ෆ්ලොරන්හි මෝහිණිය
Availability:
In stock
Rs. 1,450 Original price was: Rs. 1,450.Rs. 1,160Current price is: Rs. 1,160.
කහ කෙස් ඇති විදේශිකයෙක් හින්දුස්ථානයේ මෝගල් අධිරාජයා වන අක්බර්ගේ රජ වාසල වෙත එන්නේ රජ පෙළපත සලිත කරන, පුරවැසියන්ගේ සිතුවිලි වෙනස් කරන බලගතු රහසක් දරාගෙනය. එහෙත් ඒ රහස අධිරාජයාට පැවසීමට හැකි වන්නේ රජ සබයේ සම්ප්‍රදායන්, දේශපාලන කටයුතු, ප්‍රභූ පුද්ගල මැදිහත්වීම් වැනි විවිධ බාධක අතරතුරිනි.
ඉන්ද්‍රජාලික ගුප්ත බල ඇතැයි සැලකෙන මෝගල් රජ කුමරියක් වන මන බඳන කළු ඇස් ඇති කේරා කොස් මුලින් උස්බෙක් පාලකයාද අනතුරුව පර්සියාවේ ෂා විසින්ද පැහැරගනු ලැබ අන්තිමට ඔවුන් පරාජය කළ අර්ගේලියා නම් ෆ්ලොරන්ස් රණ ශූරයෙකු හා ආලයෙන් බැඳේ. අර්ගේලියා ඇයව තම රට වන ෆ්ලොරන්සයට රැගෙන ගිය විට මුළු රටම වශී කරගැන්මට ඇය සමත් වේ. මෝහිණිය මේ පුරුෂාධිපත්‍යය ලෝකයේ තම ඉරණම තමාට රිසි අයුරින් වෙනස් කරගැනීමට වෙර දරන්නේ හමුවන සියල්ලන් තම වසඟයට ගනිමිනි.
කතාව ගැඹුරු මනස් කල්පිත තල වලට ප්රවිශ්ඨ වන්නේ, විවිධ කාල වකවානු, භූගෝලීය සීමා ඉක්මවාලමින් කල්පිතය හා යථාව සමපාත කරමිනි.
Compare