Publishers
මායාරංජන් කෘති එකතුව
Original price was: Rs. 1,500.Rs. 1,350Current price is: Rs. 1,350.
සම්පූර්ණ පොත් කට්ටලය මගේ රාජ්‍යය පිටිසර මිනිස්සු අපේ රාජ්‍යය දිගාමඩුල්ලේ ආශ්චර්ය
මහ සයුර ගිනි ගනී
Original price was: Rs. 1,880.Rs. 1,692Current price is: Rs. 1,692.
තිරිඟු වගාවට වූ හානිය නිසා සෝවියට් සංගමය ආහාර අර්බුදයකට ලක් වීමෙන් එහි නායකයන් බලයෙන් පහ වීමේ තර්ජනයක් මතුවෙයි. මේ අතර යුක්රේනයේ විමුක්තිය උදෙසා එකතු වූ කිහිපදෙනෙකු විසින් සැලසුම්කොට KGB ප්‍රධානියා ඝාතනය කෙරේ. මේ හේතුවෙන් සෝවියට් නායකයා තනතුරින් පහවීමේ අර්බුදය තවත් උග්‍ර වන හෙයින් රජය එම සිද්ධිය සඟවයි. අත්අඩංගුවට පත් වූ, KGB ප්‍රධානියා ඝාතනය කළ යුක්රේන ජාතිකයින් දෙදෙනා ගලවා ගැනීම සඳහා, බොරතෙල් ටොන් මිලියනයක් හා කාර්ය මණ්ඩලය 30 ක්ද සමග...
දෙවොලක ඉරණම (ෆිලේ)
Original price was: Rs. 1,480.Rs. 1,184Current price is: Rs. 1,184.
ඊජිප්තුවේ අස්වාන්හි පිහිටි අද ද දහස් ගණනක් බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර පාත්රවන ෆිලේ දෙවොලේ කතාව දෙවොලක ඉරණම "අමතක කරන්න අප අතර තිබෙන සටන.අමතක කරන්න මගේ මේ බිෂොප් නිල ඇඳුම.හැසිරෙන්න සහෝදරයෙකු මෙන්,සැබ්නි! මා සම්පූර්ණ විශ්වාසය තබන එකම මනුෂ්‍යයා ලෙස" -තියඩෝර්- "කිසිවක්ම අප වෙන් කරන්නේ නැහැ. ඒත්... සියල්ල අප වෙන් කර තබනවා. අප එකම මග නොගියත්, දෙවියන් අපට ආදරය දක්වයි නම් අප දෙදෙන...
වන ගුල්මයෙන් පලා පැහැයත් – සරදාකාසයෙන් දිලිසුමත්
Original price was: Rs. 450.Rs. 382Current price is: Rs. 382.
අපි එයාට ඉස්සෙල්ලම නම තිබ්බෙ 'බිඳුණමත් මිහිරි පබළු කැට' කියලා. ඒ දවස් වසංගත දවස්. කොවිඩ් 19. පණ්ඩිතකමට අපි දෙන්නම හැසිරුණේ මිහිරි පබළු කැට වගේ. වසංගත දවස් ඉවර වෙලා සූරිය කිරණකින් නෑවි නෑවි ඉන්න අතරෙ අපි එයාට, 'මුදා හළ තඹර පැහැ කෙහෙරැල්ලක සිපුමක් සුසුමක්' කියලා කිව්වා. ඒ දවස්වල රෝසා කොණ්ඩෙ නෙළුම් මල් පාටින් පාට කරලා, මනාලියක් වෙන්න හීන මවමිනුයි හිටියෙ. මම...
කඳු රැළි
Original price was: Rs. 980.Rs. 882Current price is: Rs. 882.
මහනුවර දෙවන රාජ්‍යසිංහ රාජ්‍ය සමය පාදක කරගත් නවකතාවක් වන මෙහි ප්‍රධාන කතාව සෙංකඩගල රාජ්‍ය වෙත දූත ගමනක් ගොස් ආපසු එමින් සිටියදී නිල්ගලදී ඝාතනය වූ ගාලු කොටුවේ පළමුවන ඕලන්ද ආණ්ඩුකාර විලියම් ජේකබ් කෝස්ටර්ගේ දරුවෙකු ඉන් වසර විස්සකට පමණ පසු සිය පියාගේ ඝාතනය වෙනුවෙන් රජුගෙන් පළිගැනීම සඳහා සෙංකඩගල වෙත පැමිණීම වටා ගෙති ඇත.විලියම් කෝස්ටර් දූත ගමනක් පැමිණීම මෙන්ම ඔහුව ඝාතනය වීමද සත්‍ය...
න ගච්චති
Original price was: Rs. 980.Rs. 882Current price is: Rs. 882.
1805 -1815 දක්වා වූ කාලයෙහි උඩරට රාජධානියේ සිදුවූ ප්‍රභූ බල අරගලයෙහි එක් පාර්ශවයක් මෙම නවකතාවට කේන්ද්‍ර වී තිබේ. මේරට කෲරතම රජකුලෙස ඉතිහාසගතව ඇති ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය මෙම නවකතාව තුළ ගොඩනැංගෙන්නේ ඔහුගේ ප්‍රේමවන්තියගේ භූමිකාව ආධාර කර ගනිමිනි.මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු උඩරට ප්රභූන්ගේ මෙන්ම ඉංග්‍රීසියෙන්ගෙන්ද ගොදුරක් බවට පත්වූ ආකාරය පිළිබඳ කතාවයි.කිසිවෙකු නොදන්නා ඔහුගේ මානව දයාව හා ප්‍රේමයද, වැසියන් ඔහුට දැක්වූ...
රජ බිසවකගේ පාපොච්චාරනය – (1 වන කොටස )
Original price was: Rs. 1,450.Rs. 1,160Current price is: Rs. 1,160.
"පාන් නැත්නම් කේක් කාපල්ලා” යන ප්‍රකාශය කළැයි සැලකෙන ප්‍රංශයේ මාරි ඇන්ටනෙටි බිසවගේ ඛේදවාචකය රැගත් මෙම කෘතිය මරණය තෙක් ඈ වෙලා ගත් ප්‍රීති ප්‍රමෝදය හා දුක්ඛ දෝමනස්සය ද, නොසඟවා කියා පාන්නකි. ඇගේ අවිචාර ක්‍රියාවන් අතර ප්රමුඛ වූ ̋ට්‍රියනන් මාලිගය” පාරාදීසයක් කරවනු පිණිස අසීමිත ධනයක් අපතේ යැවූ අයුරු, තිඹීගෙයි අමිහිරි අත්දැකීම්, රහස් තැන්හි පෙම්වතා සමඟ වින්දනය කළ ප්‍රේමාශ්වාදය, සතුරන්ගෙන් බේරී උමං මගකින්...
ඇහැළ මලට දම් පාටක්
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
අධික පාඨක ප්‍රතිචාර දිනාගත් forget me not කෘතියේ සම කතෘ,චතුරි දමයන්ති ගේ යොවුන් නවකතාව ........................................................................................... "පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා." පුස්තකාල උද්‍යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය. පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය. "The tree of Paramee...!" "මම පාරමී?" "ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ...
ඉතිහාසය ලංකාව සහ ලෝකය
Original price was: Rs. 690.Rs. 552Current price is: Rs. 552.
ඉතිහාසය හා ඉංග්‍රීසි භාෂා පිළිබඳ ප්‍රාමාණික උගතෙකු වූ ඩේවිඩ් හසී මැතිතුමා 1923 දී ලංකා විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ කතිකාචාර්යවරයකු ලෙස පත්ව ලංකාවට පැමිණ අනතුරුව මහාචාර්ය ධූරයද හෙබවීය. එතුමා විසින් ඉංග්‍රීසියෙන් ලියන ලද Ceylon and world history නම් මාහැඟි ග්රන්ථ මාලාව ලංකාණ්ඩුවේ අධ්‍යාපන මණ්ඩලය මගින් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදුව 1930 වර්ශයේදී පළ කරන ලදී. මෙසේ නැවත පළකරන එම අගනා...
මහාචාර්ය අර්නස්ට් හැකල්ගේ ලංකා සංචාරය – 1882
Original price was: Rs. 850.Rs. 722Current price is: Rs. 722.
ජර්මන් ජාතික වෛද්‍ය විද්‍යා මහාචාර්ය අර්නස්ට් හැකල් 1882 ඔක්තෝම්බර් මාසයේ සිය රටින් නැව් නැග රතු මුහුද ඔස්සේ ඉන්දියාව මොම්බාය හරහා අවුත් නොවැම්බර් මාසයේ කොළඹට ගොඩ බැස්සේය.හෙතෙම පුරා හය මාසයක් තිස්සේ කොළඹ, කඩුවෙල, පේරාදෙණිය ,මහනුවර, ගාල්ල වැලිගම, මිරිස්ස, දෙනිපිටිය, මාතර, දෙවුන්දර, රත්නපුරය සහ නුවරඑළිය පළාත්වල සංචාරය කර1883 අප්‍රේල් මාසයේ ලංකාවෙන් පිටත් වී ඊජිප්තුව හරහා ගම රට බලා ගියේය. මේ රටට එන...
ඔබගේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න
Original price was: Rs. 1,450.Rs. 1,160Current price is: Rs. 1,160.
මේ පොතෙන් ලෝකයේ බොහෝ රටවල පවත්නා නැන්දා ලේලිය අර්බුදය, කන්දොස්කිරියාව හා තවත් වැදගත් මාතෘකා කිහිපයක් මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් විමසා ඇත. ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාව, ස්ත්‍රී පුරුෂ විවිධත්වය පිළිබඳ අඹුසැමි ඝට්ටන සඳහා තුඩුදෙන කරුණු විද්‍යාත්මක විග්රහ කරන මෙම පොත සමබර ජීවිත ගත කිරීමට අවශ්‍ය දැනුම මැනවින් ලබා දෙයි. නූතන සමාජය සංකීර්ණය. ජීවත්වීම සඳහා අඹුසැමි දෙදෙනාම කාර්යබහුලව රැකියාවල නිරත වෙති. ඒ අය පමණක් නොව...
ඈන්ගේ සිහින ලෝකය
Original price was: Rs. 680.Rs. 544Current price is: Rs. 544.
''ඔබ කවදාවත් හිතුවේ නැහැ නේ ද, අනාථ ගැහැණු ළමයෙක් දරුකමට හදාගත්තද?'' මාරිල්ලා කැත්බට් තම සොහොයුරාගෙන් ඇසුවා ය.''එයින් මොනාහරි දෙයක් සිද්ධ වෙයිද කියලා දෙයියෝ විතරයි දන්නේ.'' සාමකාමී ඔවුන් සමඟ ජීවිත තුළට බලාපොරොත්තු නො වූ ආකාරයෙන් ඇතුල් වූ, රතු හිසකේ කෙට්ටු අනාථ දැරියක වන ඔහු ෂර්ලිගෙන් තමාට සැනසීමක් ලැබෙනු ඇත. දැරියගේ දඟකාරකම්වලින් ඇතිවන අවිහිංසාවකින් තොරව, ඇය දවල්වලින් මනසින් පිරී ඉතිරී යන දුක්ඛිත...
හිරු නැගෙන රටේ පෙම් පුවතක්
Original price was: Rs. 790.Rs. 711Current price is: Rs. 711.
අන්තර්ජාතික ප්‍රසාදයට පත් වූ ජපන් ජාතික ලේඛක හරුකි මුරකාමිගේ ආකර්ෂණීය, එමෙන්ම ශෝකාත්මක ප්‍රථම වචනය වන මෙය, ටෝරු නම් වූ ස්වභාවධර්මයද ඉක්මවා යන නිහඬ ගති පැවතුම් ඇති විශ්ව විද්‍යාල ශිෂ්‍යයකුගේ, තම ප්‍රේමවන්තයා වූ කිසුකිගේ අකල් මරණය නිසා අන්තරාන්වේෂී හැඟීමෙන් දුක් වන රූමත් නයොකෝගේද කතාවයි කිසූකීට පුද නොකළ ඇගේ කන්‍යා භාවය කැමැත්තෙන්ම ටේරුට පුද කරන ඇය, ඔහු හා විවාහ වීම ප්‍රතික්ෂේප කරයි...
කර්නල් සහ එරෙන්දිරා
Original price was: Rs. 500.Rs. 450Current price is: Rs. 450.
මාකේස් ගේ කතා කලාවේ හා රීතියේ සංකීර්ණත්වය හඳුනාගැනීම පහසු කිරීමට මෙන් එකිනෙකට පටහැනි ශෛලීන් දෙකක කතා දෙකක් මේ ග්රන්ථයේදී ජනක අපට හදුන්වා දෙයි. 'කර්නල්' කතාවේ චරිතය හා සිදුවීම් එක්තරා නිශ්චිත සමාජ ඓතිහාසික අවධියක සැබැවින්ම වූ යථාර්ථයක් වශයෙන් තාත්විකව ඉදිරිපත් කෙරෙයි. ඔවුන්ට සිදුවී ඇති අසාධාරණය තීව්ර වන විදිහට නිරූපණය වන තරමටම එම අත්දැකීම් සාර්ථකව භෞමික ලෙස මානවවාදී ව විග්රහ වෙයි. අද්දීබූත...
උඩු යටිකුරු
Original price was: Rs. 950.Rs. 807Current price is: Rs. 807.
චීන ජාතිකයකු වූ පා ජින් සම්මාන රාශියක් දිනූ ලේඛකයෙකි. ඔහුගේ මෙම අලුත්ම නවකතාව වූ the boat rocker නම් නවකතාවෙන් ඇමරිකාවේ මෙන්ම චීනයේ දේශපාලනයට නතු වන සාහිත්‍ය හා පුවත්පත් කලාවේ සෝචනීය ඉරණම විස්තර කරයි. ඩැනියෙල් නම් පුවත්පත් කලාවේදියා නොමරා මරා දමන රාජ්‍ය තන්ත්රය තමන් ප්රජාතන්ත්රවාදයේ ඉහළම තැන වැජඹෙන බව පවසයි
ඔබ වෙනුවෙන් තැවෙන්නේ කවුද?
Original price was: Rs. 1,100.Rs. 935Current price is: Rs. 935.
ඔබේ දියුණුව ඔබට අත් කර ගත හැකිව ඇත්තේ අන් අයගේ ද සහයෝගය ලබාගෙන ය.ඔවුන් කෘතඥතාපූර්වකව සිහිපත් කිරීමට සුදුසු කාලය ද මෙයම වෙයි.ඔබ සුදුසු අය වෙත සිතින් කෘතඥතාව දැක්වීමට කටයුතු කිරීම මගින් ඔබේ ඒ ගුණය වැඩි දියුණු කරගැනීමට හැකිවනවා ඇත. එම ගුණය ක්‍රියාවට නැගීමෙන් ඔබේ කටයුතු වලට අන් අයගේ සහයෝගය හා ආශිර්වාදය ලැබෙයි. එය ඔබට ලැබෙන මහත් වාසියකි
නායකයෙක් ඕනෑ කර තිබේ
Original price was: Rs. 800.Rs. 680Current price is: Rs. 680.
වසර පහළොවකට අධික කාලයක් ලෝකයේ ප්‍රමුඛතම සමාගම් වල නායකත්ව උපදේශකයෙකු ලෙස මා ලැබූ අත්දැකීම් සමුදායක ප්රතිඵලයකි මේ.මා අත්හදා බැලූ විවිධ නායකත්ව ශිල්ප ක්‍රමවේද වලින් ලැබූ අත්දැකීම් නොමසුරුව මෙම කෘතියට ඇතුළත් කළෙමි.මේ අති දැවැන්ත අත්දැකීම් සමුදාය ඔබේ පෞද්ගලික ජීවිතයට මෙන්ම වෘත්තීය ජීවිතයට ද අතිශය වැදගත් වනු ඇත.මෙහි එන විවිධ චරිත මගින් මන:කල්පිත කතන්දරයක් ඔබට ඉදිරිපත් කළ ද නායකත්වය පිළිබඳව වන මූලික...
කෝනා
Original price was: Rs. 950.Rs. 807Current price is: Rs. 807.
The Golden lsland නම් කෘතිය Denis Clark නම් ලේඛකයා අදින් වසර හැත්තෑ පහකට පමණ පෙර ලියන ලද්දකි. එදා ශ්‍රි ලංකාවේ රමණීය පරිසරය මෙන්ම රට දැය බේරා ගැනීම සඳහා සටන් කළ වීරෝධාර විරුවන්ගේ ජීවන තොරතුරු ඩෙනිස් ක්ලාක් දුටු අන්දම මෙයින් විදහා දැක්වේ. ඒ හෙළ උරුමයත් සමගම ඔහු අපට දායාද කළ කෝනා, කඩොලා, ගාමිණි යන චරිත තවත් වසර ගණනාවක්ම අපේ හදවත් තුළ...
වේලාසන කොක්කු සරති
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
මේ කතාවේදී අයිත්මාතොව් තම පාඨකයාව 1941 1945 යුද සමයේ කිර්ගීසියාවේ දුර ඈත සොඳුරු ගම්මානයක් වෙත එකතු කරගෙන යයි.අවි දැරීමට හැකියාවක් ඇති සියල්ලන්ම ඒ දවස යුද පෙරමුණට කැඳවා තිබුණේ කිසිවක් කර කියාගත නොහැකි වයස්ගත කාන්තාවන් සහ කුඩා දරුවන් පමණක් ගමෙහි ඉතිරි කරමිනි.වැඩිහිටි පිරිමින්ගේ කටයුතු සියල්ල හිරිමලුන්ගේ කරමත පැටවුණි. ප්‍රථම වතාවට මේ හිරිමල් යෞවනයන්ව දුෂ්කර යුද වාතාවරණය මැද්දේ සී සා, බිම නගා,...
ජමිලා
Original price was: Rs. 400.Rs. 320Current price is: Rs. 320.
තමා හා පෙමින් වෙළුණු ඇය, ඇගේ දෙගුරුන් වෙතින් රහසේ රැගෙන අවුත් සහේට ගත් කඩවසම් තරුණ සාදික්. ඇය නිසා තම ළමාවියට ආයුබෝවන් කියන බාල මස්සිනා සෙයිට්. යුද සේවයෙන් මුදා හළ පසු ගමට ආ දිරි සපන් ආබාධිත සොල්දාදුවා දනියාර්. මේ තිදෙනාගේ ප්‍රේමයට මැදිවන ජමිලා. ලුවිස් ඇරගන් නම් ප්‍රංශ සාහිත්‍යධරයාට අනුව ජමීලා යනු ලෝකයේ ලස්සන ම පෙම් පුවතයි.
අම්මා සහ මිහි මව
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
මට ජයිනාක්, මසෙල්බෙක්, කාසිම්, සුවන්කුල් සිහිපත් වුණා: ඔවුන්ගෙන් කිසිවෙක් ආපසු නොඑනු ඇති. එසේ කියන්නී තොල්ගනායි නම් අම්මා. ඒ ඇගේ පුතුන් තිදෙනා සහ සැමියා. ඔවුන් සියලු දෙනා කුරිරු යුද්ධය විසින් බිලි ගනු ලැබුවා. පසුව තමාගේ ම දියණිය ලෙස ස්නේහ පෑ ලේලිය, අලිමාන් ද අනියමින් ඊට ගොදුරු වුණා. මවක් මේ සියල්ල දරා ගන්නේ කෙසේ ද? ඇගේ වේදනාව ඇය මිහිකත සමඟ පවසනවා. මිහිකත ඊට සවන් දෙමින්...
ගිරිජා
Original price was: Rs. 1,300.Rs. 1,170Current price is: Rs. 1,170.
දහනමවන සියවසේ මැද භාගයේ මහනුවර. සමාජය පැරැන්නෙන් නව හැඩයකට පරිවර්තනය වෙන්නට ඇරඹී තිබෙන මොහොතක්. නිදහස් සටන එහි අවසානය සලකුණු කරමින් සිටින අවස්ථාවක්. ගිරිජා - රම්මා සහෝදරියන් දෙදෙනාගේ හාවුණු ඇහි බැම යුගලක් තරමට නොබිඳෙන සහෝදරී බැඳුම මත්තේ අනේකාකාර රටා ගන්නා ස්ත්‍රී චිත්තයේ සංකීර්ණත්වය හා විවිධත්වය විචිත්රව චිත්රණය කරමින්, අතිශය නාටකීය ගොඩනැංවීමකින් මෙන්ම, පාඨකයා විස්ම ගැන්වෙන පෙරහරක් තරම් රමණීයත්වයෙන් හා බහුවර්ණයෙන් හෙබි...
සේලවී
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
තේ වත්ත මුදුනේදී දැරණියගල ටිකක් නුහුරු තද හුළඟක් හමාගෙන ගියේ හිටිහැටියේ හයිය ගස් වල පවා මුදුන් හොලවමින්,තද කොළ පාට කොලත් බිම හෙලමින් හමා ගෙන ගිය ඒ හුළඟ තුන්දෙනාගෙම අවධානය දිනා ගත්තා. නුරා ඒ හුළඟ ඇඟේ දැවටිලා යද්දි ඇස් පියා ගත්තා.රාද්ගේ ඇස් මොහොතකට යොමු වුණා ඇසිපිය වුණු නුරා දිහාවට කපිල් හුළඟෙ සුවඳ විඳින්න පොඩි ඉස්පාසුවක් ගත්තා.
කැමෙලියා
Original price was: Rs. 975.Rs. 877Current price is: Rs. 877.
"බල්ලො මිනිස්සු වගේ කතා කරන්න පුරුදු උනා නම් උන් ඔච්චර හොඳ වෙන්නේ නෑ කියලත් මතක තියාගන්න එහෙනම් ඔයාව හපා කන්නේ වලිගෙ වනල." ඇනීටා "මං කැමැතියි වැවිලිකරුවෙක් විදිහට ඡන්දෙට ඉදිරිපත් වෙන්න දැන් මගේ ඇඟේ දුවන්නේ ලේ නෙමෙයි තේ" ජෙෆ්රි "මට තේ වතුරෙන් දැනෙන්නෙ අප්‍රසන්න රසයක් සහ කුයිලය පමණි. එය රළු මුඩු නූගත්කමේ දුගඳ ලෙසද විටෙක භීතියේ බයාදු කමේ කහට ලෙස ද...
ළමුතු අමයා
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
‛ළමුතු අමයා’ ළමා පොතක් නොව ළමයෙකුගෙ සැබෑ සිතුවිලි පිළිබඳ උපහාසාත්මක හා යථාර්ථවාදී නවකතාවකි. “ළමා කතා කියලා ජාතියක් තියෙනවා නේද? ඒ හැම එකකම තියෙන්නෙ ‛හොඳ ළමයෙක් වෙයන් පුතේ' කියන පණිවිඩය. මට එකක් කියන්න ඕන. මට අමුතුවෙන් හොඳ වෙන්න උවමනාවක් නෑ. මම කොහොමටත් හොඳයි. වැඩිහිටියන්ගෙ තියෙන ලොකුම ප්‍රශ්න මොකක්ද දන්නවද? ලොකු වෙනකොට පොඩි කාලේ අමතක වෙන එක. පොඩිකමේ වාසියක් තමයි වැඩිහිටියෝ බය...
බොම්බෙමොටයි
Original price was: Rs. 1,300.Rs. 1,105Current price is: Rs. 1,105.
හායි.... මගේ නම ෆ්ලෝරා. නමුත් වැඩි දෙනෙක් මට කතා කරන්නෙ ෆ්ලෝසි නැතිනම් ෆ්ලොස් කියලයි. මගේ හොඳම මිතුරිය රියෑනන් වතාවක් දෙකක් මට ෆ්ලොප්සි බනී කිව්වා. නමුත් ඒ එයා මා ගැන ලොකුවට කරදර වුන කාලෙදි. මට කවදාවත් රියෑනන් වගේ මිතුරියක් සොයා ගන්න බැරිවෙයි කියා මා හිතුවා. හොඳයි, ඕස්ට්‍රේලියා ගියොත් නම් කොහොමවත් බැරිවෙයි කියල මං හිතුවා. මගේ අම්මා මාව ඕස්ට්‍රේලියාවට එක්ක යන්න හුඟක්...
කලු ගැහැණියකගේ සිහිනය
Original price was: Rs. 800.Rs. 640Current price is: Rs. 640.
කළු ගැහැනියකගේ සිහිනය නයිජීරියානු ජාතික බූචී එමචිටා විසින් ලියු Second class citizen නම් ඉංග්‍රීසි නවකතාවේ පරිවර්තනයකි. මානුෂික නිදහස ගැන පූජනීයත්වයෙන් සලකන එංගලන්තයේදී වුවද කළු ගැහැනියක් පත්වන දුක්ඛිත අසරණ තත්ත්වය ගැන බූච් විස්තර කරනුයේ තමා ලන්ඩන් නුවර ගත ගතකළ ජීවිතෙන් ලද අත්දැකීම් ද එකතු කරමිනි .
අනියම් බිරින්දෑවරු
Original price was: Rs. 1,680.Rs. 1,512Current price is: Rs. 1,512.
Memoirs of a Geisha - Arthur Golden "මගේ බිරිඳ මියගියත් ඈ තවමත් මා තුළ ජීවත් වෙමින් සිටිනවා." ඔහු මෙසේ පවසද්දී මා සිටියේ රසම රස සුප් කෝප්පයක් පානය කරමිනි. මොහු පවසන්නාක් මෙන් මා ඇසුරු කළ අයත් මා ඇසුරු කළ මිය ගිය අයත් තවමත් මා තුළ ජීවත් වෙමින් සිටී.නොබූ මෙන්ම සභාපතිතුමා ද මා තුළ ජීවත් වෙමින් සිටී.ඒ අතර මගේ අම්මා, තාත්තා, මෙන්ම...
මගේ මවගේ රහස
Original price was: Rs. 550.Rs. 495Current price is: Rs. 495.
සත්‍ය කතාවක් පාදක වූ මගේ මවගේ රහස හදවතට දැනෙන සංවේදී කතාවකි. 1939 දී නාසින් විසින් ආක්‍රමණය කළ පෝලන්තයේ යුදෙව්වන්ට නවාතැන් සැපයීම මරණ දඬුවමකි.ෆ්රැන්සිස්කා සහ හෙලේනා තම කුඩා නිවසෙහි යුදෙව් පවුල් දෙකක සහ ජර්මානු සොල්දාදුවෙකුගේ ජීවිත නාසීන් ගෙන් සඟවා ගත්තේ තම ජීවිත පවා අවදානමට ලක් කරමිනි.මෙම බිහිසුණු කාලයේදී හේලේනාගේ ආදර කතාව හදවතට සුන්දරත්වයත් ලබාදෙයි. කතාවේ හදවත බඳු ෆ්රැන්සිස්කා කරුණාව, නිර්භය දයානුකම්පාව...
දුවපං කොල්ලො දුවපං
Original price was: Rs. 700.Rs. 630Current price is: Rs. 630.
"විශ්වාස කරන්න මම ගොළුබෙල්ලන්වත් කෑවා හරිම අප්පිරියා තමයි. ඒත් රහ බලන්නේ නැතුව එකපාරටම ගිල්ලා." දෙදෙනාම කුඩා පිකප් රථයට ගොඩ වූහ. ඒ එදා ජුරෙක්ව පැහැරගෙන ආ රථයයි.දෙදෙනාම රියදුරු අසුනට යාබද අසුනේ තෙරපී වාඩි වූහ. ආපසු හැරී බැලූ ඇයට ඇස ගැසුණේ ජුරෙක්වය. මේ වන විට එක් අතක් පමණක් ඇති, තඹ පැහැති කොණ්ඩයෙන් යුතු මේ දක්ෂ සිසුවා ගැන විශ්වවිද්‍යාලය කවුරුත් කතාබහ කළහ. දෙවන...
කඳුකරයේ විරු දරුවෝ
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
සමහරවිට ඔවුන් හැම දෙනාටම බියමුසු හැඟීමක් දැනෙන්නට ඇත. හදිසියේම ඔවුන් එකිනෙකා මුහුණින් මුහුණ බලන්නට වූයේ අනතුරක් පිළිබඳව හැඟුණු අයුරිනි. "ඒ සර්පයෙක් ද?" හාවි කෙඳිරුවේය. ළමෝ ඔහු නොතකා සිටියහ. "මට පිඹින හඬක් ඇහුණා. ඒ සර්පයෙක් වෙන්න ඕනි" " ෂ්...ෂ්....නිශ්ශබ්ද වෙන්න" ගසීට අයිස් මෙන් සීතල දෙව්ලීමක් දැනුණි. ඒ සර්පයෙක් නොවීය. ඌ පිම්බේ නැත. හඬ පැමිණියේ බරැති සතෙකු මඩ මත පා තැබූ අයුරිනි.
ජෙරුසලෙම් දූවරුනි
Original price was: Rs. 1,000.Rs. 800Current price is: Rs. 800.
කුරුසිය කර තබා කල්වාරි ගිර තරණය ජේසුස්ය. සිය හැඬුම්, දෙඩුම්, විලාප තබමින් ජේසු තරුණයා පසුපස යන මිත්තනියෝය. අම්මලාය. සොයුරියෝය. දියණියෝය. ප්‍රේමයෙන් බැඳුණු ගැහැනුන් ය.ඒ ස්ත්‍රී වළල්ලේ දෑත් අතරද , ඔක්කේද අතැඟිලි අගිස්සේද, වස්ත්‍ර කොන්වද එල්ලී ගත් ළමා ළපටියන් ය. අම්මාවරුන්ගේ කඳුළු ගැන කුහුල් සිත් ගත් විමසුම් සිඟිත් ඇස් බියෙන් තැති ගැන්වී ය. කුරුසය කර තැබූ තැන් සිට ,නිහඬවම එය උහුලා...
බෙල්සෙන්හි සිරගතව
Original price was: Rs. 1,250.Rs. 1,000Current price is: Rs. 1,000.
ටොමී රයිකෙන්ටාල් වයස අවුරුදු නවයේදී නට්සීන් ගේ ග්‍රහණයට හසු වන්නේ තම මවත්, එකම සහෝදරයත් ,ආච්චි අම්මත්, නැන්දණියත් සමග තවත් පවුලේ සාමාජිකයින් කිහිප දෙනකු ද සමගය.අවසානයේදී ඔවුන් රඳවා තබන්නේ ඉතාම බිහිසුණු සිර කඳවුරක් වූ බර්ගන් - බෙල්සෙන් කදවුරේය.ඔවුන් කළ එකම අපරාධය ලෙස හැඳින්විය හැක්කේ ස්ලෝවැකියාව තුළ යුදෙව්වකු ව ඉපදීම පමණි. කඳවුරේ ගත කළ කාලයේ එහි සිදුවූ දරුණු සිදුවීම් සියැසින් දුටු සාක්ෂිකරුවකු...
ටානියා
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
"ධනවාදයෙන් ක්‍රියාත්මක වන ලෝකයක අපේ ජනතාව ලක්වී ඇති ආත්මාර්ථකාමී ස්වභාවයට විරුද්ධව හැම ජනතාව කෙරේ ඇති ආදරයේ සලකුණු හැඟීම් ඇය සතුයි. තවද ඇය ජීවිතය ගැනද නොසිතමින් ප්‍රධාන අරමුණට අවදානම දරාගෙන යන්නියකි." -චේ ගුවේරා- "ප්‍රසන්න භාවයක් ඇති කතා බහ කිරීමට පහසු අතිශයෝක්තියෙන් තොර, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් ඉහල දැනුමක් ඇති අයෙකි ඇය." -ටියොබල් ඩෝ- (රහස් මෙහෙයුම් තාක්ෂණික උපදේශක) "අපේ 'ඉටා' ටමාරා බවට...
නොගිලිහෙන්න
Original price was: Rs. 1,300.Rs. 1,170Current price is: Rs. 1,170.
නූතන එංගලන්තයේ පරිකල්පිත සමාජයක හැදී වැඩෙන සිසුන් කණ්ඩායමක ජීවන අත්දැකීම් ඇසුරෙන් කසුඔ ඉෂිගුරො විසින් රචිත 'නොගිලිහෙන්න' මෑත කාලීනව බොහෝ සේ පිළිගැනීමට ලක් වූ මෑන් බුකර් සම්මානය සඳහා කෙටි ලැයිස්තුගත වූ නිර්මාණයකි. අවුරුදු තිස්එකක් වන කැතී, හෙයිල්ෂම් පාසලේ ගත කළ සිය සුන්දර ළමා කාලය හා පුළුල් ලෝකය තුළ මිතුරු මිතුරියන්ට මුහුණ පෑමට සිදුවන ඉරණම වටහා ගැනීමට කරන උත්සාහය විවරණය කර ඇති...
තෙල්මා
Original price was: Rs. 1,800.Rs. 1,440Current price is: Rs. 1,440.
මාරි කොරෙලි සොඳුරු කවි බසින් අප අමතා කියන්නේ රෑ ඉරපාන හමුවූ ෆිලිප් - තෙල්මා යුවලගේ ආදර වෘත්තාන්තයයි.නෝර්වේ දේශයේ බොස්කෝප් ග්‍රාමයේ නූගත් ගැමියෝ තෙල්මාගේ හදවත තබා රූ සිරියවත් වටහා නොගත්තෝය. ගතිකානුගත අදහස් එකහෙළා පිළිගත් ඔහුහු ඇය යක්දෙස්සියක යැයි කීවෝය. රසවින්දනයෙන් සාහිත්‍යය, සංගීත, කාව්‍ය හා නාටක රසාලිප්තව, ඒ සොඳුරු බව රූ සිරියාව හා කැටිව තෙල්මා නම් පිරිසිදු හදවත් ඇත්තිය නිර්මාණය වූවාය.ලන්ඩනයේ වංසක්කාර...
දංගෙඩිය
Original price was: Rs. 1,750.Rs. 1,400Current price is: Rs. 1,400.
ජනතාවගේ ආහාර අවශ්‍යතා වෙනුවෙන් රටේ සත්ත්ව සම්පත අනුකම්පා විරහිතව ඝාතනය කිරීමට නිකුත් කෙරෙනා නිලධාරිවාදී ආඥා හමුවේ පරිසර තුලිතතාවය බිඳ වැටීමෙන් පීඩනයට ලක්වන මිනිසා හා සත්ත්ව ජීවිතවල ඛේදවාචකයත් ආගමික සංස්ථාවේ අත්තනෝමතික ප්‍රශ්න කිරීම් හමුවේ නෙරපනු ලබන පූජකවරයකු මිනිසාට තමන් අදහන සත්‍ය වටහා දීමට යාමෙන් මුහුණදෙන ඉරණමත්,සමාජ විමුක්තිය උදෙසා අවංකව කැප වෙන විමුක්ති කාමියෙකු හට නිලධාරී වාදයෙන් එල්ල වන අසාධාරණයන් හරහා සමස්ත...
ෆා දූපතේ සිටුවරයා
Original price was: Rs. 1,800.Rs. 1,620Current price is: Rs. 1,620.
මගේ බැල්ම දොර මත රැදී තිබුණි. සිහිනයේ ප්‍රධාන කොටස වූයේ දොරයි. ඒ මා ඇතුළු වු දොර නොවේ. මෙහි දොරවල් දෙකක් තිබිණි. සිහිනයේදී විවෘත නොවූ නමුත් සෙමෙන් විවෘත වන බවක් පෙනුණු, මගේ බියට හේතු වූ කරුණ එහි අනෙක් පැත්තේ තිබෙන බවට යටි සිතින් මට හැගුණ දොර එයයි. දොරේ හැඩලය සෙමින් කරකැවෙනු පෙණිනි. මට එයින් දෑස ඉවතට ගන්නට නොහැක විය. එය සෙමෙන්...
නරනිඳු ගැටුම
Original price was: Rs. 2,400.Rs. 1,920Current price is: Rs. 1,920.
ලොව පුරා අලෙවි වාර්තා තැබූ A Song of Ice and Fire කතාමාලවේ දෙවන කෘතියේ පළමුභාගය...... ගින්නේ සහ රුධිරයේ වර්ණ රැගත් වල්ගාතරුවක් යට කණ්ඩායම් සයක් කුණාටු සහ කැළඹීම් මධ්‍යයේ බෙදුණු භූමියක් වෙනුවෙන් අරගල කරති. ළමා රජු, කාන්තාවක්, කුරුමිට්ටෙක් සහ නපුංසකයකුගේ පාලනයට නතු වේ. කුමාරිකාවන් මහමගට වැටෙද්දී අබ්බගාතයෝ වෘකයෝ බවට පත් වෙති. දීර්ඝ ගිම්හානයේ අවසානයත් සමග රජවරුන්, රජවරුන් සමඟ ද අවජාතකයෝ, මළවුන්...
මිඩාක් පටුමග
Original price was: Rs. 1,500.Rs. 1,200Current price is: Rs. 1,200.
සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී නජීබ් මහ්ෆුස්ගේ පොහොසත් වර්ණිත කතා කිමේ කලාව "මිඩාක් පටුමග" නවකතාවේ තරම් දෘශ්‍යමාන වන වෙනත් ඔහුගේ කෘතියක් නොමැති තරම් ය.මේ නවකතාව කයිරෝ නගරයේ ජනයා බහුලව ගැවසෙන පටුමග ජීවත්වු නිවැසියන්ගේ ජීවිත පුවත වටා කේන්ද්‍රණය වී ඇත.සයිටා නම් වූ ආබාධිතයන් තනන්නා ගේ සිට තරුණ පිරිමි ළමුන්ට හා මත්ද්‍රව්‍ය වලට ඇලුම් කළ ක්‍රිෂ්ණා නම් වූ අවන්හල් හිමියා ද, මුදලට ඇති...
මුලා මංසල
Original price was: Rs. 1,750.Rs. 1,400Current price is: Rs. 1,400.
ඈට හන්දියේ රැජින මතක් වෙන්න ඇති. ඇගේ අම්මාත් ඒවගේ් ගිනි කූටක අවුවේ, සීතල කාලේ වැස්සේ හිටගෙන ඉඳීවි ද කියල හිතන්න ඇති. ඇගේ බාල මල්ලියි නංගියි බලාගන්නේ කවුද, තාත්තට වෙලාවට ප්‍රෙෂර් පෙති බොන්න මතක් කරන්නේ කවුද? එතකොට ඈට ඒක ඇහුනා, අකුණක බලය කැටිවුණු ඇඟිලි පහේ කම්මුල් පාරක්, ජෙල් කොණ්ඩකාරයා බෙරිහන් දුන්නා, උගේ කම්බුල රතු වෙලා, ඉස්සරහ වීදුරුවට කාර් එකේ වයිපර් වලින්...
ජුලියා නැන්දා සහ තිර රචකයා
Original price was: Rs. 2,100.Rs. 1,680Current price is: Rs. 1,680.
මාරියෝ වර්ගාස් යෝසාගේ අතිවිශිෂ්ට, බහුස්ථර නවකතාව ලීමාවෙහි කතුවරයාගේ යෞවන කාලය සැකසී ඇත්තේ, දේශීය ගුවන් විදුලි නාළිකාවක ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙහෙස මහන්සිව රාජකාරි කරන්නා වූ මරිටෝ නම් තරුණ සිසුවෙකු ලෙස ය.ඔහුගේ තරුණ ජීවිතය, පැමිණීම් දෙකක් නිසා භේදනය වේ. පළමුවැන්න, මෑතකදී දික්කසාද වූ සහ අවුරුදු දහතුනක් වැඩිමහල් වූ ඔහුගේ ජූලියා නැන්දා සමග රහසිගත ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කිරීමය.දෙවැන්න, පේද්රෝ කැමාචෝ නම් උන්මාදික ගුවන්විදුලි පිටපත්...
තෙත්සූයා නම් දුනුවායා
Original price was: Rs. 650.Rs. 520Current price is: Rs. 520.
"දුන්නෙන් ඉවතට යන හැම හීයක්ම හදවතේ මතකයක් ඉතිරි කරනවා. එහෙම එකතු වුණු මතක ගොන්න ඔයාව වඩාත් ශූර දුනුවායෙක් කරාවි."
නාසීන්ගේ නැගීම සහ බිඳ වැටීම
Original price was: Rs. 1,600.Rs. 1,280Current price is: Rs. 1,280.
ඔස්ට්‍රියාවේ ධනවත් යුදෙව් පවුලක මෙහෙකාරියක ලෙස සේවය කළ මරියා නමැති තරුණියක එකී යුදෙව් පවුලේ තරුණයකු අතින් දුෂණයට ලක්ව 1837 දී පුතෙකු වැදුවාය.ඔහු නමින් ඇලොයිස් නම් වූ අතර හෙතෙම ඇඩොල්ෆ් හිට්ලර්ගේ සීයා වූයේය. ඇඩොල්ෆ් හිට්ලර් කුඩා කාලයේ ඉගෙනුම ලැබුවේ යුදෙව් සිසුන් සමඟිනි. එකල යුදෙව්වෝ යුරෝපය තුළ සමෘද්ධිමත් ජීවිත ගත කළෝය. යුදෙව් සිසුන් හා සංසන්දනය කිරීමේදී හිට්ලර් ඉගෙනීමටද පසුබට වූයේය. බුද්ධිමත් වූ...
තල් අරණේ කතන්දරය
Original price was: Rs. 1,600.Rs. 1,280Current price is: Rs. 1,280.
කුල පීඩනයේ විය ගසට යටකර සිය ළමා වියෙහි නොකල් වැඩිහිටියන් බවට පත් කරනු ලබන ළමුන් පිරිසක්. කුල පීඩනය මෙන්ම ආර්ථික පීඩනයේද බර දරාගත නොහැකිව සිය දරුවන් උසස් යයි සම්මත කුලයන්හි වාල්කමට පවරන්නට බල කෙරුණු වැඩිහිටියන් පරම්පරාවක්. පෙරුමාල් මුරුගනගේ අග්රකෘතිය සේ සැලකෙන මේ නවකතාව කුල ක්‍රමය යනු තවත් කල් පවත්වා නොගත යුතු මානව විරෝධී පද්ධතියක් බව මනාව විදහන අපූරු නවකතාවකි.
දේදුනු බළකාය
Original price was: Rs. 1,500.Rs. 1,200Current price is: Rs. 1,200.
පංති විෂමතාවෙහි ගොදුරු බවට පත් පීඩිත දරුවන් පිරිසක් සහ ඔවුන්ට ලෝකයට කවුළු විවර කරදීම සිය ජීවන පරමාර්ථය කරගත් ගුරුවරයෙක් මෙන්ම තුරුණු ගුරුවරියකගේ නොපසුබට උත්සාහය අපූරු ලෙස විචිත්‍රණය කරනා මේ කෘතිය රචකයා ගේ ජීවිත පුවත මෙන්ම ඒ හා බැඳුණු පුළුල් සමාජ කියවීමක් ද පාඨකයාට තිළිණ කරන සංවේදී අන්දරයකි.විවිධ කුසලතාවයන්ගෙන් පොහොසත්, ආර්ථික පීඩනයෙන් දරුණු ලෙස බැට කමින් ඒ අතරම බලය සහිත පන්තිය...
නැළවිලි ගීයක්
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
කීර්තිමත් ප්‍රංශ - මොරොක්කානු නීතිඥවරියක වූ මිරියම් නැවත සේවයට අවතීර්ණ වීමට තීරණය කිරීමත් සමඟ ඇයටත් ඇයගේ සැමියාට තම දරු දෙදෙනා ගේ රැකවරණයට මවක් බඳුවූ ආයම්මා කෙනෙකුගේ සේවය ලබාගැනීම අනිවාර්ය අවශ්‍යතාවයක් විය.තම දරු දෙදෙනාට ගී ගයන පැරීසියේ තම තට්ටු නිවාස නිවහන මනාව පවත්වා ගත්, නිහඬ, ආචාරශීලී, ලුයිස් හමු වෙනු ඇතැයි ඔවුන් සිහිනෙනුදු නොසිතූහ. මිරියාම් යුවළත් ආයම්මාත් එකිනෙකාට නැතිවම බැරි අයුරින් බැඳී...
අසුර භූමිය
Original price was: Rs. 2,200.Rs. 1,760Current price is: Rs. 1,760.
කන්චෙන්ජුන්ගා කන්ද පාමුල ගරා වැටෙමින් පවතින හුදෙකලා නිවසක කටුක හදින් පසුවන විනිසුරකු දිවි ගෙවයි. ඔහුට අවශ්‍යව ඇති එකම දේ වනුයේ යුක්තිය වියවුලක් ව පවත්නා සේ ඔහුට පෙනෙන ලොවින් වෙන්ව පාඩුවේ විශ්‍රාම දිවිය ගෙවීමටය. ඔහුගේ අනාථ බවට පත් මිනිබිරිය එනම් සායි, ඔහු කරා පැමිණෙන්නේ මේ අවස්ථාවේහිය.ග්‍රීන් කාඩ් පතක් හිමිකර ගැනීමේ අභිලාෂයෙන් වෙලී රළු අවන්හල් එකකින් තවකෙකට වශයෙන් නිව්යෝර්ක් නුවර පුරා පලින් ...