කොරෝනා වෛරසය ගැන අවුරුදු ගණනාවකට කලින් ලියැවුණු පොතක් ?

ලෝකයේ සිද්ධ වුණු , සිද්ධ වෙන සමහර දේවල් පිළිබඳ හරියටම අර්ථකථනයක් අපට දෙන්න බැහැ මේ ලෝකයේ සිදු වන සමහරක් දේවල් හිතාමතා සිදු වූවක් ද එසේත් නොවේ නම් අහඹු ක්‍රියාවලියක් ද කියලා කියන්න අමාරුයි .

කොරෝනා  වෛරසයත් එක්ක පසු ගිය දවස් වල කතා බහට ලක්වුණුThe Eyes Of Darkness යන කෘතියත් ඉහත කියපු නොවිසිඳුනු අභිරහස් කියන කාණ්ඩයට දාන්න පුළුවන්. කෘතිය රචනා කරන්නේ Dean Koontz නම් ඇමරිකානු ජාතික  කතුවරයා විසින් මේ කෘතිය ප්‍රකාශයට පත් වන්නේ 1981 වර්ෂයේ දී

Dean Koontz
Dean Koontz

පොතට වස්තු බීජය වන්නේ මවක් තම පුතා කඳවුරු බැඳීම සඳහා ඔහුගේ නායකයකු සමග කඳවුරට පිටත් කිරීමත්  ඒ කාලය තුලදී සෑම  නායකයෙක්  සහ රියදුරකුම පැහැදිලි කිරීමකින් තොරව මිය යාමත් ඒ සමගම  තම පුතු මිය ගිය බව විශ්වාස කිරීමට අකැමැති වන ඇය තම පුතු සොයා ඇය ගේ මිතුරියක් සමග පිටත්යාමේදී සිදු වන සිද්ධීන් දාමයකි .

මේ පොත කරළියට එන්නේ යම් කිසි පුද්ගලයකු විසින් Dean koontz  ගේ මේ කෘතිය හරහා කොරෝනා වෛරසය පිළිබඳව මීට අවුරුදු ගණනාවකට පෙර අනාවැකි පල කර ඇතැයි තම ට්විටර් ගිණුමේ තබන සටහනක් සමගයි .

පොතෙහි පිටුවක් අන්තර්ගත රූපයේ දැක්වෙන ආකාරයට  Dombey (මේ පොතෙහි අන්තර්ගත චරිතයක් ) විසින් එක්සත් ජනපදයට වූහාන්-400 නම් ජීව විද්‍යාත්මක ආයුධයක් ගෙන ආ චීන විද්‍යාඥයකුගේ කතාවක් මේසේ විස්තර කරයි.
එනම්

“To understand that,” Dombey said, “you have to go back twenty months. It was around then that a Chinese scientist named Li Chen defected to the United States, carrying a diskette record of China’s most important and dangerous new biological weapon in a decade. They call the stuff ‘Wuhan-400’ because it was developed at their RDNA labs outside the city of Wuhan, and it was the four-hundredth viable strain of man-made microorganisms created at that research center.”

පරිවර්තනය :

“එය වටහා ගැනීම සඳහා ඔබ මාස විස්සක් ආපස්සට යා යුතුය. චීනයේ දශකයක් තුළ නිපද වූ  වඩාත් වැදගත් හා භයානකම නව ජීවවිද්‍යාත්මක අවිය පිළිබඳ ඩිස්කට් වාර්තාවක් රැගෙන   ලී චේන් නම් චීන විද්‍යාඥයෙක් එක්සත් ජනපදයට පැමිණියේය . ඔවුහු මෙම භාණ්ඩය වූහාන් – 400 ලෙස හඳුන්වන්නේ එය වූහාන්  නගරයෙන් පිටත පිහිටි ඔවුන්ගේ RDNA විද්‍යාගාර වල නිපදවා ඇති නිසා ය . එම පරීක්ෂණ මධ්‍යස්ථානයේ දී නිර්මාණය කරන ලද මිනිසා විසින් සාදන ලද  ක්ෂුද්‍රජීවීන් හාරසියයක ගේ හැකියාව එයයි .”

1981 දී the eye of Darkness නම් කෘතිය මුල් සංස්කරණයේදී මෙම ජීව විද්‍යාත්මක අවිය  රුසියානු ප්‍රදේශයක් ගැන සඳහන් කර Gorki -400 ලෙස නම් කරන ලදී . සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පත ට අනුව 1989 දී පොත නැවත නිකුත් කිරීමේ දී ආයුධයේ නම Wuhan -400 ලෙස වෙනස් කරන ලදී .

කෙසේ නමුත් මෙම කිරීටක වෛරසය ආරම්භය සහ පැතිරීම චිනයේ වූහාන් ප්‍රදේශයෙන්  ආරම්භ වූවක් බව සත්‍යයකි . නමුත් එම වෛරසය විද්‍යාගාරයක් තුළ නිර්මාණය වී ඇති බවට  මේ වන විට තහවුරු වූ තොරතුරු කිසිවක් ලැබී නොමැත. ප්‍රවීණයන් විසින් තවමත් මෙම වෛරසයේ නිශ්චිත ප්‍රභවය සොයා ගැනීමට උත්සාහ කරන අතර පරීක්ෂකයින් පෙන්වා දෙන්නේ එය වවුලන්ගෙන්  ආරම්භ වූවක් විය හැකි බවයි .

පසුකාලීන ඡේදයකට Dombey  චරිතය තවදුරටත්  කියා සිටින්නේ වෛරසය ආසාදිත කිසිවෙකුත් නොනැසී සිටිය නොහැකි බව ය . එසේම කෘතියේ සඳහන් අන්දමට Wuhan -400 රෝග වාහකයකු බවට පත්විය හැක්කේ වෛරසය සමග සම්බන්ධ වී පැය හතරකට පසු ය. වෛද්‍ය විද්‍යානුකූල සැබැවින්ම එය පිළිගත නොහැකි තරම් කෙටි ගර්භණී කාලයකි. එසේම  එම කෘතියේ සඳහන් වන ආකාරයට රෝගය ආසාදනය වීමෙන් පසු කිසිවෙකුත් පැය 24 ක කාලයට වඩා ජීවත් නොවන අතර බොහෝ දෙනෙක් මිය යන්නේ දොළොස් දෙනෙක් බැගින් වූ කාණ්ඩ වශයෙනි .  wuhan – 400 වෛරසයේ මරණ අනුපාතය 100% වන අතර වත්මන් corona වෛරසයේ තත්ත්වය එසේ නොවේ. පළමුවෙන්ම කිරීටක වෛරස් ආසාදනය වූ පුද්ගලයක් නිරාවරණයෙන් දින පහකට පමණ පසුව රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම  පටන් ගන්නා අතර කොරෝනා සඳහා වන මරණ අනුපාතය 100%  ආසන්න නොවේ. වෛරසය මාරාන්තික විය හැකි බව සැබෑවක් නමුත් මේ වන විට ලැබී ඇති දත්ත අනුව වැඩිදුර මේ වෛරසය බලපාන්නේ වැඩිහිටියන් හා දුර්වල ප්‍රතිශක්තීකරණ පද්ධතියක් හෝ වෙනත් සෞඛ්‍ය දුබලතාවයන් ඇති අය කෙරෙහි ය .

කෙසේ නමුත් අවුරුදු ගණනකට පෙර නිකුත් වූ මෙම කෘතිය හුදු ප්‍රබන්ධයක් ලෙස අහක දාන්නත් අමාරුයි ඉතිං ඔබ මේ සම්බන්ධයෙන් හිතන අදහස් පහලින් සටහන් කර ගෙනම යන්න.

මූලාශ උපුටා ගැනීම
cnn.com
wikipedia.org

Loading...