Cart

Showing 1–48 of 94 results

0 out of 5

පෙනේරයක ලූ මල් පැණි

Rs. 765
'පෙනේරයක ලූ මල්පැණි' කමලා මාර්කන්දයගේ ප්‍රථම නවකතාවයි. බ්‍රිතාන්‍යයේ යටත් විජිත පාලන සමයේ අග භාගයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දුන් ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ගොවිජන ජීවිතය මෙමගින් නිරූපිතය.කාර්මීකරණයෙ බලපෑම නිසා ඔවුන්ගේ ජීවන රටාවල සිදුවූ වෙනස්කම් සමගින් ගලායන මේ කතාව පොදු මනුෂ්‍ය ගති ලක්ෂණවල ස්වභාවයද අපට දැක ගන්නට සලස්වයි. සියුම් සංවේදනා දනවන සරල බසකින් පරිවර්තිත මෙම නවකතාව ඉතිහාසයේ එක් සංක්‍රාන්තික කාල පරිච්ඡේදයක මනුෂ්‍ය ජීවන...
0 out of 5

කීඩෑවෝ ඇවිල්ලා

Rs. 675
හොඳම කෙටිකතා එකතුව සදහා වූ ගොඩගේ සම්මානය -2004
0 out of 5

කඳු රැළි

Rs. 882
මහනුවර දෙවන රාජ්‍යසිංහ රාජ්‍ය සමය පාදක කරගත් නවකතාවක් වන මෙහි ප්‍රධාන කතාව සෙංකඩගල රාජ්‍ය වෙත දූත ගමනක් ගොස් ආපසු එමින් සිටියදී නිල්ගලදී ඝාතනය වූ ගාලු කොටුවේ පළමුවන ඕලන්ද ආණ්ඩුකාර විලියම් ජේකබ් කෝස්ටර්ගේ දරුවෙකු ඉන් වසර විස්සකට පමණ පසු සිය පියාගේ ඝාතනය වෙනුවෙන් රජුගෙන් පළිගැනීම සඳහා සෙංකඩගල වෙත පැමිණීම වටා ගෙති ඇත.විලියම් කෝස්ටර් දූත ගමනක් පැමිණීම මෙන්ම ඔහුව ඝාතනය වීමද සත්‍ය...
0 out of 5

න ගච්චති

Rs. 882
1805 -1815 දක්වා වූ කාලයෙහි උඩරට රාජධානියේ සිදුවූ ප්‍රභූ බල අරගලයෙහි එක් පාර්ශවයක් මෙම නවකතාවට කේන්ද්‍ර වී තිබේ. මේරට කෲරතම රජකුලෙස ඉතිහාසගතව ඇති ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය මෙම නවකතාව තුළ ගොඩනැංගෙන්නේ ඔහුගේ ප්‍රේමවන්තියගේ භූමිකාව ආධාර කර ගනිමිනි.මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු උඩරට ප්‍රභූන්ගේ මෙන්ම ඉංග්‍රීසියෙන්ගෙන්ද ගොදුරක් බවට පත්වූ ආකාරය පිළිබඳ කතාවයි.කිසිවෙකු නොදන්නා ඔහුගේ මානව දයාව හා ප්‍රේමයද, වැසියන් ඔහුට දැක්වූ...
0 out of 5

ඇහැළ මලට දම් පාටක්

Rs. 1,080
අධික පාඨක ප්‍රතිචාර දිනාගත් forget me not කෘතියේ සම කතෘ,චතුරි දමයන්ති ගේ යොවුන් නවකතාව ........................................................................................... "පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා." පුස්තකාල උද්‍යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය. පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය. "The tree of Paramee...!" "මම පාරමී?" "ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ...
0 out of 5

කර්නල් සහ එරෙන්දිරා

Rs. 450
මාකේස් ගේ කතා කලාවේ හා රීතියේ සංකීර්ණත්වය හඳුනාගැනීම පහසු කිරීමට මෙන් එකිනෙකට පටහැනි ශෛලීන් දෙකක කතා දෙකක් මේ ග්‍රන්ථයේදී ජනක අපට හදුන්වා දෙයි. 'කර්නල්' කතාවේ චරිතය හා සිදුවීම් එක්තරා නිශ්චිත සමාජ ඓතිහාසික අවධියක සැබැවින්ම වූ යථාර්ථයක් වශයෙන් තාත්විකව ඉදිරිපත් කෙරෙයි.  ඔවුන්ට සිදුවී ඇති අසාධාරණය තීව්‍ර වන විදිහට නිරූපණය වන තරමටම එම අත්දැකීම් සාර්ථකව භෞමික ලෙස මානවවාදී ව විග්‍රහ වෙයි. අද්දීබූත...
0 out of 5

ගිරිජා

Rs. 1,170
දහනමවන සියවසේ මැද භාගයේ මහනුවර. සමාජය පැරැන්නෙන් නව හැඩයකට පරිවර්තනය වෙන්නට ඇරඹී තිබෙන මොහොතක්. නිදහස් සටන එහි අවසානය සලකුණු කරමින් සිටින අවස්ථාවක්. ගිරිජා - රම්මා සහෝදරියන් දෙදෙනාගේ හාවුණු ඇහි බැම යුගලක් තරමට නොබිඳෙන සහෝදරී බැඳුම මත්තේ අනේකාකාර රටා ගන්නා ස්ත්‍රී චිත්තයේ සංකීර්ණත්වය හා විවිධත්වය විචිත්‍රව චිත්‍රණය කරමින්, අතිශය නාටකීය ගොඩනැංවීමකින් මෙන්ම, පාඨකයා විස්ම ගැන්වෙන පෙරහරක් තරම් රමණීයත්වයෙන් හා බහුවර්ණයෙන් හෙබි...
0 out of 5

නොගිලිහෙන්න

Rs. 1,170
නූතන එංගලන්තයේ පරිකල්පිත සමාජයක හැදී වැඩෙන සිසුන් කණ්ඩායමක ජීවන අත්දැකීම් ඇසුරෙන් කසුඔ ඉෂිගුරො විසින් රචිත 'නොගිලිහෙන්න' මෑත කාලීනව බොහෝ සේ පිළිගැනීමට ලක් වූ  මෑන් බුකර් සම්මානය සඳහා කෙටි ලැයිස්තුගත වූ නිර්මාණයකි. අවුරුදු තිස්එකක් වන කැතී, හෙයිල්ෂම්  පාසලේ ගත කළ සිය සුන්දර ළමා කාලය හා පුළුල් ලෝකය තුළ මිතුරු මිතුරියන්ට මුහුණ පෑමට සිදුවන ඉරණම වටහා ගැනීමට කරන උත්සාහය විවරණය කර ඇති...
0 out of 5

මුන්නක්කරේ සංසාරේ

Rs. 1,800
සහලවා උණෙන් ඇඳට වැටී සිටිය ද ඔහුට වෙඩිකන්ද දෙසට යාමේ අභ්‍යන්තර කැඳවුමක් ලැබිණ. කැබිනෙට්ටුවට යාබද කුඩා කවුළුවෙන් අහස දෙස බලාගෙන ලතින් කන්තාරුවත් මතුරමින් උන් කත්‍රිනා, අහසේ නිස්කලංකව ගලා ගිය වලාකුළු හිටිහැටියේ ම කලබල වූයේ ඇයිදැයි සිතන්නට වූවා ය. කුස්සියේ දොර රෙද්ද මෑත් කළ දිවැසිවරයා දුටුවේ, ප්‍රීමස් පතරංග කලාලය මත පාවෙමින් සිටින බව ය. දිවැසිවරයා වේගයෙන් මිදුලට පැන ගත්තේ ය. ලැයිම්...
0 out of 5

තිදෙනා

Rs. 675
ගෝර්කිගේ මේ රමණීය  නවකතාව නාගරික දිළින්දන් ඔවුන්ගේ පහත් ජීවන තත්ත්වයන් මෙන්ම ඔවුන්ගේ සිත තුළ වන අසහනයන් මැනවින්  විචිත්‍රණය කරන්නකි. ඒ අතරම එමගින් සුන්දර සිහින සපිරි සශ්‍රීක ලොවක් ගැන ධනවාදී මායාවන් සුනුවිසුනු කර දමයි. සැබැවින්ම මේ නවකතාව ගෝර්කි විසින් රචනා කරන ලද්දේ ගමෙන් නගරයට ජනයා සංක්‍රමණය වීම ඉතා ශීඝ්‍ර වර්ධනයක් සටහන් කළ කාලයට වසර ගනනකට පෙරය.නාගරික මුඩුක්කු කම්හල්වල අසීරු දිවිය පහත්...
0 out of 5

කැළලිකාරයෝ

Rs. 1,080
තුවාල සුවපත් වුවද ඒවාගේ කැළලි හා සම්බන්ධ මතකය සමග පොර බැඳීම ජීවිත කාලයක් පවතින බව කියන මෙම නවකතාව, බාහිර හා අභ්‍යන්තරික සේම ඒකපුද්ගල හා සාමූහික කැළලි සමග සාමය ඇති කර ගැනීමට තැත් කරන චරිත සමූහයක් වටා ආඛ්‍යානමය ජීවිත ජාලයක් වියයි. ඒ ඔස්සේ ආදරය, විවාහය, ලිංගිකත්වය හා දේශපාලනය ඒකපුද්ගල මිනිසා හා සාමූහික මිනිසා එකට බැඳලන සංකීර්ණ විලාස ගවේෂණය කරයි.
0 out of 5

කඩදොර

Rs. 882
මේ, කොත්මලේ පුරාවෘතාන්තයේ ගිලී අවසන් වූ ගම්මානයක වැලි කැටවලින් හා දිය බිඳිතිවලින් ලියූ කතාවකි. තවත් අතෙකින් මෙය තමාට, තමා අවට පරිසරයට, ගහකොළට හා සතා සීපාවටද, තමා වටා වන සකළ සත් ජනයන්ටද ආදරය කළ යෞවනියකගේ කතාවයි. කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වෙනුවෙන් ඉදිවූ කොත්මලේ ජලාශය වෙනුවෙන් ඔවුන් අතහැර ගියේ හුදෙක් මහ පොළොවේ පස් පමණක් නොවේ; ඔවුන් හා බැඳුනු පරම්පරා ගණනක අතීත...
0 out of 5

ලුබ්ලිනයේ ඉන්ද්‍රජාලිකයා

Rs. 558
නොබෙල් ත්‍යාගලාභී යුදෙව් ලේඛක ඉසාක් බෂෙවිස් සිංගර්ගේ බොහෝ නවකතා වල චරිත පාත්‍රයෝ බොහෝවිට නපුරු  බලවේගවලට යටත් වීමත්, ඒවා සමග ගැටෙමින් ඉන් ගැලවෙන්නට වෙර දැරීමත් නිරූපණය වේ.'ලුබ්ලිනයේ ඉන්ද්‍රජාලිකයා' හි ප්‍රධාන චරිතය වන යෂා  ද තමන් වටා වන නපුරු බලවේග සමග නිරන්තරව ගැටෙන්නේ අවසානයේ එහෙම ගොදුරක් බවට පත් වෙයි. නිර් - යුදෙව් වාදියෙකු වන යෂා ගැහැනුන්  කිහිපදෙනෙකු සමග එකවිට ඇතිකරගන්නා සම්බන්ධතා ජාලය...
0 out of 5

නර්මදාවේ ගී රාවය

Rs. 1,080
දැන් මගේ සිරුර එහි මේරීම පෙන්නුම් කිරීමට හදන විට සිදුවන වෙනස්කම් ගැන මට අහක බලාගෙන සිටිය නොහැකි වී ඇත. වීණාවේ බර මගේ වැඩී එන පියවුරුවලට දරා ගැනීමට බැරිය . මගේ මුහුණුවරේ සිදුවන මේ වෙනස්කම් සමග චිත්තවේග ලෝකයේ ද වෙනස්කම් සිදු වුණේය. මගේ ඉන්ද්‍රියන්ට සියලු දේ වඩා ශක්තිමත්ව දැනිණි. මට තවදුරටත් මගේ තාත්තා ගේ සංගීතය නමැති බිංගේ තුළ ඩොල්ෆින් මාළුවකු ලෙස...
0 out of 5

ඇපල් ගෙඩි තුනක් අහසින් වැටුනා

Rs. 1,080
ආමේනියාවේ, ඈත එපිට කඳුකරයේ පිහිටි මරාන් ගම්මානය, සෙසු ලෝකය හා සම්බන්ධ වන්නේ, ඉපැරණි විදුලි පණිවිඩ රැහැනකින්, සතියකට වතාවක් පැමිණෙන තැපැල්කරුවකුගෙන් හා එළුවන් පවා තරණය කරන්නට අදිමදි කරන, නිතර හිමෙන් වැසී යන, අනතුරුදායක කඳුකර මගකින් පමණි. ගම්මානයේ කෙමෙන් වියපත් වන ගම්මු, හිමපතනය, භූමිකම්පා, කෘමි වසංගත, සාගතය හා යුද්ධය හමුවේ ඒ සියල්ල නිහඬව දරා ගනිමින්, තමන්නේ පැරණි විශ්වාස, ඇදහිලි හා සිහින සමග...
0 out of 5

වසර 7000 ක ඊජිප්තුව

Rs. 1,080
වසර 700 ක ඊජිප්තුව ඉතිහාසය කලාව සාහිත්‍ය හා සංස්කෘතිය
0 out of 5

ගොලොවුල්යෝවු පවුලේ කථාන්තරය

Rs. 1,620
“ප්‍රවේණි දාසක්‍රමයේ නරක ම අවස්ථාව දැක බලා ගැනීමට මගේ ළමාවියෙහි දී මට හැකි විය. එය සමාජ ජීවිතයේ හැම ස්තරයකට ම ගලා ගොස් තිබිණ. ඉඩම්හිමි රදලයන් හා වහල් භාවයේ බැඳී සිටි ගොවිජනයා පමණක් නො ව, වරප්‍රසාද හිමි අහිමි කවර සමාජ පන්තියක් වුව ද පරිහානිගත වෙමින් තිබිණ. මුළුමනින් ම අයිතිවාසිකම් අහිමි වූ පරිසරයක් තුළ, වංචාව, කෛරාටික භාවය මුල් තැන ගෙන තිබිණ. කවර...
0 out of 5

රත් වරලැති ලිය

Rs. 540
ළිං කණින්නකුගේ ගෝලයෙකු ලෙස සේවය කිරීම සඳහා එක්තරා ගිම්හාන සෘතුවකදී ස්තාන්බුල් නුවර අසල ඇති කුඩා ප්‍රාදේශීය නගරයකට යන දහසය හැවිරිදි ජෙමී ඔහුට වඩා වයසින් දෙගුණයකටත් වඩා වැඩිමහල් රතු හිසකෙස් ඇති නාට්‍ය නිළියක හා දුටු මතින් පෙමින් බැඳෙයි.ඒ ප්‍රේමය  කරණ කොටගෙන හටගත් සිද්ධිදාමය ඊට තිස් වසරකට පසු එහි උච්ච ස්ථානයට ළඟා වෙයි. පියවරුන් සහ පුතුන් අතර ඇති සදාතනික අරගලය, සත්‍ය මිත්‍යා...
0 out of 5

දැරියකගේ ප්‍රයාමය

Rs. 675
ඒ යුද්ධය රාක්ෂයෙකි සියක් වසරක් තිස්සේ රට පුරා නගර ගම් දනව් වල ඇවිදිමින් ලේ පෙරාගෙන මිනිසුන් අමු අමුවේ කකා සිටි රාක්ෂයෙකි. අවුරුදු හතක් වයසැති මේ ළමයා සිය සුකුමාල ලපටි අතින් පහර දී ඌ බිම හෙළා ඇත. අර බලන්න ! ඌ අත්ත පාතේ රණ බිම මඩ වගුරක ආයිත් නොනැගිටින සේ දරදඩු වී මැරී වැටී සිටින හැටි
0 out of 5

මනෝහර නත්තල් ගීතයක්

Rs. 675
දරදඬු මසුරු හෝ ආත්මාර්ථකාමී ව්‍යාපාරිකයෙකු වූ එබනේසර් ස්කෲජ් වෙත එක් නත්තල් රාත්‍රියක්  තුළ පිළිවෙලින් අවතාර තුනක් එති.ඔවුන් වෙතින් ලැබූ අද්භූත අපූරු අත්දැකීම් නිසා හෙතෙම සිය දුර්ගුණවලින් සදහටම වෙන්වී ඊට හාත්පසින් වෙනස් ගුණාංගවලින් පිරිපුන් අයකු බවට ඒ රාත්‍රිය තුළ දී පරිවර්තනය වේයි. චාල්ස් ඩිකන්ස්ගේ මේ සුන්දර අද්භූත කුඩා නවකතාව තුළින් මනුෂ්‍යයන් අතර ඇති විවිධ බෙදීම් සියල්ල අබිබවා යන මෛත්‍රිය, දයාව, කරුණාව...
0 out of 5

මම රක්ත වර්ණ නම් වෙමි

Rs. 990
1590 දශකයේ මුල් භාගයේ ස්තාන්බුල් නුවරදි,සිය ජීවිතයත්, අධිරාජ්‍යත් වර්ණනා කරනු පිනිස ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් නිර්මාණය කරන ලෙසට ඔටෝමන් සුල්තාන්වරයා තම චිත්‍ර ශිල්පීන්ට රහසින්  නියම කරයි.ඒ  මාහැඟි ග්‍රන්ථයේ පිටු අලංකරණය කිරීම එවක විසූ විශිෂ්ට චිත්‍ර ශිල්පීන් හට පැවරෙයි.එහෙත් ඒ චිත්‍ර ශිල්පීන් අතරින් එක් ක්ෂුද්‍ර  චිත්‍ර ශිල්පියකු මරා දැමුණු විට මිනීමරුවා සොයා ගැනීම පිණිසත් ග්‍රන්ථයේ වැඩ නිම කරනු පිණිසත් පිටස්තරයකු ගේ සහය පතන්නට...
0 out of 5

මැඩම් මාඕ

Rs. 738
අන්චි මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංග්‍රීසි බසින් ලියන ලද Red Azalea නැමැති නව ප්‍රබන්ධය, ඇමරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත.Becoming Madam Mao නමැති කෘතියේ ද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහි කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාඕ මැතිණියගේ පුද්ගලික ජීවිතය කෙරෙහි ය. 1919 - 1933 අතර කාලය තුළ...
0 out of 5

සන්තියාගෝ නම් සැරිසරන්නා

Rs. 882
daily express පුවත්පත සඳහන් කරන පරිදි පාඨකයන්ගේ ජීවිත සදහටම වෙනස් කිරීමේ සමත් කෘතියක් දශක කීපයකට වරක් පළ වෙයි.කොයියෝ ගේ අග්‍ර  කෘතිය වන The Alchemist නම් මෙම නවකතාව එවැනි ගුණයන්ගෙන් හෙබි කෘතියකි.මෙම කෘතිය අද වන විට නූතන සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් ලෙස අවිවාදයෙන් පිළිගනු ලබයි
0 out of 5

චැටර්ලි ආර්යාවගේ පෙම්වතා

Rs. 1,620
ඩී එච් ලෝරන්ස් විසින් රචිත lady chatterley's lover විසිවැනි සියවසේ බිහි වූ වඩාත්ම ආන්දෝලාත්මක කෘති  කිහිපයක් අතරින් එකකි.ප්‍රකාශයට පත් වූ වහාම අසභ්‍ය කෘතියක් ලෙස සලකා මහා බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ තහනමට ලක් වන මෙම කෘතිය සාහිත්‍යය ප්‍රමිතිය හා ප්‍රකාශනයේ නිදහස පිළිබද ලෝක ප්‍රකාශන ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ ප්‍රසිද්ධම සහ විශිෂ්ටතම නඩු විභාගයට පසුබිම් සැපයීය . විසිවැනි සියවසේ ලෝක...
0 out of 5

යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය

Rs. 882
කෑදරකම භීතිය හා බියගුලුකම විසින් ගිලගනු ලැබූ ප්‍රජාවක් .සිය වේදනා බර අතීතයේ අවතාරයන්ගෙන් වද විඳිනා මිනිසෙක් .සන්තුෂ්ටිය සොයා යන තරුණියක් .එක් සතියක කාලයක් තුළ මේ සියලු දෙනාටම ජීවිතයේ මරණය සහ බලයේ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවනු ඇත්තේය .එසේම එහිදී ඔවුන්ට තම තමන්ගේ මාවතද තෝරා ගැනීමට සිදු වනු ඇත්තේ ය .ඉදින් එහි දී ඔවුන් තෝරා ගනු ඇත්තේ කවරක්ද? යහපත ද එසේත් නැත්නම්...
0 out of 5

සියක් වසක හුදකලාව

Rs. 792
දකුණු ඇමරිකානු ඈත වාස භූමියක් ලෙස කල්පිතව ගොඩනංවන මැකොන්ඩෝව ජනාවාස කරගත් බුඑන්ඩියා පවුලේ මෝහනීය ඉතිහාස කතාව කල්පිතය හා යථාර්ථවාදය තුළින් වංශ පුරාණයක් ලෙස මෙහිදී ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස් ගොඩ නංවයි
0 out of 5

දෙපලු කරන ලද හදවතක චෝදනා පත්‍රය

Rs. 1,080
ඔබට මේ කතා ඉවසා දරා ගන්නට බැරි නම් එහි අරුත සමාජය අප්‍රසන්න බව ය .දැනටමත් විහින් නග්නව ඇති සමාජයක සළුපිළි ගලවන්නට මා කවරෙක්ද , මම එය ආවරණ කරන්නට තැත් නොකරමි .එය මගේ කාර්යයද නොවන්නේය .ඒ සන්නාලියන් ගේ කාර්යයි. ඔබට මගේ කතා කැත බවක් පෙනී යන්නේ නම් එහි අරුතඔබ ජීවත් වන සමාජය කැත බවයි .මගේ කතා තුළින් මම සත්‍ය නිරාවරණය  කරමි...
0 out of 5

කියනු වස් පවතිමි

Rs. 990
අම්මා පැමිණ නිවස විකුණන්නට යමු යැයි කියද්දී ගබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස් ලේඛනය අත්හදා බලමින් ඉන්නා විසි තුන් හැවිරිදි තරුණයෙකි. ඒ,ඔහුගේ කොලොම්බියානු පැටිවියේ මතකයේ රැඳුනු , අරකාතාකා ගමේ පිහිටි සීයලාගේ නිවසයි . ඔහුගේ  මතකාවර්ජනන්ගේ පළමු කොටස වන මේ තුළින් ,නොබෙල් ත්‍යාගලාභී රචකයා සිය ආශ්චර්යමත් පරිකල්පනය ගොඩනැඟූ , නොමද පාඨක ආදරේට පාත්‍ර වූ සුප්‍රසිද්ධ  ප්‍රබන්ධයේ පදනම නිමැවූ , ඒ පරිසරය වෙත නැවත පැමිණෙයි...
0 out of 5

සංසක්කාරී – Hard Cover

Rs. 900
කෙල්ල පණමෙන් ආරක්ෂා කළේ කිරුළ වත්, සිංහාසනයවත්, වස්තුවවත් නොවෙයි .ඇය දිවි හිමියෙන් ආරක්ෂා කළේ ඈ වස්තුව යැයි සැලකූ පක්ෂපාතී බව , ලෙන්ගතුකම හා සෙංකඩගල අභිමානයයි .හදවතේ උපදින ඒ හැඟීම් කිරුළට ,සිංහාසනයට වඩා වැඩි තැනක ,ඒ කියන්නේ පපුව තුළ රුවා රැක ගත්තෙ ඩිංගිත්තී වගේ කෙනෙක් විතරයි ... සංසක්කාරී පළමු වැකියේ පටන් පාඨකයා ඇද බැඳ තබා ගන්නා වගේම ඔහුව විශ්මයට පත්  කරනා...
0 out of 5

සියවසක් පවත්නා දවස

Rs. 720
මධ්‍යම ආසියානු සුවිසල් ස්ටෙප්ස් තැනිතලා වත් ,නිම්හිම් නැති අභ්‍යවකාශයත් පසුබිම් කර රචිත මේ සුවිශිෂ්ට නවකතාව ,ඉතිහාසය හා  පුරාවෘත්ත ද මුසු කරමින් පශ්චාත් දෙවන ලෝක යුධ සමයේ මෙන්ම ස්ටාලින් පාලනයේ අවසාන භාගයේ කසකස්ථානයේ දුෂ්කර දුම්රිය මංසන්ධියක සේවය කළ වැසියන් පිරිසකගේ ජීවිත අන්දරය හරහා සෝවියට් පාලනය වෙත හෙලන ලද විචාරාත්මක බැල්මකි .එසේම මෙය තවත් අතකින් සෝවියට් දේශය තුළ විසූ මධ්‍යම ආසියානු ජනයාගේ...
0 out of 5

පියෝනි

Rs. 637
පියෝනි , අදින් සියවස්  එකහමාරකට පෙර චීනයේ විසූ කල්පිත යුදෙව් පවුලක් වටා ගෙතුණු කතාවකි.එහෙත් කාලය හෝ අවකාශය නොතකා ජීවන සහ සමාජ ගැටළු වල ඇති සර්වකාලීන සමානත්වය මෙන්ම අපූර්වත්වය මේ කෘතිය තුළින් විදහා දැක්වෙයි .කෙනෙකුට එය ආගමික මූලධර්මවාදය හේතුවෙන් ඒවා පිළිපදින්නන් මෙන්ම එයින් පරිබාහිර පුද්ගලයන් ද පීඩාවට පත් වන අයුරු දැක්වෙන කතාවක් විය හැකිය .තවත් කෙනෙකුට එය බෙදුම්වාදය සහ වාර්ගික ඒකාග්‍රකරණය...
0 out of 5

මිදී මරු කතරින්

Rs. 495
සාදේ හා ෆෙමීගේ  මව හට සිය දිවියෙන් වන්දි ගෙවීමට සිදු වන්නේ ඔවුන්ගේ පියා නිර්භීත පුවත්පත් කලාවේදියෙකු වීමේ වරදටය . ඔවුන්ගේ මවගේ ඝාතනයත් සමග සිය දරු දෙදෙනා රටින් බැහැර යැවීම හැර අන් විකල්පයක් පියා හට ද ඉතිරි නොවෙයි .එසේම ඔහුගේ ඉරණමද ස්වයං පිටුවහල ම වේ .එහෙත් එසේ පිටුවහල් වීම ද සරල හෝ පහසු කාර්යයක් නොවේ . නයිජීරියානු ඉතිහාසයේ අතිශය දුර්භාග්‍ය  සම්පන්න...
0 out of 5

සාගරාන්තර ආලෝකය

Rs. 680
පළමුවැනි ලෝක යුද්ධයෙන් පසු යළිත් ඔස්ට්‍රේලියාවට එන ටොම්, ජානුස් ගලේ ප්‍රදීපාගාර භාගකරු ලෙස  පත්වීමක් ලබා ගනී .මේ පාළු දූපතට ඔහු සිය තරුණ නිර්භීත බිරිඳවන ඉසබෙල් කැන්දාගෙන එයි .වසර කිහිපයක් ගෙවුණු තැන එක අමතක නොවන දවසක බෝට්ටුවක් දූපතේ වෙරළට ගසා ගෙන එන්නේ ඔවුන්ගේ ජීවිතවල එක්තරා සන්ධිස්ථානයක් සලකුනු කරමිනි .මේ බෝට්ටුවෙන් රැගෙන ආ ඒ "දෙවියන්ගෙ ත්‍යාගය" කුමක්ද? එයින් තමුන්ගේ සහ  බිරිඳගේ  ජීවිතය ...
0 out of 5

ආරාමදාස

Rs. 630
ඉතිහාසය ගොඩ නැගීමත් ඊට යටත් වීමත් එක්ක නොව ,හාත්පසින් වෙනස් වූ ක්‍රියාවලීන් දෙකකි .මේ දෙමඟින් කුමක් ඔස්සේ ගමන් කළ යුතු දැයි කෙරෙන අදෘශමාන නිහඬ විවාදයක් සෑම සමාජයක් තුළ වෙයි ආරාමදාස  නවකතාව තුළ සිත්තමට නැගෙනුයේ සමාජයන්ට නොදැනී සමාජයන් කළඹමින් මතුවන උක්ත විවාදයේ සලාවැටුමයි .සලාවැටුමක් හෙවත් දිය සුළියකට හසුවන බොහෝ දෑ එය විසින් දියෙහි පතුලට ඇද ගන්නා අතර ඇතැම් ශක්තිමත් දෑ ඒ...
0 out of 5

දම්පාට කතාව

Rs. 585
යුද සමයේ දකුණු ඇමරිකානු වනගත පෙදෙසක දී කළු ජාතික දැරියක ලෙස සැලී උපත ලබන්න්නීය.අන්ත දිළිඳු බවත් ඇය ජන්මයෙන් උරුම කර ගන්නීය.ගැහැණිය යනු නිරන්තරව නිවසේ ගොවිපල හා සයනයේ දී කඹරනු පිණිස උපන්නියයැයි සැලීට ඒත්තු ගැන්වෙයි .නිබඳව වෙහෙසී වැඩ කරන ඈ ළදරු වියේදීම නිතර නිතර කෙළෙසීමට ලක්වෙයි .තම ආදරණීය නැගෙනිය කෙලෙසනු ලැබීමෙන් වළක්වාගැනීමට කැපවන්නේ සැලීය .ඇය තම සොයුරිය ද දෙදරුවන් ගෙන් ද...
0 out of 5

මුහුද යට දිවයින

Rs. 765
වහලියක ලෙස විකුණා දමන්නට අඅප්‍රිකාවේ  සිට ගෙන එනු ලැබූ තරුණියකගෙ කුසෙන් නැව් ගමනේ දී ඇය දූෂණය කළ සුදු ජාතික නාවිකයකු ට දාව සැන් දෝමෑං දිවයිනේ දී උපන් තෙතේ හෙවත් සරිතේ බිලිඳු වියේ පටන් ම වහල් බවේ බැම්මෙන් බැඳී සිටින්නීය. 18 වැනි ශතවර්ෂයේ අග භාගය වන විට සැන් දෝමෑං දිවයින හෙවත් වර්තමාන හයිටි රාජ්‍යය පෙලූ වහල්භාවයේ  හීනත්වට හා ඊට එරෙහි අරගල...
0 out of 5

මා සොයාගත් ඔබ

Rs. 467
නැතන් මැකාන් කැලෑවේ කොළ කැටියක ට යට වී සිටි උපන් හැටියේ ළදරුවෙකු සොයා ගනියි .ඔහු සිතුවේ ඒ ළදරුවා මියගොස් ඇතැයි කියාය .එහෙත් එක්වරම ළදරුවා සිගිති චලනයක් කරයි .ඒ අති විශේෂ මොහොතේදී  නැතනගේ ජීවිතය සදහටම වෙනස් වෙයි . රෝහල් බලධාරීන් ළදරුවා ඔහුගේ අත්තම්මාට බාර දුන් නමුත් ඇය එක් වරක් හමුවන්නට නැතන් බලවත් සේ පෙළඹෙයි .හෙතෙම එකම එක සරල පොරොන්දුවක් ඇයගෙන් ඉල්ලයි...
0 out of 5

සුදු කලු

Rs. 425
පුතා ඔය පිටිපස්සෙ තියෙන ටින් කබල් වලට වෙඩි තිබ්බට කමක් නෑ .මං දන්නවා ඔයා කුරුල්ලන්ට කුරුමානං අල්ලන විත්තිය ඒත් බට්ටිච්චන් ට නම් වෙඩි තියන්න එපා පුතා උන් මරණ එක පවක්. දවසක් තාත්තා අයියට කීවා. ඒ තමයි තාත්තා පවක් ගැන කී පළවෙනි වතාව, මං ඒ ගැන මෝඩි මිස්ගෙන් ඇහුවා. ඔයාගේ තාත්තා හරි. බට්ටිච්චෝ කරන්නේ අපි ම සතුටු කරන්න  සින්දු කියන එක...
0 out of 5

ඈත අතීතයට ගිය ඇමරිකානුවා

Rs. 637
දහනමවන සියවසේ ඇමරිකාවේ විසූ හෑන්ක් මෝගන් නම් තරුණයා යම් අද්භූත ආකාරයට හයවන සියවසේ එංගලන්තයේ ආතර් රජුගේ කාලයේ පහළ වෙයි .නවීන නිදහස් මතධාරී ඉතාම දක්ෂ කාර්මිකයෙකු වූ හෙතෙම දැඩි ආගමික මත දාරී අතිශයින් සම්ප්‍රදායික වැඩවසම් ක්‍රමය සහ නොදියුණු ආර්ථික සමාජ රටාව ක්‍රමයෙන් වෙනස් කරයි . ඔහුගේ නවීන තාක්ෂණික ශිල්පීය ක්‍රම 6 වන සියවසේ ප්‍රබල මිත්‍යා මතධාරීන්ට පෙනෙන්නේ මහා ප්‍රාතිහාර්යයක් ලෙසිනි. අවසානය...
0 out of 5

දුවන වට්ටියා හා හිනාවෙන ටිකිරා

Rs. 493
ලියනගේ අමරකීර්ති මහතා විසින් රචිත අගනා කෙටිකතා 10 කින් සමන්විත වේ
0 out of 5

මිනිත්තු එකොළහේ කතන්දරේ

Rs. 1,080
මරියා බ්‍රසීලයේ ඇතුළු ගමක ඉපදුනු , නිළියක් වෙන්න ජිනීවා වලට ආපු රූමත්, බුද්ධිමත් තරුණ ගැහැනියක්. ආදරය හා ජීවිතයේ ගුප්ත ස්වභාවයන් තුළින් අභ්‍යන්තරයෙන් පැන නැගෙන ආලෝකය හොයාගෙන යන අවදානම් සහගත ගමනේදී ආදරය වෙනුවට ලිංගිකත්වය මුණගැසුණ හොත් කුමක් වේවිද? ජීවිතය සොයා යාමේදී ආදරය ලිංගිකත්වය  මතුකර ගැනීමට කෙරෙන නිර්භීත  ගවේෂණයක කතාවයි මිනිත්තු එකොළහේ කතන්දරේ 
0 out of 5

චේ සමග සංචාරයෙහි

Rs. 510
තරුණයෝ දෙදෙනෙකි. එකකු හැඳින්වූයේ ඇල්බර්ටෝ ග්‍රනාඩෝ හෙවත් මියාල් නමිනි .අනෙකා අර්නස්ටෝ ගුවේරා ය. ඔහු පෙලාවෝ නැතිනම් ෆියුසර් නමින්ද හඳුන්වනු ලබයි. එහෙත් ඔහු පසුව ලෝක පූජිත වන්නේ චේ යන ආදරණීය නාමයෙනි. මේ දින සටහන් අපට පවසන්නේ අර්නස්ටෝ නම් තරුණයා චේ නම් අව්‍යාජ  විප්ලවවාදියා බවට පත්වීමට මග සැලසුන ආකාරයයි .තරුණ වියේදී තම කල්‍යාණ මිත්‍රයා වන ඇල්බර්ටෝ  සමඟ ලතින් ඇමරිකාව පුරා යතුරුපැදියෙන් කළ...
0 out of 5

මේ රහස් කවුළුවෙන් එබෙන්න

Rs. 527
Me rahas kawluwen ebenna කතෘ : කෞශල්‍ය කුමාරසිංහ – Kaushalya Kumarasinghe ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – Vidharshana publishers  
0 out of 5

ආදමිගේ දිනපොත සහ තවත් කතා

Rs. 408
Adamge dina potha saha thawath katha පරිවර්තනය : ප්‍රභාත් සේනාරත්න – Prabath senarathne ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – Vidharshana publishers    
0 out of 5

ලූලූට පවුල් දෙකක්

Rs. 212
luluta pawl dekai පරිවර්තනය : පත්මා විජේසිංහ – pathma Wijesinghe ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශන – vidharshana publishers    
0 out of 5

පිදුරු බල්ලෝ

Rs. 510
  මානවකේන්ද්‍රවාදයෙහි, නූතනත්වයෙහි සහ ප්‍රගතියෙහි අඳුරු ප්‍රදේශ වෙත එබී බලන්නට උත්තේජනය සපයන මෙම කෘතිය අලුත් ආකාරයක මානව ප්‍රගතියක් පිළිබඳ මෙනෙහි කරන්නට අප මෙහෙයවයි. පසුගිය පන්සිය වසක පමණ කාලය පිළිබඳ අවංක ආපසු හැරීමක් අවශ්‍ය වන යුගයකට අප පැමිණ නොතිබේදැයි කතුවරයා අසයි. විටෙක අප අවුස්සන, විටෙක අප කුතූහල ගන්වන, විටෙක අප කෝපගන්වන මෙම කෘතිය මග හැර කිසිම ක්ෂේත්‍රයක බරපතළ ක්‍රියාවක නියැළිය හැකිද?...
0 out of 5

මගේ දිවිසැරිය

Rs. 1,125
තමන් විසින් පරිවර්තනය කරන ලද කෘති අතරින් වඩාත්ම කැමති කෘතිය කුමක්දැයි කවුරුන් හෝ මගෙන් ඇසුවහොත් මා එක්වරම දෙන පිළිතුර එය දරුවන් අතරින් වඩාත්ම ආදරේ කවර දරුවාටදැයි අසනවා වැනි අසාධාරණ පැණයක් බවයි. එවන් තත්වයක් යටතේ වුව චාලි චැප්ලින්ගේ ස්වයං ලිඛිත අපදානයෙහි මවිසින් පරිවර්තිත ‘මගේ දිවිසැරිය‘ කෘතිය දෙවන වර මුද්රණය වන බව විදර්ශන ප්රකාශන ආයතනයේ ජනක සහෝදරයා පැවසූ කළ මා අත්විඳි සතුට...
0 out of 5

අහස ගුගුරන හඬ

Rs. 552
Ahasa gugurana handa Roll of thunder , Hear my cry – Mildred D.Taylor පරිවර්තනය : දෙව්දු සෙනෙවිරත්න – Devdu senevirathne ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – Vidharshana publishers      Read More
Loading...