Publishers
අන්දීසයේ මරණය
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
ඉතා දුෂ්කර පෙදෙසක අන්තරායකාර වාතාවරණයක පාළුවේ පසුවන හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ගේ සංවාදයක ස්වරූපයෙන් දිගහැරෙන මේ කතාව පේරූ දේශය මතු නොව සමස්ත ලෝකෙම පීඩිත මිනිසුන්ගේ පොදු අත්දැකීම් ඒ විවිධ පාර්ශව නිරූපණය කිරීමකි .කතන්දර මගින් ඉදිරිපත් කෙරෙන අන්දීසයේ මරණය යනු පේරුවේ කතාව වන්නා සේම අපේ කතාව ද වන්නේ යැයි පාඨකයාට හැඟී ගියහොත් එය ද අරුමයක් නැත.
සියවසක් පවත්නා දවස
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
මධ්‍යම ආසියානු සුවිසල් ස්ටෙප්ස් තැනිතලා වත් ,නිම්හිම් නැති අභ්‍යවකාශයත් පසුබිම් කර රචිත මේ සුවිශිෂ්ට නවකතාව ,ඉතිහාසය හා පුරාවෘත්ත ද මුසු කරමින් පශ්චාත් දෙවන ලෝක යුධ සමයේ මෙන්ම ස්ටාලින් පාලනයේ අවසාන භාගයේ කසකස්ථානයේ දුෂ්කර දුම්රිය මංසන්ධියක සේවය කළ වැසියන් පිරිසකගේ ජීවිත අන්දරය හරහා සෝවියට් පාලනය වෙත හෙලන ලද විචාරාත්මක බැල්මකි .එසේම මෙය තවත් අතකින් සෝවියට් දේශය තුළ විසූ මධ්‍යම ආසියානු ජනයාගේ...
ඔබ මගේ මුරපදේ
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
වර්තමාන ඉන්දියාවේ විදේශීය තොරතුරු තාක්ෂණික සමාගම්හි ක්‍රියාකාරකම් වල ආගමනයත් සමගම සාම්ප්‍රදායික ඉන්දීය යෞවන දැඩි වෙනස්කමකට ලක් විය .ඔවුන්ගේ හැසිරීම් රටා කතා හා සිතුම් පැතුම් ද සහමුලින්ම වෙනස් විය. මෙම නවකතාවෙන් නිරූපණය වන්නේ ද නූතන ඉන්දීය යෞවනයෙහි හි නව ස්වරූපයයි . මෙම නවකතාවේ සුවිශේෂත්වය වන්නේ සැහැල්ලුව ,වින්දනය ,ජීවිතයේ සුන්දරත්වය ,දුක ,සතුට හා විශ්මය අතරේ සැනෙකින් දෝලනය වන සිදුවීම් මාලාවකින් යුක්ත වීමය...
කහ උණ 1793
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
පිලඩෙල්ෆියා නගරයේ වීදි ඔස්සේ 1793 දී කහ උණ වසංගතයක් පැතිර ගිය අතර ලෝරී හැල්ස් ඇන්ඩර්සන්ගේ නවකතාවේ, ‘කතා බීජය ද වසංගතය තරමටම වියරුවකින් පාඨක හදවත් තුළට කාවදින එකකි.’ යයි ‘ද නිව්යෝක් ටයිම්ස් බුක් රිවීව්’ සඟරාවේ විමර්ශනයක සඳහන් කර ඇත. 1793 ග්‍රීෂ්ම ඍතුවේ මැටී කුක් නමැති 15 හැවිරිදි දැරිය ජීවත්වූයේ ඇගේ වැන්දඹු මව සහ සීයා සමග ඔවුන්ගේ පවුලට අයත් කෝපිහලක ය. මැටී...
මහල්ලා සහ ඉඟුරු පැලය / ඇටමිදුළු
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
මහල්ලෙක් , ඉගුරු පැලයක් සහ ඔහුට තනි රකින බල්ලෙක් .දකුණු නියං සමයක සියලු මිනිසුන් විසින් හැර දමන ලද ගම්මානයක ජීවත් වීම සඳහා වන දරුණු අරගලයක් .සැමියාද තමන් හැර ගිය පසුව පරම්පරාගත රෝගයක් හේතුවෙන් මානසික වශයෙන් දුබල බවට පත් පුතකු සහ දියණියන් තිදෙනකු සමඟ ජීවිතය හා පොර බදින මවක් .අතිශය දරුණු තත්වයන් යටතේ වුව නොවැටී දරා සිටීමට සහ නැගිටීමට මිනිසා සතු...
ඇපල් ගහ යට
Original price was: Rs. 780.Rs. 624Current price is: Rs. 624.
හොඳින් ජීවිතය ගත කළා කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද ? මට හිතෙන හැටියට නම් හොඳින් ජීවිතය ගත කිරීම කියන්නේ හොඳ ජීවිතයක් ගත කිරීමට වඩා වෙනස් දෙයක් ... මා දන්නා තරමින් හොඳ ජීවිතයක් ගත කිරීම කියන්නේ සමාජ විරෝධී දෙයින් වැළකී සදාචාර සම්පන්න හා විනයනුකූල රීතීන් හැකිතාක් අනුගමනය කරමින් සමාජයට ප්‍රයෝජනවත් ගමන් මගක යන එකයි . අනෙක් අතට එයට ප්‍රතිවිරුද්ධ ලෙස හිතුවොත්...
මැහුම්කාරි
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
නවසිය පනහ දශකයේ දවසක ටිලී ඩනේජ් නමැති සුන්දර යෞවනිය ඕස්ට්‍රේලියාවේ පිටිසර කුඩා නගරයක පිහිටි තම නිවසට ආපසු පැමිණියේ සිය මව මෝලී රැක බලා ගැනීමේ අරමුණිනි . මෝලී ඒ වන විට අබල දුබල උමතු ගැහැනියක බවට පත්ව ඇති බව ටිලී දැනගත්තේ ඒ ආ ගමනේදීය. ඩනේජ්හි නගර වැසියන් වසර ගණනාවකට පෙර ටිලීව ඈත නුවරකට පිටමන් කර තිබුණි .උපන් බිමෙන් පිට ව සිටි...
මේඩ්න්ස්
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
පරිවර්තනය : කවීෂ නදුන් කග්ගොඩආරච්ච් ප්රකාශනය : මියුසස් ප්‍රකාශන The Maidens
හත් පෙති මල සහ තවත් කතා
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
කුඩා කල අප ඉතා ආදරයෙන් වැළඳගත් හත් පෙති මල සහ තවත් කතා ඉතාමත් මනරම් පින්තූර සහිතව ඝන කවරෙකින් යුත් වටිනා කෘතියක් ලෙස දැන් ඔබ අතට
සාගරය පරදා
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
ඒ 2010 වසරේ දෙසැම්බර් 19 වෙනිදාය. රෑ කෑමෙන් පසු පිගන් කෝප්ප සෝදා පවුලේ උදවිය සුපුරුදු ලෙස රූපවාහිනිය වටා වාඩි වූයේ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලැබෙන ප්රවෘත්ති විකාශය ට සවන් දීමේ බලාපෙරොත්තුවෙනි. අල් ජසීරා රූපවාහිනී සේවයේ එදින ප්‍රධාන පුවත වූයේ තම එලවලු කරත්තය පොලිස් භාරයට පත් වීම නිසා ගිනි තියාගත් ටියුනීසියාවේ පදික වෙළන්දකු වන මොහොමඩ් බොව්සිව් ගැනය.රටේ අයහපත් ආර්ථික තත්ත්වය හේතුවෙන් එදින...
ඔලිම්පස්හි රුධිරය
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
වික්‍රමාන්විත උපදෙවිවරු සත්දෙනෙක්... එක් අවසන් ගවේෂණයක්... මෙතෙක් කලකට සිදුවූ මහාත්ම පරිත්‍යාගයක්... මාරාන්තික ගවේෂණයන් බොහොමයකට මුහුණදීමෙන් පසුව, පර්සි, ජේසන්, ඇනබෙත් හා ඔවුන් ගේ මිතුරන්ට තවත් එක් අවසන් අභියෝගයකට එකා මෙන් පෙළ ගැසීමට සිදුවෙයි. ඒ පොළෝ මාතාව වූ ගයියා අවදි වී ලෝකය විනාශ කිරීමට පෙර යෝධයින් ගේ හමුදාව පරදවා කඳවුරු ද්විත්වය බේරා ගැනීමේ සටනයි... තවමත් බහුවිධ පෞරුෂ ආබාධයෙන් පෙළෙන දෙවිවරුන්ගෙ න් ද...
වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය
Original price was: Rs. 500.Rs. 450Current price is: Rs. 450.
ලෝක පූජිත කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයෙකු වූ විලියම් ස්ටුවර්ට් හල්ස්ටඩ්ගේ ඒකායන පරමාර්ථය වූයේ සැත්කම් වලට බඳුන් වන මිනිසුන් සැත්කමේදී හා එයින් පසු විඳින මහත් වූ වේදනාව තුරන් කොට ශල්‍යකර්මය වඩාත් සුවපහසු ප්‍රතිකාර ලෙස දියුණු කිරීමය.ඒ සඳහා ඔහුට අවසානයේ දී සිය ජීවිතය ජීවිතය පරදුවට තැබීමේ ප්‍රබල අභියෝගයකට ද මුහුණ දීමට සිදු වූ නමුත් සියලු බලවේගයන් අභිබවා ඉතිහාසයේ නම සටහන් කළ යුග පුරුෂයෙකු...
වානර වික්‍රම
Original price was: Rs. 3,850.Rs. 3,465Current price is: Rs. 3,465.
කුඩා කල කාගෙත් සිත් සොරකම් කළ වානර වික්‍රම ය කතා මාලාව කොටස් අටකින් යුත් පළමු කාණ්ඩය
ලක්දිව කොකෝවා අන්දරය
Original price was: Rs. 720.Rs. 576Current price is: Rs. 576.
ලක්දිව කොකෝවා අන්දරය (මේරි ස්ටුවර්ට් ) 1904 දී ලංකාවට පැමිණි මේරි ඊ ස්ටුවර්ට් මැතිණිය දුම්බර මිටියාවතේ කෙටි කාලයක් වාසය කරමින් මෙම සුවිශේෂ කෘතිය ලියා ඇත . සැබැවින්ම ඇය පරිසරය විනිවිද දුටු ගැහැණියකි. එමෙන්ම ඇය සැබෑ යථාර්ථය තුළ කිමිදෙමින් , මිනිසා දරා සිටින්නාවූ බොහෝ ඇදහිලි ,චාරිත්‍ර වාරිත්‍ර සහ සම්ප්‍රදායන් මිනිස් සංහතියේ අනාගත පැවැත්මට බාධා පමුණුවන අයුරු මෙන්ම සමාජ අසාධාරණකම් හා සමාජ...
වන සතුන් මැද සත් වසක්
Original price was: Rs. 680.Rs. 578Current price is: Rs. 578.
ස්වභාව සෞන්දර්යයේ නිකේතනය වූ සුරම්‍ය ලංකාදීපය පිළිබඳව ලියැවුණු සහස්ර සංඛ්‍යාත ග්‍රන්ථාවලිය අතර ඩග්ලස් රැෆල් විසින් ලියන ලද මේ කෘතියට හිමි වනුයේ විශේෂ ස්ථානයකි .ලංකාවේ ස්වභාවික සෞන්දර්යය චමත්කාරයෙන් මෝහනයට පත්වූ විදේශීය ලේඛකයන් අතරින් ඩග්ලස් රැෆල්ට හිමි වනුයේ ද අග්‍රගණ්‍ය සම්මානනීය ආසනයකි .හෙතෙම වෘත්තියෙන් බ්‍රිතාන්‍ය හමුදාවේ උසස් නිලධාරියෙකි. එහෙත් රයිෆලයට වඩා පෑනත්, පින්සලටත් ඔහුගේ සුරත සූර බව මේ කෘතියෙහි එන හැම වැකියකින්...
පියෝනි
Original price was: Rs. 750.Rs. 637Current price is: Rs. 637.
පියෝනි , අදින් සියවස් එකහමාරකට පෙර චීනයේ විසූ කල්පිත යුදෙව් පවුලක් වටා ගෙතුණු කතාවකි.එහෙත් කාලය හෝ අවකාශය නොතකා ජීවන සහ සමාජ ගැටළු වල ඇති සර්වකාලීන සමානත්වය මෙන්ම අපූර්වත්වය මේ කෘතිය තුළින් විදහා දැක්වෙයි .කෙනෙකුට එය ආගමික මූලධර්මවාදය හේතුවෙන් ඒවා පිළිපදින්නන් මෙන්ම එයින් පරිබාහිර පුද්ගලයන් ද පීඩාවට පත් වන අයුරු දැක්වෙන කතාවක් විය හැකිය .තවත් කෙනෙකුට එය බෙදුම්වාදය සහ වාර්ගික ඒකාග්රකරණය...
සීමා මායිම් ඔස්සේ
Original price was: Rs. 400.Rs. 320Current price is: Rs. 320.
මාර්ටින් ඕස්ටේ්රලියාවේ නාගරික පෙදෙසක සිය මව සමඟ ජීවත්වන දරුවෙකි. පරම්පරා ගණනාවක් සිය පවුලට අයත්ව තිබුණු ගොවිපොළක සීමා මායිම් හරහා ඇවිද යාම සඳහා ඔහු ගම්බද පෙදෙසකට පැමිණෙයි. ඔහුගේ මුත්තා, ටෙඞ්ගේ පොරොන්දුව නම් එම සීමා මායිම් ඔස්සේ ඇවිද යාමට සමත් වුවහොත් ගොවිපොළ ඔහුට ලබා දෙන බවයි. මාර්ටින් ට අවශ්‍ය වන්නේ ඉතා ඉක්මනින් එම කාර්යය අවසන් කොට ගොවිපොළේ අයිතිය ලබාගෙන එය විකුණා...
පිටුවහල් සිත්තරී
Original price was: Rs. 730.Rs. 584Current price is: Rs. 584.
එදා රෑ ..උන් හදිසියෙන් අපේ ගෙදරටත් ආවා .ඇඳගෙන හිටපු ඇඳුම පිටින්ම උන් අපිව අපේ ගෙදරින් ඇදගෙන ආවා .කිසිම වරදක් නොකරපු අපිව ,"හොරු සහ ගණිකාවෝ" විදිහට ලේබල් ගහලා අපේ ගෙවල් වලින්, අපේ අයගෙන්, අපේ රටෙන් ගොඩක් ඈතට අරන් ආවා . අපේ ජීවිත සදහටම වෙනස් වුණා . අපේ ජීවිත විතරක් නෙමේ තවත් මිනිස්සු සිය දහස් ගණනකගේ ජීවිත සදහටම වෙනස් වුණා . ලෝකෙ...
පෙරළූ නැවුම් පස
Original price was: Rs. 1,250.Rs. 1,000Current price is: Rs. 1,000.
එක්සත් සෝවියට් රුසියානු සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසු ග්‍රාමීය ජනතාව පිළිගත් ආකාරය විවිධ විය .එසේම කලින් කලට උන්ගේ නැමියාව ද වෙනස් වන සුලු විය .ජනතාවගේ සිත් තුළ මුල් බැසගත් ආකල්ප වෙනස් කිරීම මොන තරම් අපහසු දෙයක් ද යන්න මොනවට පැහැදිලි වේ .සෑම තැනකම පාහේ සිටින දෙපිටකාට්ටුවන්ද,වැල යන අතට මැස්ස ගසන්නන් මෙන්ම උඩුගම් බලා පීනන්නඳ මෙහි අඩුවක් නැත .මෙය සෑම කල්හිම එකසේ රස...
මිදී මරු කතරින්
Original price was: Rs. 550.Rs. 495Current price is: Rs. 495.
සාදේ හා ෆෙමීගේ මව හට සිය දිවියෙන් වන්දි ගෙවීමට සිදු වන්නේ ඔවුන්ගේ පියා නිර්භීත පුවත්පත් කලාවේදියෙකු වීමේ වරදටය . ඔවුන්ගේ මවගේ ඝාතනයත් සමග සිය දරු දෙදෙනා රටින් බැහැර යැවීම හැර අන් විකල්පයක් පියා හට ද ඉතිරි නොවෙයි .එසේම ඔහුගේ ඉරණමද ස්වයං පිටුවහල ම වේ .එහෙත් එසේ පිටුවහල් වීම ද සරල හෝ පහසු කාර්යයක් නොවේ . නයිජීරියානු ඉතිහාසයේ අතිශය දුර්භාග්‍ය සම්පන්න...
සාගරාන්තර ආලෝකය
Original price was: Rs. 800.Rs. 680Current price is: Rs. 680.
පළමුවැනි ලෝක යුද්ධයෙන් පසු යළිත් ඔස්ට්‍රේලියාවට එන ටොම්, ජානුස් ගලේ ප්‍රදීපාගාර භාගකරු ලෙස පත්වීමක් ලබා ගනී .මේ පාළු දූපතට ඔහු සිය තරුණ නිර්භීත බිරිඳවන ඉසබෙල් කැන්දාගෙන එයි .වසර කිහිපයක් ගෙවුණු තැන එක අමතක නොවන දවසක බෝට්ටුවක් දූපතේ වෙරළට ගසා ගෙන එන්නේ ඔවුන්ගේ ජීවිතවල එක්තරා සන්ධිස්ථානයක් සලකුනු කරමිනි .මේ බෝට්ටුවෙන් රැගෙන ආ ඒ "දෙවියන්ගෙ ත්‍යාගය" කුමක්ද? එයින් තමුන්ගේ සහ බිරිඳගේ ජීවිතය ...
දඟමල්ල සහ අමුතු ඉස්කෝලය
Original price was: Rs. 530.Rs. 424Current price is: Rs. 424.
කතා මාලාවේ පළමු වැන්න
මිනීමරුවාගේ පෙම්වතිය
Original price was: Rs. 680.Rs. 544Current price is: Rs. 544.
මෙලඩිගේ වයස අවුරුදු විස්සයි .එයා ස්ලාම් අගමට හැරුණේ මේ ලඟදි .. මෙලඩිට ෆේස්බුක් එකෙන් අමුත්තෙක් මුණගැහුණා .විශේෂ අමුත්තෙක් ..අයිඑස් අයිඑස් සංවිධානය සටන්කාමියෙක් ..පැය හතලිස් අටක් යන්නත් කලින් මෙලඩ් මේ සටන්කාමීයට ආදරය කරන්න පටන් ගත්තා . තමන්ම කසාද බැඳලා දෙවියන් වෙනුවෙන් සටන් කරන්න සිරියා යුද බිමට එන්න කියලා මෙලඩි ගේ අයි එස් සටන්කාමී ආදරවන්තයා මෙලඩිට ආරාධනා කළා. ඊට පස්සේ මෙලඩි එයාගේ...
දරන්න බැරි සැහැල්ලුව
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
සාර්ථක ශල්‍ය වෛද්‍යවරයෙකු සමග ප්‍රේමයෙන් ආසක්ත වන තරුණ කාන්තාවක් .ඇය කෙරෙහි හටගත් ප්‍රේමය හා තම නොහික්මුණු ස්ත්‍රී ලෝලීත්වය අතර දෝලනය වන මිනිසෙක් .පෙම් පාවාදීම් පෙළක නියැලෙන නිදහස් චිත්‍ර ශිල්පිනියක් .තම උත්තම ගුණාංගයන් වෙනුවෙන් සියල්ල අහිමි කර ගන්නට සූදානම් අව්‍යාජ, විශ්වාසවන්ත පෙම්වතෙක් .අහෝසි කළ නොහැකි වරණයන් සහ අහම්බයන් මත ජීවිත හැඩගැසෙන, සියල්ල එක වරක් පමණක් සිදුවන ලෝකයක්.පැවැත්ම එහි ද්‍රව්‍ය සහ බර...
අවුෂ්ව්ට්ස් ඝාතක කදවුර
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
අපකීර්තිමත් නට්සි වධකාගාරය පිළිබඳ ලෝරන්ස් රීස් ගේ මෙම කෘතිය ඝාතනය,කෲරත්වය, වික්‍රමය, පලායාම සහ නොනැසී පැවතීම පිළිබඳ අනුස්මරණීය කතන්දරයකි
ගම්බාරේ
Original price was: Rs. 400.Rs. 320Current price is: Rs. 320.
කෑලි කැපිය හැකි කළුවර රැයක රූපසීලීත් සවරියෙලුත් අරඹන තීන්දු ගමන හුදෙක් ඔවුන්ගේ කතාන්දරයට පාදක වූයේ ම නොවෙයි .හැට හැත්තෑව දෙදශක වල දේශපාලන ගලායෑම අසාර්ථක කැරැල්ලක වේදනාව මෙන්ම දේශපාලනය හා හයිකාරකම එක්තැන්ව මිත්‍ර සංග්‍රහයක් ඥාති සංග්‍රහය අඩු නැති දේශපාලන සංස්කෘතියට පදනම වැටුණු සැටි ද මෙම අපූරු නවකතාව අපට ඉඟි කරයි . අඩ සිය වසකට එපිට ඒ සැබෑ පරිසරය පාඨකයා ඉදිරියේ සිනමා...
ආරාමදාස
Original price was: Rs. 700.Rs. 630Current price is: Rs. 630.
ඉතිහාසය ගොඩ නැගීමත් ඊට යටත් වීමත් එක්ක නොව ,හාත්පසින් වෙනස් වූ ක්‍රියාවලීන් දෙකකි .මේ දෙමඟින් කුමක් ඔස්සේ ගමන් කළ යුතු දැයි කෙරෙන අදෘශමාන නිහඬ විවාදයක් සෑම සමාජයක් තුළ වෙයි ආරාමදාස නවකතාව තුළ සිත්තමට නැගෙනුයේ සමාජයන්ට නොදැනී සමාජයන් කළඹමින් මතුවන උක්ත විවාදයේ සලාවැටුමයි .සලාවැටුමක් හෙවත් දිය සුළියකට හසුවන බොහෝ දෑ එය විසින් දියෙහි පතුලට ඇද ගන්නා අතර ඇතැම් ශක්තිමත් දෑ ඒ...
සකේ සුවඳ
Original price was: Rs. 800.Rs. 640Current price is: Rs. 640.
ගැහැනියකට පා තැබීම තහංචි පැන වූ ලෝකයක් ජයගන්න නිහඬ අරගලයක යෙදුණු එඩිතර ගැහැණියකගේ කතාව . "ගැහැනියක් පෙරුම්හලේ දොරෙන් ඇතුළට පා තැබුවොත් සකේ ඇඹුල් වන බවට පැරණි විශ්වාසයක් තියෙනවා." "පිරිමියෙක්ට පුළුවනි අනියම් බිරිඳක් තබාගන්න. ගේෂාවක් ලවා දරුවෙක් උනත් හදාගන්න. ඒ දරුවා පවුලේ උරුමක්කාරයා හැටියට නම් කරමින් ගෙදරට ගේන්න. නමුත් ගැහැනියක් අනියම් ඇසුරකට යොමු වුණොත් ඇයට ලැබෙන දඬුවම මරණය විය හැකියි."...
ක්ලියෝපැට්රා සහ ඇන්ටනි
Original price was: Rs. 800.Rs. 640Current price is: Rs. 640.
ඊජිප්තුව පාලනය කළ ,එකල රෝමයේ බලවත්ම මිනිසුන් දෙදෙනා වූ ජුලියස් සීසර් සහ මාක් ඇන්ටනී වශී කරගත් , තම පවුල සහ සමානවම ඊජිප්තු රාජ්‍යයද රැක ගැනීමට කැපවුණු ක්ලියෝපැට්රා ගේ ජීවිතය ,බලය සහ දේශපාලනය හමුවේ කොතරම් අභියෝගවලට මුහුණ පෑවේ ද ?අවසන තම පෙම්වතා සේම තමාගේ දරු තිදෙනෙකුගේ පියා වූ ඇන්ටනීගේ සියදිවි නසාගැනීම සියැසින් දැක ,තමාද දිවි නසාගත් ක්ලියෝපැට්රා වසරකට දෙදහසකට පසුව ද...
මෙන්ලිට මතකද මෙන්ලි?
Original price was: Rs. 1,500.Rs. 1,200Current price is: Rs. 1,200.
ඇය එක්වරම ගැස්සී අවදි වූයේ තම මියගිය පුතු ගේ කට හඬ ඇසීමෙනි අම්මේ... අම්මේ... ඔව් ඒ හඬ ඇසෙන්නේ ගේතුළිනි . මේ විසල් මන්දිරයේ තමන් හා බිලිඳු දියණිය තනිව ගෙවන මෙවන් රැයක මියගිය බොබීගේ හඬ ඇසෙන්නට වීම ? මෙන්ලිගේ ගතෙහි හිරිගඩු පිපිණ. ඇය වහා නැඟිට බිලිඳු දියණිය ගේ කාමරයට දිව ගියාය. දෙවියනි....! බිලිඳු දියණිය සිටි තොටිල්ල පැද්දෙයි බිළිඳියගේ එයින් රැගෙන පසෙක...
ඉජාමතී
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
"ඉඡාමතී" වංග සාහිත්‍යයේ ස්වර්ණමය යුගය නියෝජනය කළ විභූති භූෂණ බන්ද්‍යෙපාධ්‍යාය විසින්ලියන ලද අවසන් නවකතාව ලෙස සැලකේ. ඔහු ලියූ "පාතර් පංචාලි" "අපරාජිතෝ" සහ අපූර් සංසාර්" අයත්වන ඔපූ ත්‍රිත්වයත් "අරණකට පෙම්බැඳ" කෘතියත් සිංහල පාඨකයෝ හොඳින් හඳුනති. විභූති භූෂණ බන්ද්‍යෙපාධ්‍යාය ගේ "ඉඡාමතී" සිංහලට පෙරළා තිබෙන්නේ මීට පෙර "කල්ඉකුත්වූ මිනිසා" නමින් අගනා වංග කෙටිකතා එකතුවක් ඉතාබුහුටි ලෙසින් පරිවර්තනය කරමින් පළ කරන ලද කුමාරි වැළිහිඳ...
දම්පාට කතාව
Original price was: Rs. 650.Rs. 585Current price is: Rs. 585.
යුද සමයේ දකුණු ඇමරිකානු වනගත පෙදෙසක දී කළු ජාතික දැරියක ලෙස සැලී උපත ලබන්න්නීය.අන්ත දිළිඳු බවත් ඇය ජන්මයෙන් උරුම කර ගන්නීය.ගැහැණිය යනු නිරන්තරව නිවසේ ගොවිපල හා සයනයේ දී කඹරනු පිණිස උපන්නියයැයි සැලීට ඒත්තු ගැන්වෙයි .නිබඳව වෙහෙසී වැඩ කරන ඈ ළදරු වියේදීම නිතර නිතර කෙළෙසීමට ලක්වෙයි .තම ආදරණීය නැගෙනිය කෙලෙසනු ලැබීමෙන් වළක්වාගැනීමට කැපවන්නේ සැලීය .ඇය තම සොයුරිය ද දෙදරුවන් ගෙන් ද...
තනිවූ දියණිය
Original price was: Rs. 1,150.Rs. 920Current price is: Rs. 920.
යෞවනයේ හැ`ගීම්වලට අවනතව තනිවූ මවකගේ, පියෙකු කිසි දිනක නොදුටු තනිවූ දියණියක්, මවගේ අකල් මරණයෙන් පසු අනාථ නිවෙස්වලද, කැපකාර මව්පියන් කිහිපදෙනෙකු යටතේද හැදීවැඞී, දහසය වැනි වියේදීම නිදහස් දිවි පෙවතක් අරඹයි. බලාපොරොත්තු දහසක් පොදි බැඳ දීප්තිමත් අනාගතයක සිහින මවමින් සිටියදී, එ්ක පාර්ශවීය දැඩි පෙමින් බැ`දී, වංචනිකයකුගේ දැළට හසුව නොම`ගට යොමුවී, බරපතල අපරාධයකට සහාය දීමේ වක්‍ර ප්‍රතිඵලයක් ලෙස, දිනකටත් අඩු වයසැති බිලිඳියක...
මුහුද යට දිවයින
Original price was: Rs. 1,600.Rs. 1,440Current price is: Rs. 1,440.
වහලියක ලෙස විකුණා දමන්නට අඅප්‍රිකාවේ සිට ගෙන එනු ලැබූ තරුණියකගෙ කුසෙන් නැව් ගමනේ දී ඇය දූෂණය කළ සුදු ජාතික නාවිකයකු ට දාව සැන් දෝමෑං දිවයිනේ දී උපන් තෙතේ හෙවත් සරිතේ බිලිඳු වියේ පටන් ම වහල් බවේ බැම්මෙන් බැඳී සිටින්නීය. 18 වැනි ශතවර්ෂයේ අග භාගය වන විට සැන් දෝමෑං දිවයින හෙවත් වර්තමාන හයිටි රාජ්‍යය පෙලූ වහල්භාවයේ හීනත්වට හා ඊට එරෙහි අරගල...
කුමාඕන්හි මිනී කන ව්‍යාඝ්‍රයෝ
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
ඉන්දියාවේ යුක්ත ප්‍රාන්තයේ ප්‍රදේශයේ කැලෑවල සැනසෙනු මේජර් කෝබට් මේ පොතේ එකතු කර තිබෙන්නේ මිනී කන ව්‍යාඝ්‍රයන් පිළිබඳ සත්‍ය කතා ය .මෙය වනාහි සූර වීරකම් ඇතුළත් කථා ප්රවෘත්ති රුචි කරන කවුරුත් කියවිය යුතු අගනා ග්රන්ථයකි
මා සොයාගත් ඔබ
Original price was: Rs. 550.Rs. 467Current price is: Rs. 467.
නැතන් මැකාන් කැලෑවේ කොළ කැටියක ට යට වී සිටි උපන් හැටියේ ළදරුවෙකු සොයා ගනියි .ඔහු සිතුවේ ඒ ළදරුවා මියගොස් ඇතැයි කියාය .එහෙත් එක්වරම ළදරුවා සිගිති චලනයක් කරයි .ඒ අති විශේෂ මොහොතේදී නැතනගේ ජීවිතය සදහටම වෙනස් වෙයි . රෝහල් බලධාරීන් ළදරුවා ඔහුගේ අත්තම්මාට බාර දුන් නමුත් ඇය එක් වරක් හමුවන්නට නැතන් බලවත් සේ පෙළඹෙයි .හෙතෙම එකම එක සරල පොරොන්දුවක් ඇයගෙන් ඉල්ලයි...
ලංකාවේ ගිනිඅවි සහ දඩයම්
Original price was: Rs. 700.Rs. 595Current price is: Rs. 595.
බ්‍රිතාන්‍ය පාලන යුගයේ දී ලංකාවට පැමිණි සැමුවෙල් බේකර් දේශ ගවේෂකයකු මෙන්ම ලංකාවේ අලි ඇතුන් වන සතුන් විශාල සංඛ්‍යාවක් මරා දැමීමේ වගකීම භාරගත් දඩයක්කරුවෙක් ද විය .ඒ එසේ වුවද සුන්දර නුවරඑළිය ප්‍රදේශය ජනාවාසයක් බවට පත් වීම ද , විදේශීය එළවළු බෝග ගොවිතැන ලංකාවට හඳුන්වා දීමද සිදු වූයේ ඔහුගේ ඔහු ගේ පුරෝගාමීත්වයෙනි
සුදු කලු
Original price was: Rs. 500.Rs. 425Current price is: Rs. 425.
පුතා ඔය පිටිපස්සෙ තියෙන ටින් කබල් වලට වෙඩි තිබ්බට කමක් නෑ .මං දන්නවා ඔයා කුරුල්ලන්ට කුරුමානං අල්ලන විත්තිය ඒත් බට්ටිච්චන් ට නම් වෙඩි තියන්න එපා පුතා උන් මරණ එක පවක්. දවසක් තාත්තා අයියට කීවා. ඒ තමයි තාත්තා පවක් ගැන කී පළවෙනි වතාව, මං ඒ ගැන මෝඩි මිස්ගෙන් ඇහුවා. ඔයාගේ තාත්තා හරි. බට්ටිච්චෝ කරන්නේ අපි ම සතුටු කරන්න සින්දු කියන එක...
ඈත අතීතයට ගිය ඇමරිකානුවා
Original price was: Rs. 750.Rs. 637Current price is: Rs. 637.
දහනමවන සියවසේ ඇමරිකාවේ විසූ හෑන්ක් මෝගන් නම් තරුණයා යම් අද්භූත ආකාරයට හයවන සියවසේ එංගලන්තයේ ආතර් රජුගේ කාලයේ පහළ වෙයි .නවීන නිදහස් මතධාරී ඉතාම දක්ෂ කාර්මිකයෙකු වූ හෙතෙම දැඩි ආගමික මත දාරී අතිශයින් සම්ප්‍රදායික වැඩවසම් ක්‍රමය සහ නොදියුණු ආර්ථික සමාජ රටාව ක්‍රමයෙන් වෙනස් කරයි . ඔහුගේ නවීන තාක්ෂණික ශිල්පීය ක්‍රම 6 වන සියවසේ ප්‍රබල මිත්‍යා මතධාරීන්ට පෙනෙන්නේ මහා ප්රාතිහාර්යයක් ලෙසිනි. අවසානය...
කන්ද උඩ රට සටන්
Original price was: Rs. 700.Rs. 595Current price is: Rs. 595.
බ්‍රිතාන්‍යයන් කන්ද උඩරට ආක්‍රමණය සඳහා දැරූ ප්රයත්නයේ දී ඔවුන් හා කන්ද උඩරට සිංහලයන් අතර කලක් තිස්සේ පැවති සටන් පිළිබඳ ඓතිහාසික කරුණු අලලා ඉතා මෑත වකවානුවකදී kandyan wars යනුවෙන් ලියැවුණු ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය කන්ද උඩරට සටන් නමින් අප මෙසේ ඔබ අතට පත් කරමු. ඉංග්‍රීසි කෘතිය ජෙයාෆි පවල් අතින් සම්පාදනය වීඇත්තේ ඔහු විසින් සිදුකරන ලද ඉතා පුළුල් ගවේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් බව...
