Shop
දවා හළු කළ නොහැක ලූෂන් බුලත්සිංහලගේ මතක
Original price was: Rs. 1,900.Rs. 1,710Current price is: Rs. 1,710.
අපි ලූෂන් බුලත්සිංහලට විවිධ ආකාරයෙන් ණයගැති වෙමු. අපේ ජීවිතවල ඇතැම් යුග වලදී කලකිරුණු සුන්බුන් වූ අපේ ජීවනාශා පිළිසකර කර දී; ජීවන ලාලසා වඩා අප ව රැකගනු ලැබ ඇත්තේ ඔහු ලියූ ඇතැම් ගී පදමාලා මගින් උපන් නිමැවුම් විසිනි. මේ කතාව වනාහි ලංකා ඉතිහාසයේ මකා දැමීමට පුළුස්සා දැමීමට අමතක කරවීමට හා විකෘති කිරීමට උත්සාහ කළ ගුවන්විදුලියේ, රූපවාහිනියේ, ටෙලි නාට්‍යයේ හෝ වේදිකා නාට්‍යය...
කන්දක් සේමා
Original price was: Rs. 1,500.Rs. 1,350Current price is: Rs. 1,350.
නූපා ජපානයේ නීගතාවට යන්නේ සකුරා මල් පිපුණු අරුමය බලන්න නෙමෙයි. තමන්ගෙ රටේ සමාජ ආර්ථිකයයි, සංස්කෘතියයි, දේශපාලනයයි නූපාව ජපානයට පිටුවහල් කරනවා. නූපා, නීගතාවෙ සන්ජෝ නගරයේ සැරිසරන්නිය වෙන්නේ කවුරුහරි සොරා ගත්තු තමුන්ගේ තරුණ ජීවිතේ නැවත සොයා ගන්නයි. සුමිකාවා පරම්පරාවේ මළවුන් ඇවිත්, ලංකාවෙන් ආව ඥාතියා ප්‍රතික්ෂේප කළාට ,සන්ජෝ නගරයේ සැරිසරන්නිය - නගරයටයි, එහි සංස්කෘතියටයි බද්ධ වෙනවා. පෙකණිවැලේ එල්ලිච්ච පුංචි කලල දෙකක් උපන් රටේදීයි,...
හදවත් වරක් – දෙවන කොටස
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
අහම්බයකින් මිස අපි හමු නොවෙමු කිසිදා යලි අපි වැඩිපුරම ආදරේ කරන කෙනෙක්, අපි වැඩිපුරම විශ්වාස කරන කෙනෙක් යමක් නිතර නිතර කියද්දි නොදැනුවත්වම අපි ඒ දේවල් ඇත්තමයි කියලා පිළිගන්න පටන් ගන්නවා. අපි වෙනස් වුණේ කොහොමද කියලා හිතාගන්නවත් බැරිතරම් හිමින් නමුත් අපි වෙනස් වෙනවා.' අහම්බයකින් මිස අපී... හමු නොවෙමු කිසිදා යලී...
හදවත් වරක් – පළමු කොටස
Original price was: Rs. 1,500.Rs. 1,200Current price is: Rs. 1,200.
ජීවිතේ කියන්නෙ මහ පුදුම ගමනක්.අපි කාගෙත් එහෙමයි. හැමෝගෙම ජීවිතවල ප්‍රසිද්ධියේ පෙනෙන දේට යටින් ලෝකෙට කෑ ගහලා නොකියපු කතා තියනවා. හැම කතාවකටම බොහෝ පැතිකඩයනුත් තියනවා. මේ පොතේ හැම චරිතයක්ම, හැම සිදුවීමක්ම ලියලා තියෙන්නෙ සැබෑ ජීවිතයේ සැබෑ මිනිසුන්ගේ අත්දැකීම් පාදක කරගෙන. නමුත් මේ චරිත වල නම් වගේම සඳහන් කර ඇති තැනුත් මනංකල්පිතයි. ඔබත් දන්නා,මාත් දන්නා මිනිස්සු තිස් දෙනෙක් චරිත් කිහිපයකට ලඝු වෙලා...
සේලවී
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
තේ වත්ත මුදුනේදී දැරණියගල ටිකක් නුහුරු තද හුළඟක් හමාගෙන ගියේ හිටිහැටියේ හයිය ගස් වල පවා මුදුන් හොලවමින්,තද කොළ පාට කොලත් බිම හෙලමින් හමා ගෙන ගිය ඒ හුළඟ තුන්දෙනාගෙම අවධානය දිනා ගත්තා. නුරා ඒ හුළඟ ඇඟේ දැවටිලා යද්දි ඇස් පියා ගත්තා.රාද්ගේ ඇස් මොහොතකට යොමු වුණා ඇසිපිය වුණු නුරා දිහාවට කපිල් හුළඟෙ සුවඳ විඳින්න පොඩි ඉස්පාසුවක් ගත්තා.
කැමෙලියා
Original price was: Rs. 975.Rs. 877Current price is: Rs. 877.
"බල්ලො මිනිස්සු වගේ කතා කරන්න පුරුදු උනා නම් උන් ඔච්චර හොඳ වෙන්නේ නෑ කියලත් මතක තියාගන්න එහෙනම් ඔයාව හපා කන්නේ වලිගෙ වනල." ඇනීටා "මං කැමැතියි වැවිලිකරුවෙක් විදිහට ඡන්දෙට ඉදිරිපත් වෙන්න දැන් මගේ ඇඟේ දුවන්නේ ලේ නෙමෙයි තේ" ජෙෆ්රි "මට තේ වතුරෙන් දැනෙන්නෙ අප්‍රසන්න රසයක් සහ කුයිලය පමණි. එය රළු මුඩු නූගත්කමේ දුගඳ ලෙසද විටෙක භීතියේ බයාදු කමේ කහට ලෙස ද...
ළමුතු අමයා
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
‛ළමුතු අමයා’ ළමා පොතක් නොව ළමයෙකුගෙ සැබෑ සිතුවිලි පිළිබඳ උපහාසාත්මක හා යථාර්ථවාදී නවකතාවකි. “ළමා කතා කියලා ජාතියක් තියෙනවා නේද? ඒ හැම එකකම තියෙන්නෙ ‛හොඳ ළමයෙක් වෙයන් පුතේ' කියන පණිවිඩය. මට එකක් කියන්න ඕන. මට අමුතුවෙන් හොඳ වෙන්න උවමනාවක් නෑ. මම කොහොමටත් හොඳයි. වැඩිහිටියන්ගෙ තියෙන ලොකුම ප්‍රශ්න මොකක්ද දන්නවද? ලොකු වෙනකොට පොඩි කාලේ අමතක වෙන එක. පොඩිකමේ වාසියක් තමයි වැඩිහිටියෝ බය...
බොම්බෙමොටයි
Original price was: Rs. 1,300.Rs. 1,105Current price is: Rs. 1,105.
හායි.... මගේ නම ෆ්ලෝරා. නමුත් වැඩි දෙනෙක් මට කතා කරන්නෙ ෆ්ලෝසි නැතිනම් ෆ්ලොස් කියලයි. මගේ හොඳම මිතුරිය රියෑනන් වතාවක් දෙකක් මට ෆ්ලොප්සි බනී කිව්වා. නමුත් ඒ එයා මා ගැන ලොකුවට කරදර වුන කාලෙදි. මට කවදාවත් රියෑනන් වගේ මිතුරියක් සොයා ගන්න බැරිවෙයි කියා මා හිතුවා. හොඳයි, ඕස්ට්‍රේලියා ගියොත් නම් කොහොමවත් බැරිවෙයි කියල මං හිතුවා. මගේ අම්මා මාව ඕස්ට්‍රේලියාවට එක්ක යන්න හුඟක්...
කලු ගැහැණියකගේ සිහිනය
Original price was: Rs. 800.Rs. 640Current price is: Rs. 640.
කළු ගැහැනියකගේ සිහිනය නයිජීරියානු ජාතික බූචී එමචිටා විසින් ලියු Second class citizen නම් ඉංග්‍රීසි නවකතාවේ පරිවර්තනයකි. මානුෂික නිදහස ගැන පූජනීයත්වයෙන් සලකන එංගලන්තයේදී වුවද කළු ගැහැනියක් පත්වන දුක්ඛිත අසරණ තත්ත්වය ගැන බූච් විස්තර කරනුයේ තමා ලන්ඩන් නුවර ගත ගතකළ ජීවිතෙන් ලද අත්දැකීම් ද එකතු කරමිනි .
අනියම් බිරින්දෑවරු
Original price was: Rs. 1,680.Rs. 1,512Current price is: Rs. 1,512.
Memoirs of a Geisha - Arthur Golden "මගේ බිරිඳ මියගියත් ඈ තවමත් මා තුළ ජීවත් වෙමින් සිටිනවා." ඔහු මෙසේ පවසද්දී මා සිටියේ රසම රස සුප් කෝප්පයක් පානය කරමිනි. මොහු පවසන්නාක් මෙන් මා ඇසුරු කළ අයත් මා ඇසුරු කළ මිය ගිය අයත් තවමත් මා තුළ ජීවත් වෙමින් සිටී.නොබූ මෙන්ම සභාපතිතුමා ද මා තුළ ජීවත් වෙමින් සිටී.ඒ අතර මගේ අම්මා, තාත්තා, මෙන්ම...
1981 යාපනය ගිනිලෑම
Original price was: Rs. 700.Rs. 630Current price is: Rs. 630.
දේශපාලන පොලිසියේ වැඩ ඇල්ලීම යළිත් උත්සන්න වෙමින් පවතියි. එය ජන ජීවිතයේ පැවැත්මට තර්ජනයකි.අමන පාලක පැලැන්තියකින් නිදහස් වීමට රටවැසියන්ට ඇති අයිතිය පාගා දැමීමකි.නීතියේ ආරක්ෂකයා විය යුතු පොලිසිය දේශපාලකයාගේ ආරක්ෂකයා වීම ආරම්භ වන්නේ කොතැනකින්ද?එහි ස්වභාවය කෙසේ වී ද ?මේ ගවේෂණාත්මක වාර්තාවෙන් සොයා බැලෙන්නේ එයයි. මෙය දශක තුනකට ආසන්න කාලයක් වෙහෙසී 1981 යාපනය ගිනිලෑම ගැන සිංහලෙන් ලියවෙන මුල්ම ගවේෂණාත්මක කෘතිය ද වන්නේය. පාලකයන්...
බටලන්දට ගිනි තැබුවෙමු
Original price was: Rs. 1,000.Rs. 900Current price is: Rs. 900.
බටලන්දට ගිනි තැබුවෙමු ජනමාධ්‍ය කරුවෙකුගේ දශක කීපයක ගවේෂණයකි.ජීවිතේ පරදුවට තබා නිල අපරාධකරුවන් සොයා රටවල් ගණනාවකට යමින් කෙරුණු වීර චාරිකාවකි.'බටලන්ද කොමිසම' ආරම්භ වූයේ ඔහු රහස් පොලිසියට කළ පැමිණිල්ලක් අනුවය.'බටලන්දට ගිනි තැබුවෙමු' මේ අතීත වාර්තාකරණය වර්තමානයට යා කිරීමකි.ත්‍රාසජනක චිත්‍රපටයක හැඩය ගත්තද මේ ග්‍රන්ථය ජීවත් වූ හා ජීවත්වෙමින් සිටින මිනිසුන්ගේ සැබෑ නම් ගම් වලින්ම රචනා වූවකි.මහජන ඡන්දයෙන් බලය ලැබූ දේශපාලකයන් මහජන මුදලින් වැටුප්...
නොනිමි අරගලයක මතක ගිනි පුපුරු
Original price was: Rs. 2,000.Rs. 1,800Current price is: Rs. 1,800.
අපි තෙවැනි බිම්බෝම්බයේ පිහිට සෙව්වෙමු. එය මහ හඬින් පුපුරා ගියේය. නමුත් පිපිරීමෙන් තැනුනේ කෙනෙකුට පහත් වී රිංගා යාමට හැකි ප්‍රමාණයේ කුහරයකි. හිරගෙදර හා අවට වෙඩි හඬවලින් ගිගුම් දෙද්දී අපි කරුවලේම තාප්පය අසලට රොක් වෙමින් සිටියෙමු. ස්වයංක්‍රීය ගිනි අවිවලින් වෙඩි උණ්ඩ එක පිට එක මුළු හිරගෙදර පුරා ගිනියම් වූ ආලෝක ධාරාවන් මැද එල්ල වෙමින් තිබුණි. පිටත සිටි කණ්ඩායම් දෙක විටින් විට...
මගේ මවගේ රහස
Original price was: Rs. 550.Rs. 495Current price is: Rs. 495.
සත්‍ය කතාවක් පාදක වූ මගේ මවගේ රහස හදවතට දැනෙන සංවේදී කතාවකි. 1939 දී නාසින් විසින් ආක්‍රමණය කළ පෝලන්තයේ යුදෙව්වන්ට නවාතැන් සැපයීම මරණ දඬුවමකි.ෆ්රැන්සිස්කා සහ හෙලේනා තම කුඩා නිවසෙහි යුදෙව් පවුල් දෙකක සහ ජර්මානු සොල්දාදුවෙකුගේ ජීවිත නාසීන් ගෙන් සඟවා ගත්තේ තම ජීවිත පවා අවදානමට ලක් කරමිනි.මෙම බිහිසුණු කාලයේදී හේලේනාගේ ආදර කතාව හදවතට සුන්දරත්වයත් ලබාදෙයි. කතාවේ හදවත බඳු ෆ්රැන්සිස්කා කරුණාව, නිර්භය දයානුකම්පාව...
දුවපං කොල්ලො දුවපං
Original price was: Rs. 700.Rs. 630Current price is: Rs. 630.
"විශ්වාස කරන්න මම ගොළුබෙල්ලන්වත් කෑවා හරිම අප්පිරියා තමයි. ඒත් රහ බලන්නේ නැතුව එකපාරටම ගිල්ලා." දෙදෙනාම කුඩා පිකප් රථයට ගොඩ වූහ. ඒ එදා ජුරෙක්ව පැහැරගෙන ආ රථයයි.දෙදෙනාම රියදුරු අසුනට යාබද අසුනේ තෙරපී වාඩි වූහ. ආපසු හැරී බැලූ ඇයට ඇස ගැසුණේ ජුරෙක්වය. මේ වන විට එක් අතක් පමණක් ඇති, තඹ පැහැති කොණ්ඩයෙන් යුතු මේ දක්ෂ සිසුවා ගැන විශ්වවිද්‍යාලය කවුරුත් කතාබහ කළහ. දෙවන...
කඳුකරයේ විරු දරුවෝ
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
සමහරවිට ඔවුන් හැම දෙනාටම බියමුසු හැඟීමක් දැනෙන්නට ඇත. හදිසියේම ඔවුන් එකිනෙකා මුහුණින් මුහුණ බලන්නට වූයේ අනතුරක් පිළිබඳව හැඟුණු අයුරිනි. "ඒ සර්පයෙක් ද?" හාවි කෙඳිරුවේය. ළමෝ ඔහු නොතකා සිටියහ. "මට පිඹින හඬක් ඇහුණා. ඒ සර්පයෙක් වෙන්න ඕනි" " ෂ්...ෂ්....නිශ්ශබ්ද වෙන්න" ගසීට අයිස් මෙන් සීතල දෙව්ලීමක් දැනුණි. ඒ සර්පයෙක් නොවීය. ඌ පිම්බේ නැත. හඬ පැමිණියේ බරැති සතෙකු මඩ මත පා තැබූ අයුරිනි.
ලැවෙන්ඩර්
Original price was: Rs. 750.Rs. 675Current price is: Rs. 675.
පුංචි ලැවෙන්ඩර් මල් පෙත්තක් ගැන හරි ලස්සන කතාවක්... කැලෑ මල් සුවඳ, වැනිලා ගොඩක් දාලා හොදින් කලතාපු කැපුචිනෝ කෝපි කෝප්පයක සුවඳ,දූවිලි පිරුණු පරණ පොතක පිටු අස්සෙන් එන කඩදාසි සුවඳ, හෙමින් හෙමින් ලෙලි ඉවත් කරන කොට මැන්ඩරීන් දොඩම් ගෙඩියකින් එන මිහිරි පැඟිරි සුවඳ, ලැවැන්ඩර් මල් පෙති වලින් සරසාපු සිනිදු කොණ්ඩා කරල් වලින් එන සුවඳ, බී ආත්තම්මගේ හරි හතරැස් පෙට්ටියක් වගේ කේක් අවන්...
ජෙරුසලෙම් දූවරුනි
Original price was: Rs. 1,000.Rs. 800Current price is: Rs. 800.
කුරුසිය කර තබා කල්වාරි ගිර තරණය ජේසුස්ය. සිය හැඬුම්, දෙඩුම්, විලාප තබමින් ජේසු තරුණයා පසුපස යන මිත්තනියෝය. අම්මලාය. සොයුරියෝය. දියණියෝය. ප්‍රේමයෙන් බැඳුණු ගැහැනුන් ය.ඒ ස්ත්‍රී වළල්ලේ දෑත් අතරද , ඔක්කේද අතැඟිලි අගිස්සේද, වස්ත්‍ර කොන්වද එල්ලී ගත් ළමා ළපටියන් ය. අම්මාවරුන්ගේ කඳුළු ගැන කුහුල් සිත් ගත් විමසුම් සිඟිත් ඇස් බියෙන් තැති ගැන්වී ය. කුරුසය කර තැබූ තැන් සිට ,නිහඬවම එය උහුලා...
බෙල්සෙන්හි සිරගතව
Original price was: Rs. 1,250.Rs. 1,000Current price is: Rs. 1,000.
ටොමී රයිකෙන්ටාල් වයස අවුරුදු නවයේදී නට්සීන් ගේ ග්‍රහණයට හසු වන්නේ තම මවත්, එකම සහෝදරයත් ,ආච්චි අම්මත්, නැන්දණියත් සමග තවත් පවුලේ සාමාජිකයින් කිහිප දෙනකු ද සමගය.අවසානයේදී ඔවුන් රඳවා තබන්නේ ඉතාම බිහිසුණු සිර කඳවුරක් වූ බර්ගන් - බෙල්සෙන් කදවුරේය.ඔවුන් කළ එකම අපරාධය ලෙස හැඳින්විය හැක්කේ ස්ලෝවැකියාව තුළ යුදෙව්වකු ව ඉපදීම පමණි. කඳවුරේ ගත කළ කාලයේ එහි සිදුවූ දරුණු සිදුවීම් සියැසින් දුටු සාක්ෂිකරුවකු...
මැයිමාර ප්‍රසංගය
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ... ඔයා නිකම්ම නිකං මැයි මාර ළමයෙක් එහෙම නෙමෙයි.කුතුහලය මිශ්‍ර චමත්කාර පිරිණු මාරම මාර මැයි මාර ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංගයක් පවත්වන්න. එහෙනම් මම ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.
ටානියා
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
"ධනවාදයෙන් ක්‍රියාත්මක වන ලෝකයක අපේ ජනතාව ලක්වී ඇති ආත්මාර්ථකාමී ස්වභාවයට විරුද්ධව හැම ජනතාව කෙරේ ඇති ආදරයේ සලකුණු හැඟීම් ඇය සතුයි. තවද ඇය ජීවිතය ගැනද නොසිතමින් ප්‍රධාන අරමුණට අවදානම දරාගෙන යන්නියකි." -චේ ගුවේරා- "ප්‍රසන්න භාවයක් ඇති කතා බහ කිරීමට පහසු අතිශයෝක්තියෙන් තොර, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් ඉහල දැනුමක් ඇති අයෙකි ඇය." -ටියොබල් ඩෝ- (රහස් මෙහෙයුම් තාක්ෂණික උපදේශක) "අපේ 'ඉටා' ටමාරා බවට...
නොගිලිහෙන්න
Original price was: Rs. 1,300.Rs. 1,170Current price is: Rs. 1,170.
නූතන එංගලන්තයේ පරිකල්පිත සමාජයක හැදී වැඩෙන සිසුන් කණ්ඩායමක ජීවන අත්දැකීම් ඇසුරෙන් කසුඔ ඉෂිගුරො විසින් රචිත 'නොගිලිහෙන්න' මෑත කාලීනව බොහෝ සේ පිළිගැනීමට ලක් වූ මෑන් බුකර් සම්මානය සඳහා කෙටි ලැයිස්තුගත වූ නිර්මාණයකි. අවුරුදු තිස්එකක් වන කැතී, හෙයිල්ෂම් පාසලේ ගත කළ සිය සුන්දර ළමා කාලය හා පුළුල් ලෝකය තුළ මිතුරු මිතුරියන්ට මුහුණ පෑමට සිදුවන ඉරණම වටහා ගැනීමට කරන උත්සාහය විවරණය කර ඇති...
තෙල්මා
Original price was: Rs. 2,250.Rs. 1,800Current price is: Rs. 1,800.
මාරි කොරෙලි සොඳුරු කවි බසින් අප අමතා කියන්නේ රෑ ඉරපාන හමුවූ ෆිලිප් - තෙල්මා යුවලගේ ආදර වෘත්තාන්තයයි.නෝර්වේ දේශයේ බොස්කෝප් ග්‍රාමයේ නූගත් ගැමියෝ තෙල්මාගේ හදවත තබා රූ සිරියවත් වටහා නොගත්තෝය. ගතිකානුගත අදහස් එකහෙළා පිළිගත් ඔහුහු ඇය යක්දෙස්සියක යැයි කීවෝය. රසවින්දනයෙන් සාහිත්‍යය, සංගීත, කාව්‍ය හා නාටක රසාලිප්තව, ඒ සොඳුරු බව රූ සිරියාව හා කැටිව තෙල්මා නම් පිරිසිදු හදවත් ඇත්තිය නිර්මාණය වූවාය.ලන්ඩනයේ වංසක්කාර...
දංගෙඩිය
Original price was: Rs. 1,750.Rs. 1,400Current price is: Rs. 1,400.
ජනතාවගේ ආහාර අවශ්‍යතා වෙනුවෙන් රටේ සත්ත්ව සම්පත අනුකම්පා විරහිතව ඝාතනය කිරීමට නිකුත් කෙරෙනා නිලධාරිවාදී ආඥා හමුවේ පරිසර තුලිතතාවය බිඳ වැටීමෙන් පීඩනයට ලක්වන මිනිසා හා සත්ත්ව ජීවිතවල ඛේදවාචකයත් ආගමික සංස්ථාවේ අත්තනෝමතික ප්‍රශ්න කිරීම් හමුවේ නෙරපනු ලබන පූජකවරයකු මිනිසාට තමන් අදහන සත්‍ය වටහා දීමට යාමෙන් මුහුණදෙන ඉරණමත්,සමාජ විමුක්තිය උදෙසා අවංකව කැප වෙන විමුක්ති කාමියෙකු හට නිලධාරී වාදයෙන් එල්ල වන අසාධාරණයන් හරහා සමස්ත...
ෆා දූපතේ සිටුවරයා
Original price was: Rs. 1,800.Rs. 1,620Current price is: Rs. 1,620.
මගේ බැල්ම දොර මත රැදී තිබුණි. සිහිනයේ ප්‍රධාන කොටස වූයේ දොරයි. ඒ මා ඇතුළු වු දොර නොවේ. මෙහි දොරවල් දෙකක් තිබිණි. සිහිනයේදී විවෘත නොවූ නමුත් සෙමෙන් විවෘත වන බවක් පෙනුණු, මගේ බියට හේතු වූ කරුණ එහි අනෙක් පැත්තේ තිබෙන බවට යටි සිතින් මට හැගුණ දොර එයයි. දොරේ හැඩලය සෙමින් කරකැවෙනු පෙණිනි. මට එයින් දෑස ඉවතට ගන්නට නොහැක විය. එය සෙමෙන්...
නරනිඳු ගැටුම
Original price was: Rs. 2,400.Rs. 1,920Current price is: Rs. 1,920.
ලොව පුරා අලෙවි වාර්තා තැබූ A Song of Ice and Fire කතාමාලවේ දෙවන කෘතියේ පළමුභාගය...... ගින්නේ සහ රුධිරයේ වර්ණ රැගත් වල්ගාතරුවක් යට කණ්ඩායම් සයක් කුණාටු සහ කැළඹීම් මධ්‍යයේ බෙදුණු භූමියක් වෙනුවෙන් අරගල කරති. ළමා රජු, කාන්තාවක්, කුරුමිට්ටෙක් සහ නපුංසකයකුගේ පාලනයට නතු වේ. කුමාරිකාවන් මහමගට වැටෙද්දී අබ්බගාතයෝ වෘකයෝ බවට පත් වෙති. දීර්ඝ ගිම්හානයේ අවසානයත් සමග රජවරුන්, රජවරුන් සමඟ ද අවජාතකයෝ, මළවුන්...
මිඩාක් පටුමග
Original price was: Rs. 1,500.Rs. 1,200Current price is: Rs. 1,200.
සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී නජීබ් මහ්ෆුස්ගේ පොහොසත් වර්ණිත කතා කිමේ කලාව "මිඩාක් පටුමග" නවකතාවේ තරම් දෘශ්‍යමාන වන වෙනත් ඔහුගේ කෘතියක් නොමැති තරම් ය.මේ නවකතාව කයිරෝ නගරයේ ජනයා බහුලව ගැවසෙන පටුමග ජීවත්වු නිවැසියන්ගේ ජීවිත පුවත වටා කේන්ද්‍රණය වී ඇත.සයිටා නම් වූ ආබාධිතයන් තනන්නා ගේ සිට තරුණ පිරිමි ළමුන්ට හා මත්ද්‍රව්‍ය වලට ඇලුම් කළ ක්‍රිෂ්ණා නම් වූ අවන්හල් හිමියා ද, මුදලට ඇති...
මුලා මංසල
Original price was: Rs. 1,750.Rs. 1,400Current price is: Rs. 1,400.
ඈට හන්දියේ රැජින මතක් වෙන්න ඇති. ඇගේ අම්මාත් ඒවගේ් ගිනි කූටක අවුවේ, සීතල කාලේ වැස්සේ හිටගෙන ඉඳීවි ද කියල හිතන්න ඇති. ඇගේ බාල මල්ලියි නංගියි බලාගන්නේ කවුද, තාත්තට වෙලාවට ප්‍රෙෂර් පෙති බොන්න මතක් කරන්නේ කවුද? එතකොට ඈට ඒක ඇහුනා, අකුණක බලය කැටිවුණු ඇඟිලි පහේ කම්මුල් පාරක්, ජෙල් කොණ්ඩකාරයා බෙරිහන් දුන්නා, උගේ කම්බුල රතු වෙලා, ඉස්සරහ වීදුරුවට කාර් එකේ වයිපර් වලින්...
ජුලියා නැන්දා සහ තිර රචකයා
Original price was: Rs. 2,100.Rs. 1,680Current price is: Rs. 1,680.
මාරියෝ වර්ගාස් යෝසාගේ අතිවිශිෂ්ට, බහුස්ථර නවකතාව ලීමාවෙහි කතුවරයාගේ යෞවන කාලය සැකසී ඇත්තේ, දේශීය ගුවන් විදුලි නාළිකාවක ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙහෙස මහන්සිව රාජකාරි කරන්නා වූ මරිටෝ නම් තරුණ සිසුවෙකු ලෙස ය.ඔහුගේ තරුණ ජීවිතය, පැමිණීම් දෙකක් නිසා භේදනය වේ. පළමුවැන්න, මෑතකදී දික්කසාද වූ සහ අවුරුදු දහතුනක් වැඩිමහල් වූ ඔහුගේ ජූලියා නැන්දා සමග රහසිගත ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කිරීමය.දෙවැන්න, පේද්රෝ කැමාචෝ නම් උන්මාදික ගුවන්විදුලි පිටපත්...
තෙත්සූයා නම් දුනුවායා
Original price was: Rs. 650.Rs. 520Current price is: Rs. 520.
"දුන්නෙන් ඉවතට යන හැම හීයක්ම හදවතේ මතකයක් ඉතිරි කරනවා. එහෙම එකතු වුණු මතක ගොන්න ඔයාව වඩාත් ශූර දුනුවායෙක් කරාවි."
නාසීන්ගේ නැගීම සහ බිඳ වැටීම
Original price was: Rs. 1,600.Rs. 1,280Current price is: Rs. 1,280.
ඔස්ට්‍රියාවේ ධනවත් යුදෙව් පවුලක මෙහෙකාරියක ලෙස සේවය කළ මරියා නමැති තරුණියක එකී යුදෙව් පවුලේ තරුණයකු අතින් දුෂණයට ලක්ව 1837 දී පුතෙකු වැදුවාය.ඔහු නමින් ඇලොයිස් නම් වූ අතර හෙතෙම ඇඩොල්ෆ් හිට්ලර්ගේ සීයා වූයේය. ඇඩොල්ෆ් හිට්ලර් කුඩා කාලයේ ඉගෙනුම ලැබුවේ යුදෙව් සිසුන් සමඟිනි. එකල යුදෙව්වෝ යුරෝපය තුළ සමෘද්ධිමත් ජීවිත ගත කළෝය. යුදෙව් සිසුන් හා සංසන්දනය කිරීමේදී හිට්ලර් ඉගෙනීමටද පසුබට වූයේය. බුද්ධිමත් වූ...
තල් අරණේ කතන්දරය
Original price was: Rs. 1,600.Rs. 1,280Current price is: Rs. 1,280.
කුල පීඩනයේ විය ගසට යටකර සිය ළමා වියෙහි නොකල් වැඩිහිටියන් බවට පත් කරනු ලබන ළමුන් පිරිසක්. කුල පීඩනය මෙන්ම ආර්ථික පීඩනයේද බර දරාගත නොහැකිව සිය දරුවන් උසස් යයි සම්මත කුලයන්හි වාල්කමට පවරන්නට බල කෙරුණු වැඩිහිටියන් පරම්පරාවක්. පෙරුමාල් මුරුගනගේ අග්රකෘතිය සේ සැලකෙන මේ නවකතාව කුල ක්‍රමය යනු තවත් කල් පවත්වා නොගත යුතු මානව විරෝධී පද්ධතියක් බව මනාව විදහන අපූරු නවකතාවකි.
දේදුනු බළකාය
Original price was: Rs. 1,500.Rs. 1,200Current price is: Rs. 1,200.
පංති විෂමතාවෙහි ගොදුරු බවට පත් පීඩිත දරුවන් පිරිසක් සහ ඔවුන්ට ලෝකයට කවුළු විවර කරදීම සිය ජීවන පරමාර්ථය කරගත් ගුරුවරයෙක් මෙන්ම තුරුණු ගුරුවරියකගේ නොපසුබට උත්සාහය අපූරු ලෙස විචිත්‍රණය කරනා මේ කෘතිය රචකයා ගේ ජීවිත පුවත මෙන්ම ඒ හා බැඳුණු පුළුල් සමාජ කියවීමක් ද පාඨකයාට තිළිණ කරන සංවේදී අන්දරයකි.විවිධ කුසලතාවයන්ගෙන් පොහොසත්, ආර්ථික පීඩනයෙන් දරුණු ලෙස බැට කමින් ඒ අතරම බලය සහිත පන්තිය...
නැළවිලි ගීයක්
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
කීර්තිමත් ප්‍රංශ - මොරොක්කානු නීතිඥවරියක වූ මිරියම් නැවත සේවයට අවතීර්ණ වීමට තීරණය කිරීමත් සමඟ ඇයටත් ඇයගේ සැමියාට තම දරු දෙදෙනා ගේ රැකවරණයට මවක් බඳුවූ ආයම්මා කෙනෙකුගේ සේවය ලබාගැනීම අනිවාර්ය අවශ්‍යතාවයක් විය.තම දරු දෙදෙනාට ගී ගයන පැරීසියේ තම තට්ටු නිවාස නිවහන මනාව පවත්වා ගත්, නිහඬ, ආචාරශීලී, ලුයිස් හමු වෙනු ඇතැයි ඔවුන් සිහිනෙනුදු නොසිතූහ. මිරියාම් යුවළත් ආයම්මාත් එකිනෙකාට නැතිවම බැරි අයුරින් බැඳී...
අසුර භූමිය
Original price was: Rs. 2,200.Rs. 1,760Current price is: Rs. 1,760.
කන්චෙන්ජුන්ගා කන්ද පාමුල ගරා වැටෙමින් පවතින හුදෙකලා නිවසක කටුක හදින් පසුවන විනිසුරකු දිවි ගෙවයි. ඔහුට අවශ්‍යව ඇති එකම දේ වනුයේ යුක්තිය වියවුලක් ව පවත්නා සේ ඔහුට පෙනෙන ලොවින් වෙන්ව පාඩුවේ විශ්‍රාම දිවිය ගෙවීමටය. ඔහුගේ අනාථ බවට පත් මිනිබිරිය එනම් සායි, ඔහු කරා පැමිණෙන්නේ මේ අවස්ථාවේහිය.ග්‍රීන් කාඩ් පතක් හිමිකර ගැනීමේ අභිලාෂයෙන් වෙලී රළු අවන්හල් එකකින් තවකෙකට වශයෙන් නිව්යෝර්ක් නුවර පුරා පලින් ...
කියවමි කෙසේ ඇය මෙසේ
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය යලි ගොඩ නැගෙමින් තිබූ පශ්චාත් යුද සමයේ එක් දිනක පාසල ඇරී නිවෙස බලා යමින් සිටින පහළොස් හැවිරිදි මයිකල් හදිසියේ අසනීප වෙයි.ඔහුගේ උදව්වට ඉදිරිපත් වන්නේ ඔහුගේ වයසට වඩා දෙගුණයක් වයසැති හැනා ෂ්මිට්ස් නැමැති කාන්තාවයි. එම සිදුවීමත් සමග ඇතිවන හැඳුනුම්කම සරාගී පෙමකට මුල් වෙයි. දැඩි උණුසුමකින් හා උත්තේජනයකින් යුතුව ගොඩනැගෙන මේ සම්බන්ධය හදිසියේ දෙකඩ වෙයි . හැනා...
දඩයක්කාරයකුගේ සටහන්
Original price was: Rs. 1,800.Rs. 1,440Current price is: Rs. 1,440.
අපි සෙවනෙහි හිඳ ගෙන සිටියෙමු. නමුත් සෙවනෙහි පවා උණුසුම දැඩි විය. ග්‍රීෂ්මාධ්ක වාතලය අඳුරු බර විය. යමෙක් සුළං පොදක පහස විඳීමේ අටියෙන් දැවෙන මුහුණ නොසන්සුන් ලෙස එස වුවද සුළඟක් නොහැමීය..නිලදුරු අහසේ සිට හිරු පහර දෙමින් සිටියේය. අපට විරුද්ධ පැත්තේ අනෙක් ඉවුරේ කහ පැහැති ඕට්ස් කෙතෙක් විය. එහි වූ එක ඕට්ස් කරලකුදු නොසෙල් විණි. මදක් පහලින්ළින් ගොවියකුගේ අශ්වයෙක් ගඟේ දණක් උස...
ලොව පැතිර වසන අහිගුන්ඪිකයෝ
Original price was: Rs. 950.Rs. 807Current price is: Rs. 807.
"ලොව පුරා පැතිර වසන අහිගුන්ඨිකයෝ" එක හුස්මට කියවිය හැකි ග්රන්ථයකි. මානව, විද්‍යාත්මක, මෙන්ම ඓතිහාසික කරුණු හා තොරතුරු රැසක් ක්‍රමවත්ව,සුගම ව්‍යවහාර භාෂා ශෛලියකින් ඉදිරිපත් කිරීමට කතෘ සමත් වී ඇත.පෙර අපරදිග භාෂා කිහිපයක් ගැඹුරට හදාරා ඇති රණසිංහ ශූරීන් අහිගුන්ටක සමාජය පිළිබඳ පරීක්ෂණ පවත්වා ඇත්තේ මහත් ආයාසයෙනි, මැනවින් ප්‍රගුණ කළ ජර්මන්, ඉංග්‍රීසි සංස්කෘත හා සිංහල භාෂා ඥානය උපයෝගී කොටගෙන විවිධ රටවල වසන අහිගුන්ටක...
ගාඩි ජන වත
Original price was: Rs. 350.Rs. 297Current price is: Rs. 297.
අටලොස් කුල ධුරාවලියේ පතුලටම තල්ලුවී ගිය ගාඩි (රොඩී) ජන සංහතිය පිළිබඳව සමාජ විද්‍යාත්මක මැදිහත් විමර්ශනයකි, ගාඩි ජන වත. චන්ද්‍ර ශ්‍රී රණසිංහයන්ගේ මෙම ගාඩි ජන වත කෘතිය එම් ඩී රාඝවනගේ Handsome beggars: the story of the Ceylon rodiyas කෘතියට ඌණපූර්ණ විවරණයක් වනු සේ ය.
රත්නවල්ලියගේ දරුවෝ
Original price was: Rs. 450.Rs. 382Current price is: Rs. 382.
ඉංග්‍රීසි බසින් පොතම වලට 1956 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද එම් ඩී රාඝවන්ගේ Handsome beggars: Story Of The Ceylon Rodiya කෘතිය කෘතහස්ත පරිවර්තක චන්ද්‍ර ශ්‍රී රණසිංහ සූරීන් අතින් "රත්නවල්ලිය ගේ දරුවෝ" නමින් සිංහලයට පරිවර්තනය වී ප්‍රථම වරට පළ වූයේ 2008 වසරේදීය.රාඝවන් ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරයේ මානව වංශ විද්‍යාඥයෙකු වශයෙන් කලක් සේවය කළ විද්වතෙකි. මෙරට වාසි රොඩී,අහිගුණ්ඨක, වැදි ආදී විවිධ ජන...
අසකුසාවේ රතු කල්ලිය
Original price was: Rs. 950.Rs. 807Current price is: Rs. 807.
අතීතයේ "ඊඩෝ" නමින් හැඳින්වුන ජපානයේ අගනුවර 1868 වර්ෂයේ දී ටෝකියෝ නමින් නම් කොට ජපාන අධිරාජ්‍යයේ අගනුවර බවට පත් කරන ලදී.ඒ වන විට අසකුසා ප්‍රදේශය අගනුවරට ඇතුළත් වූ කොටසක් නොවී ය. එහෙත් එහි පැවති කැනන් ආරාමය ආශ්‍රිතව එය සංචාරක මධ්‍යස්ථානයක් ව පැවැතියේ ය.ගණිකා නිවාස සහ විවිධ විනෝදාංශ සහිතව එය බහුල ලෙස දේශීය මෙන්ම විදේශිකයන්ද විනෝද වීම සඳහා පැමිණි ස්ථානයක් විය.1923 මහා...
වොල්ගා සිට ගංගා තෙක්
Original price was: Rs. 1,750.Rs. 1,400Current price is: Rs. 1,400.
මේ, ක්‍රි.පූ.6000 දී පමණ වොල්ගා නදී ඉවුරෙන් පිටත්ව ගංගා නදී ඉවුර වෙත සංක්‍රමණය වූ ජනයාගේ ගමන 1942 දක්වා නිරීක්ෂණය කිරීමට ගත් නිර්මාණාත්මක උත්සාහයකි.එම වසර 8000 තුළ ඉන්දු -යුරෝපීය සංස්කෘතියේ සහ දේශපාලනයේ විකාශනය ගැන පරම්පරා 360ක් ආවරණය වන ලෙසින් කතා විස්සකින් කියන්නට, සියවස් ගණනාවක් පුරා දිවෙන කතාන්දර ද, ඓතිහාසිකව දන්නා මෙන්ම නිර්මාණය කොට ගත් චරිත ද කතුවරයා විසින් යොදා ගැනේ. කෘතිය...
සියවැන්නී
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
ප්‍රේමතෝ ජායතී අසෝකෝ කෘතිය හරහා ඉමහත් පාඨක ප්‍රතිචාර දිනාගත් කතුවර ඉසුරු ප්‍රසංග ගේ නවතම කෘතිය "සියවැන්නී" "කිසිම උද්වේගයක් නැති, ගැටුමක් නැති, සමාජ දේශපාලන අන්තර්ගතයක් නැති, සරල පුද්ගල මනෝභාවයක් ගැන නවකතාවක් ලියන්න පුළුවන්ද කියලා අපි ඒ දවස් වල වාද කළා මතකද? "ඔව් ඒත් මේ වෙද්දි නෑ කියපු හැමදේම කවුරුවත් නොහිතපු විදියට ඒ කතාවට ඉබේම කඩා වැදිලා ඉවරයි. චූල පුද්ගල මනෝභාවයක් මේ...
මනුසත් වග
Original price was: Rs. 2,200.Rs. 1,760Current price is: Rs. 1,760.
අතිවිශිෂ්ටය... බ්‍රෙග්මාන් අපගේ ඉතිහාසය යොදාගනිමින් මිනිස් ස්වබාවය පිළිබඳ අවබෝධය නව මානයකට කැඳවාලයි. Humankind අපගේ සංවාදය වෙනත් අතකට හරවා දීප්තිමත් අනාගතයකට මග හෙළි පෙහෙළි කරයි. අපට එය අන් කවරදාටත් වඩා අවශ්‍යව තිබේ. සුසාන් කේන්, කතෘ Quite මාතෘකාව මගහැරිය නොහැක්කකි. විරෝධතාවන් මුළුමනින්ම පාහේ පිසදාලයි, ආකර්ෂණීය කතාන්දර කිරීමේ හැකියාවකි. මෙය අතිවිශිෂ්ට පොතකි. ටිමී හාෆෝර්ඩ්, කතෘ The Undercover Economist බ්‍රෙග්මාන් සර්ව අශුභවාදය අතිවිශිෂ්ට ලෙස...
වනපෙතක සැඟවුණු අන්දරය
Original price was: Rs. 1,400.Rs. 1,120Current price is: Rs. 1,120.
තුරු ලතාවෝ අප මෙන්ම හුස්ම ගනිති. එකිනෙකා සමඟ සන්නිවේදනය කරති. හැඟීම් ප්‍රකාශ කරති. වැඩිමහල්ලන් ළමා ළපටින් හා රෝගීන් රැකබලා ගනිති. එමෙන්ම සීමාකාරී සම්පත් උදෙසා සටන් වදිති. විෂ නිපදවති. සමීපතමයන් සමගින් සමගි සන්ධානයන් ගොඩනඟා ගනිති.මේ සියල්ල හිතලූවක් හෝ විද්‍යා ප්රබන්ධයක කොටසක් නොවන්නේය. විද්‍යාත්මක පර්යේෂණයන් හා දිගුකාලීන නිරීක්ෂණයන් ගෙන් සනාථ වූ මේ දේවල් සත්‍ය දැයි දැනගනු රිසි නම් ඔබ පීටර් වොල්ලේබන් හට...
අපේ අහසට අලුත් පාටක්
Original price was: Rs. 1,400.Rs. 1,120Current price is: Rs. 1,120.
"සමහර වෙලාවට ඔයා ආකාසෙ දිහාවේ බලනකොට මුක්තා... ඒක අදුරුයි වගේ පෙනෙයි. විශ්වාස කරන්න ඕනේ කාවද කියලා ඔයාට තේරෙන එකක් නෑ. ඔයාට හිතෙයි ඔයාව ඒ අන්දකාරෙන් ගලවගන්න කෙනෙක් ඉඳීද කියලත්. ඒත් මාව විශ්වාස කරන්න, කවදහරි දවසක අපේ අහසත් බැබළෙයි. ඒක බලාපොරොත්තු වලින් පිරිල තියෙයි. ඔයා කවදාවත් ඒ බව අමතක කරන්න එපා. මං කැමති ඔයා බලාපොරොත්තු කඩා කඩා බිඳ නොගන්නවට." ඉන්දියාවේ ගණිකා...
ජුබෙල්ගෙ කොල්ලොයි ජුබෙල්ගෙ කෙල්ලොයි
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
මව මිය ගිය විට, පියා මහගෙදර තනි වෙලාය! දූ දරුවෝ, තම සිහින හඹා යාමට රටේ හැමතැනම විසිරිලාය!! මළ ගෙදර අවසන් වූ මොහොතේ පටන් නැවත පිටව යාමට ය ඔවුන්ගේ හදිස්සිය! පියා මහගෙදර තනිවීම, ඔවුන්ගෙන් සමහරකට කිසිදු ගැටළුවක් නොවේ. නමුත් එක්වරම..... පියා සතුව ඩොලර් දහස් ගණනක් ඇති බව ඔවුන් සොයා ගනී. එතැන් පටන් පියාව රැකබලා ගැනීමට.... පියාව තමන් සමග රැගෙන යාමට.. එකම...
