Cart

ලිම්පෝපෝ ගලාබසී

මේක අපූරු පවුලක කතාවක්.
අපූරු පවුලක් කියලා කිව්වේ මෙයාලා නවසිලන්තය වගේ සුඛෝපභෝගී රටක ඉදලා අප්‍රිකාවේ  දූවිල්ලෙන් වැසී ගිය අධික උෂ්ණත්වයක් තියෙන ගම්බද පළාතක පලාතක් වන බොට්ස්වානාවලට පදිංචියට  එන පවුලක්,හැබැයි මේ පවුලේ අම්මටයි තාත්තටයි නම් බොටස්වානා කියලා කියන්නේ අලුත් තැනක් නෙමෙයි. මේ ඒ දෙන්නම හැදිච්ච වැඩිච්ච පරිසරය.එයාලා මේ පරිසරයට ගොඩක් ආදරෙයි, ඒ නිසාමයි තමුන්ගේ දරුවන් තුන්දෙනත් එක්කම පහසුකම් හැම එකක්ම තියන රටවල් අත්හැරලා බොට්ස්වානාවේ පදිංචියට එන්නේ.

පවුලේ දරුවො තුන්දෙනෙක් ඉන්නවා රොබ්,ඩේමියන්,සහ ලූලූ
රොබ් තමයි අපේ කතානායක  හොත් පවුලේ වැඩිමල් ගැහැණු දරුවා.
පව්ලේ කෙල්ලො දෙන්නයි එක කොල්ලයි,
මෙයාලගේ තාත්තා දොස්තර කෙනෙක්,දොස්තර කෙනෙක් කිව්වට නිකං දොස්තර කෙනෙක් නෙමෙයි, පියාසැරි දොස්තර කෙනෙක්  ඒ කියන්නේ සැතපුම් ගණනාවක් ගුවන් යානයෙන් ගිහින් තමයි රෝගීන්ට වෙදකම් කරනනේ,සායනික කටයුතු  අතරවාරයේ සිදුවන හාස්‍යජනක සිදුවීම් බොහොමයක් ඔබට මේ කතාවේදී මුණගැහෙනවා,අම්මා විශ්වවිද්‍යාල උපාධිධාරිනියක්.

හැබැයි  මේ ළමයි ඉස්කෝලෙ යන්නෙ නෑ,

හෑ.. ඉස්කෝලෙ යන්නෙ නෑ?

ඉතිං ලමයින්ගේ අම්මලා තාත්තලා මෙයාව ස්කෝලේ යවන්න වෙහෙසෙන්නේ නැද්ද?

නෑ.. නෑ.. මේගොල්ලන්ගේ අම්මයි තාත්තයි ම තමයි මේ ළමයි ඉස්කෝලේ යවන්නේ නැත්තෙ,  මේ ගොල්ලන්ගෙ අම්මා හිතන විදියට පාසලේ ඉගෙනුම් ක්‍රමය ළමයින්ගේ පරිකල්පන ශක්තිය මොට කරනවා,පාසලේ ඉගෙන ගැනීමේ රාමුවකට කොටු වීම නිසා ළමයින්ගේ චින්තන හැකියාව මොට වෙනවා,මේ ළමයින්ට උගන්නන්න එයාලගේ අම්මට තියනවා එයාටම ආවේනිකව හදාගත්ත ගෙදර ඉස්කෝලයක්,සර්පයෙක් දැක්ක පමණින් හඳුනා ගන්නත් මේගොල්ලෝ විශඝෝර සර්ප‍යෙක්ද් එහෙම නැත්තං නිර්විෂ සර්පයෝ ද කියලා හඳුනා ගන්නත් මෙයාලට පුළුවන්,ඒ විතරක් නෙමෙයි බෙහෙත් කරන්න,සත්තුන්ගේ තුවාල මහන්න, ශාක විශේෂ පිළිබඳව හඳුන ගන්න,ඖෂධීය ශාක මොනවද,ශාක වල ඖෂධීය කොටස් මොනවද,ඊළඟට අශ්වයන් පුරුදු කරන්නේ කොහොමද , අශ්වයින්  ගේ මුත්‍රා අමාරුවට බෙහෙත් කරන්නේ කොහොමද ,ගොවිපොල   වගාකටයුතු , පිස්ටන වල ක්‍රියාකාරීත්වය ආශ්‍රයෙන් භෞතික විද්‍යාව, ඒවගේම ඉංගී‍්‍රසි වලට අමතරව භාෂා කිහිපයක් හසුරුවන්න අවුරුදු පහක් වයසැති ලුලූට පවා පුළුවන්. හැම දෙයක් වගේම ගෙදර ඉස්කෝලෙදි ඉගෙන ගන්නවා,හැමදාම රෑට  අම්මගෙ පොත් ගබඩාවෙන් අම්ම අරගෙන කියවන පොත් වලින් ඉතිහාසය,සාහිත්‍යය, ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා  මේ වගේ ඒ  වයසේ කිසිම ළමයෙක් නොදන්න තොරතුරු ඉස්කෝලේ නොගියත් මෙයාල දන්නවා.

ඒ විතරක් නෙමෙයි මේ ගොල්ලන්ට ඉන්නවා හරි අපූරු සීය කෙනෙක් , නාහෙට අහන්නැති කොයි වෙලාවෙත් තමන්ගේ පුතා, ඒ කියන්නේ මේ ළමයින්ගෙ  තාත්තත් එක්ක රණ්ඩු දාගන්න බොහොම ආදරණීය සීය කෙනෙක් එයාලට ඉන්නවා.

ගහට කොළට සතා සීපාවාට ආදරේ කරන්න බොහොම අපූරුවට මේ අම්මයි තාත්තයි මේ දරුවන්ට කියලා දෙනවා,මෙයාලා සතුන්ට කොච්චර ආදරේද කියනවනම් මේ ගෙදර අම්මා මස් මාළුවක් වත් හදන්නේ නෑ, ඇත්තම කිව්වොත් එයාලා නිර්මාංශයි,ඒ වගේම  කවදාවත් කළු ජාතිකයන්ට වෙනසක් නොකරන මේ සුදු ජාතික පව්ල වර්ගවාදී පටු අදහස් වලට විරුද්ධව හැමතිස්සෙම පෙනී හිටියා.

මේ කතාව කියවන්න කියවන්න බොහොම රසවත් ඉතිං කියපු නැති කෙනෙක් ඉන්නවනම් පහල ලින්ක් එකෙන් ඔඩ්ර් කරලා ගෙන ගන්න පුළුවන් එහෙම නැත්තං WhatsApp පණිවිඩයක් මගින් ගෙන්න ගන්නත් පුලුවන්.

 

ලිම්පෝපෝ ගලාබසී

Loading...