Wijesooriya Grantha Kendraya
ඉසිවරයා
Original price was: Rs. 480.Rs. 384Current price is: Rs. 384.
Immortal Prophet of Lebanon යනුවෙන් විරුදාවලී ලද බලීල් ජිබ්රාන් නම් දාර්ශනික ලේඛකයාගේ කෘති ලෝකයේ භාෂා ගණනාවකට පරිවර්තනය වී තිබේ. ඔහුගේ කෘති ඉංග්‍රීසි හා අරාබි භාෂාවලින් ලියැවී ඇත. මෙය The Prophet යනුවෙන් ඉංග්‍රීසි පාඨකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ පොතේ සිංහල පරිවර්තනයයි. කතාවක ස්වරූපයෙන් ඉදිරිපත් වුවත් ආදරය, විවාහය, දරුවන්, දුක සැප, අපරාධය හා දඬුවම, නීතිය, නිදහස, කාලය, මරණ ආදී විවිධ මාතෘකා...
බින්දුගේ දරුවා
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
වැදූ මව හා හැදූ මව අතර දරුවෙකුගේ ජීවිතය... හදා වඩා ගැනීමෙන් දරුවෙකු අයිති කරගැනීම හෝ අහිමි ජීවිතයක් උරුම කර ගැනීමට ගන්නා වූ වෙහෙස... සාම්ප්‍රදායික පුරුෂාර්ථ මත ගොඩනැඟුණ ගෘහ ජීවිතයක සබඳතා... අනුවේදනීය ස්වරයකින් හා සියුම් චිත්ත විවරණයකින් යුතුව මේ කෘතියෙහි වර්ණිතය
අලුත් කවි මංජුසාව
Original price was: Rs. 1,250.Rs. 1,000Current price is: Rs. 1,000.
පාඨක රසික භවතුනි, වින්දන කුසලතාව උරුම කර ගැනීමට හා දියුණු කර ගැනීමට වඩාත් පහසු හා උචිතම සාහිත්‍යංගය වන්නේ කවිය බව මගේ පිළිගැනීමයි. වින්දන කුසලතාව දරුවන්ට පුහුණු කිරීමට ගුරුභවතුන්ට ඉවහල් කර ගත හැකි වඩාත් පහසු හා උචිතම සාහිත්‍යංගය කවිය බව ද මගේ පිළිගැනීමයි. කවි කියවීම, රස විඳීම, ‘හෙමින් කළ යුතු - උවමනාවකින් කළ යුතු', පෞද්ගලික අභ්‍යාසයකි. ජීවිතාවබෝධය මෙන්ම සමාජාවබෝධය උදෙසා ද...
ලොවේ වැජඹෙන කලාව -Think and Grow Rich
Original price was: Rs. 1,400.Rs. 1,120Current price is: Rs. 1,120.
සාර්ථකත්වයට පත් නොවූවන් තුළ පොදුවේ දක්නට ලැබෙන එක් ගති ලක්ෂණයක් වෙයි. එනම් ඔවුහු අසාර්ථකත්වයට පත්වීමේ සියලු හේතු දනිති. එමෙන්ම ඔවුහු තම ජයග්රහණයන් වැළැක්වීමට බලපෑ නොහැකියාවන් හෝ නැතිවාදයන් හොඳින් දනිති. මෙම නොහැකියාවන්ගෙන් සමහරක් පැහැදිලිය. එයින් කිහිපයක් සත්‍ය මගින් සාධාරණය කළ හැකිය. නමුත් මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් මෙම නොහැකියාවන් පැවසීම පළක් නොවේ. ලෝකයට දැන ගැනීමට අවශ්‍ය වන්නේ එක් දෙයක් පමණි, ඒ ඔබ...
සාර්ථක වන්නේ මෙහෙමයි
Original price was: Rs. 1,450.Rs. 1,160Current price is: Rs. 1,160.
වසර පතා යවුන් තරුණ තරුණියෝ දහස් ගණනින් රැකියා වෙළඳපළට පැමිණෙති. ඉතාම අපහසුවෙන් ඒ රැකියා ලබා ගන්නා සමහරුන් අනෙක් සමහරුන්ට වඩා සාර්ථක වන්නේ ඇයි? එයින් සමහරුන්ට බලය සහ හිමි තනතුරු ඉක්මනට ලැබෙන්නේ ඇයි? වෙනත් අයට මුළු ජීවිත කාලය පුරා එවැනි තනතුරක් හෝ නොලැබෙන්නේ ඇයි? "සාර්ථක වන්නේ මෙහෙමයි" නම් කෘතිය ලියැවී ඇත්තේ වැඩ ලෝකයට ඇතුළු වෙමින් සිටින පිරිසට මේ වැදගත් මූලධර්ම හඳුන්වා...
වැඩ කිරීමේ සතුට
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
අපේ ජීවිතයේ වැඩි කොටස ගෙවනුයේ වැඩවල නිරත වීම සඳහාය. එහෙත් අප වැඩි දෙනෙකුට අපේ රැකියාවන් මරණය හා බදු ගෙවීම් වැනි අප්‍රිය, කරදරකාරී එමෙන්ම ඒකාකාරී වූ ඒවා හා හැඟෙයි. රැකියාව වෙහෙස ගෙන දෙයි. මීට හේතුව වන්නේ මොනවද? ඒ හේතු අවබෝධ කර ගැනීම යනු අප අපට ආදරය කිරීමකි. සතුටින් වැඩ කළ හැකිනම් අපේ ජීවිතය සතුට පිරුණු එකක් වෙයි මේ පොත ඒ සඳහා...
ආදරයේ භාෂා
Original price was: Rs. 980.Rs. 784Current price is: Rs. 784.
විවාහකයන් දුරස් කරවන ආදරයේ "භාෂා 5" සංකල්පය මුල් වරට ලොවට ඉදිරිපත් කළේද ආචාර්ය ගැරී චැප්මන් විසිනි.එකිනෙකාගේ හැඟීම් හා අවශ්‍යතාවයන් වටහාගෙන අඹුසැමියන්ට සදාතනිකව දැඩි ආදරයකින් බැඳී සිටීමට බොහෝ ප්‍රයෝජනවත් වන කරුණු රැසක්ම මෙම ග්රන්ථයට ඇතුළත් වන්නේ සැබෑ ජීවිතයද උදාහරණයට ගනිමිනි. එයට අමතරව දරුවන්ගේ හැඟීම් හා අවශ්‍යතා මැනවින් තේරුම්ගෙන ඔවුන් යහපත් මාපියන්ගේ ආදරයෙන් බැඳුණු වැඩිහිටියන් බවට පත් කිරීමට අවශ්‍ය කරුණුද මෙහි ඇතුළත්...
ඈන් දුටු වසත් සිහිනය
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
ඈන් බාල වියේ පටන් සොඳුරු සිහින දකිමින් ඒ සිහින මල්ඵල නෙළා ගැනීමට අධිෂ්ඨානශීලීව කැපවෙන සොඳුරු සිතැත්තියකි. මේ ඇගේ දිවියේ වසන්ත සමයයි. ඉතින් වසත් සමයේ මේ දිරිය යෞවනිය දකින සිහින කෙබඳු වේද? ඒවා සැබෑ කර ගැනීමට ඇයට හැකිවේද?
රජ බිසවකගේ පාපොච්චාරනය (2 වන කොටස )
Original price was: Rs. 1,480.Rs. 1,184Current price is: Rs. 1,184.
"පාන් නැත්නම් කේක් කාපල්ලා” යන ප්‍රකාශය කළැයි සැලකෙන ප්‍රංශයේ මාරි ඇන්ටනෙටි බිසවගේ ඛේදවාචකය රැගත් මෙම කෘතිය මරණය තෙක් ඈ වෙලා ගත් ප්‍රීති ප්‍රමෝදය හා දුක්ඛ දෝමනස්සය ද, නොසඟවා කියා පාන්නකි. ඇගේ අවිචාර ක්‍රියාවන් අතර ප්රමුඛ වූ ̋ට්‍රියනන් මාලිගය” පාරාදීසයක් කරවනු පිණිස අසීමිත ධනයක් අපතේ යැවූ අයුරු, තිඹීගෙයි අමිහිරි අත්දැකීම්, රහස් තැන්හි පෙම්වතා සමඟ වින්දනය කළ ප්‍රේමාශ්වාදය, සතුරන්ගෙන් බේරී උමං මගකින්...
යටි සිත 2: සිතීමෙන් සුවය, ධනය සහ සතුට අත්කර ගමු
Original price was: Rs. 1,500.Rs. 1,200Current price is: Rs. 1,200.
මානසික සහ ආධ්‍යාත්මික නීති සම්බන්ධව වසර හතළිහකට වැඩි කාලයක නවමු පරීක්ෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆිගේ් ආකර්ෂණීය සොයා ගැනීම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ. ඔබගේ ජීවිතයේ හැම අංශයකම වර්ධනය සඳහා යටි සිතේ බලය උපයෝගී කර ගැනීමේ උපක්‍රම මෙහි විස්තර කෙරේ. මෙහි සඳහන් ඉතා වැදගත් කරුණු අතර කිහිපයක් නම් කනස්සල්ල බය සහ ඍණ සිතුවිලි ජය ගැනීම මූල්‍ය සාර්ථකත්වයට සහ නිදහසට ගත යුතු...
යටි සිත: ඔබගේ විස්මිත මෙහෙකරු
Original price was: Rs. 1,450.Rs. 1,160Current price is: Rs. 1,160.
ස්වයංවර්ධනය සහ ස්වයංසාර්ථකත්වය අත්කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග්රන්ථ අතර අග්‍රතමය ලෙස මේ පොත සැලකේ. ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගත හැකි ලෙස පවතින අතිශයින් විස්මයජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග්‍රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි. කිසි දිනෙක ඉටු කරගත නොහැකි යැයි පෙනෙන විශාල හා දුෂ්කරතාවයන් හුදෙක් තම යටි සිතේ විශ්මිත බලය...
දෙවොලක ඉරණම (ෆිලේ)
Original price was: Rs. 1,480.Rs. 1,184Current price is: Rs. 1,184.
ඊජිප්තුවේ අස්වාන්හි පිහිටි අද ද දහස් ගණනක් බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර පාත්රවන ෆිලේ දෙවොලේ කතාව දෙවොලක ඉරණම "අමතක කරන්න අප අතර තිබෙන සටන.අමතක කරන්න මගේ මේ බිෂොප් නිල ඇඳුම.හැසිරෙන්න සහෝදරයෙකු මෙන්,සැබ්නි! මා සම්පූර්ණ විශ්වාසය තබන එකම මනුෂ්‍යයා ලෙස" -තියඩෝර්- "කිසිවක්ම අප වෙන් කරන්නේ නැහැ. ඒත්... සියල්ල අප වෙන් කර තබනවා. අප එකම මග නොගියත්, දෙවියන් අපට ආදරය දක්වයි නම් අප දෙදෙන...
රජ බිසවකගේ පාපොච්චාරනය – (1 වන කොටස )
Original price was: Rs. 1,450.Rs. 1,160Current price is: Rs. 1,160.
"පාන් නැත්නම් කේක් කාපල්ලා” යන ප්‍රකාශය කළැයි සැලකෙන ප්‍රංශයේ මාරි ඇන්ටනෙටි බිසවගේ ඛේදවාචකය රැගත් මෙම කෘතිය මරණය තෙක් ඈ වෙලා ගත් ප්‍රීති ප්‍රමෝදය හා දුක්ඛ දෝමනස්සය ද, නොසඟවා කියා පාන්නකි. ඇගේ අවිචාර ක්‍රියාවන් අතර ප්රමුඛ වූ ̋ට්‍රියනන් මාලිගය” පාරාදීසයක් කරවනු පිණිස අසීමිත ධනයක් අපතේ යැවූ අයුරු, තිඹීගෙයි අමිහිරි අත්දැකීම්, රහස් තැන්හි පෙම්වතා සමඟ වින්දනය කළ ප්‍රේමාශ්වාදය, සතුරන්ගෙන් බේරී උමං මගකින්...
ඔබගේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න
Original price was: Rs. 1,450.Rs. 1,160Current price is: Rs. 1,160.
මේ පොතෙන් ලෝකයේ බොහෝ රටවල පවත්නා නැන්දා ලේලිය අර්බුදය, කන්දොස්කිරියාව හා තවත් වැදගත් මාතෘකා කිහිපයක් මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් විමසා ඇත. ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාව, ස්ත්‍රී පුරුෂ විවිධත්වය පිළිබඳ අඹුසැමි ඝට්ටන සඳහා තුඩුදෙන කරුණු විද්‍යාත්මක විග්රහ කරන මෙම පොත සමබර ජීවිත ගත කිරීමට අවශ්‍ය දැනුම මැනවින් ලබා දෙයි. නූතන සමාජය සංකීර්ණය. ජීවත්වීම සඳහා අඹුසැමි දෙදෙනාම කාර්යබහුලව රැකියාවල නිරත වෙති. ඒ අය පමණක් නොව...
ඈන්ගේ සිහින ලෝකය
Original price was: Rs. 680.Rs. 544Current price is: Rs. 544.
''ඔබ කවදාවත් හිතුවේ නැහැ නේ ද, අනාථ ගැහැණු ළමයෙක් දරුකමට හදාගත්තද?'' මාරිල්ලා කැත්බට් තම සොහොයුරාගෙන් ඇසුවා ය.''එයින් මොනාහරි දෙයක් සිද්ධ වෙයිද කියලා දෙයියෝ විතරයි දන්නේ.'' සාමකාමී ඔවුන් සමඟ ජීවිත තුළට බලාපොරොත්තු නො වූ ආකාරයෙන් ඇතුල් වූ, රතු හිසකේ කෙට්ටු අනාථ දැරියක වන ඔහු ෂර්ලිගෙන් තමාට සැනසීමක් ලැබෙනු ඇත. දැරියගේ දඟකාරකම්වලින් ඇතිවන අවිහිංසාවකින් තොරව, ඇය දවල්වලින් මනසින් පිරී ඉතිරී යන දුක්ඛිත...
කඳුකරයේ විරු දරුවෝ
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
සමහරවිට ඔවුන් හැම දෙනාටම බියමුසු හැඟීමක් දැනෙන්නට ඇත. හදිසියේම ඔවුන් එකිනෙකා මුහුණින් මුහුණ බලන්නට වූයේ අනතුරක් පිළිබඳව හැඟුණු අයුරිනි. "ඒ සර්පයෙක් ද?" හාවි කෙඳිරුවේය. ළමෝ ඔහු නොතකා සිටියහ. "මට පිඹින හඬක් ඇහුණා. ඒ සර්පයෙක් වෙන්න ඕනි" " ෂ්...ෂ්....නිශ්ශබ්ද වෙන්න" ගසීට අයිස් මෙන් සීතල දෙව්ලීමක් දැනුණි. ඒ සර්පයෙක් නොවීය. ඌ පිම්බේ නැත. හඬ පැමිණියේ බරැති සතෙකු මඩ මත පා තැබූ අයුරිනි.
තෙත්සූයා නම් දුනුවායා
Original price was: Rs. 650.Rs. 520Current price is: Rs. 520.
"දුන්නෙන් ඉවතට යන හැම හීයක්ම හදවතේ මතකයක් ඉතිරි කරනවා. එහෙම එකතු වුණු මතක ගොන්න ඔයාව වඩාත් ශූර දුනුවායෙක් කරාවි."
කලෙක අපි සොයුරන්ව සිටියෙමු
Original price was: Rs. 2,250.Rs. 1,800Current price is: Rs. 1,800.
‛කලෙක අපි සොයුරන්ව සිටියෙමු’ Ronald Balson කතුවරයා විසින් ලියන ලද "Once We Were Brothers" කෘතියෙහි සිංහල පරිවර්තනයයි. එය දෙවන ලෝක යුද්ධය හා සම්බන්ධ සත්‍ය දත්ත පදනම් කරගෙන සිදුකර ඇති ප්රබන්ධයකි. එම යුගයේදී සාමකාමී රටක් වූ පෝලන්තයෙහි ජනතාව, විශේෂයෙන්ම පෝලන්තයේ විසූ යුදෙව් ජනයා ජර්මන් ග්‍රහණයට හසු වීම නිසා පත් වන දුක්ඛිත තත්ත්වය මෙන්ම, යුද්ධය විසින් පෝලන්තයේ එකම නිවසක හැදෙන වැඩෙන යුදෙව්...
දෙමාපියන් නොදකින ඉසව්ව
Original price was: Rs. 1,600.Rs. 1,280Current price is: Rs. 1,280.
මාපියන්ගේ එකම අරමුණ තම දරුවන් සමාජයේ යහපත් පුරවැසියන් වනු දැකීම ය. නමුත් එසේ නොවන අවස්ථා බොහෝ ය. එය කාගේ වරදින් සිදු වන්නක් ද? නමුත් දරුවන් දකින්නේ තම බියපත් වීම, කෝප වීම, පසුගාමී වීම, අසමත් වීම, වෛර කීරීම, විවාහ වීම හා සෙසු සබඳතා බිඳ වැටීම, ජයග්‍රහණ අහිමි වීම වැනි දහසක් සෘණාත්මක දේ ඔවුන්ගේ වරදකින් සිදු වන්නක් ලෙසිනි. එයින් බොහොමයක් මාපියන් වෙතින්...
මමියේ විනිශ්චය
Original price was: Rs. 1,750.Rs. 1,400Current price is: Rs. 1,400.
1821, ලන්ඩන් නුවර ඊජිප්තු කෞතුකාගාරය. ඊජිප්තුවේ සිට පැමිණි ජියෝවානි බැටිස්ටා බෙල්සෝනිගේ ඊජීප්තු පුරාවස්තු ප්‍රදර්ශනය ආරම්භ වන්නේ, ඔහු විසින් රැගෙන එනු ලැබූ අසමසම මමියක වෙළුම් ඉවත් කිරීමෙනි. ඉතා සුරක්ෂිතව සකස් කරන ලද මමිය තුළින් නරඹන්නන් භීතියෙන් මුසපත් කරවන මිනිස් සිරුරක් මතු වේ. එහෙත්, පසු දින රාත්‍රියේ මමිය අතුරුදහන් වන අතර ප්‍රදර්ශනයට එක් වූ තිදෙනෙකු ඝාතනයට ලක් වේ. ලන්ඩනයේ විශිෂ්ටතම රහස් පරික්ෂකයා...
රැජිණ මගේ පසමිතුරි
Original price was: Rs. 1,800.Rs. 1,440Current price is: Rs. 1,440.
එලිසබෙත් රැජිණගේ එංගලන්තයේ කාරණා දෙකක් සපුරා තහනම්ය. 1. රැජිණට වඩා රූමත් වීම තහනම්ය. 2. රැජිණ ආශා කරන පුරුෂයෙකුට සුරූපී ලෙටිස් ක්නොලිස් මේ දෙකම සිදු කරන්නට තරම් එඩිතර වූවාය. මේ ගැහැණුන් දෙදෙනා අතර ගොඩනැගෙන වියරු වෛරයත්, දැවෙන ඊර්ෂ්‍යාවත් කෙළවර වන්නේ දෙදෙනාගෙන් එක් අයෙකුගේ මරණයෙන් පමණකි. හිරු නොබසින අධිරාජ්‍යයේ අසාමාන්‍ය තුන්කොන් ප්‍රේමයක සත්‍ය කතාව "රැජිණ මගේ පසමිතුරි"
අසාමාන්‍ය සිතක හැඩරුව
Original price was: Rs. 1,850.Rs. 1,480Current price is: Rs. 1,480.
ලොව සාර්ථකත්වයට පත්වූවන් ගෙවන අසාමාන්‍ය ජීවිතය ඔබත් හිමිකර ගැනීමට නම් ඔබ විසින් ජීවිතයට නව නිර්වචනයක් ලබාදිය යුත්තේ එය අනුන්ගේ පාලනයෙන් තොර තමාගේම කොන්දේසි මත ගෙවන්නක් බවට පත්කර ගැනීමෙනි. එවැනි ‘අසාමාන්‍ය ජීවිතයක්’ ප්‍රාර්ථනා කරන ඔබේ අවධානය වඩාත් යොමුවිය යුත්තේ විෂේන් ලකියානීගේ මෙම The Code of the Extraordinary Mind ග්‍රන්ථය වෙතය. නිකුත් වූ සැනින්ම ලොවපුරා අතිශය ජනප්‍රියත්වයක් මෙම ග්‍රන්ථය හිමිකර ගත්තේ ලොවෙහි...
දෙහදක සටන
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
කැරොලයින් ෆෙයි එම ඍතු ලන්ඩන් සැණකෙළියේ වඩාත් ආකර්ෂණයෙන් යුතු තරුණිය වූවාය. මාකි වුල්කන් සහ ආර්යාවගේ දහහත් හැවිරිදි දියණිය වූ ඇය කුප්‍රකට සර් මොන්ටේගු රෙවස්බි විසින් ලන්ඩන් සිට සෙවන් ඕක්ස් වෙත අස්රිය ධාවනයකට පොළඹවා ගන්නේ උපක්‍රමශීලීවය. ඔහු අතරමඟ ගම්බද නවාතැන්පොළක් අසල රිය නවත්වන්නේ ඇක්සලයේ කැඩී යාමක් ගැන කියමිනි. මෙය නවාතැන්පොළේ ඇය සමඟ රාත්‍රිය නවාතැන් ගැනීම සඳහා සර් මොන්ටේගු විසින් කළ කූට...
නොහදුනන ලින්කන්
Original price was: Rs. 1,650.Rs. 1,320Current price is: Rs. 1,320.
"මා ඉලිනොයිස්වලට පැමිණියේ දිළිඳු, ආගන්තුක, මිතුරන් රහිත නූගත් කොලුවෙකු ලෙසය. මසකට ඩොලර් 8ක වැටුපකට ඔරුපාරු වල වැඩ කළෙමි. මුව සමකින් සැදුනු කලිසම මගේ දණහිස් වලට පහලින් සිර වූවකි. මුව සම තෙත් වූ පසු එය හිරු එළියෙන් වියළී හැකිලෙයි. මගේ කලිසමේ මේ අන්දමට හැකිලී කෙතෙක් කෙටි වූවාද යත් මගේ මේස් කලිසම් වාටිය අතර හිදැසක් නිර්මාණයක් විය. මා උසින් වැඩෙත්ම තෙත් වන...
ගැටී
Original price was: Rs. 860.Rs. 688Current price is: Rs. 688.
ක්‍රිස්තු වර්ෂ 1203 දී නම දෙනෙකුගෙන් සමන්විත බ්‍රිතාන්‍ය ජාතික පිරිසක් ක්‍රිස්තියානි බැතිමතුන්ගේ ප්‍රධාන පූජනීය වන ජෙරුසෙලම වන්දනා කිරීමට පිටත්ව යති. හදිසි අනතුරු, සතුරු උපද්‍රව අනපේක්ෂිත සිදුවීම් මැද මධ්‍යතන යුගයේ යුරෝපය සහ මැදපෙරදිග හරහා පාගමනින් අසුපිටින්, මුහුදින් සිදු කෙරෙන මේ දීර්ඝ ගමන සම්පූර්ණ කිරීම ඊට සහභාගී වූවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වේ.මුලු දිවයින පුරාම ඉඩම් හිමි රදළයින්ට බැලමෙහෙවරකම් කරමින් කුසගින්න හා...
නිවුන්නු
Original price was: Rs. 580.Rs. 464Current price is: Rs. 464.
ඒ දෙන්නා නිවුන්නු... කරදරකාර නිවුන්නු... හැමෝටම ඒ දෙන්නව එපා වෙලා ඒ දෙන්නටත් හැමෝමව එපා වෙලා.. මේ කරදර කාල වැඩිහිටියන්ගෙන් බේරිලා පැනලා යන්නයි ඒ දෙන්න හිතාගෙන ඉන්නේ හැම දෙයක්ම මායාවක් තරමට ලස්සන තැනකට එහෙම තැනක් ? ඔව් එහෙම තැනක් තිබුනා. ආදරේ පිරිච්ච තැනක් ඒ නිසා හැමදේම මායාවක් වගේම ලස්සන තැනක් . මේක වැඩිහිටියන්ටයි පොඩිහිටියන්ට ලස්සන කතාවක්
අපි කුමකට ගැටෙමුද?
Original price was: Rs. 780.Rs. 624Current price is: Rs. 624.
පිරිමිද ගැහැණුද වෙනස් ස්වභාවයන් නැත්තෝ වෙති.එය ඔවුන්ගේ කායික මානසික හා අන් සියලූ අංශ වලද දක්නට ලැබේ.ඒ වෙනස්කම් ඇතිකළ අපේ ජාන එසේම පවතිද්දී, සමාජ වෙනස්කම් සිදුවීම ඉදිරියට යයි නම් ප්‍රතිඵලය වෙන්නේ මොනවාද? මේ නිසා සිදු වූ අධික වැඩ, කායික, මානසික පීඩනය හා කාලය මදි වීම නිසා අපගේ ජීවිත පවත්වා ගන්නේ චිත්තවේගික වූ හා පාලනයෙන් තොර වූ ස්වභාවයෙන් ඉතා අපහසුවෙනි.එහි ප්‍රතිඵල වන්නේ...
ධනවත් පියා, දිළිඳු පියා
Original price was: Rs. 920.Rs. 736Current price is: Rs. 736.
පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන්නේ විෂය දැනුම පමණක් වීමෙන් සියලු දෙන වැඩිහිටියන් වූ විට දී මූල්‍ය පරිහරණය පිළිබඳ ගැටලුවලට මුහුණ දෙන බව මෙහි පැහැදිලි කෙරේ ,මේය මුදල් ගැන අපව අලුත් විදියට හිතන්න පුරුදු කරන ග්රන්ථයක් වන අතර මෙම ග්‍රන්ථය බොහෝ අවධානයෙන් කියවිය යුත්තකි මන්ද මෙහි සෑම වදනක්ම ඔබට වැදගත් දැනුමක් හා අවබෝධයක් ලැබේ.
වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
White Fang පරිවර්තනය : ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද ප්රකාශනය : විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
තාරා
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
ඒ පිරිමි ළමයා මැරුණේ කුර්දිසථාන පොළවේ දූවිල්ල සිපගෙන.එදා ඉදන් තාරාගේ ජීවිතය වෙනස් වුණා.එදා ඉදන් තාරා ගේ ජීවිත කතාව තමයි මේ. උපන් පොළොවට අහිමි වෙලා එහෙම්පිටින්ම සරණාගත වුණු නිර්භීත ජාතියක කතාව තමයි මේ.
පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි?
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
මේ පොත ඔබට විරුද්ධ ලිංගිකයන් හා බැඳීම් ඇති කර ගැනීමට හා පවත්වා ගැනීමට පමණක් නොව ,එය ඔබ ගැනම අවබෝධ කර ගැනීමටත් උදව් වෙයි. එමගින් ඔබ දෙදෙනාටම වඩාත් ප්‍රීති දායක සුවදායක හා සැනසිලිදායක ජීවිතයක් ගත කිරීමටත් සහාය වේ.
ගැහැණුන්ට වඩා පිරිමින් වෙනස්
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
කෙතරම් දිගු කලක් ඇසුරු කළ සිත් හඳුනාගත්තද කෙතරම් දිගු කලක් බොහෝ ආදරෙන් හිද විවාහ වුවද අඹුසැමියන් අතරේ පවතින යම් යම් නුරුස්නා බව හා මත ගැටුම් සියවස් ගණනක් පුරාම පැවතුණකි. එසේ වන්නේ ගැහැණු හා පිරිමි අතර වූ පැහැදිලි වෙනස් බව හේතුවෙනි ගැහැණු හා පිරිමි එකිනෙකට වෙනස් වේ යන්න වටහා ගතහොත් ගැටුමෙන් හා සිත් රිදවීමෙන් තොර සබඳතාවක් පවත්වා ගැනීමේ හැකියාව ලැබේ. සබඳතා...
රිදී නුලේ මායාව
Original price was: Rs. 490.Rs. 392Current price is: Rs. 392.
අඟහරුවාදා දිනයක උපන් නිසා tuesday නම ලැබූ දැරියක් සිටියාය. ඇගේ මව ළමා පොත් ලියන ලේඛිකාවකි. දිනක් හදිසියේ තම මව අතුරුදහන්ව ඇතැයි දැනගන්න tuesday ඈ සෙවීමට වෑයම් කරයි එහිදී හමුවන විශ්මිත විශ්මිත රිදී නූලක් මඟින් ඇය අපූරු ලෝකයකට පිවිස එහි දී ඈ ලබන ත්‍රාසජනක අත්දැකීම් රැසක් මෙම පොතට පසුබිම් වී තිබේ.
පටලැවිල්ල
Original price was: Rs. 680.Rs. 544Current price is: Rs. 544.
නින්දට යාමට පෙරාතුව ඈ ජනේලය අසල ටික වේලාවක් වාඩිවී සිටියාය. දියේ ගිලුණු ජෝන්ගේ උස්ව පිහිටි තණ බිමේ ලපටි ස්පෲස් ගස් දෙකක් අතර රතුම රතු පාට ඉරක් ගිලෙමින් තිබුණි.එය නොපෙනී ගිය පසුව හිම මතින් මහ පොළොවේ දක්නට නොලැබෙන නිල්වන් ගොගොම්මන් එළියක් විහිදුණි .අඳුරු දුක්මුසු වරාය මතින් වළාකුලු මුහුණක් මතින් සද නැගුණි.
හිතුවක්කාරී
Original price was: Rs. 650.Rs. 520Current price is: Rs. 520.
ට්‍රෝජන් නුවර හෙලන් මගේ රන් පාට කොණ්ඩය තියෙන රිබ්න් වගේ නම් ඈ සටන් කළ දිනා ගන්න තරම් වටිනා කෙනෙක් බව මට අවබෝධ වුණා.ඇගේ ඇස් දෙක...! ඒ නිල් ඇස් තරම් බලන්න ලස්සන වටිනා දෙයක් තවත් නැති බව මට දැනුනා.ඇගේ ඇස් පිය සැලීමෙන් මට කරපු දේ ඔබට හිතාගන්න බැරි වෙයි. "ඈ ඔබත් එක්ක ආදරෙන් බැඳුණද තාත්තා?" "ඒ වගේ යමක් වුණා" "ඔව් ඇය...
අපූරු මිනිසෙක්
Original price was: Rs. 960.Rs. 768Current price is: Rs. 768.
කිසිවෙකුට මරණය අවශ්‍ය නැත දිව්‍ය ලෝකයට යෑමට අවශ්‍ය මිනිසුන්ට පවා එහි යෑමට මරණය අවශ්‍ය නැත. එහෙත් අප සියලු දෙනාගේම ගමනාන්තය මරණයයි. කිසිවෙකුට ඉන් ගැලවිය නොහැක. එසේ වී ඇත්තේ මරණය ජීවිතයේ හොඳම නිර්මාණය වීම නිසාය. ජීවිතයේ වෙනස්කම් කිරීමේ නියෝජිතයා වීම නිසාය. අලුත් දේට ඉඩ සැලසීමට පැරණි දේ ඉවත් කරයි. අලුත් දේ ඔබයි එහෙත් වැඩි ඈතක නොවන කිසියම් දිනක ඔබත් ක්‍රමයෙන් වියපත්ව...
රාග ගිනි
Original price was: Rs. 2,100.Rs. 1,680Current price is: Rs. 1,680.
සරසවියේ දී මුණගැසුනු හොඳම මිතුරන් වූ අප, යළිත් එකට එකතු වූයේ වසර විස්සකට පසුව ය.මේ වන විට අපට වෙර වීරියෙන් සාර්ථක කරගත් අපේම ජීවිත ද, අපේම කියා දරුවන් ද, පැහැදිලි අනාගතයක් ද විය. එහෙත් එදා රෑ... අපේ මිතුරු සාදය පැවති දා රෑ.. ඉරුණු ඇඳුමින්ද අවුල් හිසකෙසින් ද යුතුව මගේ හොඳම මිතුරිය මා වෙතට ආවාය.ඇය ආවේ අපේ ජීවිත සහමුලින්ම විනාශ කර...
සොලමන් රජුගේ දෙවොල
Original price was: Rs. 2,180.Rs. 1,744Current price is: Rs. 1,744.
ඊශ්‍රායලයේ ඩේවිඩ් රජුගේ පුත් සොලමන් කුමරු තම පියාගෙන් පසු රජකමට උරුමකම් කියයි.ඒ යුගයේ යාවේහ් ගිවිසුම් කරඬුව තැනින් තැන ගෙන යමින් පුද පූජා පවත්වන්නට යෙදිනි.සොලමන් රජුගේ සිතිය රට පුරා මෙන්ම ලොවපුරාද සාමයේ ඇති කිරීමේ අදිටනින් මේ ගිවිසුම් කරඬුව තැන්පත් කිරීමට අත්‍යලංකාර දෙවොලක් තැනීමේ ආශාවක් මතුවී එයි.එහෙත් ගිවිසුම් කරඬුව තැනින් තැන ගෙන යමින් පූජා පැවැත්විය යුතු යැයි කියන පූජකවරු එම අදහසට එරෙහි...
මගේ පවුලයි අනික් සත්තුයි
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
සුප්‍රකට ඉංග්‍රීසි ජාතික ස්වභාව විද්‍යාඥයකු වූ ජෙරල්ඩ් මැල්කම් ඩරල් සිය සුන්දර ළමා වියේ ඉතා රසවත් විනෝදාත්මක අත්දැකීම් ඇතුළත් කොට පොත් තුනක් ලිවීය.මගේ පවුලයි අනෙක් සත්තුයි ඉන් පළමුවැන්නයි ඩරල් පවුල ග්‍රීසියට අයත් කෝෆු දිවයිනේ වාසයට යන විට ජෙර්ල්ඩ්ගේ (ජෙරී) වයස අවුරුදු අටකි.එහි විසූ අවුරුදු පහක කාලය තුළ කුඩා ජෙරී ස්වභාවධර්මය සුන්දරත්වයෙන් හා චමත්කාරයෙන් වශීකෘත වේ.කෝෆු දිවයිනේ සුන්දර ගැමි පරිසරය තුළට නිරායාසයෙන්ම...
ලිට්ල් හවුස් සූපශාස්ත්‍රය
Original price was: Rs. 8,500.Rs. 7,650Current price is: Rs. 7,650.
A 4 ප්‍රමාණය, විශේෂ ගන කවරය, පිටු 292 ම ඔප කඩදාසියේ වර්ණයෙන් මුද්‍රණය කරන ලද, ලිට්ල් හවුස් කතා මාලාවේ සඳහන් වන කෑම වට්ටෝරු 100 කට වඩා ඇතුළත් “ලිට්ල් හවුස් සූපශාස්ත්‍රය” පොත චිත්‍ර: ගාර්ත් විලියම්ස් ඡායාරූප: කැත්රින් එල්සෙසර්
අපූගේ ලෝකය
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
"අපූ" අප හඳුනා ගන්නේ "මාවතේ ගීතයෙනි." අපරාජිත ජීවිතයක් වූ කලී ඔහුගේ ගැටවර විය නිරූපණය කළ කෘතිය වේ.අපූගේ ලෝකය අපු නම් වූ ස්වාමිපුරුෂයාගේ පියාගේ පමණක් නොව දහසකුත් දුක්ඛ දෝමනස්සයන් මැද අකම්පිතව ජීවත් වූ පැසුණු මිනිසාගේ ජීවන වෘතාන්තයේ අවසාන භාගය වේ. අපූගේ ජීවන ධාරිතාව පෘථුල කළ සුන්දර බිරිඳ අපර්ණා - ජීවත්වීමේ ආශාව දැල්ලු පුත් කාජල් ජීවනයේ මිහිරි සුවඳ විදහා පෑ ලීලා පාඨක...
අපරාජිත ජීවිතයක්
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
අපරාජිත ජීවිතයක් වූ කලී විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය ගේ "අපරාජිතෝ" නම් වූ නවකතාවේ සිංහල පරිවර්තනය යි.වංග බස පිළිබඳ මනා පරිචයක් ඇති චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මුල් කෘතියේ සාරය, රසය නුසුන් කොට සිංහල පාඨකයා හමුවට පමුණුවා ලීමට සමත් වී තිබේ.ඈ විසින් ම පරිවර්තනය කරන ලද මාවතේ ගීතය නම් වූ කෘතියෙන් සහෘද මනසට පිවිසුණු "අපු" නම් වූ සදා අනුස්මරණීය චරිතයෙහි ගැටවර විය අපරාජිත ජීවිතයක්...
මාවතේ ගීතය
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
බටහිර බෙංගාලයේ පිටිසර ගමක ජීවත් වූ දිළිඳු බ්‍රාහ්මණයෙකු වූ හරිහරගේ චරිතය ඔහුගේ දරු දෙදෙනාගේ චරිත - මේ නවකතාවෙන් නිරූපණය කර ඇත්තේ අසාමාන්‍ය ප්‍රතිභා ශක්තියක් විදහා දක්වමිනි.සත්‍යජිත් රායිගෙ සිනමා කෘතියක් ලෙස රසිකයන් ගේ අවධානය දිනාගත් " පොථෝර් පංචාලි" මේ නවකතාව ඇසුරෙන් නියමිතය
අරණකට පෙම් බැඳ
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
මිනිසා සහ පරිසරය අතර තිබෙන්නා වූ ආධ්‍යාත්මික සම්බන්ධතාව හා එහි අසිරිය සම්පූර්ණ අයුරින්ද ළගන්නා සුළු රිද්මයකින් ද මේ ගද්‍ය කාව්‍යයෙන් වර්ණිතය. විභූතිභූෂණ සිංහල පාඨකයා අභිමුවට පැමිණියේ මාවතේ ගීතය අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය නම් වූ නවකතාත්රයෙනි මේ කෘති සිංහලයට නැගූ චින්තා ලක්ෂ්මි සිංහආරච්ච්ගේ විශිෂ්ට පරිවර්තනයක් ලෙස අරණකට පෙම් බැඳ හැඳින්විය හැක
භවගත වීම
Original price was: Rs. 1,750.Rs. 1,400Current price is: Rs. 1,400.
මම නීතිඥවරියක් වූයෙමි.රෝහලක උප සභාපති වූයෙමි.තරුණ ජනතාවට ප්‍රයෝජනවත් වෘත්තීන් ගොඩනගා ගැනීමට උදව් කරන ලාභ නොබෙදෙන ආයතනයක අධ්‍යක්ෂිකාවක් වූයෙමි.වැඩිම වශයෙන් සුදු ළමයි සිටි පාසලක වැඩ කරන පන්තිය කළු ශිෂ්‍යාවක් වූයෙමි.මම හැම ආකාරයෙන්ම තැන්වලම එකම අප්‍රිකානු ඇමරිකානු ගැහැනිය වූයෙමි.මම මනාලියක් වෙහෙසට පත් දුකින් පිරුණු දුවක් වූයෙමි.මම ඇමරිකා එක්සත් ජනපදයේ පළමු කාන්තාව වූයෙමි.නිල වශයෙන් තනතුරක් නොවුවත් ඉන් මා හට නොසිතූ ආකාරයේ වේදිකාවක් නිර්මාණය...
මදුරාසි කෙල්ල
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
වීජී ..මදුරාසි කෙල්ලක් , මදුරාසියේ මුඩුක්කුවක.. අම්මයි නංගියි එක්ක තනි වෙච්ච කෙල්ලෙක් ..අනෙක් ළමයින්ට වගේම විජීටත් තිබුණෙ හරි පුංචි බලාපොරොත්තු ..බෝනික්කෙක් ..පුළුන් වලහෙක් ..අලුත් ගවුමක් ..විජීගේ15 වැනි උපන් දිනය දවසේ විජී බලාගෙන හිටියේ උපන්දින තෑග්ගක් විදිහට අම්මා විජිට අලුත් ගවුමක් අරන් දෙයි කියලා ..ඒත් විජිට ලැබුණ තෑග්ග ඒක නෙමේ .."තිර පරීක්ෂණයක් " ..චිත්‍රපටි නිළියක් වෙන්න තිර පරීක්ෂණයක්, එතනින් මදුරාසියේ ලාබ...
ලිට්ල් හවුස් කතාමාලාව (1-10)
Original price was: Rs. 11,390.Rs. 9,112Current price is: Rs. 9,112.
1. වන අරණක කුඩා නිවස 2. තැනිතලාවේ පිහිටි කුඩා නිවස 3. අල්මන්සෝ පුංචි ගොවියා 4. මිදි ඔය අසබඩ 5. රිදී විල්තෙර 6.සීතලෙන් සීත වුණු සීත සමය 7. තැනිතලාවේ පිහිටි කුඩා නගරය 8. මේ මිහිරැති සොඳුරු සමය 9. පළමු සිව් වසර 10. ගෙදර යන අතරමග පොත් සියල්ල අඩංගු කට්ටලයකි