Shop
මා කළ ගවේෂණ
Original price was: Rs. 650.Rs. 585Current price is: Rs. 585.
පහසුවෙන් රැවටෙන අසන දකින දේ සොයා නොබලා අදහන මිනිසුන්ගේ එම දුබල කම් වලට සිනාසෙමින් කෝවූර් මේ ග්‍රන්ථය ලියා ඇත්තේ අපූරු ශෛලියකිනි .ඔහු සිනාසෙන්නේ මිනිසුන් හිස මත දරා සිටින මොහාන්ධකාරයට මිස එම බරින් පීඩා විඳින මිනිසුන්ට නොවේ .මිථ්‍යාවේ බරින් මිදීමට හේ ජනතාවට සුරත දිගු කරන්නේ උතුරා යන මානව දයාවකිනි. වසර අසූවක් ඈතට දිව ගොස් නිවී ගිය මොහුගේ ජීවිතය පුරාම එම මානව...
5 ශ්‍රේණිය ගණිතය වැඩ පොත
Original price was: Rs. 350.Rs. 280Current price is: Rs. 280.
නව විෂය නිර්දේශයට අනුව සම්පාදිතයි
ශිෂ්‍යත්ව විභාගයට අනුමාන ගණිත ගැටළු1600
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
2020 වර්ෂයේ සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව ගුරු අත්පොත හා පෙලපොත ආශ්‍රිතව ක්‍රියාකාරකම් සම්පාදක ව සම්පාදිතයි . 5 ශ්‍රේණිය ගණිතය විෂය නිර්දේශයට අයත් පාඩම් ඔස්සේ දිගහැරෙන අභ්‍යාස රැසකි.මෙහිදී එම අභ්‍යාස වඩාත් සුවිශේෂීව පියවර ක්‍රම යටතේ සරල තත්වයේ සිට සංකීර්ණත්වය කරා රැගෙන යන අයුරින් අභ්‍යාසය පෙළගස්වමින් දරුවාට බවරක් නොවන අයුරින් වැඩි අභ්‍යාස ප්‍රමාණයක් කිරීමට යොමු කර ඇත .එමගින් මෙම පොත...
මිදී මරු කතරින්
Original price was: Rs. 550.Rs. 495Current price is: Rs. 495.
සාදේ හා ෆෙමීගේ මව හට සිය දිවියෙන් වන්දි ගෙවීමට සිදු වන්නේ ඔවුන්ගේ පියා නිර්භීත පුවත්පත් කලාවේදියෙකු වීමේ වරදටය . ඔවුන්ගේ මවගේ ඝාතනයත් සමග සිය දරු දෙදෙනා රටින් බැහැර යැවීම හැර අන් විකල්පයක් පියා හට ද ඉතිරි නොවෙයි .එසේම ඔහුගේ ඉරණමද ස්වයං පිටුවහල ම වේ .එහෙත් එසේ පිටුවහල් වීම ද සරල හෝ පහසු කාර්යයක් නොවේ . නයිජීරියානු ඉතිහාසයේ අතිශය දුර්භාග්‍ය සම්පන්න...
සාගරාන්තර ආලෝකය
Original price was: Rs. 800.Rs. 680Current price is: Rs. 680.
පළමුවැනි ලෝක යුද්ධයෙන් පසු යළිත් ඔස්ට්‍රේලියාවට එන ටොම්, ජානුස් ගලේ ප්‍රදීපාගාර භාගකරු ලෙස පත්වීමක් ලබා ගනී .මේ පාළු දූපතට ඔහු සිය තරුණ නිර්භීත බිරිඳවන ඉසබෙල් කැන්දාගෙන එයි .වසර කිහිපයක් ගෙවුණු තැන එක අමතක නොවන දවසක බෝට්ටුවක් දූපතේ වෙරළට ගසා ගෙන එන්නේ ඔවුන්ගේ ජීවිතවල එක්තරා සන්ධිස්ථානයක් සලකුනු කරමිනි .මේ බෝට්ටුවෙන් රැගෙන ආ ඒ "දෙවියන්ගෙ ත්‍යාගය" කුමක්ද? එයින් තමුන්ගේ සහ බිරිඳගේ ජීවිතය ...
දඟමල්ල සහ අමුතු ඉස්කෝලය
Original price was: Rs. 530.Rs. 424Current price is: Rs. 424.
කතා මාලාවේ පළමු වැන්න
ලින්ක්ස්ගේ සෙවනැල්ල
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
ඕස්ටේ්රලියාවට පැමිණෙන නෝරා ටැමසින් බියජනක වුණත්, පාලනය කළ නොහැකි තරම් විශාල උනන්දුවක් ඇති කරවනසුලූ, ලින්ක්ස් නමින් හැඳින්වෙන චාල්ස් හෙරික්ගේ භාරකාරත්වය යටතට තමන් පත්ව ඇති බව සොයාගනියි. ඇය වටා සිටිනා සියලූම දෙනා රත්තරන් සෙවීම ගැන හැර වෙනත් කිසිම දෙයක් ගැන නොසිතති. රත්තරන් සෙවීම ඔවුන්ට කොතරම් අත්හැර දැමිය නොහැකි යමක් වෙනවාද කියනවා නම් එම කාර්යයටම අවධානය යොමු කිරීම නිසා මිනිස්සු දිළිඳු බවට...
මිනීමරුවාගේ පෙම්වතිය
Original price was: Rs. 680.Rs. 544Current price is: Rs. 544.
මෙලඩිගේ වයස අවුරුදු විස්සයි .එයා ස්ලාම් අගමට හැරුණේ මේ ලඟදි .. මෙලඩිට ෆේස්බුක් එකෙන් අමුත්තෙක් මුණගැහුණා .විශේෂ අමුත්තෙක් ..අයිඑස් අයිඑස් සංවිධානය සටන්කාමියෙක් ..පැය හතලිස් අටක් යන්නත් කලින් මෙලඩ් මේ සටන්කාමීයට ආදරය කරන්න පටන් ගත්තා . තමන්ම කසාද බැඳලා දෙවියන් වෙනුවෙන් සටන් කරන්න සිරියා යුද බිමට එන්න කියලා මෙලඩි ගේ අයි එස් සටන්කාමී ආදරවන්තයා මෙලඩිට ආරාධනා කළා. ඊට පස්සේ මෙලඩි එයාගේ...
දරන්න බැරි සැහැල්ලුව
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
සාර්ථක ශල්‍ය වෛද්‍යවරයෙකු සමග ප්‍රේමයෙන් ආසක්ත වන තරුණ කාන්තාවක් .ඇය කෙරෙහි හටගත් ප්‍රේමය හා තම නොහික්මුණු ස්ත්‍රී ලෝලීත්වය අතර දෝලනය වන මිනිසෙක් .පෙම් පාවාදීම් පෙළක නියැලෙන නිදහස් චිත්‍ර ශිල්පිනියක් .තම උත්තම ගුණාංගයන් වෙනුවෙන් සියල්ල අහිමි කර ගන්නට සූදානම් අව්‍යාජ, විශ්වාසවන්ත පෙම්වතෙක් .අහෝසි කළ නොහැකි වරණයන් සහ අහම්බයන් මත ජීවිත හැඩගැසෙන, සියල්ල එක වරක් පමණක් සිදුවන ලෝකයක්.පැවැත්ම එහි ද්‍රව්‍ය සහ බර...
අවුෂ්ව්ට්ස් ඝාතක කදවුර
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
අපකීර්තිමත් නට්සි වධකාගාරය පිළිබඳ ලෝරන්ස් රීස් ගේ මෙම කෘතිය ඝාතනය,කෲරත්වය, වික්‍රමය, පලායාම සහ නොනැසී පැවතීම පිළිබඳ අනුස්මරණීය කතන්දරයකි
ගම්බාරේ
Original price was: Rs. 400.Rs. 320Current price is: Rs. 320.
කෑලි කැපිය හැකි කළුවර රැයක රූපසීලීත් සවරියෙලුත් අරඹන තීන්දු ගමන හුදෙක් ඔවුන්ගේ කතාන්දරයට පාදක වූයේ ම නොවෙයි .හැට හැත්තෑව දෙදශක වල දේශපාලන ගලායෑම අසාර්ථක කැරැල්ලක වේදනාව මෙන්ම දේශපාලනය හා හයිකාරකම එක්තැන්ව මිත්‍ර සංග්‍රහයක් ඥාති සංග්‍රහය අඩු නැති දේශපාලන සංස්කෘතියට පදනම වැටුණු සැටි ද මෙම අපූරු නවකතාව අපට ඉඟි කරයි . අඩ සිය වසකට එපිට ඒ සැබෑ පරිසරය පාඨකයා ඉදිරියේ සිනමා...
ආරාමදාස
Original price was: Rs. 700.Rs. 630Current price is: Rs. 630.
ඉතිහාසය ගොඩ නැගීමත් ඊට යටත් වීමත් එක්ක නොව ,හාත්පසින් වෙනස් වූ ක්‍රියාවලීන් දෙකකි .මේ දෙමඟින් කුමක් ඔස්සේ ගමන් කළ යුතු දැයි කෙරෙන අදෘශමාන නිහඬ විවාදයක් සෑම සමාජයක් තුළ වෙයි ආරාමදාස නවකතාව තුළ සිත්තමට නැගෙනුයේ සමාජයන්ට නොදැනී සමාජයන් කළඹමින් මතුවන උක්ත විවාදයේ සලාවැටුමයි .සලාවැටුමක් හෙවත් දිය සුළියකට හසුවන බොහෝ දෑ එය විසින් දියෙහි පතුලට ඇද ගන්නා අතර ඇතැම් ශක්තිමත් දෑ ඒ...
සකේ සුවඳ
Original price was: Rs. 800.Rs. 640Current price is: Rs. 640.
ගැහැනියකට පා තැබීම තහංචි පැන වූ ලෝකයක් ජයගන්න නිහඬ අරගලයක යෙදුණු එඩිතර ගැහැණියකගේ කතාව . "ගැහැනියක් පෙරුම්හලේ දොරෙන් ඇතුළට පා තැබුවොත් සකේ ඇඹුල් වන බවට පැරණි විශ්වාසයක් තියෙනවා." "පිරිමියෙක්ට පුළුවනි අනියම් බිරිඳක් තබාගන්න. ගේෂාවක් ලවා දරුවෙක් උනත් හදාගන්න. ඒ දරුවා පවුලේ උරුමක්කාරයා හැටියට නම් කරමින් ගෙදරට ගේන්න. නමුත් ගැහැනියක් අනියම් ඇසුරකට යොමු වුණොත් ඇයට ලැබෙන දඬුවම මරණය විය හැකියි."...
ක්ලියෝපැට්රා සහ ඇන්ටනි
Original price was: Rs. 800.Rs. 640Current price is: Rs. 640.
ඊජිප්තුව පාලනය කළ ,එකල රෝමයේ බලවත්ම මිනිසුන් දෙදෙනා වූ ජුලියස් සීසර් සහ මාක් ඇන්ටනී වශී කරගත් , තම පවුල සහ සමානවම ඊජිප්තු රාජ්‍යයද රැක ගැනීමට කැපවුණු ක්ලියෝපැට්රා ගේ ජීවිතය ,බලය සහ දේශපාලනය හමුවේ කොතරම් අභියෝගවලට මුහුණ පෑවේ ද ?අවසන තම පෙම්වතා සේම තමාගේ දරු තිදෙනෙකුගේ පියා වූ ඇන්ටනීගේ සියදිවි නසාගැනීම සියැසින් දැක ,තමාද දිවි නසාගත් ක්ලියෝපැට්රා වසරකට දෙදහසකට පසුව ද...
මෙන්ලිට මතකද මෙන්ලි?
Original price was: Rs. 1,500.Rs. 1,200Current price is: Rs. 1,200.
ඇය එක්වරම ගැස්සී අවදි වූයේ තම මියගිය පුතු ගේ කට හඬ ඇසීමෙනි අම්මේ... අම්මේ... ඔව් ඒ හඬ ඇසෙන්නේ ගේතුළිනි . මේ විසල් මන්දිරයේ තමන් හා බිලිඳු දියණිය තනිව ගෙවන මෙවන් රැයක මියගිය බොබීගේ හඬ ඇසෙන්නට වීම ? මෙන්ලිගේ ගතෙහි හිරිගඩු පිපිණ. ඇය වහා නැඟිට බිලිඳු දියණිය ගේ කාමරයට දිව ගියාය. දෙවියනි....! බිලිඳු දියණිය සිටි තොටිල්ල පැද්දෙයි බිළිඳියගේ එයින් රැගෙන පසෙක...
ඉජාමතී
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
"ඉඡාමතී" වංග සාහිත්‍යයේ ස්වර්ණමය යුගය නියෝජනය කළ විභූති භූෂණ බන්ද්‍යෙපාධ්‍යාය විසින්ලියන ලද අවසන් නවකතාව ලෙස සැලකේ. ඔහු ලියූ "පාතර් පංචාලි" "අපරාජිතෝ" සහ අපූර් සංසාර්" අයත්වන ඔපූ ත්‍රිත්වයත් "අරණකට පෙම්බැඳ" කෘතියත් සිංහල පාඨකයෝ හොඳින් හඳුනති. විභූති භූෂණ බන්ද්‍යෙපාධ්‍යාය ගේ "ඉඡාමතී" සිංහලට පෙරළා තිබෙන්නේ මීට පෙර "කල්ඉකුත්වූ මිනිසා" නමින් අගනා වංග කෙටිකතා එකතුවක් ඉතාබුහුටි ලෙසින් පරිවර්තනය කරමින් පළ කරන ලද කුමාරි වැළිහිඳ...
දම්පාට කතාව
Original price was: Rs. 650.Rs. 585Current price is: Rs. 585.
යුද සමයේ දකුණු ඇමරිකානු වනගත පෙදෙසක දී කළු ජාතික දැරියක ලෙස සැලී උපත ලබන්න්නීය.අන්ත දිළිඳු බවත් ඇය ජන්මයෙන් උරුම කර ගන්නීය.ගැහැණිය යනු නිරන්තරව නිවසේ ගොවිපල හා සයනයේ දී කඹරනු පිණිස උපන්නියයැයි සැලීට ඒත්තු ගැන්වෙයි .නිබඳව වෙහෙසී වැඩ කරන ඈ ළදරු වියේදීම නිතර නිතර කෙළෙසීමට ලක්වෙයි .තම ආදරණීය නැගෙනිය කෙලෙසනු ලැබීමෙන් වළක්වාගැනීමට කැපවන්නේ සැලීය .ඇය තම සොයුරිය ද දෙදරුවන් ගෙන් ද...
තනිවූ දියණිය
Original price was: Rs. 1,150.Rs. 920Current price is: Rs. 920.
යෞවනයේ හැ`ගීම්වලට අවනතව තනිවූ මවකගේ, පියෙකු කිසි දිනක නොදුටු තනිවූ දියණියක්, මවගේ අකල් මරණයෙන් පසු අනාථ නිවෙස්වලද, කැපකාර මව්පියන් කිහිපදෙනෙකු යටතේද හැදීවැඞී, දහසය වැනි වියේදීම නිදහස් දිවි පෙවතක් අරඹයි. බලාපොරොත්තු දහසක් පොදි බැඳ දීප්තිමත් අනාගතයක සිහින මවමින් සිටියදී, එ්ක පාර්ශවීය දැඩි පෙමින් බැ`දී, වංචනිකයකුගේ දැළට හසුව නොම`ගට යොමුවී, බරපතල අපරාධයකට සහාය දීමේ වක්‍ර ප්‍රතිඵලයක් ලෙස, දිනකටත් අඩු වයසැති බිලිඳියක...
මුහුද යට දිවයින
Original price was: Rs. 1,600.Rs. 1,440Current price is: Rs. 1,440.
වහලියක ලෙස විකුණා දමන්නට අඅප්‍රිකාවේ සිට ගෙන එනු ලැබූ තරුණියකගෙ කුසෙන් නැව් ගමනේ දී ඇය දූෂණය කළ සුදු ජාතික නාවිකයකු ට දාව සැන් දෝමෑං දිවයිනේ දී උපන් තෙතේ හෙවත් සරිතේ බිලිඳු වියේ පටන් ම වහල් බවේ බැම්මෙන් බැඳී සිටින්නීය. 18 වැනි ශතවර්ෂයේ අග භාගය වන විට සැන් දෝමෑං දිවයින හෙවත් වර්තමාන හයිටි රාජ්‍යය පෙලූ වහල්භාවයේ හීනත්වට හා ඊට එරෙහි අරගල...
කුමාඕන්හි මිනී කන ව්‍යාඝ්‍රයෝ
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
ඉන්දියාවේ යුක්ත ප්‍රාන්තයේ ප්‍රදේශයේ කැලෑවල සැනසෙනු මේජර් කෝබට් මේ පොතේ එකතු කර තිබෙන්නේ මිනී කන ව්‍යාඝ්‍රයන් පිළිබඳ සත්‍ය කතා ය .මෙය වනාහි සූර වීරකම් ඇතුළත් කථා ප්රවෘත්ති රුචි කරන කවුරුත් කියවිය යුතු අගනා ග්රන්ථයකි
මා සොයාගත් ඔබ
Original price was: Rs. 550.Rs. 467Current price is: Rs. 467.
නැතන් මැකාන් කැලෑවේ කොළ කැටියක ට යට වී සිටි උපන් හැටියේ ළදරුවෙකු සොයා ගනියි .ඔහු සිතුවේ ඒ ළදරුවා මියගොස් ඇතැයි කියාය .එහෙත් එක්වරම ළදරුවා සිගිති චලනයක් කරයි .ඒ අති විශේෂ මොහොතේදී නැතනගේ ජීවිතය සදහටම වෙනස් වෙයි . රෝහල් බලධාරීන් ළදරුවා ඔහුගේ අත්තම්මාට බාර දුන් නමුත් ඇය එක් වරක් හමුවන්නට නැතන් බලවත් සේ පෙළඹෙයි .හෙතෙම එකම එක සරල පොරොන්දුවක් ඇයගෙන් ඉල්ලයි...
ලංකාවේ ගිනිඅවි සහ දඩයම්
Original price was: Rs. 700.Rs. 595Current price is: Rs. 595.
බ්‍රිතාන්‍ය පාලන යුගයේ දී ලංකාවට පැමිණි සැමුවෙල් බේකර් දේශ ගවේෂකයකු මෙන්ම ලංකාවේ අලි ඇතුන් වන සතුන් විශාල සංඛ්‍යාවක් මරා දැමීමේ වගකීම භාරගත් දඩයක්කරුවෙක් ද විය .ඒ එසේ වුවද සුන්දර නුවරඑළිය ප්‍රදේශය ජනාවාසයක් බවට පත් වීම ද , විදේශීය එළවළු බෝග ගොවිතැන ලංකාවට හඳුන්වා දීමද සිදු වූයේ ඔහුගේ ඔහු ගේ පුරෝගාමීත්වයෙනි
සුදු කලු
Original price was: Rs. 500.Rs. 425Current price is: Rs. 425.
පුතා ඔය පිටිපස්සෙ තියෙන ටින් කබල් වලට වෙඩි තිබ්බට කමක් නෑ .මං දන්නවා ඔයා කුරුල්ලන්ට කුරුමානං අල්ලන විත්තිය ඒත් බට්ටිච්චන් ට නම් වෙඩි තියන්න එපා පුතා උන් මරණ එක පවක්. දවසක් තාත්තා අයියට කීවා. ඒ තමයි තාත්තා පවක් ගැන කී පළවෙනි වතාව, මං ඒ ගැන මෝඩි මිස්ගෙන් ඇහුවා. ඔයාගේ තාත්තා හරි. බට්ටිච්චෝ කරන්නේ අපි ම සතුටු කරන්න සින්දු කියන එක...
පර්ජා
Original price was: Rs. 520.Rs. 442Current price is: Rs. 442.
1945 දී ඔරියා බසින් ලියැවුණු පර්ජා නවකතාව නූතන ඉන්දීය සාහිත්‍ය ග්රන්ථයකි .කඳුකර ඔරිස්සා ප්‍රදේශයේ ජීවත්වන ගෝත්‍රික මිනිසුන්ගේ ජීවිතය ගැන මෙයින් කියවේ . සුව දිවියකින් කල් ගෙවූ ගොවි පවුලක් මුදල් ණයට දෙන්නෙකුගේ ග්‍රහණයට හසුවී කෙමෙන් විපතට පත්වන අන්දම විස්තර කරන මේ කෘතියෙන් ගොවි ජනතාවගේ ජීවිතය තාත්වික අන්දමින් විස්තර කරයි. ඉන්දියානු සාහිත්‍ය ඇකඩමි ත්‍යාගයට අමතරව තවත් සාහිත්‍යය ත්‍යාග ගණනාවකින් පිදුම් ලද පරජා...
ඈත අතීතයට ගිය ඇමරිකානුවා
Original price was: Rs. 750.Rs. 637Current price is: Rs. 637.
දහනමවන සියවසේ ඇමරිකාවේ විසූ හෑන්ක් මෝගන් නම් තරුණයා යම් අද්භූත ආකාරයට හයවන සියවසේ එංගලන්තයේ ආතර් රජුගේ කාලයේ පහළ වෙයි .නවීන නිදහස් මතධාරී ඉතාම දක්ෂ කාර්මිකයෙකු වූ හෙතෙම දැඩි ආගමික මත දාරී අතිශයින් සම්ප්‍රදායික වැඩවසම් ක්‍රමය සහ නොදියුණු ආර්ථික සමාජ රටාව ක්‍රමයෙන් වෙනස් කරයි . ඔහුගේ නවීන තාක්ෂණික ශිල්පීය ක්‍රම 6 වන සියවසේ ප්‍රබල මිත්‍යා මතධාරීන්ට පෙනෙන්නේ මහා ප්රාතිහාර්යයක් ලෙසිනි. අවසානය...
කන්ද උඩ රට සටන්
Original price was: Rs. 700.Rs. 595Current price is: Rs. 595.
බ්‍රිතාන්‍යයන් කන්ද උඩරට ආක්‍රමණය සඳහා දැරූ ප්රයත්නයේ දී ඔවුන් හා කන්ද උඩරට සිංහලයන් අතර කලක් තිස්සේ පැවති සටන් පිළිබඳ ඓතිහාසික කරුණු අලලා ඉතා මෑත වකවානුවකදී kandyan wars යනුවෙන් ලියැවුණු ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය කන්ද උඩරට සටන් නමින් අප මෙසේ ඔබ අතට පත් කරමු. ඉංග්‍රීසි කෘතිය ජෙයාෆි පවල් අතින් සම්පාදනය වීඇත්තේ ඔහු විසින් සිදුකරන ලද ඉතා පුළුල් ගවේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් බව...
කෝපි කාලෙ ලංකාව
Original price was: Rs. 400.Rs. 340Current price is: Rs. 340.
වර්ෂ 1858 දී ජෝන් කැපර් නැවත ලංකාවට එන්නේ ලන්ඩනයේ ප්‍රකට ලේඛකයෙක් සහ තීරු ලිපි රචකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වීමෙන් අනතුරුවය 1856 දී ආරම්භ කළ ceylon Times පුවත්පත ඔහු මිලදී ගන්නේ එහි හිමිකරු සහ කර්තෘ බවට පත්වෙමිනි ... කැපර් 1874 දී සිලෝන් ටයිම්ස් පුවත්පත විකුණා දමා නැවත එංගලන්තය බලා නැව් නැග්ගේය. ඔහු Old ceylon sketches of ceylon life in olden time පොත...
නාට්‍ය රසය
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
'නාට්‍ය රසය' යනු නාට්‍ය කලාව ගැන අත්දැකීම් හා නාට්‍ය නැරඹීමෙන් ලබා තිබෙන 'ආස්වාදනීය ඥානය' විද්‍යාර්ථයන්ට හා රසිකයන්ට ප්රදානය කරන විස්තර වර්ණනාවකි නාට්‍යයක් රඟ දැක්වීම සහ නාට්‍යයක් නැරඹීම සාමූහික කර්තව්‍යයකි.තාක්ෂණයේ මහිමයෙන් වත්මනේ කොතරම් දියුණු කලා මාධ්‍ය වින්දනය උදෙසා වෙතත්, මේ සාමූහික කර්තව්‍යය තවමත් හරිම ප්රබලය . සමූහයක් සමගින් නාට්‍යයක් රඟ දක්වමින් නාට්‍යකරුවා ප්‍රේක්ෂක සමාජයට ආස්වාදනීය ඥානයක් ලබා දෙනු ලැබේ. එකී ඥානය...
ඉක්බිති කඳුකරය දෝංකාර දුනි
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
And the mountain echoed පරිවර්තනය : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද – Ganga niroshani Suduwelikanda ප්රකාශනය : විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය – wijesooriya grantha krendraya
සරුංගල් ලුහුබඳින්නා
Original price was: Rs. 880.Rs. 704Current price is: Rs. 704.
දොළොස් හැවිරිදි අමීර්ගේ එකම අරමුණ ගමේ පැවැත්වෙන සරුංගල් තරගයෙන් ජය ගෙන සිය පියාගේ සිත දිනා ගැනීමයි . තමා දක්ෂයෙකු බව පියාට තහවුරු කරීමයි. හැමවිටම ඔහුගේ සහයට ඉන්නා ඔහුගේ හිතෛෂී මිතුරා වන හසන් ඔහුට උදව් කිරීමට පොරොන්දු වෙයි . එහෙත් අඩු කුලයේ මෙහෙකරුවකු වන හසාන් සතුව ඇති නිර්භීත භාවය නිසාත් ඔහු පිළිබඳව සිය පියාගේ සිතෙහි ඇති ඇල්ම නිසාත් අමීර් ඔහුට ඊර්ෂ්‍යා...
හරි පුදුම ඉස්කෝලේ
Original price was: Rs. 940.Rs. 752Current price is: Rs. 752.
ජපානයේ ග්රන්ථ ප්‍රකාශන ඉතිහාසයේ වැඩිම අලෙවියක් වාර්තා කරමින් රාජ්‍යසම්මාන රැසක් දිනූ රරසවත් කතා පොතකි . නිදහස විනෝදය සහ ආදරය පාසලට කැඳවමින් ජීවන ආශ්වාදය හා මානවප්රේමය අධ්‍යාපනයට මුසු කළ හැකි අන්දම අසිරිමත් පාසලක් තුළදී දැරියක ලද සිත් පොලඹවන අත්දැකීම් මගින් මෙහි විවරණය කෙරේ.
චීන පවුරින් එතෙරට
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
චීන පවුරින් එතෙරට (තමන් නිතර කලා මාධ්‍යයෙන් ඉදිරියට යෑමට කවර කැප වීමට වුව එකහෙළා සූදානම් බැලේ නර්තන ශිල්පියෙකුගේ කතා පුවත ) අන්ත දරිද්‍රතාවයේ පත්ලේ සිට බැලේ නර්තන හැකියාව තුළින් සාර්ථකත්වයේ හිනිපෙත්තට. මේ මහා රාජ්‍යයක් තුළ කිසිවෙකුගේ හෝ අවධානයෙන් තොරව අමතකව යන්නට නැතිනම් ප්රචාරකවාදී භාවිතාවක් තුළ ස්වකීය දක්ෂතා වළලා දමන්නට නියමිතව තිබූ ගම්බද , දිළිඳු දරුවකුගේ අසාමාන්‍ය කතා පුවතයි . තමන්...
කොන් කළ දෝනි
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
Konkala doni Shame පරිවර්තනය : කුමාර සිරිවර්ධන – Kumara siriwardena ප්රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ – Keheli publishers
පිළිකා වාට්ටුව
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
Cancer word අනුවර්තනය : අනුල ද සිල්වා ප්රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ
උමතු බිමෙන් පලායාම
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
රිකී අවදි වුණේ කාගෙදෝ සීතල, පුංචි අත් දෙකක් එයාගෙ මූණෙන් අල්ලලා හොලවනවා දැනිලා. අර පුංචි ගෑනු ළමයා රිකීගෙ ඇද ලග හිටගෙන, රිකීව ඇහැරවන්න උත්සාහ කරමින් හිටියා. එයාගෙ පෙනුම කලින් වගේමයි. සුදුමැලි, දුර්වල පාටයි. ඒත් මේ වතාවෙ එයාට ඇස් දෙකකුත්, නහයකුත් කටකුත් තියෙනවා. රිකී පුදුමෙන් කෑ ගහන්න හදනකොටම, ඒ ගෑනු ළමයා රිකීට නිශ්ශබ්ද වෙන්න කියලා සංඥා කළා. එයා අස්වාභාවික වේගයකින්...
ඓතිහාසික ඌව සහ වෙල්ලස්ස කැරැල්ල
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
අතීතයේ ඌව වෙල්ලස්සේ උරුමයන් හා විමුක්ති අරගලය ගැන බොහෝ තොරතුරු වර්තමාන යුගය කරා ගෙන එන කෘතියකි.විශේෂයෙන් ඉතිහාසගත සිදුවීම් රචනා කිරීමේ දී අන්තගාමී නොවී මධ්‍යස්ථව කරුණූ කාරණා ඉදිරිපත් කර ඇත .
පුරාණ ශ්‍රි ලංකාවේ සුසාන චාරිත්‍ර
Original price was: Rs. 650.Rs. 520Current price is: Rs. 520.
ආචාර්ය මංගල කටුගම්පොළ 2015 වර්ෂයේ චිනයේ සීචූආන් විශ්වවිද්‍යාලයෙන් භූගෝලීය තොරතුරු පද්ධතිය හා ජනාවාස පුරාවිද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය .ඔහු සිය අධ්‍යයන කටයුතු වල දී භූගෝලීය තොරතුරු පද්ධති හා පුරාවිද්‍යාව ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාව හා පුරාවිද්‍යාවේ අංශ කෙරෙහි අවධානය යොමු කර තිබේ වර්තමානය වන විට ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ලෙස කටයුතු කරනු ලබයි
බුද්ධ
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
බෞද්ධකම් , සෝබන බෞද්ධකම්. විකිණෙන බෞද්ධකම් වෙනුවට... "සෑම බෞද්ධයෙක්ම නිවැරදි මිනිසෙකු වීම සඳහා කියවිය යුතුම පොතක්." බුද්ධ (THE BUDDHA) කතෘ : ට්‍රෙවෝ ලිං (Trevor Ling) පරිවර්තක : නයෝමා ද සිල්වා 'නිර්වාණය ළඟා කර ගැනීමට මෙපිටින් මෙලොවදී අත් කරගත හැකි නිර්වාණයේ යථාරූපි ස්වභාවය ලෙසට මානවවාදී ක්‍රමයකින් යුතු විශ්වාසයන් සහ වටිනාකම් විස්තර කිරීමට පෙලඹවූ හේතු කාරණා ද ඇත. ථේරවාදී බෞද්ධ දැක්මට අනුව...
ඉතිබිසෝ ජාතකය හා ඉතිබිසෝ ජාතක කාව්‍ය
Original price was: Rs. 980.Rs. 833Current price is: Rs. 833.
ඉතිපිසෝ ජාතක කාව්‍ය ක්‍රිස්තු වර්ෂ එක්දහස් හත්සිය එකොළහේ දී අල්ගම පතිරාජ කිවිඳුන් විසින් රචනා කරන ලද්දකි .ඉතිබිසෝ ජාතක ගද්‍ය ඊට ද වඩා පැරණි යුගයකට අයත් බව සැලකිය හැක .මෙම ජාතක කතාවේ ඇති විශේෂත්වය වන්නේ එය ජාතක පොතෙහි අන්තර්ගත නොවන කතාවක් වීමත් බෝසතුන්ගේ ස්ත්‍රී ආත්ම භවයක් නිරූපණය කරමින් මෙරට දැකිය හැකි එකම කතාපුවත වීමත්ය .සෙංකඩගල යුගයේ සාහිත්‍ය හා ස්ත්‍රීවාදී සාහිත්‍ය පිළිබඳ...
