Cart

Best Seller

71 කැරැල්ල යාපනය

Availability: In stock

Rs. 1,800

’71 කැරැල්ලේ දී, එවක රැඳවුම් නියෝග යටතේ යාපනය කොටුවේ පිහිටි හිරගෙදර රඳවා සිටි විජේවීර මුදා ගැනීම උදෙසා ප්‍රහාර  මාලාවක් දියත් කෙරෙයි.
ඒ සඳහා සක්‍රීයව දායක වූ දස දෙනෙක් සිය අත්දැකීම් මෙම ග්‍රන්ථයට අකුරු කරති.
අත්අඩංගුවට ගනු ලැබීමේ දී ද, පොලිසියේ හා සිරගෙදර  ගෙදර දී ද, හැමන්හිල් දූපත් බලකොටුවේ ගුහා සිර කුටිය තුළට ගාල් කිරීමේ දී ද, අවසන නිදහස් වන මොහොත දක්වා ද වූ අපූර්ව සිදුවීම් සමුදාය එමගින් විවිධ හැඩතල ඔස්සේ විදාරණය වෙයි.

නූතන පාඨකයාට එදා පසුබිම සමීප කරනු වස් විවිධ මූලාශ්‍ර ඇසුරින් සැකසූ ලේඛන සංඛ්‍යා දත්ත හා ඡායාරූප ඇතුළත් මාහැඟි පරිශිෂ්ටයකින් කෘතිය විස්තාරණය වෙයි.

එනයින් කුතුහලාත්මක පාඨකයා ද, ප්‍රබන්ධ සාහිත්‍යය රසිකයා ද, සමාජ දේශපාලන ක්‍රියාකාරිකයා ද, ශාස්ත්‍ර ගවේශී පරිශීලකයාද එකසේ කෘතිය වෙත ඇද බැඳ ගනී.

Quantity :
Compare
Category:

විජේවීර මුදා ගැනීමේ තැත
හැමන්හීල් සිර කදවුර

සංස්කරණය එච්. බී. ගුණරත්න

Weight .400 kg
Loading...