singhala samajaye kula kramaya
බ්‍රයිස් රයන්
පරිවර්තනය : චන්ද්‍ර ශ්‍රී රණසිංහ
සිංහල සමාජයේ කුල ක්‍රමය
බ්‍රයිස් රයන්
ඇමරිකානු ජාතික සමාජ විද්‍යාඥයෙකු වූ බ්‍රයිස් ෆින්ලේ රයන්, 1948 වසරේදී ශ්‍රී ලංකාවට සැපත් වූයේ ඊට වසරකට පෙර පේරාදෙනිය ලංකා විශ්වවිද්‍යාලය අලුතින් පිහිටුවන ලද සමාජ විද්‍යා අංශයේ ප්‍රථම මහාචාර්ය වරයා වශයෙන් වැඩ භාර ගැනීමට ය.සමාජ විද්‍යාව එවකට ලංකාවට අලුතින්ම හඳුන්වා දුන් අධ්‍යයන ක්ෂේත්‍රයක් වූ හෙයින් ඔහුට තම ඉගැන්වීමේ කටයුතු වලට අමතරව අදාල විෂය මාලාව ඇතුළු අංශයේ ව්‍යුහය සැකසීමේ භාරදූර වගකීමද පැවරිණ.එසේම සමාජ විද්‍යා අධ්‍යයනයේ වැදගත් අංශයක් වන දත්ත රැස් කිරීමේ ක්‍රමය හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේද ඔහුටය. තම සිසු කැලට ප්‍රායෝගික අභ්‍යාසයක් සැලසෙන පරිද්දෙන් ඔවුන්ද සම්බන්ධ කරගනිමින් ඔහු විසින් මෙරට සිංහල සමාජය තුළ පවත්නා කුල ක්‍රමය පිළිබඳව ගැඹුරින් පරීක්ෂණයක් සිදුකරන ලද අතර එහි අග්‍ර ඵලය වන්නේ caste in modern ceylon නම් මෙම කෘතියයි.
කුලය පිළිබඳ සංසිද්ධිය නාගරික පරිසරය සහ ජාතික ජන ජීවිතය කෙරෙහි බලපා ඇති ආකාරය පිළිබඳව ඔහු කරන විග්‍රහය සිත්ගන්නාසුලු වූවකි. පොතෙහි අවසාන කොටසින් ඔහු යත්න දරා ඇත්තේ කුලය අභිබවමින් විශේෂයෙන්ම නාගරික සමාජය තුළ පන්ති ක්‍රමය කෙමෙන් හිස ඔසවමින් පැවතුනද කුලය පිළිබඳ මුල් බැස ඇති සවිඥානික බව ජනයා තුළින් ගිලිහී ගොස් නොමැති බව දක්වාලීමටය.
පරිවර්තනය : චන්ද්‍ර ශ්‍රී රණසිංහ
singhala samajaye kula kramaya
බ්‍රයිස් රයන්
පරිවර්තනය : චන්ද්‍ර ශ්‍රී රණසිංහ
Weight | .400 kg |
---|