Best Seller

ලක්දිව බුදු සමයේ ඉතිහාසය

Availability: Out of stock

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.

ලක්දිව බුදුසමයේ ඉතිහාසය – මහාචාර්ය වල්පොළ රාහුල හිමි

මහාචාර්ය වල්පොළ ශ්‍රී රාහුල ස්වාමිපාදයන් වහන්සේ විසින් තම දර්ශන විශාරද උපාධිය සඳහා ලංකා විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කරන ලද some aspects of the early history of buddhism in ceylon නමැති උපාධි නිබන්ධනය 1956 history of buddhism in ceylon නමින් ප්‍රකාශයට පත් කෙරිණ. මේ ලක්දිව බුදු සමයේ ඉතිහාසය නමින් පළ කෙරුණ එහි සිංහල අනුවාදය දාහතර වැනි මුද්‍රණයයි .උන්වහන්සේ විසින් රචිත මෙම ග්‍රන්ථය මෙම විශය සම්බන්ධ ඉතාමත් උසස් ග්‍රන්ථයක් ලෙස සැලකේ.

ලංකාවේ බුදුසමය පිළිබඳ විධිමත් ඉතිහාසයක් නොමැතිව අපේ බෞද්ධ අධ්‍යයනයන් කරගෙන ගිය බැව් පුදුමයක් මෙන් පෙනේ. අන්තිමේදි කලක සිට පැවති මේ වුවමනාව සපුරාලීමට ප්‍රමාණවත් එකක් අප සතුව පවතී. ලක්දිව බුදුසමයේ ඉතිහාසය නමැති මේ ශ්‍රේෂ්ඨ කෘතිය නිපදවීමෙන් අචාර්ය වල්පොළ රාහුල ස්වාමීන් වහන්සේ බෞද්ධ අධ්‍යයනයට විශිෂ්ට සේවයක් කර තිබේ. මෙය වූ කලී මුල් කාලයේ සිට අනුරාධපුර යුගයෙහි අවසානය දක්වා ලංකාවේ පැවති ආගමික සාමාජික දේශපාලන හා ආර්ථික ජීවිතය පිළිබඳ සමතුලිත විස්තරයක් මෙන් ම, ඒ යුගයට අයත් බෞද්ධ ලංකාවෙහි සම්පූර්ණවූත්, සත්‍යවූත් චිත්‍රයකි. එම විෂය පිළිබඳ මේ තාක් පළකරවා තිබෙන ප්‍රමාණවත්වූත්, විස්තීර්ණවූත් කෘතියකි. ලබා ගත හැකි හැම ප්‍රභවයකින්ම කරුණු ගෙන විද්‍යාත්මක නියථාර්තයෙන් ඉදිරිපත් කර තිබෙන අධිකාරීන විඥ්ප්තිය සත්‍යාවනත ආකාරයකි. හැම පිටුවකින් ම වාගේ කර්තෘගේ පළල් දැනීමත්, මනා තීරණයෙහි ශක්තියත් පිළිබිඹු වේ. මෙහි දැක්වෙන කරුණු භාහ්‍ය වශයෙන් හා ප්‍රශංසනීය අන්තර්ඥානයකින් යුක්තව සකස් කර තිබේ. මෙයින් උන්වහන්සේට බොහෝ පැරණි ගැටළු විසදීමට මඟ පෑදී තිබේ. 10 වැනි ශතවර්ෂයේ සිට නූතන සමය දක්වා කරුණු ඇතුළත් වන අනෙක් ග්‍රන්ථයක් ආචාර්ය රාහුල ස්වාමීන් වහන්සේ වෙතින් බිහිවේයැයි බලාපොරොත්තු විය යුතු ය.

ජුලියස් ද ලැනරෝල්

 

Out of stock

Compare

Lakdiwa budusamaye ithihasaya

කතෘ : වල්පොල රාහුල ස්වාමීන් වහන්සේ

ප්‍රකාශනය : walpola rahula foundation trust

 

Weight .400 kg
Loading...