the kamoÜwa food detectives
පරිවර්තනය : රශ්මික මණ්ඩාවල
PAGES 184
ඔයා දන්නවාද කමොගවා ගඟ දිගේ තියෙන නකරාගී පාත් එක. මට අහන්න ලැබුණා ඒ පාරේ තියෙන වැලපෙන සකුරා මල් හරිම ලස්සනයි කියලා. අපිට කිතා-ඔජි වලට යන්න උමං දුම්රිය ගන්න පුළුවන්.“
“අම්මට තනිවෙලා වගේ දැනෙන එකක් නැද්ද?“ පූජාසනය දෙස බලමින් කොයිෂි කීවාය.
“අපි තුන්දෙනෙකුට ඇතිවෙන්න කෑම තියෙනවා. එයාගෙ පින්තූරයකුත් අරගෙන යමු,“ කුස්සියට යමින් නාගරේ කීවේය.
“අපි ගෙනියන්න ඕන තව දෙයක් තියෙනවා,“ සාලයට දුවගොස් ලාච්චුවක් අරිමින් කොයිෂි කීවාය.
“ඒ මොකක්ද?“ නාගරේ ඇගේ උරහිසට ඉහළින් එබී බැළුවේය.
“මේක,“ ඇය කීවේ ලා රෝස පැහැ කාන්තා සාටකයක් ඇගේ පපුවට තදකරගෙනය. “එයා මේක නිතරම ඇන්දා. මේක ඩයි කරලා තියෙන්නේ සකුරා මල්වලින්. මතකද?“
“ඔව් මට මතකයි. අපි සින්සුවල නිවාඩුවට ගිය වේලේ තමයි මම එයාට ඕක අරගෙන දුන්නෙ. ඒත් අපි ඒක කෝච්චියේ දාලා ඇවිත් තිබුණා. කුකිකෝ කඳුළු පුරෝගෙන ඇඬුවා. අපි ඒක ආපහු හොයාගත්තා. ඒක ලැබුණ සතුටට එයා ආයෙත් අඩන්න ගත්තා…“ නාගරේගේ දෑස් දිලිසෙන්නට ගත්තේය.
“ඔයා දන්නවද තාත්තේ?“ සාටකය තද කරන් ඉන්නා අතරේ ඇගේ කම්මුල් දිගේ කඳුළු වැල් ගලා ගියේය. “මම හිතන්නේ එක අම්මා කෙනෙක් මට හුඟාක් වගේ“
“නාගරේ සිනාසුණේය. “ඔයා දවසින් දවස එයා වගේම වෙනවා.“
the kamoÜwa food detectives
පරිවර්තනය : රශ්මික මණ්ඩාවල
PAGES 184
Weight | .150 kg |
---|