අවුෂ්විට්ෂ් හි සොයුරියෝ
Availability:
In stock
Rs. 1,900 Original price was: Rs. 1,900.Rs. 1,615Current price is: Rs. 1,615.
ලීන් හා ජානී දෙවන ලෝක යුද සමයේ දැඩි නාසී පාලනයට එරෙහිව රහසිගත විරෝධතා මෙහෙයවූ නෙදර්ලන්තයේ නිර්භීත යුදෙව් සොයුරියන් දෙදෙනෙකි.
දෙවන ලෝක යුද සමයේදී ජර්මන් නාසී හමුදාව විසින් පවත්වාගෙන ගිය අවුෂ්විට්ෂ් වදකාගාර කඳවුරු පිළිබඳව ලොව කොතෙකුත් ග්‍රන්ථ බිහිවී තිබේ. ඔබ දැනටමත් එයින් බොහොමයක් කියවා තිබේ. නමුත් මෙම ‘අවුෂ්විට්ෂ් හි සොයුරියෝ’ ග්‍රන්ථය ඒ සියල්ලටම වඩා වෙනස්වූ බවක් බටහිර සාහිත්‍ය විචාරකයන්ගේ මතය ය.
නාසී පාලනයට එරෙහිව සටන් කළ දේශප්‍රේමීහූ බොහොමයක් දෙවන ලෝක යුද සමයේ යුරෝපය පුරා රහසිගත සැඟවෙමින් තම විරෝධතා දැක්වූහ. නමුත් එම විරෝධතාවෙහි ක්‍රියාකාරී ගැහැනුන් සිටියේ අතළොස්සකි. මෙම ග්‍රන්ථයෙහි කතා නායිකාවන් වන ජානී හා ලීන් එම නාසී විරෝධතා ක්‍රියාකාරිනියන් අතර කැපී පෙනෙන්නියන් බවට පත්වන්නේ ඔවුන් අවුෂ්විට්ෂ් කඳවුරේ ගෑස් කුටියකට හසුනොවී තම ජීවිතද බේරාගැනීමට සමත්වීමෙනි. මෙම ‘අවුෂ්විට්ෂ් හි සොයුරියෝ’ ග්‍රන්ථය Opsij Prize–2019 සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේ එහෙයිනි. එමෙන්ම මෙම ග්‍රන්ථය අවුෂ්විට්ෂ් වදකාගාර කඳවුරුවල කෲර අමානුෂිකබව පිළිබඳව ඔබ තුළ කදිම චිත්තරූපයක් ඔබ තුළ මවන්නකි.
Compare