Wijesooriya Grantha Kendraya
දෙමාපියන් නොදකින ඉසව්ව
Original price was: Rs. 1,600.Rs. 1,280Current price is: Rs. 1,280.
මාපියන්ගේ එකම අරමුණ තම දරුවන් සමාජයේ යහපත් පුරවැසියන් වනු දැකීම ය. නමුත් එසේ නොවන අවස්ථා බොහෝ ය. එය කාගේ වරදින් සිදු වන්නක් ද? නමුත් දරුවන් දකින්නේ තම බියපත් වීම, කෝප වීම, පසුගාමී වීම, අසමත් වීම, වෛර කීරීම, විවාහ වීම හා සෙසු සබඳතා බිඳ වැටීම, ජයග්‍රහණ අහිමි වීම වැනි දහසක් සෘණාත්මක දේ ඔවුන්ගේ වරදකින් සිදු වන්නක් ලෙසිනි. එයින් බොහොමයක් මාපියන් වෙතින්...
මමියේ විනිශ්චය
Original price was: Rs. 1,750.Rs. 1,400Current price is: Rs. 1,400.
1821, ලන්ඩන් නුවර ඊජිප්තු කෞතුකාගාරය. ඊජිප්තුවේ සිට පැමිණි ජියෝවානි බැටිස්ටා බෙල්සෝනිගේ ඊජීප්තු පුරාවස්තු ප්‍රදර්ශනය ආරම්භ වන්නේ, ඔහු විසින් රැගෙන එනු ලැබූ අසමසම මමියක වෙළුම් ඉවත් කිරීමෙනි. ඉතා සුරක්ෂිතව සකස් කරන ලද මමිය තුළින් නරඹන්නන් භීතියෙන් මුසපත් කරවන මිනිස් සිරුරක් මතු වේ. එහෙත්, පසු දින රාත්‍රියේ මමිය අතුරුදහන් වන අතර ප්‍රදර්ශනයට එක් වූ තිදෙනෙකු ඝාතනයට ලක් වේ. ලන්ඩනයේ විශිෂ්ටතම රහස් පරික්ෂකයා...
රැජිණ මගේ පසමිතුරි
Original price was: Rs. 1,800.Rs. 1,440Current price is: Rs. 1,440.
එලිසබෙත් රැජිණගේ එංගලන්තයේ කාරණා දෙකක් සපුරා තහනම්ය. 1. රැජිණට වඩා රූමත් වීම තහනම්ය. 2. රැජිණ ආශා කරන පුරුෂයෙකුට සුරූපී ලෙටිස් ක්නොලිස් මේ දෙකම සිදු කරන්නට තරම් එඩිතර වූවාය. මේ ගැහැණුන් දෙදෙනා අතර ගොඩනැගෙන වියරු වෛරයත්, දැවෙන ඊර්ෂ්‍යාවත් කෙළවර වන්නේ දෙදෙනාගෙන් එක් අයෙකුගේ මරණයෙන් පමණකි. හිරු නොබසින අධිරාජ්‍යයේ අසාමාන්‍ය තුන්කොන් ප්‍රේමයක සත්‍ය කතාව "රැජිණ මගේ පසමිතුරි"
අසාමාන්‍ය සිතක හැඩරුව
Original price was: Rs. 1,850.Rs. 1,480Current price is: Rs. 1,480.
ලොව සාර්ථකත්වයට පත්වූවන් ගෙවන අසාමාන්‍ය ජීවිතය ඔබත් හිමිකර ගැනීමට නම් ඔබ විසින් ජීවිතයට නව නිර්වචනයක් ලබාදිය යුත්තේ එය අනුන්ගේ පාලනයෙන් තොර තමාගේම කොන්දේසි මත ගෙවන්නක් බවට පත්කර ගැනීමෙනි. එවැනි ‘අසාමාන්‍ය ජීවිතයක්’ ප්‍රාර්ථනා කරන ඔබේ අවධානය වඩාත් යොමුවිය යුත්තේ විෂේන් ලකියානීගේ මෙම The Code of the Extraordinary Mind ග්‍රන්ථය වෙතය. නිකුත් වූ සැනින්ම ලොවපුරා අතිශය ජනප්‍රියත්වයක් මෙම ග්‍රන්ථය හිමිකර ගත්තේ ලොවෙහි...
දෙහදක සටන
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
කැරොලයින් ෆෙයි එම ඍතු ලන්ඩන් සැණකෙළියේ වඩාත් ආකර්ෂණයෙන් යුතු තරුණිය වූවාය. මාකි වුල්කන් සහ ආර්යාවගේ දහහත් හැවිරිදි දියණිය වූ ඇය කුප්‍රකට සර් මොන්ටේගු රෙවස්බි විසින් ලන්ඩන් සිට සෙවන් ඕක්ස් වෙත අස්රිය ධාවනයකට පොළඹවා ගන්නේ උපක්‍රමශීලීවය. ඔහු අතරමඟ ගම්බද නවාතැන්පොළක් අසල රිය නවත්වන්නේ ඇක්සලයේ කැඩී යාමක් ගැන කියමිනි. මෙය නවාතැන්පොළේ ඇය සමඟ රාත්‍රිය නවාතැන් ගැනීම සඳහා සර් මොන්ටේගු විසින් කළ කූට...
නොහදුනන ලින්කන්
Original price was: Rs. 1,650.Rs. 1,320Current price is: Rs. 1,320.
"මා ඉලිනොයිස්වලට පැමිණියේ දිළිඳු, ආගන්තුක, මිතුරන් රහිත නූගත් කොලුවෙකු ලෙසය. මසකට ඩොලර් 8ක වැටුපකට ඔරුපාරු වල වැඩ කළෙමි. මුව සමකින් සැදුනු කලිසම මගේ දණහිස් වලට පහලින් සිර වූවකි. මුව සම තෙත් වූ පසු එය හිරු එළියෙන් වියළී හැකිලෙයි. මගේ කලිසමේ මේ අන්දමට හැකිලී කෙතෙක් කෙටි වූවාද යත් මගේ මේස් කලිසම් වාටිය අතර හිදැසක් නිර්මාණයක් විය. මා උසින් වැඩෙත්ම තෙත් වන...
ගැටී
Original price was: Rs. 860.Rs. 688Current price is: Rs. 688.
ක්‍රිස්තු වර්ෂ 1203 දී නම දෙනෙකුගෙන් සමන්විත බ්‍රිතාන්‍ය ජාතික පිරිසක් ක්‍රිස්තියානි බැතිමතුන්ගේ ප්‍රධාන පූජනීය වන ජෙරුසෙලම වන්දනා කිරීමට පිටත්ව යති. හදිසි අනතුරු, සතුරු උපද්‍රව අනපේක්ෂිත සිදුවීම් මැද මධ්‍යතන යුගයේ යුරෝපය සහ මැදපෙරදිග හරහා පාගමනින් අසුපිටින්, මුහුදින් සිදු කෙරෙන මේ දීර්ඝ ගමන සම්පූර්ණ කිරීම ඊට සහභාගී වූවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වේ.මුලු දිවයින පුරාම ඉඩම් හිමි රදළයින්ට බැලමෙහෙවරකම් කරමින් කුසගින්න හා...
නිවුන්නු
Original price was: Rs. 580.Rs. 464Current price is: Rs. 464.
ඒ දෙන්නා නිවුන්නු... කරදරකාර නිවුන්නු... හැමෝටම ඒ දෙන්නව එපා වෙලා ඒ දෙන්නටත් හැමෝමව එපා වෙලා.. මේ කරදර කාල වැඩිහිටියන්ගෙන් බේරිලා පැනලා යන්නයි ඒ දෙන්න හිතාගෙන ඉන්නේ හැම දෙයක්ම මායාවක් තරමට ලස්සන තැනකට එහෙම තැනක් ? ඔව් එහෙම තැනක් තිබුනා. ආදරේ පිරිච්ච තැනක් ඒ නිසා හැමදේම මායාවක් වගේම ලස්සන තැනක් . මේක වැඩිහිටියන්ටයි පොඩිහිටියන්ට ලස්සන කතාවක්
අපි කුමකට ගැටෙමුද?
Original price was: Rs. 780.Rs. 624Current price is: Rs. 624.
පිරිමිද ගැහැණුද වෙනස් ස්වභාවයන් නැත්තෝ වෙති.එය ඔවුන්ගේ කායික මානසික හා අන් සියලූ අංශ වලද දක්නට ලැබේ.ඒ වෙනස්කම් ඇතිකළ අපේ ජාන එසේම පවතිද්දී, සමාජ වෙනස්කම් සිදුවීම ඉදිරියට යයි නම් ප්‍රතිඵලය වෙන්නේ මොනවාද? මේ නිසා සිදු වූ අධික වැඩ, කායික, මානසික පීඩනය හා කාලය මදි වීම නිසා අපගේ ජීවිත පවත්වා ගන්නේ චිත්තවේගික වූ හා පාලනයෙන් තොර වූ ස්වභාවයෙන් ඉතා අපහසුවෙනි.එහි ප්‍රතිඵල වන්නේ...
ධනවත් පියා, දිළිඳු පියා
Original price was: Rs. 920.Rs. 736Current price is: Rs. 736.
පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන්නේ විෂය දැනුම පමණක් වීමෙන් සියලු දෙන වැඩිහිටියන් වූ විට දී මූල්‍ය පරිහරණය පිළිබඳ ගැටලුවලට මුහුණ දෙන බව මෙහි පැහැදිලි කෙරේ ,මේය මුදල් ගැන අපව අලුත් විදියට හිතන්න පුරුදු කරන ග්‍රන්ථයක් වන අතර මෙම ග්‍රන්ථය බොහෝ අවධානයෙන් කියවිය යුත්තකි මන්ද මෙහි සෑම වදනක්ම ඔබට වැදගත් දැනුමක් හා අවබෝධයක් ලැබේ.
වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
White Fang පරිවර්තනය : ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
තාරා
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
ඒ පිරිමි ළමයා මැරුණේ කුර්දිසථාන පොළවේ දූවිල්ල සිපගෙන.එදා ඉදන් තාරාගේ ජීවිතය වෙනස් වුණා.එදා ඉදන් තාරා ගේ ජීවිත කතාව තමයි මේ. උපන් පොළොවට අහිමි වෙලා එහෙම්පිටින්ම සරණාගත වුණු නිර්භීත ජාතියක කතාව තමයි මේ.
පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි?
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
මේ පොත ඔබට විරුද්ධ ලිංගිකයන් හා බැඳීම් ඇති කර ගැනීමට හා පවත්වා ගැනීමට පමණක් නොව ,එය ඔබ ගැනම අවබෝධ කර ගැනීමටත් උදව් වෙයි. එමගින් ඔබ දෙදෙනාටම වඩාත් ප්‍රීති දායක සුවදායක හා සැනසිලිදායක ජීවිතයක් ගත කිරීමටත් සහාය වේ.
ගැහැණුන්ට වඩා පිරිමින් වෙනස්
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
කෙතරම් දිගු කලක් ඇසුරු කළ සිත් හඳුනාගත්තද කෙතරම් දිගු කලක් බොහෝ ආදරෙන් හිද විවාහ වුවද අඹුසැමියන් අතරේ පවතින යම් යම් නුරුස්නා බව හා මත ගැටුම් සියවස් ගණනක් පුරාම පැවතුණකි. එසේ වන්නේ ගැහැණු හා පිරිමි අතර වූ පැහැදිලි වෙනස් බව හේතුවෙනි ගැහැණු හා පිරිමි එකිනෙකට වෙනස් වේ යන්න වටහා ගතහොත් ගැටුමෙන් හා සිත් රිදවීමෙන් තොර සබඳතාවක් පවත්වා ගැනීමේ හැකියාව ලැබේ. සබඳතා...
රිදී නුලේ මායාව
Original price was: Rs. 490.Rs. 392Current price is: Rs. 392.
අඟහරුවාදා දිනයක උපන් නිසා tuesday නම ලැබූ දැරියක් සිටියාය. ඇගේ මව ළමා පොත් ලියන ලේඛිකාවකි. දිනක් හදිසියේ තම මව අතුරුදහන්ව ඇතැයි දැනගන්න tuesday ඈ සෙවීමට වෑයම් කරයි එහිදී හමුවන විශ්මිත විශ්මිත රිදී නූලක් මඟින් ඇය අපූරු ලෝකයකට පිවිස එහි දී ඈ ලබන ත්‍රාසජනක අත්දැකීම් රැසක් මෙම පොතට පසුබිම් වී තිබේ.
පටලැවිල්ල
Original price was: Rs. 680.Rs. 544Current price is: Rs. 544.
නින්දට යාමට පෙරාතුව ඈ ජනේලය අසල ටික වේලාවක් වාඩිවී සිටියාය. දියේ ගිලුණු ජෝන්ගේ උස්ව පිහිටි තණ බිමේ ලපටි ස්පෲස් ගස් දෙකක් අතර රතුම රතු පාට ඉරක් ගිලෙමින් තිබුණි.එය නොපෙනී ගිය පසුව හිම මතින් මහ පොළොවේ දක්නට නොලැබෙන නිල්වන් ගොගොම්මන් එළියක් විහිදුණි .අඳුරු දුක්මුසු වරාය මතින් වළාකුලු මුහුණක් මතින් සද නැගුණි.
හිතුවක්කාරී
Original price was: Rs. 650.Rs. 520Current price is: Rs. 520.
ට්‍රෝජන් නුවර හෙලන් මගේ රන් පාට කොණ්ඩය තියෙන රිබ්න් වගේ නම් ඈ සටන් කළ දිනා ගන්න තරම් වටිනා කෙනෙක් බව මට අවබෝධ වුණා.ඇගේ ඇස් දෙක...! ඒ නිල් ඇස් තරම් බලන්න ලස්සන වටිනා දෙයක් තවත් නැති බව මට දැනුනා.ඇගේ ඇස් පිය සැලීමෙන් මට කරපු දේ ඔබට හිතාගන්න බැරි වෙයි. "ඈ ඔබත් එක්ක ආදරෙන් බැඳුණද තාත්තා?" "ඒ වගේ යමක් වුණා" "ඔව් ඇය...
අපූරු මිනිසෙක්
Original price was: Rs. 960.Rs. 768Current price is: Rs. 768.
කිසිවෙකුට මරණය අවශ්‍ය නැත දිව්‍ය ලෝකයට යෑමට අවශ්‍ය මිනිසුන්ට පවා එහි යෑමට මරණය අවශ්‍ය නැත. එහෙත් අප සියලු දෙනාගේම ගමනාන්තය මරණයයි. කිසිවෙකුට ඉන් ගැලවිය නොහැක. එසේ වී ඇත්තේ මරණය ජීවිතයේ හොඳම නිර්මාණය වීම නිසාය. ජීවිතයේ වෙනස්කම් කිරීමේ නියෝජිතයා වීම නිසාය. අලුත් දේට ඉඩ සැලසීමට පැරණි දේ ඉවත් කරයි. අලුත් දේ ඔබයි එහෙත් වැඩි ඈතක නොවන කිසියම් දිනක ඔබත් ක්‍රමයෙන් වියපත්ව...
රාග ගිනි
Original price was: Rs. 2,100.Rs. 1,680Current price is: Rs. 1,680.
සරසවියේ දී මුණගැසුනු හොඳම මිතුරන් වූ අප, යළිත් එකට එකතු වූයේ වසර විස්සකට පසුව ය.මේ වන විට අපට වෙර වීරියෙන් සාර්ථක කරගත් අපේම ජීවිත ද, අපේම කියා දරුවන් ද, පැහැදිලි අනාගතයක් ද විය. එහෙත් එදා රෑ... අපේ මිතුරු සාදය පැවති දා රෑ.. ඉරුණු ඇඳුමින්ද අවුල් හිසකෙසින් ද යුතුව මගේ හොඳම මිතුරිය මා වෙතට ආවාය.ඇය ආවේ අපේ ජීවිත සහමුලින්ම විනාශ කර...
සොලමන් රජුගේ දෙවොල
Original price was: Rs. 2,180.Rs. 1,744Current price is: Rs. 1,744.
ඊශ්‍රායලයේ ඩේවිඩ් රජුගේ පුත් සොලමන් කුමරු තම පියාගෙන් පසු රජකමට උරුමකම් කියයි.ඒ යුගයේ යාවේහ් ගිවිසුම් කරඬුව තැනින් තැන ගෙන යමින් පුද පූජා පවත්වන්නට යෙදිනි.සොලමන් රජුගේ සිතිය රට පුරා මෙන්ම ලොවපුරාද සාමයේ ඇති කිරීමේ අදිටනින් මේ ගිවිසුම් කරඬුව තැන්පත් කිරීමට අත්‍යලංකාර දෙවොලක් තැනීමේ ආශාවක් මතුවී එයි.එහෙත් ගිවිසුම් කරඬුව තැනින් තැන ගෙන යමින් පූජා පැවැත්විය යුතු යැයි කියන පූජකවරු එම අදහසට එරෙහි...
මගේ පවුලයි අනික් සත්තුයි
Original price was: Rs. 1,400.Rs. 1,120Current price is: Rs. 1,120.
සුප්‍රකට ඉංග්‍රීසි ජාතික ස්වභාව විද්‍යාඥයකු වූ ජෙරල්ඩ් මැල්කම් ඩරල් සිය සුන්දර ළමා වියේ ඉතා රසවත් විනෝදාත්මක අත්දැකීම් ඇතුළත් කොට පොත් තුනක් ලිවීය.මගේ පවුලයි අනෙක් සත්තුයි ඉන් පළමුවැන්නයි ඩරල් පවුල ග්‍රීසියට අයත් කෝෆු දිවයිනේ වාසයට යන විට ජෙර්ල්ඩ්ගේ (ජෙරී) වයස අවුරුදු අටකි.එහි විසූ අවුරුදු පහක කාලය තුළ කුඩා ජෙරී ස්වභාවධර්මය සුන්දරත්වයෙන් හා චමත්කාරයෙන් වශීකෘත වේ.කෝෆු දිවයිනේ සුන්දර ගැමි පරිසරය තුළට නිරායාසයෙන්ම...
ලිට්ල් හවුස් සූපශාස්ත්‍රය
Original price was: Rs. 8,500.Rs. 7,650Current price is: Rs. 7,650.
A 4 ප්‍රමාණය, විශේෂ ගන කවරය, පිටු 292 ම ඔප කඩදාසියේ වර්ණයෙන් මුද්‍රණය කරන ලද, ලිට්ල් හවුස් කතා මාලාවේ සඳහන් වන කෑම වට්ටෝරු 100 කට වඩා ඇතුළත් “ලිට්ල් හවුස් සූපශාස්ත්‍රය” පොත චිත්‍ර: ගාර්ත් විලියම්ස් ඡායාරූප: කැත්රින් එල්සෙසර්
අපූගේ ලෝකය
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
"අපූ" අප හඳුනා ගන්නේ "මාවතේ ගීතයෙනි." අපරාජිත ජීවිතයක් වූ කලී ඔහුගේ ගැටවර විය නිරූපණය කළ කෘතිය වේ.අපූගේ ලෝකය අපු නම් වූ ස්වාමිපුරුෂයාගේ පියාගේ පමණක් නොව දහසකුත් දුක්ඛ දෝමනස්සයන් මැද අකම්පිතව ජීවත් වූ පැසුණු මිනිසාගේ ජීවන වෘතාන්තයේ අවසාන භාගය වේ. අපූගේ ජීවන ධාරිතාව පෘථුල කළ සුන්දර බිරිඳ අපර්ණා - ජීවත්වීමේ ආශාව දැල්ලු පුත් කාජල් ජීවනයේ මිහිරි සුවඳ විදහා පෑ ලීලා පාඨක...
අපරාජිත ජීවිතයක්
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
අපරාජිත ජීවිතයක් වූ කලී විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය ගේ "අපරාජිතෝ" නම් වූ නවකතාවේ සිංහල පරිවර්තනය යි.වංග බස පිළිබඳ මනා පරිචයක් ඇති චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මුල් කෘතියේ සාරය, රසය නුසුන් කොට සිංහල පාඨකයා හමුවට පමුණුවා ලීමට සමත් වී තිබේ.ඈ විසින් ම පරිවර්තනය කරන ලද මාවතේ ගීතය නම් වූ කෘතියෙන් සහෘද මනසට පිවිසුණු "අපු" නම් වූ සදා අනුස්මරණීය චරිතයෙහි ගැටවර විය අපරාජිත ජීවිතයක්...
මාවතේ ගීතය
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
බටහිර බෙංගාලයේ පිටිසර ගමක ජීවත් වූ දිළිඳු බ්‍රාහ්මණයෙකු වූ හරිහරගේ චරිතය ඔහුගේ දරු දෙදෙනාගේ චරිත - මේ නවකතාවෙන් නිරූපණය කර ඇත්තේ අසාමාන්‍ය ප්‍රතිභා ශක්තියක් විදහා දක්වමිනි.සත්‍යජිත් රායිගෙ සිනමා කෘතියක් ලෙස රසිකයන් ගේ අවධානය දිනාගත් " පොථෝර් පංචාලි" මේ නවකතාව ඇසුරෙන් නියමිතය
අරණකට පෙම් බැඳ
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
මිනිසා සහ පරිසරය අතර තිබෙන්නා වූ ආධ්‍යාත්මික සම්බන්ධතාව හා එහි අසිරිය සම්පූර්ණ අයුරින්ද ළගන්නා සුළු රිද්මයකින් ද මේ ගද්‍ය කාව්‍යයෙන් වර්ණිතය. විභූතිභූෂණ සිංහල පාඨකයා අභිමුවට පැමිණියේ මාවතේ ගීතය අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය නම් වූ නවකතාත්‍රයෙනි මේ කෘති සිංහලයට නැගූ චින්තා ලක්ෂ්මි සිංහආරච්ච්ගේ විශිෂ්ට පරිවර්තනයක් ලෙස අරණකට පෙම් බැඳ හැඳින්විය හැක
භවගත වීම
Original price was: Rs. 1,750.Rs. 1,400Current price is: Rs. 1,400.
මම නීතිඥවරියක් වූයෙමි.රෝහලක උප සභාපති වූයෙමි.තරුණ ජනතාවට ප්‍රයෝජනවත් වෘත්තීන් ගොඩනගා ගැනීමට උදව් කරන ලාභ නොබෙදෙන ආයතනයක අධ්‍යක්ෂිකාවක් වූයෙමි.වැඩිම වශයෙන් සුදු ළමයි සිටි පාසලක වැඩ කරන පන්තිය කළු ශිෂ්‍යාවක් වූයෙමි.මම හැම ආකාරයෙන්ම තැන්වලම එකම අප්‍රිකානු ඇමරිකානු ගැහැනිය වූයෙමි.මම මනාලියක් වෙහෙසට පත් දුකින් පිරුණු දුවක් වූයෙමි.මම ඇමරිකා එක්සත් ජනපදයේ පළමු කාන්තාව වූයෙමි.නිල වශයෙන් තනතුරක් නොවුවත් ඉන් මා හට නොසිතූ ආකාරයේ වේදිකාවක් නිර්මාණය...
මදුරාසි කෙල්ල
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
වීජී ..මදුරාසි කෙල්ලක් , මදුරාසියේ මුඩුක්කුවක.. අම්මයි නංගියි එක්ක තනි වෙච්ච කෙල්ලෙක් ..අනෙක් ළමයින්ට වගේම විජීටත් තිබුණෙ හරි පුංචි බලාපොරොත්තු ..බෝනික්කෙක් ..පුළුන් වලහෙක් ..අලුත් ගවුමක් ..විජීගේ15 වැනි උපන් දිනය දවසේ විජී බලාගෙන හිටියේ උපන්දින තෑග්ගක් විදිහට අම්මා විජිට අලුත් ගවුමක් අරන් දෙයි කියලා ..ඒත් විජිට ලැබුණ තෑග්ග ඒක නෙමේ .."තිර පරීක්ෂණයක් " ..චිත්‍රපටි නිළියක් වෙන්න තිර පරීක්ෂණයක්, එතනින් මදුරාසියේ ලාබ...
ලිට්ල් හවුස් කතාමාලාව (1-10)
Original price was: Rs. 11,390.Rs. 9,112Current price is: Rs. 9,112.
1. වන අරණක කුඩා නිවස 2. තැනිතලාවේ පිහිටි කුඩා නිවස 3. අල්මන්සෝ පුංචි ගොවියා 4. මිදි ඔය අසබඩ 5. රිදී විල්තෙර 6.සීතලෙන් සීත වුණු සීත සමය 7. තැනිතලාවේ පිහිටි කුඩා නගරය 8. මේ මිහිරැති සොඳුරු සමය 9. පළමු සිව් වසර 10. ගෙදර යන අතරමග පොත් සියල්ල අඩංගු කට්ටලයකි
කාමරේ
Original price was: Rs. 920.Rs. 736Current price is: Rs. 736.
මං ජැක්.. මට අවුරුදු පහයි. මමයි, මගේ අම්මයි ඉන්නෙ "කාමරේ". මං ඉපදුණෙත් මේ කාමරේ. ඉපදුන දවසෙ ඉඳලා අවුරුදු පහක් වෙනකල් මං ලොකු වුණෙත් මේ කාමරේ ඇතුළමයි. අපි දෙන්නා කන්නෙ, බොන්නෙ, නාන්නෙ, සෙල්ලම් කරන්නෙ, නිදාගන්නෙ, පොත් කියවන්නෙ.. හැමදේම කරන්නෙ මේ කාමරේ ඇතුළෙ. රෑට.. "නාකි නික්” කාමරේට එන වෙලාවට, අම්මා මාව අල්මාරිය ඇතුළේ හංගනවා.. උදේට නාකි නික් ආපහු යනකල්, මං නිදා ගන්නෙ...
යතිවරයෙකු සේ සිතන්න
Original price was: Rs. 1,580.Rs. 1,264Current price is: Rs. 1,264.
Amazon.com & New York Times Best Selling Book in 2020 JAY SETTY විසින් රචිත THINK LIKE A MONK යතිවරයෙකු සේ සිතන්න සිතේ සාමය හා එදිනෙදා අරමුණු ජයගැනීමට ඔබේ සිත පුහුනු කරන්න JAY SHETTY විසින් රචිත THINK LIKE A MONK ග‍්‍රන්ථය තවමත් ලොව පුරා වේගයෙන් අලෙවිවන සුවිශේෂී පුද්ගල වර්ධන ග‍්‍රන්ථයයි. ඉන්දීය සම්භවයක් සහිත බි‍්‍රතාන්‍ය ජාතිකයෙකුවන ජේ සෙට්ටි වසර කිහිපයක් ඉන්දියාවේ මහනදම්...
පිටුවහල් සිත්තරී
Original price was: Rs. 730.Rs. 584Current price is: Rs. 584.
එදා රෑ ..උන් හදිසියෙන් අපේ ගෙදරටත් ආවා .ඇඳගෙන හිටපු ඇඳුම පිටින්ම උන් අපිව අපේ ගෙදරින් ඇදගෙන ආවා .කිසිම වරදක් නොකරපු අපිව ,"හොරු සහ ගණිකාවෝ" විදිහට ලේබල් ගහලා අපේ ගෙවල් වලින්, අපේ අයගෙන්, අපේ රටෙන් ගොඩක් ඈතට අරන් ආවා . අපේ ජීවිත සදහටම වෙනස් වුණා . අපේ ජීවිත විතරක් නෙමේ තවත් මිනිස්සු සිය දහස් ගණනකගේ ජීවිත සදහටම වෙනස් වුණා . ලෝකෙ...
දඟමල්ල සහ අමුතු ඉස්කෝලය
Original price was: Rs. 530.Rs. 424Current price is: Rs. 424.
කතා මාලාවේ පළමු වැන්න
මිනීමරුවාගේ පෙම්වතිය
Original price was: Rs. 680.Rs. 544Current price is: Rs. 544.
මෙලඩිගේ වයස අවුරුදු විස්සයි .එයා ස්ලාම් අගමට හැරුණේ මේ ලඟදි .. මෙලඩිට ෆේස්බුක් එකෙන් අමුත්තෙක් මුණගැහුණා .විශේෂ අමුත්තෙක් ..අයිඑස් අයිඑස් සංවිධානය සටන්කාමියෙක් ..පැය හතලිස් අටක් යන්නත් කලින් මෙලඩ් මේ සටන්කාමීයට ආදරය කරන්න පටන් ගත්තා . තමන්ම කසාද බැඳලා දෙවියන් වෙනුවෙන් සටන් කරන්න සිරියා යුද බිමට එන්න කියලා මෙලඩි ගේ අයි එස් සටන්කාමී ආදරවන්තයා මෙලඩිට ආරාධනා කළා. ඊට පස්සේ මෙලඩි එයාගේ...
සකේ සුවඳ
Original price was: Rs. 800.Rs. 640Current price is: Rs. 640.
ගැහැනියකට පා තැබීම තහංචි පැන වූ ලෝකයක් ජයගන්න නිහඬ අරගලයක යෙදුණු එඩිතර ගැහැණියකගේ කතාව . "ගැහැනියක් පෙරුම්හලේ දොරෙන් ඇතුළට පා තැබුවොත් සකේ ඇඹුල් වන බවට පැරණි විශ්වාසයක් තියෙනවා." "පිරිමියෙක්ට පුළුවනි අනියම් බිරිඳක් තබාගන්න. ගේෂාවක් ලවා දරුවෙක් උනත් හදාගන්න. ඒ දරුවා පවුලේ උරුමක්කාරයා හැටියට නම් කරමින් ගෙදරට ගේන්න. නමුත් ගැහැනියක් අනියම් ඇසුරකට යොමු වුණොත් ඇයට ලැබෙන දඬුවම මරණය විය හැකියි."...
ක්ලියෝපැට්රා සහ ඇන්ටනි
Original price was: Rs. 800.Rs. 640Current price is: Rs. 640.
ඊජිප්තුව පාලනය කළ ,එකල රෝමයේ බලවත්ම මිනිසුන් දෙදෙනා වූ ජුලියස් සීසර් සහ මාක් ඇන්ටනී වශී කරගත් , තම පවුල සහ සමානවම ඊජිප්තු රාජ්‍යයද රැක ගැනීමට කැපවුණු ක්ලියෝපැට්රා ගේ ජීවිතය ,බලය සහ දේශපාලනය හමුවේ කොතරම් අභියෝගවලට මුහුණ පෑවේ ද ?අවසන තම පෙම්වතා සේම තමාගේ දරු තිදෙනෙකුගේ පියා වූ ඇන්ටනීගේ සියදිවි නසාගැනීම සියැසින් දැක ,තමාද දිවි නසාගත් ක්ලියෝපැට්‍රා වසරකට දෙදහසකට පසුව ද...
නාට්‍ය රසය
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
'නාට්‍ය රසය' යනු නාට්‍ය කලාව ගැන අත්දැකීම් හා නාට්‍ය නැරඹීමෙන් ලබා තිබෙන 'ආස්වාදනීය ඥානය' විද්‍යාර්ථයන්ට හා රසිකයන්ට ප්‍රදානය කරන විස්තර වර්ණනාවකි නාට්‍යයක් රඟ දැක්වීම සහ නාට්‍යයක් නැරඹීම සාමූහික කර්තව්‍යයකි.තාක්ෂණයේ මහිමයෙන් වත්මනේ කොතරම් දියුණු කලා මාධ්‍ය වින්දනය උදෙසා වෙතත්, මේ සාමූහික කර්තව්‍යය තවමත් හරිම ප්‍රබලය . සමූහයක් සමගින් නාට්‍යයක් රඟ දක්වමින් නාට්‍යකරුවා ප්‍රේක්ෂක සමාජයට ආස්වාදනීය ඥානයක් ලබා දෙනු ලැබේ. එකී ඥානය...
ඉක්බිති කඳුකරය දෝංකාර දුනි
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
And the mountain echoed පරිවර්තනය : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද – Ganga niroshani Suduwelikanda ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – wijesooriya grantha krendraya
සරුංගල් ලුහුබඳින්නා
Original price was: Rs. 880.Rs. 704Current price is: Rs. 704.
දොළොස් හැවිරිදි අමීර්ගේ එකම අරමුණ ගමේ පැවැත්වෙන සරුංගල් තරගයෙන් ජය ගෙන සිය පියාගේ සිත දිනා ගැනීමයි . තමා දක්ෂයෙකු බව පියාට තහවුරු කරීමයි. හැමවිටම ඔහුගේ සහයට ඉන්නා ඔහුගේ හිතෛෂී මිතුරා වන හසන් ඔහුට උදව් කිරීමට පොරොන්දු වෙයි . එහෙත් අඩු කුලයේ මෙහෙකරුවකු වන හසාන් සතුව ඇති නිර්භීත භාවය නිසාත් ඔහු පිළිබඳව සිය පියාගේ සිතෙහි ඇති ඇල්ම නිසාත් අමීර් ඔහුට ඊර්ෂ්‍යා...
හරි පුදුම ඉස්කෝලේ
Original price was: Rs. 940.Rs. 752Current price is: Rs. 752.
ජපානයේ ග්‍රන්ථ ප්‍රකාශන ඉතිහාසයේ වැඩිම අලෙවියක් වාර්තා කරමින් රාජ්‍යසම්මාන රැසක් දිනූ රරසවත් කතා පොතකි . නිදහස විනෝදය සහ ආදරය පාසලට කැඳවමින් ජීවන ආශ්වාදය හා මානවප්‍රේමය අධ්‍යාපනයට මුසු කළ හැකි අන්දම අසිරිමත් පාසලක් තුළදී දැරියක ලද සිත් පොලඹවන අත්දැකීම් මගින් මෙහි විවරණය කෙරේ.
උමතු බිමෙන් පලායාම
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
රිකී අවදි වුණේ කාගෙදෝ සීතල, පුංචි අත් දෙකක් එයාගෙ මූණෙන් අල්ලලා හොලවනවා දැනිලා. අර පුංචි ගෑනු ළමයා රිකීගෙ ඇද ලග හිටගෙන, රිකීව ඇහැරවන්න උත්සාහ කරමින් හිටියා. එයාගෙ පෙනුම කලින් වගේමයි. සුදුමැලි, දුර්වල පාටයි. ඒත් මේ වතාවෙ එයාට ඇස් දෙකකුත්, නහයකුත් කටකුත් තියෙනවා. රිකී පුදුමෙන් කෑ ගහන්න හදනකොටම, ඒ ගෑනු ළමයා රිකීට නිශ්ශබ්ද වෙන්න කියලා සංඥා කළා. එයා අස්වාභාවික වේගයකින්...
මුතු කරාබුව පැළඳි යුවතිය
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
ලොව පුරා පාඨකයන්ගේ ඉමහත් ප්‍රසාදය දිනා ගනිමින් රටවල් 35ක භාෂාවන්ට පරිවර්තනය වූ Girl with a pearl earrings දාහත් වැනි සියවස මැද භාගයේ නෙදර්ලන්තයේ සිතුවම් කලාවේ ස්වර්ණමය යුගයේ විසූ ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී යොහැන්නස් චර්මීස් ගේ චරිතය ඇසුරු කරගෙන ලියවුණු අතිශය මනරම් වූ ගුප්ත වූ විටෙක දරාගත නොහැකි තරම් අනුවේදනීය වූත් ඓතිහාසික වටිනාකමකින් යුත් ප්‍රබන්ධ කතාවකි. චර්මීස් ඔහු විසින් නිර්මාණය කරන...
හැරි සහ හෝප්
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
පාර පුරාම දූවිලි මල් පිපුණා .අපි ඉන්නා දෙසට ජීප් රථයක් සහ ටෙලර් එකක් එමින් තිබුණා හැරී එච්චර වේගයෙන් දුවනවා මීට කලින් මම දැකලා තියෙන්නේ එකම එක සැරයයි .ජීප් එකයි හැරී අතක දුර නැත්තටම නැති වුණා දූවිලි වැකුණු ඉදිරිපස වීදුරුව තුලින් මම ෆ්‍රෑන්ක්ව දැක්කා ඉතින් මමත් එයා වෙතට දුවමින් හිටියා