හේතුඵල ධර්ම විවරණය

Availability: Out of stock

Rs. 350

බුදු සමයාගත මූලික ධර්ම සංකල්ප අතුරෙහි පටිච්චසමුප්පාද වූ කලී සෙමින් පරෙස්සමින් අවබෝධයෙන් වටහා ගත යුතු වූවකි.සත්ත්වයාගේ සසර පැවැත්ම හා නැවැත්ම හෙවත් දුක්ඛ සමුදය හා දුක්ඛ නිරෝධය පිළිබඳ හේතුඵල ධර්මානුකූලව පටිච්චසමුප්පාද දේශනාවෙන් පැහැදිලි කෙරේ.ධර්ම ශාස්ත්‍රිය අධ්‍යයනයෙන් ගොඩනගාගත් නිරවුල් දැනුමකින් හා ගවේෂණශීලී තාර්කික පරිකල්පනයෙන් මෙහෙයවන ලද සිත් ඇති ගෞරවනීය ආඳාවල දේවසිරි නාහිමියෝ මෙම කෘතියේදී පටිච්චසමුප්පාද දේශනාව පිළිබඳ පෙළ දහම ඇසුර  කරගනිමින් මනා විවරණයක් සිදු කරති.පටිච්චසමුප්පාදය පිළිබඳ විධිමත් දැනුමක් හා මනා අවබෝධයක් ගොඩනඟා ගනු කැමති ගිහි පැවිදි සියල්ලන් විසින්ම පරිශීලනය කළ යුතු කෘතියක් වශයෙන් මෙම හේතුඵල ධර්ම විවරණය හඳුන්වා දිය හැක

Out of stock

Compare

Hethu pala darma viwaranaya

ආදාවල දේවසිරි නාහිමි

සංස්කරණය: බෝදාගම සුමන සුමනජෝති හිමි

 

Weight .251 kg
Loading...