Best Seller

අවසාන එඬේරා

Availability: In stock

Original price was: Rs. 1,700.Current price is: Rs. 1,360.

අවසාන එඬේරා නවකතාවෙන් ක්‍රිස්තු වර්ෂ ආරම්භක සමයේ පලස්තීනය සමාජීය, දේශපාලනික සහ අධ්‍යාත්මික වශයෙන් දැඩි අර්බුධයකට මුහුණ දී සිටි ආකාරය විස්තර කරයි. යේසුස් වහන්සේගේ ජීවිත කාලය තුළ පැවති දේශපාන කැළඹීම් ඔහුගේ දේව සේවයට ගැඹුරින් බලපෑ අතර, දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ පණිවිඩය ජනතාව වෙත සාර්ථක ලෙස ලඟා කරවීමට තමන් අසමත් වෙමින් සිටින බවට ඔහු තුළ දැඩි කනස්සල්ලක් ඇති කළේය. පලස්තීන නායකයෝ ග්‍රීක සහ රෝම බලපෑම් හේතුවෙන් දූෂිත වූ අතර, එමඟින් ධනවතුන් සහ දුප්පතුන් අතර පරතරය තවදුරටත් පුළුල් විය. එම ප්‍රවණතාවයට එරෙහි ව පරිසිවරු ලෙවී කතාවේ සඳහන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව දැඩි ලෙස පිළිපැදිය යුතු බව අවධාරණය කළහ. එහෙත් පව් සමාව සඳහා නියමිත පූජා ක්‍රම අනුගමනය කිරීමට නොහැකි වූ දුප්පත් ජනතාවට එය තවත් බරක් විය. මේ අතර, මුළු ජනතාවම ගැලවුම්කරුවාගේ පැමිණීම අතිශය ආශාවෙන් බලාපොරොත්තුවෙන් සිටියහ.
හෙරෝද් අන්තිපාස් විසින් යොහන් බෞතීස්තගේ හිස ගසා ඝාතනය කිරීමෙන් පසු, බලයේ සිටි පාලකයන්ගෙන් මෙන්ම, තමන්ගේ බලපෑම අහිමි වේ යැයි බියෙන් යේසුස් පසුපස දහස් ගණනක් ජනතාව ගමන් කිරීම නොරිස්සූ පරිසිවරුන්ගෙන් ද තමන්ට මුහුණ දීමට සිදුවන සැබෑ අනතුරු පිළිබඳ ව යේසුස් හොඳින් අවබෝධ කර ගත්තේ ය. තම දේව සේවයේ දෙවන වසර අවසානය වන විට, තමන් ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණ සැලසුම් වෙමින් පවතින බව ද ඔහු දැන සිටියේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස, ඔහුගේ දේව සේවය ගලීලය සහ යුදා ප්‍රදේශ වලින් බැහැරට ගෙන ගිය අතර, ජනතාව බලාපොරොත්තු වූ ගැලවුම්කරුවා ලෙස තමන් නො හඳුන්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ය.
Quantity :
Compare
SKU: 05 Categories: , ,

awasana endera

the last shepherd

pages 314

පරිවර්තනය ඩිලාන් ඩී ප්‍රසංග

Weight .200 kg
Loading...