Standard Shipping
ලංකාවේ ගිනිඅවි සහ දඩයම්
Original price was: Rs. 700.Rs. 595Current price is: Rs. 595.
බ්‍රිතාන්‍ය පාලන යුගයේ දී ලංකාවට පැමිණි සැමුවෙල් බේකර් දේශ ගවේෂකයකු මෙන්ම ලංකාවේ අලි ඇතුන් වන සතුන් විශාල සංඛ්‍යාවක් මරා දැමීමේ වගකීම භාරගත් දඩයක්කරුවෙක් ද විය .ඒ එසේ වුවද සුන්දර නුවරඑළිය ප්‍රදේශය ජනාවාසයක් බවට පත් වීම ද , විදේශීය එළවළු බෝග ගොවිතැන ලංකාවට හඳුන්වා දීමද සිදු වූයේ ඔහුගේ ඔහු ගේ පුරෝගාමීත්වයෙනි
සුදු කලු
Original price was: Rs. 500.Rs. 425Current price is: Rs. 425.
පුතා ඔය පිටිපස්සෙ තියෙන ටින් කබල් වලට වෙඩි තිබ්බට කමක් නෑ .මං දන්නවා ඔයා කුරුල්ලන්ට කුරුමානං අල්ලන විත්තිය ඒත් බට්ටිච්චන් ට නම් වෙඩි තියන්න එපා පුතා උන් මරණ එක පවක්. දවසක් තාත්තා අයියට කීවා. ඒ තමයි තාත්තා පවක් ගැන කී පළවෙනි වතාව, මං ඒ ගැන මෝඩි මිස්ගෙන් ඇහුවා. ඔයාගේ තාත්තා හරි. බට්ටිච්චෝ කරන්නේ අපි ම සතුටු කරන්න සින්දු කියන එක...
පර්ජා
Original price was: Rs. 520.Rs. 442Current price is: Rs. 442.
1945 දී ඔරියා බසින් ලියැවුණු පර්ජා නවකතාව නූතන ඉන්දීය සාහිත්‍ය ග්‍රන්ථයකි .කඳුකර ඔරිස්සා ප්‍රදේශයේ ජීවත්වන ගෝත්‍රික මිනිසුන්ගේ ජීවිතය ගැන මෙයින් කියවේ . සුව දිවියකින් කල් ගෙවූ ගොවි පවුලක් මුදල් ණයට දෙන්නෙකුගේ ග්‍රහණයට හසුවී කෙමෙන් විපතට පත්වන අන්දම විස්තර කරන මේ කෘතියෙන් ගොවි ජනතාවගේ ජීවිතය තාත්වික අන්දමින් විස්තර කරයි. ඉන්දියානු සාහිත්‍ය ඇකඩමි ත්‍යාගයට අමතරව තවත් සාහිත්‍යය ත්‍යාග ගණනාවකින් පිදුම් ලද පරජා...
ඈත අතීතයට ගිය ඇමරිකානුවා
Original price was: Rs. 750.Rs. 637Current price is: Rs. 637.
දහනමවන සියවසේ ඇමරිකාවේ විසූ හෑන්ක් මෝගන් නම් තරුණයා යම් අද්භූත ආකාරයට හයවන සියවසේ එංගලන්තයේ ආතර් රජුගේ කාලයේ පහළ වෙයි .නවීන නිදහස් මතධාරී ඉතාම දක්ෂ කාර්මිකයෙකු වූ හෙතෙම දැඩි ආගමික මත දාරී අතිශයින් සම්ප්‍රදායික වැඩවසම් ක්‍රමය සහ නොදියුණු ආර්ථික සමාජ රටාව ක්‍රමයෙන් වෙනස් කරයි . ඔහුගේ නවීන තාක්ෂණික ශිල්පීය ක්‍රම 6 වන සියවසේ ප්‍රබල මිත්‍යා මතධාරීන්ට පෙනෙන්නේ මහා ප්‍රාතිහාර්යයක් ලෙසිනි. අවසානය...
කන්ද උඩ රට සටන්
Original price was: Rs. 700.Rs. 595Current price is: Rs. 595.
බ්‍රිතාන්‍යයන් කන්ද උඩරට ආක්‍රමණය සඳහා දැරූ ප්‍රයත්නයේ දී ඔවුන් හා කන්ද උඩරට සිංහලයන් අතර කලක් තිස්සේ පැවති සටන් පිළිබඳ ඓතිහාසික කරුණු අලලා ඉතා මෑත වකවානුවකදී kandyan wars යනුවෙන් ලියැවුණු ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය කන්ද උඩරට සටන් නමින් අප මෙසේ ඔබ අතට පත් කරමු. ඉංග්‍රීසි කෘතිය ජෙයාෆි පවල් අතින් සම්පාදනය වීඇත්තේ ඔහු විසින් සිදුකරන ලද ඉතා පුළුල් ගවේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් බව...
කෝපි කාලෙ ලංකාව
Original price was: Rs. 400.Rs. 340Current price is: Rs. 340.
වර්ෂ 1858 දී ජෝන් කැපර් නැවත ලංකාවට එන්නේ ලන්ඩනයේ ප්‍රකට ලේඛකයෙක් සහ තීරු ලිපි රචකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වීමෙන් අනතුරුවය 1856 දී ආරම්භ කළ ceylon Times පුවත්පත ඔහු මිලදී ගන්නේ එහි හිමිකරු සහ කර්තෘ බවට පත්වෙමිනි ... කැපර් 1874 දී සිලෝන් ටයිම්ස් පුවත්පත විකුණා දමා නැවත එංගලන්තය බලා නැව් නැග්ගේය. ඔහු Old ceylon sketches of ceylon life in olden time පොත...
නාට්‍ය රසය
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
'නාට්‍ය රසය' යනු නාට්‍ය කලාව ගැන අත්දැකීම් හා නාට්‍ය නැරඹීමෙන් ලබා තිබෙන 'ආස්වාදනීය ඥානය' විද්‍යාර්ථයන්ට හා රසිකයන්ට ප්‍රදානය කරන විස්තර වර්ණනාවකි නාට්‍යයක් රඟ දැක්වීම සහ නාට්‍යයක් නැරඹීම සාමූහික කර්තව්‍යයකි.තාක්ෂණයේ මහිමයෙන් වත්මනේ කොතරම් දියුණු කලා මාධ්‍ය වින්දනය උදෙසා වෙතත්, මේ සාමූහික කර්තව්‍යය තවමත් හරිම ප්‍රබලය . සමූහයක් සමගින් නාට්‍යයක් රඟ දක්වමින් නාට්‍යකරුවා ප්‍රේක්ෂක සමාජයට ආස්වාදනීය ඥානයක් ලබා දෙනු ලැබේ. එකී ඥානය...
ඉක්බිති කඳුකරය දෝංකාර දුනි
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
And the mountain echoed පරිවර්තනය : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද – Ganga niroshani Suduwelikanda ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – wijesooriya grantha krendraya
සරුංගල් ලුහුබඳින්නා
Original price was: Rs. 880.Rs. 704Current price is: Rs. 704.
දොළොස් හැවිරිදි අමීර්ගේ එකම අරමුණ ගමේ පැවැත්වෙන සරුංගල් තරගයෙන් ජය ගෙන සිය පියාගේ සිත දිනා ගැනීමයි . තමා දක්ෂයෙකු බව පියාට තහවුරු කරීමයි. හැමවිටම ඔහුගේ සහයට ඉන්නා ඔහුගේ හිතෛෂී මිතුරා වන හසන් ඔහුට උදව් කිරීමට පොරොන්දු වෙයි . එහෙත් අඩු කුලයේ මෙහෙකරුවකු වන හසාන් සතුව ඇති නිර්භීත භාවය නිසාත් ඔහු පිළිබඳව සිය පියාගේ සිතෙහි ඇති ඇල්ම නිසාත් අමීර් ඔහුට ඊර්ෂ්‍යා...
හරි පුදුම ඉස්කෝලේ
Original price was: Rs. 940.Rs. 752Current price is: Rs. 752.
ජපානයේ ග්‍රන්ථ ප්‍රකාශන ඉතිහාසයේ වැඩිම අලෙවියක් වාර්තා කරමින් රාජ්‍යසම්මාන රැසක් දිනූ රරසවත් කතා පොතකි . නිදහස විනෝදය සහ ආදරය පාසලට කැඳවමින් ජීවන ආශ්වාදය හා මානවප්‍රේමය අධ්‍යාපනයට මුසු කළ හැකි අන්දම අසිරිමත් පාසලක් තුළදී දැරියක ලද සිත් පොලඹවන අත්දැකීම් මගින් මෙහි විවරණය කෙරේ.
චීන පවුරින් එතෙරට
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
චීන පවුරින් එතෙරට (තමන් නිතර කලා මාධ්‍යයෙන් ඉදිරියට යෑමට කවර කැප වීමට වුව එකහෙළා සූදානම් බැලේ නර්තන ශිල්පියෙකුගේ කතා පුවත ) අන්ත දරිද්‍රතාවයේ පත්ලේ සිට බැලේ නර්තන හැකියාව තුළින් සාර්ථකත්වයේ හිනිපෙත්තට. මේ මහා රාජ්‍යයක් තුළ කිසිවෙකුගේ හෝ අවධානයෙන් තොරව අමතකව යන්නට නැතිනම් ප්‍රචාරකවාදී භාවිතාවක් තුළ ස්වකීය දක්ෂතා වළලා දමන්නට නියමිතව තිබූ ගම්බද , දිළිඳු දරුවකුගේ අසාමාන්‍ය කතා පුවතයි . තමන්...
කොන් කළ දෝනි
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
Konkala doni Shame පරිවර්තනය : කුමාර සිරිවර්ධන – Kumara siriwardena ප්‍රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ – Keheli publishers
පිළිකා වාට්ටුව
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
Cancer word අනුවර්තනය : අනුල ද සිල්වා ප්‍රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ
උමතු බිමෙන් පලායාම
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
රිකී අවදි වුණේ කාගෙදෝ සීතල, පුංචි අත් දෙකක් එයාගෙ මූණෙන් අල්ලලා හොලවනවා දැනිලා. අර පුංචි ගෑනු ළමයා රිකීගෙ ඇද ලග හිටගෙන, රිකීව ඇහැරවන්න උත්සාහ කරමින් හිටියා. එයාගෙ පෙනුම කලින් වගේමයි. සුදුමැලි, දුර්වල පාටයි. ඒත් මේ වතාවෙ එයාට ඇස් දෙකකුත්, නහයකුත් කටකුත් තියෙනවා. රිකී පුදුමෙන් කෑ ගහන්න හදනකොටම, ඒ ගෑනු ළමයා රිකීට නිශ්ශබ්ද වෙන්න කියලා සංඥා කළා. එයා අස්වාභාවික වේගයකින්...
ඓතිහාසික ඌව සහ වෙල්ලස්ස කැරැල්ල
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
අතීතයේ ඌව වෙල්ලස්සේ උරුමයන් හා විමුක්ති අරගලය ගැන බොහෝ තොරතුරු වර්තමාන යුගය කරා ගෙන එන කෘතියකි.විශේෂයෙන් ඉතිහාසගත සිදුවීම් රචනා කිරීමේ දී අන්තගාමී නොවී මධ්‍යස්ථව කරුණූ කාරණා ඉදිරිපත් කර ඇත .
පුරාණ ශ්‍රි ලංකාවේ සුසාන චාරිත්‍ර
Original price was: Rs. 650.Rs. 520Current price is: Rs. 520.
ආචාර්ය මංගල කටුගම්පොළ 2015 වර්ෂයේ චිනයේ සීචූආන් විශ්වවිද්‍යාලයෙන් භූගෝලීය තොරතුරු පද්ධතිය හා ජනාවාස පුරාවිද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය .ඔහු සිය අධ්‍යයන කටයුතු වල දී භූගෝලීය තොරතුරු පද්ධති හා පුරාවිද්‍යාව ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාව හා පුරාවිද්‍යාවේ අංශ කෙරෙහි අවධානය යොමු කර තිබේ වර්තමානය වන විට ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ලෙස කටයුතු කරනු ලබයි
බුද්ධ
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
බෞද්ධකම් , සෝබන බෞද්ධකම්. විකිණෙන බෞද්ධකම් වෙනුවට... "සෑම බෞද්ධයෙක්ම නිවැරදි මිනිසෙකු වීම සඳහා කියවිය යුතුම පොතක්." බුද්ධ (THE BUDDHA) කතෘ : ට්‍රෙවෝ ලිං (Trevor Ling) පරිවර්තක : නයෝමා ද සිල්වා 'නිර්වාණය ළඟා කර ගැනීමට මෙපිටින් මෙලොවදී අත් කරගත හැකි නිර්වාණයේ යථාරූපි ස්වභාවය ලෙසට මානවවාදී ක්‍රමයකින් යුතු විශ්වාසයන් සහ වටිනාකම් විස්තර කිරීමට පෙලඹවූ හේතු කාරණා ද ඇත. ථේරවාදී බෞද්ධ දැක්මට අනුව...
ඉතිබිසෝ ජාතකය හා ඉතිබිසෝ ජාතක කාව්‍ය
Original price was: Rs. 980.Rs. 833Current price is: Rs. 833.
ඉතිපිසෝ ජාතක කාව්‍ය ක්‍රිස්තු වර්ෂ එක්දහස් හත්සිය එකොළහේ දී අල්ගම පතිරාජ කිවිඳුන් විසින් රචනා කරන ලද්දකි .ඉතිබිසෝ ජාතක ගද්‍ය ඊට ද වඩා පැරණි යුගයකට අයත් බව සැලකිය හැක .මෙම ජාතක කතාවේ ඇති විශේෂත්වය වන්නේ එය ජාතක පොතෙහි අන්තර්ගත නොවන කතාවක් වීමත් බෝසතුන්ගේ ස්ත්‍රී ආත්ම භවයක් නිරූපණය කරමින් මෙරට දැකිය හැකි එකම කතාපුවත වීමත්ය .සෙංකඩගල යුගයේ සාහිත්‍ය හා ස්ත්‍රීවාදී සාහිත්‍ය පිළිබඳ...
මුතු කරාබුව පැළඳි යුවතිය
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
ලොව පුරා පාඨකයන්ගේ ඉමහත් ප්‍රසාදය දිනා ගනිමින් රටවල් 35ක භාෂාවන්ට පරිවර්තනය වූ Girl with a pearl earrings දාහත් වැනි සියවස මැද භාගයේ නෙදර්ලන්තයේ සිතුවම් කලාවේ ස්වර්ණමය යුගයේ විසූ ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී යොහැන්නස් චර්මීස් ගේ චරිතය ඇසුරු කරගෙන ලියවුණු අතිශය මනරම් වූ ගුප්ත වූ විටෙක දරාගත නොහැකි තරම් අනුවේදනීය වූත් ඓතිහාසික වටිනාකමකින් යුත් ප්‍රබන්ධ කතාවකි. චර්මීස් ඔහු විසින් නිර්මාණය කරන...
මගේ දිවි සටන
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
සමාජවාදය වේවා ප්‍රජාතන්ත්‍රවාදය වේවා අවසාන වශයෙන් සේවය කළ යුත්තේ මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසා ම ය .එහෙත් එකී සංකල්ප නාමමාත්‍රිකව ගනිමින් පාලකයන් මිනිස් ජීවිත සමග සෙල්ලම් කිරීම අරඹන්නේ නම් එහි ප්‍රතිඵලය වනුයේ විනාශය ම ය.තම බිළිඳු වියේ සිටම පීඩනය ,මර්දනය වෙනස් සැලකිලි සහ සාගතය උරුම වූ යොන්ම් පාර්ක් නම් උතුරු කොරියානු තරුණිය සිය ජීවන අන්දරය හා පවසන කටුක සත්‍ය වනුයේ එයයි...
මගේ දගෙස්ථානය
Original price was: Rs. 650.Rs. 520Current price is: Rs. 520.
මේ පොත එක්තරා අයුරකින් පාපොච්චාරණයකි ,එය ජීවිතය සහ කලාව පිළිබඳව ලේඛකයාගේ සිතුවිලි පැහැදිලි කරයි . අපූර්ව උල්පතකින් පැනනගින එය පෙරදිග ආකාරයෙන් සංක්ෂිප්තාර්ථිත ය. මේ ගැදිය පුරා පැදි ද කෙටිකතා ද අතරින් පතර විසිර තිබේ .උපදේශාත්මක උපමා කතා පිරුළු සහ ගැමි ජන ප්‍රඥාව කාවැද්දූ කියමන් ඒ අතර වෙයි. වරෙක ඒවා හාස්‍යජනකය වරෙක දුක්බරය
හැරි සහ හෝප්
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
පාර පුරාම දූවිලි මල් පිපුණා .අපි ඉන්නා දෙසට ජීප් රථයක් සහ ටෙලර් එකක් එමින් තිබුණා හැරී එච්චර වේගයෙන් දුවනවා මීට කලින් මම දැකලා තියෙන්නේ එකම එක සැරයයි .ජීප් එකයි හැරී අතක දුර නැත්තටම නැති වුණා දූවිලි වැකුණු ඉදිරිපස වීදුරුව තුලින් මම ෆ්‍රෑන්ක්ව දැක්කා ඉතින් මමත් එයා වෙතට දුවමින් හිටියා
ලක් බිමේ තවත් යුගයක්
Original price was: Rs. 680.Rs. 612Current price is: Rs. 612.
ඉංග්‍රීසි නමකින් හැඳින්වුවද දක්ෂිණ ලංකාවේ තංගල්ලේ ඉපිද කොළඹ දී ජීවිත ගමන සමාප්ත කළ රිචඩ් ලයනල් ස්පිට්ල් නමැති සාහිත්‍යධර වෛද්‍යවරයා අතින් බිහිවුණු ග්‍රන්ථාවලිය අතර far off things නම් කෘතිය ද වෙයි ලේඛකයා ම කියන පරිදි එය ලංකාවේ ඉතිහාසය, ආදිවාසීන්, මිත්‍යා මත හා වනයේ අභිරහස් පිළිබඳ සංග්‍රහයකි "ලක්බිමේ තවත් යුගයක් " යනුවෙන් සිංහල පාඨක ඔබ අතට මෙසේ පත් කෙරෙන්නේ ඒ ඉංග්‍රීසි කෘතියේ...
අම්මා
Original price was: Rs. 1,500.Rs. 1,200Current price is: Rs. 1,200.
රුසියානු හා ලෝක සාහිත්‍යය උසස් තැනක් දරන මාමාහැඟි කෘතියකි මක්සිම් ගෝර්කිගේ "අම්මා". අද වුවද එය විප්ලවවාදී සාහිත්‍යයේ මුදුන් මල්කඩකි . ලෝක සාහිත්‍යයේ පළමුවැනි වරට පැහැදිළි ලෙස දයාන්විත ලෙසත් කම්කරු පන්තියේ ජීවන තතු පැහැදිලි කළ පළවෙනි කෘතිය "අම්මා" ය කම්කරු පන්ති සටන් වල වැදගත්ම ඔප් නංවා පෙන්වා දුන් මේ කෘතිය රුසියාවේ ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර සමාජවාදී විප්ලවය ජයග්‍රහණය සඳහාත් සාර්ථක ලෙස සමාජවාදය ගොඩනැගීසඳහාත් ...
සැබෑ මිනිසෙකුගේ කතාවක්
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
1942 ජුනි 22 වනදා සෝවියට් ජනතාව වන අපිට කිසි දිනෙක අමතක නොවේ . ඉතා නවීන අවි වලින් සන්නද්ධ division 230 යොදවා හිට්ලර් සෝවියට් සංගමය ආක්‍රමණය කළේ හදිසියෙනි .යුද්ධ ප්‍රකාශ කිරීමක් පවා නොකරමිනි . හිට්ලර්ගේ පැසිස්ට්වාදී පාලනය සමෘද්ධිමත් අවධිය ඒ කාලය විය. ඔහුගේ යුද හමුදාව බටහිර යුරෝපයේ කළ ලෙහෙසි ජයග්‍රහණ වලින් මත් වී සිටියහ. හිට්ලර්ගේ යුද්ධ සේනා බලය ඉදිරියේ බටහිර යුරෝපයේ...
ගුරු ගීතය
Original price was: Rs. 350.Rs. 280Current price is: Rs. 280.
එසේ වුණද ඇඳ අවසාන නොකළ ඒ පිංතූර ගැන ඔබ සමග කතාකිරීමට මා කැමතිය .ඔබේ උපදෙස් මට බෙහෙවින් ම වටී .මා අඳින චිත්‍රය පළමුවැනි ගුරුවරයාට අපේ අයිලයේ පළමුවැනි කොමියුනිස්ට්වාදීයාට, දුෂෙයින් ට කැප කරන බව ඔබ දැනටමත් දන්නවා ඇතැයි මම සිතමි
මනෝවිද්‍යා උපදේශන ප්‍රවේශය
Original price was: Rs. 490.Rs. 441Current price is: Rs. 441.
මානව ගැටලු විසඳා ගැනීමේ ලා මනෝවිද්‍යාත්මක උපදේශනයෙන් ලැබෙන මාර්ගෝපදේශනය අතිශය ප්‍රශස්තය .එම න්‍යායාත්මක ඥානය නූතන සමාජයට දායාද කිරීම කාලීන අවශ්‍යතාවයකි.මනෝවිද්‍යා උපදේශන න්‍යායන් සම්බන්ධයෙන් ලාංකීය අධ්‍යයන ක්ෂේත්‍රයෙහි ප්‍රාමාණික ග්‍රන්ථ සොයා ගැනීම තරමක් දුෂ්කර ව්‍යායාමයකි ඒ සම්බන්ධයෙන් සිදු කොට ඇති ශාස්ත්‍රීය විමර්ශන අති දුබල වීම ඊට හේතුවයි මනෝ විද්‍යා උපදේශන ප්‍රවේශය නමැති මෙම කෘතිය මගින් එම අවශ්‍යතාව පූර්ණ කිරීමට සමත් වී ඇත
උපදේශන මනෝවිද්‍යාවේ මූලික සංකල්ප
Original price was: Rs. 480.Rs. 408Current price is: Rs. 408.
උපදේශන මනෝවිද්‍යා පාඨමාලා හදාරන විද්‍යාර්ථීන්ට සහ ප්‍රායෝගිකව උපදේශනය නියැලෙන වෘත්තීය උපදේශ කරුවන්ට මෙම ග්‍රන්ථයේ අන්තර්ගත ඥාන සම්භාරය අතිශයින්ම වැඩදායි වනු ඇත. මෙම ග්‍රන්ථය රචනා කිරීම මගින් අදාල විශේෂයෙහි උන්නතිය වෙනුවෙන් කතුවරිය විසින් ගන්නා ලද උත්සාහය අති සාර්ථකය
අභිසාරිකා
Original price was: Rs. 790.Rs. 632Current price is: Rs. 632.
මිනිස් ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයට හසුව ගණිකා වෘතියට විකිණුනු අසරණිය කගේ අනුවේදනීය සත්‍ය කථාව
රෝස්මරීට බබෙක්
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
සිහිය ආ රෝස්මරී තමන්ගේ උදරය දෙස බැලුවා ය එය සැහැල්ලු වී ගොසිනි . එනම් දරුවා බිහිවී ඇත . ඒත් කෝ ඔහු දරුවා නැතිවුණා රෝස්මරි දොස්තර කීවේය කොහෙන්ද ඒ ළදරුවකුගේ හැඬුම ඇහෙන්නේ තමන් සිටින මහලෙන් ම නොවේද ? මේ තරම් කලකට මේ මහලේ වෙනත් ළදරුවකු නොසිටි බව රෝස්මරිට සහතිකය ඒ මගේ බබා ද ? රෝස්මරී ඒ හඬ ඔස්සේ යන්නට තීරණය කළාය...
කැතී
Original price was: Rs. 650.Rs. 520Current price is: Rs. 520.
Cathy පරිවර්තනය : මානෙල් ජයන්ති ගුණසේකර – Manel jayanthi Gunasekara ප්‍රකාශනය : පහන් ප්‍ප්‍රකාශකයෝ – Pahan publishers
මාධව නිදානය
Original price was: Rs. 2,000.Rs. 1,700Current price is: Rs. 1,700.
මාධව නිදානය යනු ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ නියතු වෛද්‍යවරුන්ට මෙන්ම වෛද්‍ය ශිෂ්‍යයන්ට ද ඉමහත් ප්‍රයෝජන වත් වන ග්‍රන්ථ රත්නයකි. අවසන් මුද්‍රණයෙන් බොහෝ කලක් ගත වීමෙන් සහ බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව මුද්‍රණය දැන් ඔබට ලබාගත හැක .
ඒක රහසක්
Original price was: Rs. 780.Rs. 624Current price is: Rs. 624.
ඒ වන විට, මගේ දියණියන් දෙදෙනාට වයස අවුරුදු හතරක් හා අවුරුද්දක් විය. මම ඔවුන්ව දමන්නට තීරණය කළෙමි. මගේ සිතිවිලි කෙමෙන් හැඩ ගැසෙමින් තිබුණු භාෂාවක් විය. එය අකුරු රහිත භාෂාවකි. එහෙත් එක දෙයක් පමණක් පැහැදිළිය. මා කැරොලිනාවත් ඇමීවත් දැමිය යුතුමය. ඇමීව මුහුදු ජලයට ඔබාගෙන අල්ලාගෙන සිටීමත්, සීතල මුහුදු දිය වෙත මා සමගම ඇවිදගෙන යන්නට කැරොලිනාව පොළඹවා ගැනීමත් කොතරම් අසීරු වනු ඇතිද.....
ටූටන්කාමන් අබිරහස
Original price was: Rs. 880.Rs. 704Current price is: Rs. 704.
විසිවෙනි ශතවර්ෂයේ මුල් භාගයේ දී , රජුන්ගේ විජිතයේ අදුරු සොහොන් ගැබක සඟවන ලද තරුණ අප්‍රසිද්ධ පාරාවෝ කෙනකු පිළිබඳ සෙවීම ඇරඹෙයි . ඔහුගේ නම ටූටන්කාමන් ය කානවන් සාමිවරයා සහ හෝවාර්ඩ් කාටර් නම් වූ ඉංග්‍රීසි ජාතිකයින් දෙදෙනෙක් මේ අප්‍රසිද්ධ පාරාවෝ විශිෂ්ටයෙකු බව පෙන්වන්නට ඉදිරිපත් වූහ. පලිගැනීම, පාවාදීම ,විශ්වාසය කඩකිරීම අතරින් ඒ දෙදෙනා තම මෙහෙයුම ජයග්‍රහණය කරා ගෙන යාමට සමත් වූහ .ඓතිහාසික කරුණු...
මහේ සාක්කිය
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
දාඨාසේන යෝධයා එලාර දුටුගැමුණු යුද්ධයේදී රුහුණු මාගම බලසේනාව වෙනුවෙන් සුවිශේෂ කාර්ය භාරයක් සිදුකළ අයෙකි. කාවන්තිස්ස යුගයේ සිට අත්දැකීම් බහුල සෙන්පතියෙකු වූ ඔහු දසමහ යෝධයින් කිහිප දෙනෙකුගේම ගුරුවරයෙකි. කල් යත්ම රාජ උදහසට ලක්වන හේ දිවි බේරා ගැනීමට දඹදිවට පැන යයි. "රසවාහිනිය" නම් ධර්ම ග්‍රන්ථයේ සදහන් අයුරින් ඇතෙකු ලවා පාගවා මරා දැමීමට නියමිතව සිටි දාඨාසේන යෝධයා බුදු සසුනේ පැවිදිව රහත් භාවයට සපැමිණි...
