Best Seller

හිට්ලර්ගේ සිරකරුවෙක්

Availability: In stock

Original price was: Rs. 990.Current price is: Rs. 792.

මගේ බිරිඳ හෝ මම කිසිදු දිනෙක දේශපාලන ක්‍රියාකාරීන් නොවීම. දකුණු ජර්මනියේ වැඩිම අලෙවියක් තිබූ ‘මුන්ච්නර් ඉලුස්ට්‍රියෙට්’ පුවත්පතේ කතුවරයා ලෙස මම සේවය කළෙමි.එම පුවත්පත කිසිදු අයුරකින් දේශපාලනයට සම්බන්ධ එකක් නොවීය.

මා අත්අඩංගුවට ගත් මුල් දිනයේ සිට මගේ සිර ජීවිතයේ අවසන් දිනය දක්වාම එදිනෙදා සිදුවීම් සටහන් කර ගත්තෙමි. මා දුටු සෑම ක්‍රියාවක්ම මට ඇසුණු හා මා අත්විඳි සියල්ලක්ම සටහන් කර තබා ගන්නට නොපසුබට වීමි.සිරකුටියේ වූ වැසිකිළි කඩදාසි, අත්පිස්නා සහ ලියුම් කවර වැනි සිරකරුවෙකු වශයෙන් මා අත්පත් වූ සෑම කඩදාසි කැබැල්ලකම මම මේ සියල්ල සටහන් කර තැබුවෙමි.

නිලධාරීන්ගේ ඇස්වලින් බේරී එම කුඩා සටහන් කැබලි රහසින් නිදහස් ලෝකයට පිටකර ගන්නට මම සමත් වීමි.මෙලෙස ඔබ අතට පත් වන්නේ එම සටහන්ය, මගේ බිරිඳගේ දිනසටහන් කිහිපයක් ද සංසන්දනාත්මක විග්‍රහයක් ලෙස මම කෘතියට එකතු කලෙමි. මෙම කෘතිය පෞද්ගලික අත්දැකීම් වල එකතුවකි. එහෙත් මෙම අන්තර්ගත චරිතයන් මුහුණ දුන් එම පෞද්ගලික අත්දැකීම් තෙවන රයිෂයේ(ජර්මනියේ) දසදහස් ගණනක් මිනිසුන් සත්‍ය වශයෙන්ම මුහුණ දුන් සිද්ධීන්ගේ සාරාංශයකි.

Quantity :
Compare

Hitler ge sirakaruwek

i was Hitler’s prisoner stefan lorant

පරිවර්තනය: සේනානි ධර්මරත්න

pages 384

 

Weight .439 kg
Loading...