sri lankawe yachakaya
කතෘ : නන්දසේන රත්නපාල
page 192
මහාචාර්ය නන්දසේන රතනපාල යාචකයෙක් වී සෑහෙන කාලයක් ගත කළ බව ප්‍රකට වූ විට අපේ රට පුරාම බලවත් උනන්දුවක් පහළ විය.එබඳු කටයුත්තක් අපේ රටේ කිසිම අයෙකු විසින් මින් පෙර නොකොට තිබූ නිසා මේ පරීක්ෂණයේදී දෙවැනි යුගයේදී මටත් පරීක්ෂණ ක්ෂේත්රයට ගොස් මහාචාර්යවරයාට සහාය වීමට ඉඩ ලැබිණ. අප ඉන් ලත් දැනීමත්, ආශ්වාදයත් ඉතා මහත්තය. අප පමණක් නොව එකල විද්යෝද විශ්ව විද්‍යාලයෙන් උගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දස දහස් ගණනක් මේ පරීක්ෂණයෙන් අලුත් නැණසක් පාදාගත්හ.
ශ්‍රී ලංකාවේ යාචකයා පරීක්ෂණ ක්‍රම විද්‍යාව පිළිබඳ පමණක් නොව සමාජ විද්‍යා හා මානව විද්‍යා ක්ෂේත්රයට අදාළ විශාල දැනුම් සම්භාරයක් අප වෙත ගෙන එන ග්රන්ථයෙකි. අපේ අනාගත පරපුර මෙන්ම වර්තමාන ශ්‍රී ලාංකික සිංහලයන් මේ ග්‍රන්ථය ආදරයෙන් කියවනු දැකීමට මම බලාපොරොත්තු වෙමි. වෙනත් වටිනා සමාජ විද්‍යා හා මානව විද්‍යා ග්රන්ථ රාශියක් මහාචාර්යවරයා ලියා ඇතත් මේ ග්‍රන්ථය පමණක් ලිව්වේ වූවත් ඔහුගේ නම සදහටම අප අතර රැඳෙන්නට එයම ප්රමාණවත්ය. ශ්‍රී ලංකාවේ යාචකයා සමාජ විද්‍යා හා මානව විද්‍යා කෘතියක් මෙන් ම සාහිත්‍ය වශයෙන් අනූන ග්රන්ථයක් බවද කීම ඒ ග්රන්ථ රසය විඳගත් මගේ යුතුකමකි.
එඩිවින් කේ. ගණිහිගම
ශ්‍රේෂ්ඨ කථිකාචාර්ය සමාජ විද්‍යා හා මානව විද්යාධ්යනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
sri lankawe yachakaya
කතෘ : නන්දසේන රත්නපාල
page 192
Weight | .200 kg |
---|