Best Seller

හඬනු පෙම්බර දේශය

Availability: In stock

Original price was: Rs. 950.Current price is: Rs. 760.

දකුණු අප්‍රිකානු කළු ජනතාවගේ දුක්ඛිත තත්වය ලොව හමුවේ තැබු ප්‍රථම ලේඛකයා ඇලන් පේටන්ය.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඕස්ටේ්‍රලියාවේ ද්වීතීයක පාසල් හා සරසවිවල නිර්දේශිත පෙළ පොතකි.

‘හඬනු පෙම්බර දේශය’ භාෂා විස්සකට පරිවර්තනය වී ලොව පුරා ප්‍රචලිත වු විශිෂ්ට ග්‍රන්ථයකි.

වර්ගවාදය මිනිස් සමාජය තුළ ඇති කරන අසමානත්වය, උනුන් කෙරෙහි ඇති කරන බිය, දරිද්‍රතාව හා අපරාධ යන විෂම තත්වයන් පිළිබඳ අපක්ෂපාත හා විෂයබද්ධ විවරණයකි.

“මේ දුක්ඛදායී වාසස්ථානය අතරේ දුවන පටු මාවත්වල ද, ළමෝ සිනාහඬ නඟති. යකඩ තහඩුවක්, ලෑලි කිහිපයක් වියළි තණ පත් හා අමතක කර දැමු නිවෙසෙක දොරක් සට කපට ලෙස සොයා ගෙනවුත් සවිකර ඇති නිවෙස්වල වා කවුළුවලින් දුම් කැරලි නැඟෙ යි. කෑමවල සුවඳ ය. කට හඬ ය. කෝපයෙන් හෝ වේදනාවෙන් නඟන හඬ නොවේ. එදිනෙදා දෑ ගැන දෙඩීම් ය. උපන් අහවලා පිළිබඳ කතාබහ ය. දේශයේ නියඟය පවතී. වලාකුළු නැති අහසේ සිට හිරු අකාරුණිකව බබළයි. වැසි පැමිණි කල ඔවුන් කුමක් කරන්න ද? සීත කාලයට ඔවුන් කුමක් කරන්න ද?
-මෙය දැකීමත් දුකකි.”

Quantity :
Compare

handanu pembara deshaya

පරිවර්තනය – මාලිනී ගෝවින්නගේ

Weight .464 kg
Loading...