Cart

Showing 145–192 of 705 results

0 out of 5

එයාර්පෝර්ට්

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
දරුණු හිම කුණාටුවකින් අඩපණ වූ කලබලකාරී ගුවන් තොටුපොළක, පුරා පැය හතක් තුළ සිදුවෙමින් පැවති එකිනෙක හා බැඳුණු සිදුවීම් වැලක් පෙළගස්වමින් ආතර් හේලි නවකතාවක් ලෙස ඉදිරිපත් කරන්නේ ගුවන්ග මන් ක්‍ෂේත‍්‍රය පිළිබඳ පෙළපොතකි. ත‍්‍රාසයේත්, කුතුහලයේත්, තාක්‍ෂණයේත් අපූරු සම්මිශ‍්‍රණයක් වූ එය 1968 වසරේ වඩාත්ම ජනප‍්‍රිය නවකතාව බවට පත්විය. දීප්තිමත් විදුලි ආලෝකයෙන් බැබළෙන සැණකෙලි බිමක් බඳු ගුවන් තොටුපොළේත්, අව් වැසි හිම නොතකා කි‍්‍රයාත්මක වන...
0 out of 5

හීරා මණ්ඩි අභිසාරිකාවෝ

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
'හීරා මණ්ඩි අභිසාරිකාවෝ’ හෙවත් ලාහෝරයේ නැට්ටුක්කාරියෝ පාකිස්තානයේ ලාහෝර් විනෝද දිස්ත‍්‍රික්කය හෙවත් රක්තාලෝක කලාපයේ ඩාන්සින් ගර්ල්ස් (නැට්ටුම්කාරියන්) වශයෙන් හඳුන්වන යුවතියන්ගේ ආදරය අලෙවිකිරීම හා සිහින සුරැුකීම හා අදාළ කතාන්තරයයි. මෙය එම යුවතියන්ගේ ජීවිත පිළිබඳව, විශ්වවිද්‍යාලයීය කථිකාර්යවරියක වන ලූවිස් බ‍්‍රවුන් මහත්මිය විසින් කරන ලද පර්යේෂණ පාදක කරගෙන අමතක නොවන හා දයානුකම්පිත බැල්මකින්් හෙලිකරන කතාවකි. (කතුවරියගේ විශේෂත්වය වන්නේ ඇය ලොව ප‍්‍රථම නළ දරුවා ලෙස...
0 out of 5

සිරකාරිය

Original price was: Rs. 2,300.Current price is: Rs. 1,840.
මුහුදුබත් වී කාන්තාර දිවයිනකට ගොඩ ගැසීමේ සිට තුර්කි පාෂාවරයෙකුගේ අන්ත:පුරයක  හුදකලා දිවියට සහ නුපුරුදු  කුමන්ත්‍රණ අත්විඳීමට යන රොසෙටා හට කෝන්වෝල්හි ප්‍රතාපවත්  සහ ගුප්ත නිවහනක ජීවත්වීමටත් සිදුවේ.ඒ සෑම අවස්ථාවකම තම දෛවය වෙනස් කළ නොහැකි අයුරින් පුරුෂයන් දෙදෙනෙකු ගේ දිවිය සමග බැඳී ඇති බව ඇය සොයා ගනියි. ලූකස් ලොරිමර් ආකර්ෂණීය, ප්‍රායෝගික සහ සර්වදෝෂදර්ශී පුද්ගලයෙකි.ගුප්ත පුද්ගලයෙක් වෙන ජෝන් ප්ලේයර් අභිරහසකට සම්බන්ධයක් ඇති අයෙකි.අහඹු...
0 out of 5

විල්තෙර නිවහන

Original price was: Rs. 2,700.Current price is: Rs. 2,160.
කේට් මෝර්ටන් කේට් මෝර්ටන් The Lake House කෘතිය රචනා කර, ප‍්‍රකාශයට පත් කරන්නේ 2015 වසරේදීය. මෙය ඇගේ පස්වෙනි කෘතියයි. මෙය අබිරහස් නවකතා ශානරයට මෙන්ම ඓතිහාසික ප‍්‍රබන්ධ ශානරයටද අයත් වෙයි. ‘විල් තෙර නිවහන’ අතීතය සහ වර්තමානය අතර දෝලනය වෙමින් ගලා යයි. කෝන්වෝල්හි පිහිටි, එඩවේන් පවුලට අයත්, ලොඇනත් නමැති නිවෙසක් වටා ඇති අබිරහසක් මැදි කරගෙන මෙම කතාව ගෙතෙයි. සේඩි විසින් අහම්බෙන් සොයාගන්නා...
0 out of 5

ඈන් කතා මාලාව

Original price was: Rs. 5,700.Current price is: Rs. 5,130.
පොත් අටකින් සමන්විත සම්පූර්ණ ඈන් කතා මාලාව 1.අරඹෙ ගෙදර ඈන් 2.ගමට අලුත් එළියක් 3.සරසවියට ගිය ගමේ කෙල්ල 4.තුන් අවුරුද්ද 5.සිහින මන්දිරය 6.මව සහ දරුවෝ 7.දේදුනු නිම්නය 8.සුව සෙවනේ බඩපිස්සී
0 out of 5

ඇපල් ගෙඩි තුනක් අහසින් වැටුනා

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
ආමේනියාවේ, ඈත එපිට කඳුකරයේ පිහිටි මරාන් ගම්මානය, සෙසු ලෝකය හා සම්බන්ධ වන්නේ, ඉපැරණි විදුලි පණිවිඩ රැහැනකින්, සතියකට වතාවක් පැමිණෙන තැපැල්කරුවකුගෙන් හා එළුවන් පවා තරණය කරන්නට අදිමදි කරන, නිතර හිමෙන් වැසී යන, අනතුරුදායක කඳුකර මගකින් පමණි. ගම්මානයේ කෙමෙන් වියපත් වන ගම්මු, හිමපතනය, භූමිකම්පා, කෘමි වසංගත, සාගතය හා යුද්ධය හමුවේ ඒ සියල්ල නිහඬව දරා ගනිමින්, තමන්නේ පැරණි විශ්වාස, ඇදහිලි හා සිහින සමග...
0 out of 5

තිත්ත කෝපි

Original price was: Rs. 850.Current price is: Rs. 765.
වසර ගණනාවක් එකිනෙකා නොදුටු ඥාති සොහොයුරන් දෙදෙනෙක් 1859 වසරේ මුළු ලන්ඩන්  නුවරම මිහිදුමින් සළුවෙන් වැසී ගිය එක් රැයක හදිසියේ එකිනෙකා හමු වෙති. දැන් ලංකාවෙ වතු හිමියෙක් ව සරුසාරව දිවි පෙවතක් ගත කරමින් සිටින හියු නෙවිල් තම නිහඬ ඥාති සොයුරාගේ සිත තුළ නව බලාපොරොත්තුවක් දල්වන්නේ ලංකාවේ තම කෝපි වතු යායට යාබදව  ඇති අනෙක් වතුයායක් මිලට ගන්න ටොම් පොළඹවා ගනිමිනි.එංගලන්තයෙන් සමුගන්නට සුළු...
0 out of 5

මිසර අප්සරා

Original price was: Rs. 1,650.Current price is: Rs. 1,485.
වාලුකා කතර රන් පැහැයෙන් ඒකාලෝක කරමින් ප්‍රභාමත් වූ හිරු නැගී ආවේය.ඉර අවුවට රත්ව ගිය වැලි බිම මත දණ ගසා සිටි සෙත් සිටියේ තීරණයක් ගත නොහැකිව ලත වෙමින් ය.ඔහුගේ හදවතෙහි කොනක් වේදනාවෙන් ඉරිතැලී ගොස් තිබුණි. "අහගන්න මගේ ආදරණීය දරුවා ඇගේ පියා වූ වර්තමාන රජු තමයි කුමන්ත්‍රණ කර ඔබේ පියාව මරා දැමුවේ.ඉතින් ඇගේ සිරුරේ දුවන්නෙ ඔබේ පියා මරා දැමූ ඒ ද්‍රෝහී රුධිරය...
0 out of 5

කෆ්කා මුහුදු වෙරළේ

Original price was: Rs. 2,200.Current price is: Rs. 1,980.
ජපන් ජාතික හරුකි මුරකාමිගේ කෘති භාෂා පනහකට වැඩි ගණනකට පරිවර්තනය වී තිබේ.ඔහු දිනා ඇති ජාත්‍යන්තර සම්මාන අතර 'ජෙරුසලම් ත්‍යාගය'' ෆ්‍රාන්ස් කෆ්කා'  සහ මෙම නවකතාව සඳහා 2006 දී ලද world fantasy ත්යාගය කැපී පෙනෙයි.යම් දවසක නොබෙල් ත්‍යාගයට හිමිකම් කිව හැකි නවකතාකරුවෙකු වශයෙන් ඇතැමුන් විසින් හඳුනාගෙන ඇති ඔහු ,ජපාන පාඨක සමාජයට වඩා බටහිර පාඨක සමාජයේ කීර්තියට හිමිකම් කියන්නෙකි. සුවිශේෂී චරිත දෙකක දෛවය...
0 out of 5

ජීවිතයෙන් මාස හයක්

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,620.
"ඔයාගේ උරහිසට ඔළුව තියාගත්තාම දන්නෙම නැතිව නින්ද ගියා.” සෙව්වන්දි කීවාය. සිසිල පහව ගොස් ඇති කීම වීදුරුවෙන් දෙතොල් තෙමාගෙන තත්පර ගණනක් මදෙස බලා සිටින ඇය. 'අපි දෙන්නට බය වෙන්න කිසි දෙයක් නැහැ නේද? ' යනුවෙන් ඇසුවේ මා කිසි දිනක නොදුටු දුකක් මුහුණට මවා ගනිමිනි. දුක, සන්තාපය ඇගේ මුහුණට ගැළපෙන හැඟීම් නොවේ. යම් හෙයකින් නිහාරා සොයා ගියෝතින් මා අසලි සිටින සුන්දර්යගේ මුහුණ...
0 out of 5

නූරා

Original price was: Rs. 690.Current price is: Rs. 586.
තුන්දෙනා අතර පැවතියේ දැඩි නිහඬතාවයකි.පරවියන්ගෙ කූජන හඬත් තටු ගැසීමේ හඬත් හැර වෙනත් කිසිදු හඬක් නො වී ය.නූරා කල්පනා කළේ රහස එළි කිරීමට කරුණු කාරණා යෙදී තිබියදීත් ලතීෆා එසේ නොකළේ ඇයි ද යන්න ගැන ය.ලතීෆා කෑම බන්දේසිය වෙතට ඇස් යොමාගෙන සිටින බව නූරාට පෙනිණි.මේ රහස කිසිදා හෙළි නොවන්නක් බවට ඇයට සක්සුදක් සේ පැහැදිලි විය.
0 out of 5

වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්

Original price was: Rs. 750.Current price is: Rs. 600.
White Fang පරිවර්තනය : ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය  
0 out of 5

තාරා

Original price was: Rs. 500.Current price is: Rs. 400.
ඒ පිරිමි ළමයා මැරුණේ කුර්දිසථාන පොළවේ දූවිල්ල සිපගෙන.එදා ඉදන් තාරාගේ ජීවිතය වෙනස් වුණා.එදා ඉදන් තාරා ගේ ජීවිත කතාව තමයි මේ. උපන් පොළොවට අහිමි වෙලා එහෙම්පිටින්ම සරණාගත වුණු නිර්භීත ජාතියක කතාව තමයි මේ.
0 out of 5

හියුෆන්ට් ප්‍රේමේ

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.
Hiyufunt preme කතෘ : දිලීප ජයකොඩි  
0 out of 5

වියරුව

Original price was: Rs. 800.Current price is: Rs. 720.
අදයතන දේශපාලන සිදුවීම් පැරණි ජන විශ්වාස මෙන්ම අභිරහස් සිදුවීම් ද මුසු ත්‍රාසය දනවන නිර්මාණයක් වන මෙය අවසානය තෙක්ම ඔබ නොඉවසිල්ල ට පත් කරනු නිසැකය. ශ්‍රී ලාංකික ලේඛිකාවක හා ඉතිහාසඥයෙකු වූ සදනි බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ නිලධාරියකු වන ඇගෙන් වෙන් ව සිටි ස්වාමි පුරුෂයා වූ කෙවින් සහ සිය අවසන් පලිගැනීම ලෙස මහා පරිමාණය විනාශයක් අරමුණු කරගත් කුරිරු මෙන්ම තීක්ෂණ බුද්ධියකින් යුතු...
0 out of 5

මායාව

Original price was: Rs. 800.Current price is: Rs. 720.
නූතන කතාව තුල වූ ප්‍රධාන පුවත සිද්ධාර්ථ ගෞතමයන්ගේ බුද්ධත්වයට පත්වීමේ සිට මෛත්‍රී බුදුන්ගේ සම්බුද්ධත්වය දක්වා වන වර්තමාන කල්ප කාලය ආආවරණය  කරයි. එහෙත් ප්‍රධාන  කතාව ගොඩනැගෙන්නේ වර්තමානේ දැනට පරාජිතව සිටින කැරලිකරුවන් කණ්ඩායමක් වෙනම රාජ්‍යයක් සඳහා වූ ඔවුන්ගේ ඉල්ලීමට උදව් දෙන පිපිටස්තර  රටක සහයෝගය ඇතිව නීත්‍යානුකූලව පත් රජය සමග සාම සාකච්ඡා පවත්වන වකවානුවේදීය.
0 out of 5

රාජ උරුමය

Original price was: Rs. 475.Current price is: Rs. 427.
ක්‍රිස්තු පූර්ව 140 දී දුටුගැමුණු රජතුමා හා සබැඳි මිල කළ නොහැකි වටිනාකමකින් යුතු වස්තුවක නිර්මාණය ගැන සටහනකින් ඇරඹෙන the legacy නවකතාව ඉනික්බිති ගෙතෙනුයේ වර්තමානයේ දී එය සොයා යන පුවත වටයි, ඒ හා සබැඳි පෞරාණික ගැටළු ලිහා ගන්නට තැත්කරන විදේශික පුරාවිද්‍යාඥයන්ට ත්‍රස්තවාදීන්ගේ ද, බලලෝභී දේශපාලනඥයින්ගේ ද අඅතවර  වලට මුහුණ දෙන්නට සිදුවෙයි. ලංකාව එහි විචිත්‍ර ඉතිහාසය හා පෞරාණික ස්ථාන මෙන්ම වත්මන් දේශපාලන...
0 out of 5

පෙරදැක්ම

Original price was: Rs. 800.Current price is: Rs. 720.
කතාව ඇරඹෙන්නේ බර්ලින් පවුර බිඳවැටීම  බිඳ වැටීමත් සමග රාජ්‍ය ආරක්ෂක ක්‍රමය සඳහා වූ සෝවියට් කමිටුවේ (KGB) ප්‍රධානියා අනාගත ප්‍රචණ්ඩත්වයට මුල පුරන්නන්ගෙන් ලෝකයේ ඇති බල සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීමට සැලසුම් දියත් කිරීමෙනි. යුදෙව් ජාතික පුරාවිද්‍යාඥවරියක විසින් උතුරු ඉන්දියාවේ හුදෙකලා ආශ්‍රමයක පෞරාණික අනාවැකියක් සොයාගැනීම, ඊශ්‍රාලය බුද්ධිමය සහ විශේෂ මෙහෙයුම් ආයතනයට (මොසාඩ්) සිදුවිය හැකි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් ගැන අනතුරු ඇඟවීමක් කරයි.ආමේගෙඩෙන් සිදුකිරීමට තැත් කරන්නන්...
0 out of 5

DUO

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,215.
උමා සහ සාරා කාලවකවානු දෙකක දෙරටක ජීවත්වන තරුණියන් දෙදෙනෙකි. ඔවුහු සමාජ සමාන සංසිද්ධීන් හරහා ඇවිද යති. හෙවත් පරපීඩක පිරිමින්ට මුහුණ දෙති. අනතුරුව උදා වන සමාජ පරාමිතීන් හා මේ දෙදෙනා ගනුදෙනු කරන්නේ දෙයාකාරවය. උමා සන්තානගත අඳුරක වෙලී උකටලීව සැනසුම සොයා සරන්නී, සතුට අන් තැනක සෙව්වාය. සාරා අරුමැති ජීවිතේ ප්‍රහර්ශ්ය හඹා යන්නී, දිවියේ සාරය දකින අදිටන සුරතට කැටිකොට ගත්තාය. නීතිය හෝ ගා...
0 out of 5

ආනන්ද ලියනගේ මහතාගේ පොත් කට්ට්ලය

Original price was: Rs. 3,675.Current price is: Rs. 3,120.
රාජ උරුමය  පරිවර්තනය : අනුල ද සිල්වා  pages - 376 මායාව පරිවර්තනය අනුල ද සිල්වා  pages - 474 පෙර දැක්ම  පරිවර්තනය  ආනන්ද ලියනගේ pages -506 වියරුව - පරිවර්තනය : අනුල ද සිල්වා pages 440 නිව්න් දරුවෝ පරිවර්තනය  ශ්‍රීමාල් ලියනගේ pages 448
0 out of 5

රිදී නුලේ මායාව

Original price was: Rs. 490.Current price is: Rs. 392.
අඟහරුවාදා දිනයක උපන් නිසා tuesday නම ලැබූ දැරියක් සිටියාය. ඇගේ මව ළමා පොත් ලියන ලේඛිකාවකි. දිනක් හදිසියේ තම මව අතුරුදහන්ව ඇතැයි දැනගන්න tuesday ඈ සෙවීමට  වෑයම් කරයි එහිදී හමුවන විශ්මිත විශ්මිත රිදී නූලක් මඟින් ඇය අපූරු ලෝකයකට පිවිස එහි දී ඈ ලබන ත්‍රාසජනක අත්දැකීම් රැසක් මෙම පොතට පසුබිම් වී තිබේ.
0 out of 5

ගොලොවුල්යෝවු පවුලේ කථාන්තරය

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,620.
“ප්‍රවේණි දාසක්‍රමයේ නරක ම අවස්ථාව දැක බලා ගැනීමට මගේ ළමාවියෙහි දී මට හැකි විය. එය සමාජ ජීවිතයේ හැම ස්තරයකට ම ගලා ගොස් තිබිණ. ඉඩම්හිමි රදලයන් හා වහල් භාවයේ බැඳී සිටි ගොවිජනයා පමණක් නො ව, වරප්‍රසාද හිමි අහිමි කවර සමාජ පන්තියක් වුව ද පරිහානිගත වෙමින් තිබිණ. මුළුමනින් ම අයිතිවාසිකම් අහිමි වූ පරිසරයක් තුළ, වංචාව, කෛරාටික භාවය මුල් තැන ගෙන තිබිණ. කවර...
0 out of 5

රත් වරලැති ලිය

Original price was: Rs. 600.Current price is: Rs. 540.
ළිං කණින්නකුගේ ගෝලයෙකු ලෙස සේවය කිරීම සඳහා එක්තරා ගිම්හාන සෘතුවකදී ස්තාන්බුල් නුවර අසල ඇති කුඩා ප්‍රාදේශීය නගරයකට යන දහසය හැවිරිදි ජෙමී ඔහුට වඩා වයසින් දෙගුණයකටත් වඩා වැඩිමහල් රතු හිසකෙස් ඇති නාට්‍ය නිළියක හා දුටු මතින් පෙමින් බැඳෙයි.ඒ ප්‍රේමය  කරණ කොටගෙන හටගත් සිද්ධිදාමය ඊට තිස් වසරකට පසු එහි උච්ච ස්ථානයට ළඟා වෙයි. පියවරුන් සහ පුතුන් අතර ඇති සදාතනික අරගලය, සත්‍ය මිත්‍යා...
0 out of 5

පටලැවිල්ල

Original price was: Rs. 680.Current price is: Rs. 544.
නින්දට යාමට පෙරාතුව ඈ ජනේලය අසල ටික වේලාවක් වාඩිවී සිටියාය. දියේ ගිලුණු ජෝන්ගේ උස්ව පිහිටි තණ බිමේ ලපටි ස්පෲස් ගස් දෙකක් අතර රතුම රතු පාට ඉරක් ගිලෙමින් තිබුණි.එය නොපෙනී ගිය පසුව හිම මතින් මහ පොළොවේ දක්නට නොලැබෙන නිල්වන් ගොගොම්මන් එළියක් විහිදුණි .අඳුරු දුක්මුසු වරාය මතින් වළාකුලු  මුහුණක් මතින් සද නැගුණි.
0 out of 5

හිතුවක්කාරී

Original price was: Rs. 650.Current price is: Rs. 520.
ට්‍රෝජන් නුවර හෙලන් මගේ රන් පාට කොණ්ඩය තියෙන රිබ්න් වගේ නම් ඈ සටන් කළ දිනා ගන්න තරම් වටිනා කෙනෙක් බව මට අවබෝධ වුණා.ඇගේ ඇස් දෙක...! ඒ නිල් ඇස් තරම් බලන්න ලස්සන වටිනා දෙයක් තවත් නැති බව මට දැනුනා.ඇගේ ඇස් පිය සැලීමෙන් මට කරපු දේ ඔබට හිතාගන්න බැරි වෙයි. "ඈ ඔබත් එක්ක ආදරෙන් බැඳුණද තාත්තා?" "ඒ වගේ යමක් වුණා" "ඔව් ඇය...
0 out of 5

කළු කඳුළේ උමං මග

Original price was: Rs. 1,850.Current price is: Rs. 1,572.
කෝරා ජෝර්ජියාවේ කපු වගාවක වහලියක වූ අතර ඇය මෙන්ම අනෙකුත් කළු ජාතිකයෝ ද එහි අපාදුක් වින්දාහ. ඇගේ මව මේබල් වතු යායෙන් පලාගිය අතර වහලුන් දඩයම් කරන්නකු වූ රිජ්වේට ඇය සොයා අල්ලා ගැනීම බාර විය. පලමු වතාවට අසාර්ථකත්වය හා අවමානයේ නීරස වින්දේ මේබල් අල්ලා ගත නොහැකි වීම නිසාය. වසර කිහිපයකට පසුව කෝරා පලාගියාය ඇයගේ මව මේබල් පිළිබඳ රහස් කළු ජලයේ සැඟවී...
0 out of 5

දැරියකගේ ප්‍රයාමය

Original price was: Rs. 750.Current price is: Rs. 675.
ඒ යුද්ධය රාක්ෂයෙකි සියක් වසරක් තිස්සේ රට පුරා නගර ගම් දනව් වල ඇවිදිමින් ලේ පෙරාගෙන මිනිසුන් අමු අමුවේ කකා සිටි රාක්ෂයෙකි. අවුරුදු හතක් වයසැති මේ ළමයා සිය සුකුමාල ලපටි අතින් පහර දී ඌ බිම හෙළා ඇත. අර බලන්න ! ඌ අත්ත පාතේ රණ බිම මඩ වගුරක ආයිත් නොනැගිටින සේ දරදඩු වී මැරී වැටී සිටින හැටි
0 out of 5

සුළඟේ සෙවණැල්ල

Original price was: Rs. 925.Current price is: Rs. 832.
බාර්සිලෝනා නුවර 1945 - දෙවැනි ලෝක යුද්ධයෙන් සහ ඊට කලින් සිවිල් යුද්ධයෙන් ඇතිවූ මහා විනාශයෙන් ගොඩ එමින් සිටින නගරයක්. මවගේ අකල්  මරණයෙන් කම්පාවට පත්ව සිටින දනියෙල්, පියාගෙන් තෑග්ගට ලැබෙන එක්තරා ගුප්ත නවකතාවක් කියවීමෙන් පසු එහි කතුවරයා සොයා යාමේ කුතුහලයෙන් මැඩෙයි. ඒ ගමනේදී ඔහුට හමුවන්නේ බාසිලෝනා  නුවර වැළලී ගිය මහා අභිරහසකි. එම අබිරහස තුළින් ඝාතනය සහ උන්මාදය සමඟ මිශ්‍ර වූ අසම්මත...
0 out of 5

උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා

Original price was: Rs. 1,480.Current price is: Rs. 1,184.
නළලේ කැළලක් ඇති , නිතර මහන්සි පෙනුමෙන් සිටින මහා කවියා වයෝවෘධ ය, බෝතල් අඩිවන් උපැස් අතරින් ගලන කදුළු ඇතිය, ඇසීම දුබල ය .   බිරිඳ විසින් පරිවර්තනය කළ මොහුගේ කවි රටවල් කිහිපයක ප්‍රකාශයට පත්ව ඇති විටෙක, ඔහුගේ කවි පාසල් පෙළ පොතින් ඉවත් කෙරේ.    බෞද්ධ භික්ෂුවකව සිටි කලෙක ඔහු කියුබිසම් ආරේ චිත්‍ර අදී. ඔහු කියුබිසම් ආර චිත්‍ර තෝරා ගනුයේ ගැහැනු හෙළුව...
0 out of 5

දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ

Original price was: Rs. 650.Current price is: Rs. 520.
රයිටෙක් වෙච්ච සල්ලිකාර රාගව්, නාහෙට නාහන මොළකාර අපතයෙක් වූ ගෝපාල් අතරට මැදිවන සොඳුරු මුවැත්තියක වන ආරති නිම්හිම් නැති ආදරයේ දෙකෙලවරටම රැගෙන යන තුන් ඈඳතු ප්‍රේමයේ ආස්වාදජනක කතාන්දරය.
0 out of 5

සයිකො

Original price was: Rs. 600.Current price is: Rs. 540.
සිග්මන් ෆ්‍රොයිඩ්ගේ සංකල්පයන් පරිහරණය කලෙක ලොව විලාසිතාවක් බවට පත් විය රොබට් බ්ලෝච් නම් ඇමෙරිකානු ලේඛකයා විසින් ලියන ලද 'සයිකෝ' නවකතාව බොහෝ ජනප්‍රිය වීමට එක් හේතුවක් වන්නේ ඇල්ෆර්ඩ් හිච්කොක් නම් ශ්‍රේෂ්ඨ සිනමාකරුවාගෙන් එය සාමාන්‍ය සිනමා නිර්මාණයක් බවට පත්වීමය.හැදෑරීම් වලට ලක්වන ලොව උසස් සිනමා කෘති අතර මෙය අද ද ප්‍රමුඛස්ථානයක් ගනී.
0 out of 5

මනෝහර නත්තල් ගීතයක්

Original price was: Rs. 750.Current price is: Rs. 675.
දරදඬු මසුරු හෝ ආත්මාර්ථකාමී ව්‍යාපාරිකයෙකු වූ එබනේසර් ස්කෲජ් වෙත එක් නත්තල් රාත්‍රියක්  තුළ පිළිවෙලින් අවතාර තුනක් එති.ඔවුන් වෙතින් ලැබූ අද්භූත අපූරු අත්දැකීම් නිසා හෙතෙම සිය දුර්ගුණවලින් සදහටම වෙන්වී ඊට හාත්පසින් වෙනස් ගුණාංගවලින් පිරිපුන් අයකු බවට ඒ රාත්‍රිය තුළ දී පරිවර්තනය වේයි. චාල්ස් ඩිකන්ස්ගේ මේ සුන්දර අද්භූත කුඩා නවකතාව තුළින් මනුෂ්‍යයන් අතර ඇති විවිධ බෙදීම් සියල්ල අබිබවා යන මෛත්‍රිය, දයාව, කරුණාව...
0 out of 5

ලයිල… ලයිල… ලා…!

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,000.
සජීවී සුරූපිනියන් සමඟ මෙන්ම අජීවී සුරූපිනියන් සමඟ ද රංගනයේ යෙදීමේ අතෘප්තිකර ආශාවන් ගෙවුණු, විකෘති මනසකින් යුත් පුද්ගලයකුගේ අසාමාන්‍ය හැසිරීමට ගොදුරුව අභිරහස් ලෙස මරු වැළඳගත් රූමතියන් රැසකගේ ඛේදවාචකය! ත‍්‍රාසය, කුතුහලය පිරි උද්වේගකර නවකතාව ලයිල…. ලයිල…. ලා….
0 out of 5

Un හැපි බර්ත් ඩේ

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
හෙට, ඇය කවුරුන්ද යන වග ලොවට හෙළිවෙන දවසයි. ඇය බියෙන්, තැතිගැන්මෙන් ගල් ගැහෙන දවසයි. වසර හතකට කලින් පොලීසිය විසින් පුන පුනා ඇගෙන් විමසූ ප‍්‍රශ්නයට පිළිතුරු දීමට ඇය යළි උත්සාහ කරන දවසයි! ‘‘නැන්සි… දැන්වත් ඇත්ත කියමුද?’’ පොලීසිය ඇයට එසේ කියනවා ඇත. ‘‘දැන්වත් කියනවද.. කෝ ඔහෙගෙ දරුවො?’’ මුළු නඩු විභාගය පුරාම ඇය ඇසින් කඳුළක් හෙලූවේ නැත. විනිසුරුවරයා ඇයට මරණ දඬුවම නියම කළ...
0 out of 5

මරණයේ දොරටුව

Original price was: Rs. 500.Current price is: Rs. 400.
හිට්ලර්ගේ මිනීමරු කම්හල තුළදී වෛද්‍යවරයෙකු ඇසින් දුටු සාක්ෂි. වියරු වැටුණු නාසි රාජ්‍ය එහි අවසාන දර්ශනය  ලෝක වේදිකාව මත රග දක්වමින් සිටියහ. මුළු ලෝකයටම ගිනි තබන ලද ඔහු අද ඔවුන්ගේ ම ගිනි මැලයට වැටී දැවෙමින් සිටින්නෝය. දශකයක් තිස්සේ මුළු ලෝකය පුරා රැව් දෙන ලද "ලෝකයේ උතුම්ම ජාතිය ජර්මනියයි" යන ආඥාපතියාගේ වියරු හඬත් සමග ඔහු අද පොලොව යට ඇති බංකරයට වී ගැහෙමින්...
0 out of 5

බොහීමියන් දැරියෝ

Original price was: Rs. 950.Current price is: Rs. 855.
නිර්ව්‍යාජ යෞවනත්වයෙන්, කුළුඳුල් අනුරාගෙන් හා අසීමිත කුතුහලයෙන් ත්‍රිමානීය වූ දැරියන් තිදෙනෙකු සතු පාසල් දිවියක නිමාවත් මහා ව්‍යසනයක ඇරඹුමත් එකී විපාකය තුළින් උපන් වේදනාකාරී අතුරුඵල ඔවුන්ගේ අධ්‍යාත්මය වෙනස් මගකට රැගෙන ගිය අයුරුත් ගැන කියවෙන කතාවකි 'බොහීමියන් දැරියෝ'
0 out of 5

ආර්යා

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
මජර දේශපාලනය හා අවිනීත මාධ්‍ය සංස්කෘතිය තුළ දෝලනය වෙමින් ඒ සියලු තැන්වල නිල අල්ලා බලය සියතට ගන්නා උත්පලා නම් මානවිකාව සකල විධ සමාජ බලවේගයන් තමන් ඉදිරියේ දණ ගස්වා ඉතා උපක්‍රමශිලීව සිය ඉලක්කය සපුරා ගනිමින් කූඨප්‍රාප්තියට පත්වන්නීය. ශ්‍රී ලංකා දේශපාලනයේ හා මාධ්‍යකරණයේ නිරුවත හෙළිකරන හර්ෂය, ප්‍රමෝදය, ආවේගය, උද්දාමය කුතුහලය හා විමතිය දනවන කාලීන සමාජ හා දේශපාලනමය ත්‍රාසජනක නවකතාවකි…..
0 out of 5

සිහිවටනයක ලියැවුණු කතාවක්

Original price was: Rs. 550.Current price is: Rs. 495.
පාවහන් අලුත්  වැඩියා කරන්නෙකුගේ දරුවකු ලෙස උපන් හෙන්රි ඔලිවර් රින්නන්ගේ ළමාවිය එතරම් යහපත් එකක් නොවීය.පාසල් පරිසරයේදී හා වැඩුණු සමාජයේදී ඔහුට සම වයසේ අයගෙන් විඳින්නට සිදුවූ හිරිහැර නින්දා හා අක්‍රමිකතා ඔහු නෝර්වේ ,  තමා උපන් රටේ අති භයානක මිනීමරුවෙකු හා දේශද්‍රෝහියකු බවට පත් කළේය.මිනිසුන්ගේ අසීමිත වෛරයට ලක් වූ ඔහු වල දැමූ ස්ථානය පවා රහසකි. බලකාමී උන්නතිකාමී වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජර්මන් හමුදා...
0 out of 5

සන්ධ්‍යානන්දය

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,125.
කාර් එකෙන් බැහැලා බොනට් එක උඩ වැටිලා තිබිච්ච අරලියමල අරන් සුවඳ බලන්න ආනන්දට ආයෙත් හිතුනා.ඒත් මොකක්දෝ අහේතුවකට ඒකට හිත ඉඩ දෙන්නේ නෑ. කවුරුහරි  දකී කියලද ? නෑ දැක්කත් ඇති ප්‍රශ්නෙ මොකක්ද?
0 out of 5

පට්ටපල් බොරුකාරයා

Original price was: Rs. 1,290.Current price is: Rs. 1,096.
රිචඩ්  ක්‍රියාකාරී ව හැසිරෙන්නේ නම් ජේම්ස් හාර්ලෝ ඔහුට විරුද්ධව කටයුතු කරනු ඇත.මේ දෙදෙනාගෙන් ශූර චෞරයා පමණක් ඉතිරි වනු ඇත.අනෙක් පුද්ගලයා පරලොව යෑම නිසැකය.මොවුන්ගේ ක්‍රියාකාරකම් ගැන සලකා බලන විට ප්‍රාන්ත පොලිසියත්, ෆෙඩරල්  පොලිසියත් අසරණ බව පෙනී යයි  
0 out of 5

මගේ චිකාගෝ හදවත

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,125.
කෘතිම දරු පිළිසිඳ ගැනීමක් ප්‍රාර්ථනාවෙන් ප්‍රතිකාර පතා ඇමරිකාවේ  චිකාගෝ නගරය වෙත සංක්‍රමණය වූ ලාංකික යුවළකගේ අවුරුදු දාහතක් වයසැති දරුවා වටා ගෙතුණු කතාවකි මගේ 'චිකාගෝ හදවත'.කලු ජාතික මිතුරන් හා ගැටෙමින් වෙලෙමින් එයම පන්නරයක් කරගනිමින් සිය අනන්‍යතාවය නිර්මාණය කරගන්නා ගැටවරයෙකු ගේ ජීවිතාරම්භයකි එය. ඉරණම  විසින්  තලාපෙලා අධ්‍යාපනය විසින් හැඩගස්වන ලද සෙල්ලක්කාර  යෞවනයකු ගේ පාසල් විය ගැන කියවෙන උන්මාදනීය යථාර්ථයකි. සම්ප්‍රදානුකූල චින්තනය මැදින්...
0 out of 5

වනයෙහි උපන්

Rs. 800
කෝරළ හතරක් තුළ ශත වර්ෂ දෙකක් මුළුල්ලේ වාසය කළ මිනිස් පරම්පරා හතරක් පිලිබද නිර්මිත මන:කල්පිත  ප්‍රබන්ධයක් වන ගීතගෝවින්ද වස්තුව
0 out of 5

වැනිසියේ බණ්ඩාර

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,215.
"මෙහි පිරිමින්ට ඕනේ ගෑනු එක්ක කතාව නෙමෙයි,ගෑනු රස විඳින්න,"මස්සිනා එකටෙක කීවේ ය."ගෑණුන්ට විතරක් නෙමෙයි ඉතාලි පිරිමි හුඟක් දේට ආස කරනවා..කලාව රස් විඳින්න,රේස් කාර් එලවන්න, කෑම උයන්න, මල් වවන්න තව ජෙලාටෝවලට... දේකට තියෙන ඇල්ම ඉතාලිකාරයන්ගේ  ආත්මය අයිති කරගෙන."
0 out of 5

සසංකාර

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
sasnkara කතෘ : කුමාර සිරිවර්ධන ප්‍රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ
0 out of 5

භවනිරෝධ

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,160.
ධම්මදියා තෙරණියෝ ඉමහත් ගෞරවයෙන් යුතුව දමරකිත ස්ථවිරයන්ගේ පාද නමස්කාර කළහ. කල්ප කාලාන්තරයක් තිස්සේ ඔසොවා ගෙන ආ සාංසාරික ප්‍රේමයක මහා බර මතක ඔලොගුව පසෙක තැබීම පහසු නැතත් එය කළ යුතුමය.
0 out of 5

සවන් ළග සරන්නා

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,275.
ලේඛකයෙකු වන ටොම් කෙනඩි සිය බිරිඳගේ හදිසි වියෝවෙන් පසු සන්තාපයෙන් පිරි හදවත් සුවපත් කරගෙන නව ජීවිතයක් ඇරඹිමට හැකිවනු පිණිස ඔහුගේ හත් හැවිරිදි පුතු වන ජේක් සමඟ ෆෙදර්බෑන්ක් නම් ප්‍රදේශයක පිහිටි නිවසක පදිංචියට යයි. ඒ කාලයේදීම ෆෙදර්බෑන් වලින් කුඩා පිරිමි ළමයෙකු අතුරුදහන් වන අතර එහි සුලමුල සොයා ගැනීමේ වගකීම පීට් විලිස් සහ ඇමැන්ඩා බේක් යන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා වෙත පැවරේ ඒ...
0 out of 5

මම රක්ත වර්ණ නම් වෙමි

Original price was: Rs. 1,100.Current price is: Rs. 990.
1590 දශකයේ මුල් භාගයේ ස්තාන්බුල් නුවරදි,සිය ජීවිතයත්, අධිරාජ්‍යත් වර්ණනා කරනු පිනිස ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් නිර්මාණය කරන ලෙසට ඔටෝමන් සුල්තාන්වරයා තම චිත්‍ර ශිල්පීන්ට රහසින්  නියම කරයි.ඒ  මාහැඟි ග්‍රන්ථයේ පිටු අලංකරණය කිරීම එවක විසූ විශිෂ්ට චිත්‍ර ශිල්පීන් හට පැවරෙයි.එහෙත් ඒ චිත්‍ර ශිල්පීන් අතරින් එක් ක්ෂුද්‍ර  චිත්‍ර ශිල්පියකු මරා දැමුණු විට මිනීමරුවා සොයා ගැනීම පිණිසත් ග්‍රන්ථයේ වැඩ නිම කරනු පිණිසත් පිටස්තරයකු ගේ සහය පතන්නට...
0 out of 5

රතු මරණය සහ විශ්ව සාහිත්‍යයේ තවත් බිහිසුණු කතා

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,215.
මෙම කෘතිය හරහා ඔබට ඉදිරිපත් කෙරෙන්නේ ත්‍රාසය සහ කුතුහලය තේමා කරගනිමින් ප්‍රකට ලේඛකයන් විසින් විශ්ව සාහිත්‍යයට එක් කරන  ලද කෙටිකතා කිහිපයක සිංහල පද පරිවර්තනයයි මේවායේ විශේෂත්වය වන්නේ රුධිරයෙන් නැහැවුණු භයානක මුහුණු හෝ ඇවිදින මළමිනි ආදිය ගැන කෙරෙන සාම්ප්‍රදායක විස්තර වලින් තොරව පාඨකයා තුළ මහත් සංත්‍රාසයක් සහ කුතුහලයක් ජනිත වන අයුරින් මෙම නිර්මාණ ඉදිරිපත් කෙරී තිබීමයි
Loading...