may december romance
kolapata as
ආරතී දේවි මොහන්දාස්
උපුල් ශාන්ත සන්නස්ගල
ප්‍රකාශනය : Grantha(pvt)Ltd
400 pages
ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද my December Romance නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පීය ආචාර්යවරයෙකු සහ තරුණ විශ්වවිද්‍යාල සිසුවියක අතර ඇතිවන සම්බන්ධතාවක් වස්තු කොට ගෙන ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්‍රබන්ධයක අලුත් ආකෘතික සහ සංදර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයකු සහ ලේඛිකාවක වන උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණය එක මත එක ගැටෙන සලස්වමින් චිත්තාභයන්තර ගැටුම විවරණය කරන පර්යේෂණාත්මක කෘතියකි. භාෂාව උත්කෘෂ්ට රමණීය හැඟීම් දනවන මෙවලමක් සේ භාවිතා කරන මේ නවකතාවෙන් ප්‍රධාන චරිතයන් ගේ ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය හා රාගය අනුරතිය, සරාගී ආවේශයන් සහ ලාලසාවන් විවෘතව හෙළිදරව් කෙරේ. ආගමික දේශපාලන සමාජ විද්‍යාත්මක හා මනෝ විශ්ලේෂණීය කියවීම් තුළද විවිධ මානයන් හරහා විමසීමෙන් මනුෂ්‍ය ජීවිතයේ සැඟවුණු මනෝභාවයන් හාරා පාදා ගතහැකි ප්‍රේමණීය වියමනකි.
may december romance
kolapata as
ආරතී දේවි මොහන්දාස්
උපුල් ශාන්ත සන්නස්ගල
ප්‍රකාශනය : Grantha(pvt)Ltd
400 pages
Weight | .408 kg |
---|