Best Seller

සිල්කාගේ දිවිසැරිය

Availability: Out of stock

Original price was: Rs. 950.Current price is: Rs. 760.

ඇයගේ දිවි රැක දුන්නේ තම රූමත් බවයි ඇයව අවමානයට ලක් කළේ ද තම රූමත් බවයි
1942 වසරේ දී අවුෂ්විට්ස් – බර්කෙනූ වධකඳවුරුට රැගෙන යන විට සිල්කා යන්තම් සොළොස් හැවිරිදි වියේ පසු වූවා පමණි. ඇයගේ කිතුල් රෑනක් බඳු දිගැති මනරම් කේශ කලාපය දැක ඊට වහ වැටුණු බර්කෙනූ කදවුර භාර ආඥාධිපති ශොවාර්සු’බර් විසින් ඇයව සෙසු සිරකාරියන්ගෙන් බලහත්කාරයෙන් වෙන් කරගනු ලැබිණ.
තමන්ගේ මනාපය තොරව වුවද තමන්ට ලබා දෙනු ලබන බලය දිවි ගලවා ගැනීමට සමත් වන බැව් වැඩි දිනක් ගත වීමට මත්තෙන් සිල්කා අවබෝධ කර ගත්තාය .
කඳවුරු මුදා ගැනීමෙන් අනතුරුව සතුරාට පාක්ෂික වූවාය යන චෝදනාවට සිල්කාව වරදකාරියක කරනු ලැබූ රුසියානුවන් විසින් ඇයව ආක්ටික් ව්ර්තය ඇතුළත පිහිටි වොකුටා නමින් හැඳින්වූ සයිබීරියාවේ අතිශයින්ම කුරිරු හුදකලා කන්දකට යනු ලැබිණ.
නිර්දෝශි සහ අවිහිංසක වුවද නැවත වතාවක් සිරගත කරනු ලැබූ සිල්කා, නවමු සහ තමන්ට හුරුපුරුදු අති භයංකාර අභියෝගයන්ට මුහුණ දුන්නේ දිනපතාම දිවි රැක ගැනුම පිණිස නොනිමි අරගලයක නිරත වෙමිනි .
ආධ්යාත්මයකින් තොර භෞතික ශරීරයක් පමණක් දරමින් දිවි ගෙවූ සිල්කාට මේ සියලු කරදර හිරිහැර හා දුක්ඛ දෝමනස්සයන් පසෙක තිබියදී පිවිතුරු ප්රේමයක් වෙනුවෙන් තම හද ගැබෙහි අවකාශයක් තිබෙන බැව් අවසානයේ හැඟී ගියේ ඒ තද දුඹුරු පැහැති දෑස දුටු නිමේෂයේ දී ය ..

Out of stock

Compare

Cilka’s Journey – Heather Morris

පරිවර්තනය : චන්දන ගුණසේකර – Chandana Gunasekara

ප්‍රකාශනය : සුභාවි ප්‍රකාශනය – Subavi publishers

 

Weight .450 kg
Loading...