ලොව ජනප්‍රියතම ලිපිනය

ඔබ කියවා ඇති පොත් වල සඳහන් ස්ථාන අතුරෙන් ඔබ යන්න කැමති කැමතිම ස්ථාන මොනවාදැයි ඔබගෙන් ඇසුවොත් ඒ අතර  221B බේකර් වීදිය අන්තර්ගත වනු නොඅනුමානය .

221b බේකර් වීදිය සැබෑවටම ඇති ස්ථානයක් ද ?  සැබැවින් ම එය සැබෑවටම ඇති ස්ථානයකි. 1990 වර්ෂයේ දී ප්‍රකට ප්‍රබන්ධ රහස් පරීක්ෂක චරිතයක් වන ෂර්ලොක් හෝම්ස් මහතා වෙනුවෙන් ඉදි වූ ලොව පළමු කෞතුකාගාරය එයයි.

එංගලන්තයේ ලන්ඩන් නුවර පුද්ගලිකව පවත්වාගෙන යන මෙම කෞතුකාගාරය වෙස්මිනිස්ටර් නගරයේ අවසරය ඇතුව නොම්බර් 221B බේකර් වීදියේ පිහිටුවා ඇත.

ෂර්ලොක් හෝම්ස් කෞතුකාගාරයේ පිටත හා දොරටුව 221 බී ලෙස සලකුණු කර ඇත

ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත කතා වලට අනුව ලෝකප්‍රකට රහස්  පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් මහතා 1881 – 1904 අතර කාලයේ  221b බේකර් වීදියේ ජීවත්ව ඇත .තම අතිජාත මිත්‍රයා වන වෛද්‍ය වොට්සන් සමඟ ඔහු තම කාමරය බෙදා ගත්තේය. එසේම ඔවුන්ගේ  ගෘහ පාලිකාව වූයේ හඩ්සන් මහත්මියයි .

කෞතුකාගාරයට ඇතුළු වන ඔබට  ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ දැක්වෙන ෂර්ලොක් ගේ භාවිතා කළ උපකරණ ඉතා අපූරු ආකාරයට ප්‍රදර්ශනය වනු බලා ගත හැක. මේ අතරෙන් හෝම්ස් මහතාගේ රසායනාගාරය , ඔහුගේ නිදන කාමරය, වයලීනය ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලබා ගෙන ඇත.

ෂර්ලොක්ගේ රසායනාගාරය

   සාමාන්‍යයෙන් කෞතුකාගාරයේ සෑම දිනකම උදෑසන 9.30 සිට හවස සවස 6 දක්වා  දක්වා විවෘතව ඇති අතර ටිකට්පත් ලබා ගත හැකි වන්නේ කෞතුකාගාරයේ ටිකට් පත් කවුළුවෙන් පමණි . දැනට සඳහන් වන පරිදි සාමාන්‍යයෙන් වැඩිහිටියකු සඳහා පවුම් 15 ක මුදලක් ද ළමයින් සඳහා පවුම් 10 ක මුදලක් ද ටිකට් පතක් සඳහා අය කරයි.

ෂර්ලොක් හෝම්ස් කෞතුකාගාරය

කෙසේ නමුත් ලන්ඩන් නගරයට යන්න ඔබටත් අවස්ථාවක් ලැබුණොත්  221b බේකර් වීදියේ පිහිටි මෙම කෞතුකාගාරයට ගොඩ වී යන්න අමතක  කරන්න නම් එපා . කෞතුකාගාරයේ ඇති සිහිවටන අලෙවි සැලෙන්  ඔබට ෂර්ලක් හෝම්ස්ගෙ අපූරු සිහිවටනයක් මිලදී ගන්නත් පුළුවන් .

ෂර්ලොක් හෝම්ස් “වාඩි වී සිටින කාමරය”
Loading...