Best Seller

නිදහසේ නගරය

Availability: Out of stock

Original price was: Rs. 400.Current price is: Rs. 320.

Nidahase nagaraya

පරිවර්තනය : ගුණතිලක මැටියනගේ – Gunathilake matiyanage

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ

Out of stock

Compare

Nidahase nagaraya

පරිවර්තනය : ගුණතිලක මැටියනගේ – Gunathilake matiyanage

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ

ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස එංගලන්තයෙන් නියත විවරණ ලබන කාවා මහතා පෙරළා සියොරා ලියොනය බලා පැමිණෙන්නේ දහසකුත් එකක් පැතුම් අතින් කටින් එල්ලා ගෙනය. එහෙත් වැඩි දොහක් නොගොසින්, සාම්ප‍්‍රදායික අප‍්‍රිකානු සමාජයේත් තමා එංගලන්තයේ අතැර දමා පැමිණි ලෝකයේත් මනස්ගාත කොත්තු රොටියක් බවට පත් ප‍්‍රීටවුන් පුරවරය ලොමු ඩැහැගන්වනසුලූ අයුරින් තමා හුදෙකලා කොට දමන්නට තනන අයුරු ඔහුට දැනෙන්නට ගනී. ප‍්‍රීටවුම ද බෞතීස්මය ලබන්නට සැරසෙන්නේ විස්කි සහ සෝඩා, ලැම්බෝගිනි කාර්, බංගසාල මන්දිර හා ක්‍රෙඩිට් ගිනුම් ආදියෙන් සන්නද්ධ වෙමිනි.

කාවාගේ මෑණියන් ද ඔහුගේ සහමිතුරන් ද ඔහු කෙරෙන් බලාපොරොත්තු වන්නේ ග‍්‍රාමීය සමාජය තුළ ඔහුට හිමි ‘නිසි තැන’ කරා ඔහු ඔසවා තබන්නටය. පෙළවහකින් පසුව එකලාසයක් වී ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ කාම සුඛල්ලිකානුයෝගී ධනියගෝපාලයෙකු දකින්නටය.

තම ඇස් ඉදිරිපිට බලාත්කාරී කන්‍යා දුෂණයකට ලක්වන ලෝරා නම් සුරූපිනිය පසුපස දිවයන අසාර්ථක පේ‍්‍රමයකින් පසු, දෙවන වරට ලාරා පටලැවෙන්නේ වැඩිමහලූ පුරුෂයෙකු වෙතින් තම කම් පවස සංසිඳුවාගත නොහෙන ක්ලාරා නම් ලාබාල කාමිනියක් සමඟිනි. ඇය ද ඒ අතරේ නාසා පිළිකාවකින් මියැදෙමින් සිටින ෆේ‍්‍රඞී නම් කොලූ ගැටයා තම යහන් සගයා බවට පත්කැරගෙන සිටින්නීය.

අවසන කාවාගේ නිස්සරණ සෙනසුන වන්නේ බෝ නම් වන කඳුකර ග‍්‍රාමීය ගිලන් උවටැන් පොලයි.

Weight .299 kg
Loading...