැකියාව ලැබේ. සබඳතා...
0 out of 5

රිදී නුලේ මායාව

Original price was: Rs. 490.Current price is: Rs. 392.
අඟහරුවාදා දිනයක උපන් නිසා tuesday නම ලැබූ දැරියක් සිටියාය. ඇගේ මව ළමා පොත් ලියන ලේඛිකාවකි. දිනක් හදිසියේ තම මව අතුරුදහන්ව ඇතැයි දැනගන්න tuesday ඈ සෙවීමට  වෑයම් කරයි එහිදී හමුවන විශ්මිත විශ්මිත රිදී නූලක් මඟින් ඇය අපූරු ලෝකයකට පිවිස එහි දී ඈ ලබන ත්‍රාසජනක අත්දැකීම් රැසක් මෙම පොතට පසුබිම් වී තිබේ.
0 out of 5

ගොලොවුල්යෝවු පවුලේ කථාන්තරය

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,620.
“ප්‍රවේණි දාසක්‍රමයේ නරක ම අවස්ථාව දැක බලා ගැනීමට මගේ ළමාවියෙහි දී මට හැකි විය. එය සමාජ ජීවිතයේ හැම ස්තරයකට ම ගලා ගොස් තිබිණ. ඉඩම්හිමි රදලයන් හා වහල් භාවයේ බැඳී සිටි ගොවිජනයා පමණක් නො ව, වරප්‍රසාද හිමි අහිමි කවර සමාජ පන්තියක් වුව ද පරිහානිගත වෙමින් තිබිණ. මුළුමනින් ම අයිතිවාසිකම් අහිමි වූ පරිසරයක් තුළ, වංචාව, කෛරාටික භාවය මුල් තැන ගෙන තිබිණ. කවර...
0 out of 5

රත් වරලැති ලිය

Original price was: Rs. 600.Current price is: Rs. 540.
ළිං කණින්නකුගේ ගෝලයෙකු ලෙස සේවය කිරීම සඳහා එක්තරා ගිම්හාන සෘතුවකදී ස්තාන්බුල් නුවර අසල ඇති කුඩා ප්‍රාදේශීය නගරයකට යන දහසය හැවිරිදි ජෙමී ඔහුට වඩා වයසින් දෙගුණයකටත් වඩා වැඩිමහල් රතු හිසකෙස් ඇති නාට්‍ය නිළියක හා දුටු මතින් පෙමින් බැඳෙයි.ඒ ප්‍රේමය  කරණ කොටගෙන හටගත් සිද්ධිදාමය ඊට තිස් වසරකට පසු එහි උච්ච ස්ථානයට ළඟා වෙයි. පියවරුන් සහ පුතුන් අතර ඇති සදාතනික අරගලය, සත්‍ය මිත්‍යා...
0 out of 5

පටලැවිල්ල

Original price was: Rs. 680.Current price is: Rs. 544.
නින්දට යාමට පෙරාතුව ඈ ජනේලය අසල ටික වේලාවක් වාඩිවී සිටියාය. දියේ ගිලුණු ජෝන්ගේ උස්ව පිහිටි තණ බිමේ ලපටි ස්පෲස් ගස් දෙකක් අතර රතුම රතු පාට ඉරක් ගිලෙමින් තිබුණි.එය නොපෙනී ගිය පසුව හිම මතින් මහ පොළොවේ දක්නට නොලැබෙන නිල්වන් ගොගොම්මන් එළියක් විහිදුණි .අඳුරු දුක්මුසු වරාය මතින් වළාකුලු  මුහුණක් මතින් සද නැගුණි.
0 out of 5

හිතුවක්කාරී

Original price was: Rs. 650.Current price is: Rs. 520.
ට්‍රෝජන් නුවර හෙලන් මගේ රන් පාට කොණ්ඩය තියෙන රිබ්න් වගේ නම් ඈ සටන් කළ දිනා ගන්න තරම් වටිනා කෙනෙක් බව මට අවබෝධ වුණා.ඇගේ ඇස් දෙක...! ඒ නිල් ඇස් තරම් බලන්න ලස්සන වටිනා දෙයක් තවත් නැති බව මට දැනුනා.ඇගේ ඇස් පිය සැලීමෙන් මට කරපු දේ ඔබට හිතාගන්න බැරි වෙයි. "ඈ ඔබත් එක්ක ආදරෙන් බැඳුණද තාත්තා?" "ඒ වගේ යමක් වුණා" "ඔව් ඇය...
0 out of 5

ශුන්‍යතාවාදයෙහි දර්ශනය හා චරණය

Rs. 750
නාගාර්ජුන පාදයන්ගේ මූල මධ්‍යමකකාරිකාවෙහි  පෙළ , සිංහල පරිවර්තනය  හා අර්ථ විවරණය.
0 out of 5

කළු කඳුළේ උමං මග

Original price was: Rs. 1,850.Current price is: Rs. 1,572.
කෝරා ජෝර්ජියාවේ කපු වගාවක වහලියක වූ අතර ඇය මෙන්ම අනෙකුත් කළු ජාතිකයෝ ද එහි අපාදුක් වින්දාහ. ඇගේ මව මේබල් වතු යායෙන් පලාගිය අතර වහලුන් දඩයම් කරන්නකු වූ රිජ්වේට ඇය සොයා අල්ලා ගැනීම බාර විය. පලමු වතාවට අසාර්ථකත්වය හා අවමානයේ නීරස වින්දේ මේබල් අල්ලා ගත නොහැකි වීම නිසාය. වසර කිහිපයකට පසුව කෝරා පලාගියාය ඇයගේ මව මේබල් පිළිබඳ රහස් කළු ජලයේ සැඟවී...
0 out of 5

දැරියකගේ ප්‍රයාමය

Original price was: Rs. 750.Current price is: Rs. 675.
ඒ යුද්ධය රාක්ෂයෙකි සියක් වසරක් තිස්සේ රට පුරා නගර ගම් දනව් වල ඇවිදිමින් ලේ පෙරාගෙන මිනිසුන් අමු අමුවේ කකා සිටි රාක්ෂයෙකි. අවුරුදු හතක් වයසැති මේ ළමයා සිය සුකුමාල ලපටි අතින් පහර දී ඌ බිම හෙළා ඇත. අර බලන්න ! ඌ අත්ත පාතේ රණ බිම මඩ වගුරක ආයිත් නොනැගිටින සේ දරදඩු වී මැරී වැටී සිටින හැටි
0 out of 5

සත්වයාගේ සිත සහ ප්‍රතිබද්ධ කර්ම වේගය

Rs. 250
විශ්වයේ ක්‍රියාත්මක වන අතිශයින්ම සංකීර්ණ  ගුප්ත ධර්මතා තුළින් සතවයා ගේ සිත ප්‍රමුඛස්ථානයට පත් වෙයි. එය කිසිදු විද්‍යාත්මක මෙවලමකටත් වඩා වේගවත්ය. එය ගවේෂණය කිරීමට භෞතික විද්‍යාඥයෝ ද අසමත් වෙති. අධිවේගී ගමන ඒ ඒ තැන නතර වීම විවිධ ස්වරූපයන්ගෙන් ක්‍රියාත්මක වීම හේතුඵල ධර්මතාවයකට අනුව සිදු වූවත් එම හේතුඵල ධර්මතාවය ද නිරීක්ෂණය කළ හැක්කේ තවත් දියුණු කළ සිතකට පමණි, මේ නිසාපිළිතුරු නොලබන සංකීර්ණ...
0 out of 5

පුනර්භවයේ මූලික සිද්ධාන්ත

Rs. 250
ලොව බිහි වූ ආගම් හා දර්ශනවාද අතුරින් පුනර්භව සිද්ධාන්තය විග්‍රහ කරන්නේ බෞද්ධ දර්ශනයේ පමණි. බෞද්ධ දර්ශනය විග්‍රහ කරන විඥානය හා කර්ම වේගය යන අභ්‍යන්තර ශක්ති දෙක බාහිර වූ සංස්කාරයන් හා ලෝක විෂය සමග බද්ධ වීම මත පුනර්භවයට මග සැලසේ   මෙම විග්‍රහය ඉතා සරලව කාටත් අවබෝධ වන ආකාරයෙන් මෙම ග්‍රන්ථයෙන් පැහැදිලි කරනු ලබයි
0 out of 5

සුළඟේ සෙවණැල්ල

Original price was: Rs. 1,890.Current price is: Rs. 1,700.
බාර්සිලෝනා නුවර 1945 - දෙවැනි ලෝක යුද්ධයෙන් සහ ඊට කලින් සිවිල් යුද්ධයෙන් ඇතිවූ මහා විනාශයෙන් ගොඩ එමින් සිටින නගරයක්. මවගේ අකල්  මරණයෙන් කම්පාවට පත්ව සිටින දනියෙල්, පියාගෙන් තෑග්ගට ලැබෙන එක්තරා ගුප්ත නවකතාවක් කියවීමෙන් පසු එහි කතුවරයා සොයා යාමේ කුතුහලයෙන් මැඩෙයි. ඒ ගමනේදී ඔහුට හමුවන්නේ බාසිලෝනා  නුවර වැළලී ගිය මහා අභිරහසකි. එම අබිරහස තුළින් ඝාතනය සහ උන්මාදය සමඟ මිශ්‍ර වූ අසම්මත...
0 out of 5

උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා

Original price was: Rs. 1,480.Current price is: Rs. 1,184.
නළලේ කැළලක් ඇති , නිතර මහන්සි පෙනුමෙන් සිටින මහා කවියා වයෝවෘධ ය, බෝතල් අඩිවන් උපැස් අතරින් ගලන කදුළු ඇතිය, ඇසීම දුබල ය .   බිරිඳ විසින් පරිවර්තනය කළ මොහුගේ කවි රටවල් කිහිපයක ප්‍රකාශයට පත්ව ඇති විටෙක, ඔහුගේ කවි පාසල් පෙළ පොතින් ඉවත් කෙරේ.    බෞද්ධ භික්ෂුවකව සිටි කලෙක ඔහු කියුබිසම් ආරේ චිත්‍ර අදී. ඔහු කියුබිසම් ආර චිත්‍ර තෝරා ගනුයේ ගැහැනු හෙළුව...
0 out of 5

තැනිතලාවේ දේවතාවිය

Original price was: Rs. 450.Current price is: Rs. 360.
ආජන්ටිනාවේ දුගියෝ  ඇගේ පිළිරුව ඉදිරියේ  අදත් ඉටි පහන් දල්වා පිහිට යදිති. ඔවුන්ට ඇය සාන්තුවරියකි අවජාතක දුගී දැරියක ලෙස ඉපිද රටක් සිය වසඟයට ගත් ඊවා පෙරොන්ගේ හද සසල කරවන කතාවයි මේ.
0 out of 5

දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ

Original price was: Rs. 650.Current price is: Rs. 520.
රයිටෙක් වෙච්ච සල්ලිකාර රාගව්, නාහෙට නාහන මොළකාර අපතයෙක් වූ ගෝපාල් අතරට මැදිවන සොඳුරු මුවැත්තියක වන ආරති නිම්හිම් නැති ආදරයේ දෙකෙලවරටම රැගෙන යන තුන් ඈඳතු ප්‍රේමයේ ආස්වාදජනක කතාන්දරය.
0 out of 5

අපූරු මිනිසෙක්

Original price was: Rs. 960.Current price is: Rs. 768.
කිසිවෙකුට මරණය අවශ්‍ය නැත දිව්‍ය ලෝකයට යෑමට අවශ්‍ය මිනිසුන්ට පවා එහි යෑමට මරණය  අවශ්‍ය නැත. එහෙත් අප සියලු දෙනාගේම ගමනාන්තය මරණයයි.  කිසිවෙකුට ඉන් ගැලවිය නොහැක. එසේ වී ඇත්තේ මරණය ජීවිතයේ හොඳම නිර්මාණය වීම නිසාය. ජීවිතයේ වෙනස්කම් කිරීමේ නියෝජිතයා වීම නිසාය. අලුත් දේට ඉඩ සැලසීමට පැරණි දේ ඉවත් කරයි. අලුත් දේ ඔබයි එහෙත් වැඩි ඈතක නොවන කිසියම් දිනක ඔබත් ක්‍රමයෙන් වියපත්ව...
0 out of 5

සයිකො

Original price was: Rs. 600.Current price is: Rs. 540.
සිග්මන් ෆ්‍රොයිඩ්ගේ සංකල්පයන් පරිහරණය කලෙක ලොව විලාසිතාවක් බවට පත් විය රොබට් බ්ලෝච් නම් ඇමෙරිකානු ලේඛකයා විසින් ලියන ලද 'සයිකෝ' නවකතාව බොහෝ ජනප්‍රිය වීමට එක් හේතුවක් වන්නේ ඇල්ෆර්ඩ් හිච්කොක් නම් ශ්‍රේෂ්ඨ සිනමාකරුවාගෙන් එය සාමාන්‍ය සිනමා නිර්මාණයක් බවට පත්වීමය.හැදෑරීම් වලට ලක්වන ලොව උසස් සිනමා කෘති අතර මෙය අද ද ප්‍රමුඛස්ථානයක් ගනී.
0 out of 5

ථෙරවාද බෞද්ධ දර්ශනය

Rs. 780
"බෞද්ධදශීනය" අග්ගමහාපණ්ඩිත  පණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහ නායක ස්වාමින්ද්‍රයන් ගේ ග්‍රන්ථයකි.විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙහි බෞද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්ය වරයා වූ  බුද්ධදත්ත නාහිමියෝ කීර්තිධර  ග්‍රන්ථකාරයෙකි.වියත් පඬිවරයෙකි.උන්වහන්සේගේ  පොත්පත් ලංකාවේ පමණක් නොව බෞද්ධ පාණ්ඩිත්‍ය අගය කරන පෙර අපරදිග බොහෝ රටවල  ප්‍රාචීන පඬිවරයන්ගේ ගෞරව සම්මානයට පාත්‍ර වන්නේය.ග්‍රන්ථ කරණයෙහි මනා පරිචයක් ඇති ධර්ම  දර්ශන විෂයෙහි විශාරද වූ උන්වහන්සේ මේ පොත පිළියෙල කර තිබෙන්නේ බෞද්ධ දර්ශනය හදාරන ...
0 out of 5

මනෝහර නත්තල් ගීතයක්

Original price was: Rs. 750.Current price is: Rs. 675.
දරදඬු මසුරු හෝ ආත්මාර්ථකාමී ව්‍යාපාරිකයෙකු වූ එබනේසර් ස්කෲජ් වෙත එක් නත්තල් රාත්‍රියක්  තුළ පිළිවෙලින් අවතාර තුනක් එති.ඔවුන් වෙතින් ලැබූ අද්භූත අපූරු අත්දැකීම් නිසා හෙතෙම සිය දුර්ගුණවලින් සදහටම වෙන්වී ඊට හාත්පසින් වෙනස් ගුණාංගවලින් පිරිපුන් අයකු බවට ඒ රාත්‍රිය තුළ දී පරිවර්තනය වේයි. චාල්ස් ඩිකන්ස්ගේ මේ සුන්දර අද්භූත කුඩා නවකතාව තුළින් මනුෂ්‍යයන් අතර ඇති විවිධ බෙදීම් සියල්ල අබිබවා යන මෛත්‍රිය, දයාව, කරුණාව...
0 out of 5

ලයිල… ලයිල… ලා…!

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,000.
සජීවී සුරූපිනියන් සමඟ මෙන්ම අජීවී සුරූපිනියන් සමඟ ද රංගනයේ යෙදීමේ අතෘප්තිකර ආශාවන් ගෙවුණු, විකෘති මනසකින් යුත් පුද්ගලයකුගේ අසාමාන්‍ය හැසිරීමට ගොදුරුව අභිරහස් ලෙස මරු වැළඳගත් රූමතියන් රැසකගේ ඛේදවාචකය! ත‍්‍රාසය, කුතුහලය පිරි උද්වේගකර නවකතාව ලයිල…. ලයිල…. ලා….
0 out of 5

Un හැපි බර්ත් ඩේ

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
හෙට, ඇය කවුරුන්ද යන වග ලොවට හෙළිවෙන දවසයි. ඇය බියෙන්, තැතිගැන්මෙන් ගල් ගැහෙන දවසයි. වසර හතකට කලින් පොලීසිය විසින් පුන පුනා ඇගෙන් විමසූ ප‍්‍රශ්නයට පිළිතුරු දීමට ඇය යළි උත්සාහ කරන දවසයි! ‘‘නැන්සි… දැන්වත් ඇත්ත කියමුද?’’ පොලීසිය ඇයට එසේ කියනවා ඇත. ‘‘දැන්වත් කියනවද.. කෝ ඔහෙගෙ දරුවො?’’ මුළු නඩු විභාගය පුරාම ඇය ඇසින් කඳුළක් හෙලූවේ නැත. විනිසුරුවරයා ඇයට මරණ දඬුවම නියම කළ...
0 out of 5

මරණයේ දොරටුව

Original price was: Rs. 500.Current price is: Rs. 400.
හිට්ලර්ගේ මිනීමරු කම්හල තුළදී වෛද්‍යවරයෙකු ඇසින් දුටු සාක්ෂි. වියරු වැටුණු නාසි රාජ්‍ය එහි අවසාන දර්ශනය  ලෝක වේදිකාව මත රග දක්වමින් සිටියහ. මුළු ලෝකයටම ගිනි තබන ලද ඔහු අද ඔවුන්ගේ ම ගිනි මැලයට වැටී දැවෙමින් සිටින්නෝය. දශකයක් තිස්සේ මුළු ලෝකය පුරා රැව් දෙන ලද "ලෝකයේ උතුම්ම ජාතිය ජර්මනියයි" යන ආඥාපතියාගේ වියරු හඬත් සමග ඔහු අද පොලොව යට ඇති බංකරයට වී ගැහෙමින්...
0 out of 5

බොහීමියන් දැරියෝ

Original price was: Rs. 950.Current price is: Rs. 855.
නිර්ව්‍යාජ යෞවනත්වයෙන්, කුළුඳුල් අනුරාගෙන් හා අසීමිත කුතුහලයෙන් ත්‍රිමානීය වූ දැරියන් තිදෙනෙකු සතු පාසල් දිවියක නිමාවත් මහා ව්‍යසනයක ඇරඹුමත් එකී විපාකය තුළින් උපන් වේදනාකාරී අතුරුඵල ඔවුන්ගේ අධ්‍යාත්මය වෙනස් මගකට රැගෙන ගිය අයුරුත් ගැන කියවෙන කතාවකි 'බොහීමියන් දැරියෝ'
0 out of 5

ආර්යා

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
මජර දේශපාලනය හා අවිනීත මාධ්‍ය සංස්කෘතිය තුළ දෝලනය වෙමින් ඒ සියලු තැන්වල නිල අල්ලා බලය සියතට ගන්නා උත්පලා නම් මානවිකාව සකල විධ සමාජ බලවේගයන් තමන් ඉදිරියේ දණ ගස්වා ඉතා උපක්‍රමශිලීව සිය ඉලක්කය සපුරා ගනිමින් කූඨප්‍රාප්තියට පත්වන්නීය. ශ්‍රී ලංකා දේශපාලනයේ හා මාධ්‍යකරණයේ නිරුවත හෙළිකරන හර්ෂය, ප්‍රමෝදය, ආවේගය, උද්දාමය කුතුහලය හා විමතිය දනවන කාලීන සමාජ හා දේශපාලනමය ත්‍රාසජනක නවකතාවකි…..
0 out of 5

අර්නස්ටෝ චේ ගුවේරා බොලිවියානු දිනපොත

Original price was: Rs. 425.Current price is: Rs. 340.
Ernesto che guevara Bolivian Diary පරිවර්තනය : මාලිනී ගෝවින්නගේ ප්‍රකාශනය : සුරස ප්‍රකාශකයෝ
0 out of 5

බොලිවියාවේ චේ

Original price was: Rs. 350.Current price is: Rs. 280.
මෙම ග්‍රන්ථය චේ ගුවේරා බොලිවියානු විමුක්ති අරගලයේ දී මිය ගිය අන්දම පිළිබඳ රචිත වඩාත් සත්‍යයට ළං වන තොරතුරු ඇතුළත් කෘතියක් වන අතර, චේ ගුවේරා පිළිබඳ ලොව කොතැනක කවර හෝ භාෂාවකින් ලියැවී ඇති එවැනි ආකාරයේ කිසියම් ග්‍රන්ථයකට නොදෙවැනි වන්නකි.
0 out of 5

සිහිවටනයක ලියැවුණු කතාවක්

Original price was: Rs. 550.Current price is: Rs. 495.
පාවහන් අලුත්  වැඩියා කරන්නෙකුගේ දරුවකු ලෙස උපන් හෙන්රි ඔලිවර් රින්නන්ගේ ළමාවිය එතරම් යහපත් එකක් නොවීය.පාසල් පරිසරයේදී හා වැඩුණු සමාජයේදී ඔහුට සම වයසේ අයගෙන් විඳින්නට සිදුවූ හිරිහැර නින්දා හා අක්‍රමිකතා ඔහු නෝර්වේ ,  තමා උපන් රටේ අති භයානක මිනීමරුවෙකු හා දේශද්‍රෝහියකු බවට පත් කළේය.මිනිසුන්ගේ අසීමිත වෛරයට ලක් වූ ඔහු වල දැමූ ස්ථානය පවා රහසකි. බලකාමී උන්නතිකාමී වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජර්මන් හමුදා...
0 out of 5

පුංචි චිං සහ සතුටු කඳුළු

Original price was: Rs. 350.Current price is: Rs. 315.
punchi chin saha sathutu kandulu
0 out of 5

පුංචි චිංගේ රිදෙන දිව

Original price was: Rs. 350.Current price is: Rs. 315.
punchi chin ge ridena diwa
0 out of 5

පුංචි චිං සහ නුඩිල් පැංචා

Original price was: Rs. 350.Current price is: Rs. 315.
punchi chin saha nudal pancha
0 out of 5

පුංචි චිං සහ හචිං

Original price was: Rs. 350.Current price is: Rs. 315.
punchi chin saha hachin
0 out of 5

පුංචි චිං සහ සංගීත ප්‍රසංගය

Original price was: Rs. 350.Current price is: Rs. 315.
punchi chin saha sangeetha prasangaya
0 out of 5

ඈන් ෆ්‍රෑන්ක්ගේ පුනරුත්පත්ති කතාව

Original price was: Rs. 900.Current price is: Rs. 810.
1929 ජුනි දොළොස් වැනි දින ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් නගරයේ උපත ලබා එහි ජීවත් වෙමින් සිටියදී හිට්ලර්ගේ නාසි හමුදාව විසින් ඈන් ෆෑන්ක්ව පැහැරගෙන ගොස් කෲර  වධ හිංසනයන්ට ලක්කොට ගෑස් උදුනක ගින්නක ගිනිදැල් අතරට විසිකොට අමානුෂික ලෙස ඝාතනය කළ ද 1954 මැයි 17 වැනි දින ස්වීඩනයේ බාර්බ්‍රෝ කාර්ලේන් නම්න් උපත ලැබීමයි.ඉන්පසු දොළොස් හැවිරිදි වියේ ලේඛිකාවක් බවට පත්වී ඉකුත් ආත්මෙදි තමා ඈන් ෆෑන්ක් බවද...
0 out of 5

සන්ධ්‍යානන්දය

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,125.
කාර් එකෙන් බැහැලා බොනට් එක උඩ වැටිලා තිබිච්ච අරලියමල අරන් සුවඳ බලන්න ආනන්දට ආයෙත් හිතුනා.ඒත් මොකක්දෝ අහේතුවකට ඒකට හිත ඉඩ දෙන්නේ නෑ. කවුරුහරි  දකී කියලද ? නෑ දැක්කත් ඇති ප්‍රශ්නෙ මොකක්ද?
0 out of 5

වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර මහතාගේ කෘති එකතුව

Original price was: Rs. 2,020.Current price is: Rs. 1,818.
අධිකරණ වෛද්‍ය විශේෂඥ සරත්චන්ද කොඩිකාර මහතා විසින් රචිත නිහඬ නොවූ සාක්ෂි 1-4 දක්වා කෘතීන් හතරකින් සමන්විත වන අතර මරණය මරණ පරීක්ෂණය සහ ලියාපදිංචිය යන කෘතියද ඇතුළත්ව කෘති පහකින් සමන්විත පොත් කට්ටලයකි
0 out of 5

යුද්ධයේ අතුරු කතාවක්

Original price was: Rs. 400.Current price is: Rs. 320.
දෛවයේ කිසියම් කාරුණික බලවේගයක් සහ මනුෂ්‍යත්වය හඳුනන උතුම් මිනිසුන් කිහිපදෙනෙකුගේ මැදිහත් වීම මත මගෙත් ඇන්ජලා ගේ ජීවිතය බේරුණි. මේ ලෝකයේ අන්කිසිම අයෙකුට වඩා මගේ සත්‍ය ජීවිත කතාව දැන ගන්නට උවමනා වී තිබුණේ මගේ දියණිය වූ ඇන්ජලා ට ය.ඇගේ බලකිරීම නොවන්නට මේ කතාව කිසිවෙකුට දැන ගන්නට නොලැබෙනු ඇත.
Loading...