සත්ව ලෝකයේ සැඟවුණු අසිරිය
Availability:
In stock
Rs. 1,400 Original price was: Rs. 1,400.Rs. 1,120Current price is: Rs. 1,120.
තහනම් ගහේ ගෙඩි රස බලන්නේ, නපුරු සිහින් දකින්නේ, හෙට දවස සැලසුම් කරන්නේ, විනෝදයට හිම මත ලිස්සා යන්නේ, තමන් දන්නා දේ දරු පරපුරට කියා දෙන්නේ, කලගුණ සලකන්නේ මිනිසුන් පමණක්ද?
බුද්ධිමත් වානරයා හෙවත් Homo Sapiens ට පමණක් සීමා වී ඇත්තේ යැයි අප විසින් බොහෝ කාලයක් පුරා සිතා සිටි උසස්, බුද්ධිමත් චර්යාවන්, සියුම් හැඟීම් හා තමා වටා ඇති පරිසරයේ සිදුවන්නා වූ වෙනස්කම් ග්රහණය කරගැනීම ඇතුළු අප අනෙකුත් සත්ත්වයන්ගෙන් වෙනස් කරවන්නේ යැයි, අපට සීමා කරගත් නිමක් නැති හැකියාවන් සත්ත්ව ලෝකයේ ද දැකිය හැකි යැයි පීටර් වොල්ලේබන් The Inner Life of Animals මගින් කියා සිටී.
සිහින දකිනා ඉත්තෑ පුංචන්, තහනම් ගහේ පල රස විඳිනා පොල්කිච්චන්, අනාගතය සැලසුම් කරනා මී මැස්සන්, තමන්ගේ නම කුමක්දැයි දන්නා සූකරයන්, කලගුණ දත් කපුටන් හා දරු පැටවුන් වෙනුවෙන් දුක් කරදර උහුලනා ලේනුන් ඔබට මේ කෘතියේ පිටු අතර හමුවනු ඇත.
Compare