මානිගේ තීරුව
Availability:
In stock
Rs. 850 Original price was: Rs. 850.Rs. 765Current price is: Rs. 765.
විචාරක ප්‍රතිචාරද, පාඨක ප්‍රශංසාද ලබන මානිගෙ තීරුව හොඳම පුවත්පත් තීරුව හැටියට සම්මානයෙන් පුදන ලද අවස්ථා එමටය. සිංහල පුවත්පත් තීරු රචකයින් අතර ජාත්‍යන්තර මට්ටමේ සිටින එකම තැනැත්තා හැටියට මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් මානිව හඳුන්වා තිබේ. එහෙත් ඔහු මලින්ම පුද ලබනවා නොවේ. නිදහස් අදහස් නොඅගයන පිරිස් විසින් එල්ල කරන ලද ගල්මුල්වලින් නිවෙසක් තනාගෙන මානි එහි ජීවත්වෙයි.
1989 දී ඇරඹි මානිගෙ තීරුව මේ නොදැවී ගෙවන 36 වැනි වසරය. එය ලාංකේය පුවත්පත් තීරු ඉතිහාසයේ වාර්තාවකි.
රැවටිලිකාරයින්, හොරුන්, තක්කඩියන්, මදාවියන් හා නූගතුන් පිනුම් ගසන ලාංකේය සමාජය හා දේශපාලනය වෛරයේ උල්පතකි. ඔවුන්ට එදිරිව ඉතිහාසයේ සාර්ථක වූයේ එක් ජනතා අරගලයක් පමණය. අනෙක මානිගේය. ලාංකේය සමාජ දේශපාලනය දෙස උපහාසාත්මකව බැලීමට එක්කෝ දෙවියෙක් විය යුතුය. නැත්නම් පිස්සෙක් විය යුතුය. මානි ඒ දෙකෙහි සංකලනයකි.
Compare