Best Seller

විපල්ලාස සංකල්පය

Availability: In stock

Original price was: Rs. 2,700.Current price is: Rs. 2,430.

රාජ්‍ය සාහිත්‍ය සම්මානය (2016)  – “සංශයවාදය, ඥානයෙහි සීමා සහ බුදුදහම”
රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශිත (2017)  –   “දෘෂ්ටිවාද විචාරය හා බෞද්ධ දර්ශනය”
ආදී  ග්‍රන්ථයන්හි රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී, බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ඉතා වැදගත් ග්‍රන්ථ, ලිපි ලේඛන හා සම්මන්ත්‍රණ පත්‍රිකා ගණනාවක් පලකොට ඇති රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ  කතිකාචාර්ය ආචාර්ය දිල්ශාන් මනෝජ් රාජපක්‍ෂ මහතාගේ නවතම කෘතිය “විපල්ලාස සංකල්පයට දාර්ශනික හා මනෝවිද්‍යාත්මක අධ්‍යයනයක් ” යන්න යි.

යථාර්ථය පිළිබඳ කිසියම් සංකල්පනාවක් හෝ මතයක් හෝ කරුණක් සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ මතයක් ගැනීම විපර්යාස යි. අවිද්‍යාන්ධකාරයෙහි වෙසෙන පෘථග්ජන පුද්ගලයා තුළ විපර්යාස ගොඩනැගෙන අතර මාර්ගඵල ලාභී ආර්ය පුද්ගලයන් තුළ විපර්යාස ගොඩ නොනැගේ. පුද්ගලයා ලෝක තතු අවබෝධ කරගන්නේ උඩුකුරු දෙය යටිකුරු ව ය. විවෘත දෙය වැසෙන ලෙස ය. මං මුළාවෙකු සේ ය. ඒ තුළින් කිසිවක් දැකිය නොහැකි පරිදි අන්ධකාරයකට පිවිසෙයි.

සිදුහත් කුමාරයා සාම්ප්‍රදායික සමාජ රටාව නම් වූ තිමිර පටලයෙන් වසන් කර තිබූ මනුෂ්‍ය ජීවිතයෙහි ප්‍රායෝගික හරය පිළිබඳ ප්‍රශ්න කරමින් දැනගැනීමට මහත් පරිශ්‍රමයක් දැරුවේ ය. ජීවිතයේ හරය, ලෝකයේ සත්‍යය සොයා තවුස් ජීවිත ගතකළ සිදුහත් තවුසාගේ මූලික අභිප්‍රාය වුයේ යහපත කුමක් ද? යන්න ගවේෂණය කිරීම (කිං කුසල ගවේසී) හෙවත් අනුත්තර උතුම් ශාන්තියට මග සෙවීමකි. බුදුසමය පුද්ගලයාට උපදෙස් දෙන්නේ විපරීතතා හඳුනාගෙන තමන් තුළ ද පවතින විපරීතතා මුලිනුපුටා දමන ලෙස යි. එසේ නොමැති වුවහොත් ඔහුට සිදුවන්නේ විපරීතතා ග්‍රහණයේ ආදීනව සාංසාරික වශයෙන් අත්විඳීමට යි.

මතවාදාත්මක වශයෙන් විවිධතා දරමින් ග්‍රීක යුගයේ සිට සමකාලීන යුගය දක්වා බටහිර චින්තනයේ ගලා යාම අතිශය උණුසුම් ය. විපල්ලාස සංකල්පයට අදාළව ත්‍රිපිටකය හා තදනුබද්ධ අට්ඨකථා ගෙනහැර දක්වමින් භාරතීය හා බටහිර දාර්ශනික විමර්ශන, සාකච්ඡා, මතවාද, සංකල්ප පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් මෙම පර්යේෂණයෙන් සිදුකෙරේ. විපල්ලාස වර්ග, විපල්ලාස හටගැනීම, විපල්ලාසග්‍රාහී වූ පුද්ගලයාට අත්විඳීමට සිදුවන අනිසි විපාක, විපල්ලාසවලින් අත්මිදීම, විපල්ලාසවලින් අත්මිදීමෙන් අත්වන ආනිසංස ආදි කරුණු කෙරේ ද මෙහි දී කර්තෘගේ අවධානය යොමු වී ඇති අතර  මෙය දාර්ශනික හා ශාස්ත්‍රීය පරිශීලකයන්ට මෙතෙක් සිදුව ඇති ප්‍රශස්තම ඌණ පූර්ණයකි.

සටහන – දිලානි. පී. හේවාමාන්න

Quantity :
Compare

විපල්ලාස සංකල්පය
දාර්ශනික හා මනෝවිද්‍යාත්මක අධ්‍යයනයක්

සැකසුම : රුහුණු විශ්ව විද්‍යාලයේ ශ්‍රේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය දිල්ෂාන් මනෝජ් රාජපක්ෂ

විකෘතියෙන් මිදී ප්‍රකෘතිය වෙත – බොදු ඇසින්

Pages : 559

Weight .677 kg
Loading...