කොරෝනා වලට Gruffalo ගෙන් උපදෙස් මාලාවක්

The Gruffalo කියලා කියන්නේ ලොව ප්‍රසිද්ධ ළමා  කතා මාලාවක අපූරු චරිතයක් .කුඩා ළමයි රාක්ෂයන්ට බය වුණත් Gruffalo කියන්නේ එයාලා ආදරේ කරන රාක්ෂයෙක් .
Gruffalo ගෙ යාළුවා පුංචි මී හාමි කෙනෙක්. මුල්ම වරට මේ යාළුවෝ දෙන්නා මුණ ගැහුනු හැටි ගැන නිර්මාණය වුන කතාමාලාව ලොවපුරා ළමයි සහ වැඩිහිටියන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වුණා .

මේ කතාවේ කතෘ වන Julia Donaldson සහ නිදර්ශක හවුල්කරු වන (illustrator ) Alex Scheffler විසින් කොරෝනා  ගැන ඉතා ගැඹුරු අදහසක් කුඩා දරුවන්ට සියුම්ව ලබාදීමට ගත් උත්සාහයක් ගැන තමයි මේ කතා කරන්නේ

Gruffalo ,Stickman , The smeds සහ The smoos යන කාටුන් චරිත අඩංගු කරල කොරෝනා  වලින් වැළකී සිටීම සඳහා අනුගමනය කළ යුතු “සමාජ දුරස්ථභාවය” යන සංකීර්ණ මාතෘකාව ඉතා අපූරුවට දරුවන්ගේ හිතට කාවද්දන්න අපූරු කාටූන් චිත්‍ර ටිකක් නිර්මාණය කරල තියෙනවා .
පහත දැක්වෙන්නේ ඒ කාටුන් චිත්‍ර , එය නරඹන ඔබට ඇලෙක්ස් සහ ජූලි ගේ උත්සාහය කොතරම් දුරට සාර්ථක වෙලා තියෙනවද කියලා හිතා ගන්න පුළුවන් .

“ඔක්කොම හරි” Gruffalo හයියෙන් හිනා වෙවී කිවුවා . ඔයා ඉස්සරහින් යන්න මං ඔයාට මීටර් 2 ක් පිටපස්සෙන් එන්නම් .

 

Stick මහත්තයා සහ එයාගේ නෝනා එයාලගේ  දරුවන් තුන්දෙනත් එක්ක ගෙදරමයි ඉන්නේ . ඒ දෙන්න හැම තිස්සෙම තමන්ගෙ දරුවන්ව කායිකව ශක්තිමත්ව තබා ගන්නවා .
Stick මහත්තයා සහ එයාගේ නෝනා එයාලගේ  දරුවන් තුන්දෙනත් එක්ක ගෙදරමයි ඉන්නේ . ඒ දෙන්න හැම තිස්සෙම තමන්ගෙ දරුවන්ව කායිකව ශක්තිමත්ව තබා ගන්නවා .
සීයයි ආච්චි ඒගොල්ලන්ගේ ගෙදර ඉන්නේ . ඒගොල්ලෝ මේ ටිකේ ඒගොල්ලන්ගෙ මුනුපුරෝ බලන්න නොගියට ෆෝන් එකෙන් එයාල සැප දුක් බෙදා හදා ගන්නවා .
“ගෙදර ඉන්න” නුවණක්කාර වයසක මිනිසා ගේ අවවාදය එයයි 

ජුලී සහ ඇලෙක්ස් පවසන ආකාරයට ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුණේ මේ කොරෝනා  කියන ගෝලීය වසංගතය ගැන කිසි ම පීඩනයකින් තොරව දරුවන්ගේ කුඩා සිත් වලට සැහැල්ලු ආකාරයෙන් “සාමාජීය දුරස්ථ බව” පිළිබඳ පණිවිඩය ඇතුල් කිරීමයි .

………………………………………………………………………………………………………………………………………………………………………..

The Gruffalo  කෘතිය 1999 වර්ෂයේ ප්‍රකාශයට  පත්කල අතර  එහි පිටපත් මිලියන 13 ක් පමණ අලෙවි වී තිබෙනවා .එසේම බොහෝ අවස්ථාවල මෙම කතාව වේදිකා නාට්‍ය වලට නැගී ඇති අතර ඔස්කා සම්මාන උළෙල හොඳම නිදර්ශක සඳහා හිමි සම්මානයටත් යෝජනා වී තිබෙනවා

කෙසේ නමුත් මේ කාටුන් චරිත ලබා දෙන අවවාද නම් කුඩා දරුවන්ට විතරක් නෙමෙයි අපේ  වැඩිහිටියන්ටත් ඉතාමත් හොඳින් ගැළපෙන බවයි අපගේ විශ්වාසය.

Loading...