Adolf Hitler
මොහාන් ශ්‍රයන්ත ආරියවංශ
වසානයේදී ජර්මානු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් හිසට වෙඩි තබාගෙන සියදිවි නසා ගත්තේය. බටහිර ජනමාධ්‍ය ඒ මරණයටත් ඊට සාපේක්ෂව මිත්‍ර පාර්ශවයේ යුද ජයග්‍රහණයටත් උත්සවාකාරයෙන් වාර්තා කළේය.ඒ වාර්තා නිසාම මිනිසුන්ට යුද්ධය එපාවිය. ඒ අතර එම සමාජ දේශපාලන කලිකලහයට හුරු අයද වූහ.සියදිවි නසා ගැනීමට පෙර ඇඩොල්ෆ් හිට්ලර් ආර්යයන්ගේ ප්‍රතිරූපයෙන් ඔසවා තැබූ මහා ජර්මානු වාදයේ පුරාවෘත්තය සහ දේශපාලනය සම්බන්ධයෙන් සියලු බලාපොරොත්තු අත්හැර තිබුණු බව අවසානය දක්වාම ඔහුගේ සේවය අත් නොහැර ගිය කාර්‍යාලලීය ලේකම්වරියක් සඳහන් කරයි.කෙසේ වුවද ඒ තත්ත්වය ගොඩනැගෙන්නේ සිය සේනාධිනායකයන්ගේ පසුගාමී හැසිරීම් සහ පාවාදීම් හමුවේ යන්න හිට්ලර්ගේම පිළිගැනීම විය. ඉරණම විසින් තමාගේ ගමන තීන්දු කොට ඇතැයි ජර්මානු ආඥාදායකයා සිය ලියලේකම්වරිය හමුවේ ප්‍රකාශ කොට තිබේ.