Cart

Best Seller

ලංකා ජනතාව

Availability: In stock

Rs. 807

ලාංකික ජනතාවගේ භාෂාව, මානව විද්‍යාව, පුරාවිද්‍යාව හා ලලිත කලා පිළිබඳ ප්‍රවීණත්වයෙන් යුක්තව කරුණු ඉදිරිපත් කිරීමෙහිලා සමර්ථ උගතෙකි, මෙම ග්‍රන්ථයන්හි කතුවරයා වන ආචාර්ය නන්දදේව විජේසේකර. විවිධත්වයෙන් පරිපූර්ණ වූ අධ්‍යයනයක් ලැබීමේ විශේෂත්වයන් යුතු මෙතුමා, ලෝකයේ ඇති උසස්තම විශ්වවිද්‍යාල 5 කට නොඅඩු ගණනක අධ්‍යයනය ලැබීමේ විශිෂ්ට භාග්‍ය ද ලද්දෙක් වෙයි.

ප්‍රාචීන භාෂාව පිළිබඳ ලන්ඩන් විශ්ව විශ්වවිද්‍යාලයේ උපාධියක් ලද මෙතුමා ඒ පිළිබඳ ලංකා විශ්වවිද්‍යාලය ශිෂ්‍යත්වයක් ද දිනා ගත්තේය. අනතුරුව මානව විද්‍යාව හා පුරාවිද්‍යාව පිළිබඳ කොටස් තුනකින් සමන්විත විභාගයෙන් සමත්ව ලන්ඩන්  විශ්වවිද්‍යාලයට සහ වියානා විශ්වවිද්‍යාලයට ඇතුළත් වී තත් විෂයයන් පිළිබඳ තවදුරටත් පරීක්ෂණයන්හි යෙදුණේය. සිංහල සිතුවම් සහ ලලිත කලා පිළිබඳ ව ලැබිය හැකි උසස්ම සම්මානය වන ආචාර්ය උපාධිය ද කල්කටා  විශ්වවිද්‍යාලයෙන් දිනාගත්තේය. මෙතුමාගේ කුසලතාවයන් සහ අදාල වැඩ කටයුතු වෙනුවෙන් මහාචාර්ය බරුවා, මහාචාර්ය එන්. රායි, ආචාර්ය ආනන්ද කුමාරස්වාමි, මහාචාර්ය කොඩ්රින්ටන් සහ මහාචාර්ය පර්සි බ්‍රවුන්ගේ ප්‍රශංසාවට පාත්‍ර විය .

‘ලංකා ජනතාව’, ‘පැරණි සිංහල ප්‍රතිමා ශිල්පය’, ‘ශ්‍රී ලංකාවේ උරුමය’ යන කෘතීන් මෙතුමා විසින් රචිත  අතිශය අගනා කෘතීන් වේ.

Quantity :
Compare

lanka janathawa

කතෘ නන්දදේව විජේසේකර

Weight .350 kg
Loading...