Best Seller

වරලස

Availability: In stock

Original price was: Rs. 900.Current price is: Rs. 720.

කාන්තාවන් තිදෙනෙක්
රටවල් තුනක් එක් අමතක නොවන වාරිකාවක්
සමිතා ඉන්දියානු ජාතික අඩු කුලේ (Untouchable) කාන්තාවකි. සිය එකම දියණියට අධ්‍යාපනය ලබාදීමට සැදී පැහැදී සිටින සමිතා ඒ අරමුණ උදෙසා ඕනෑම දෙයක් කරන්නට සූදානමින් සිටින්නීය.
සිසිලියේ ජීවත්වන ජුයූලියා ඇගේ පියාගේ වැඩපොළේ වැඩ කරයි. පාලෙමෝ නගරයේ එවැනි එකම වැඩපොළ ජුයුලියාගේ පියාගේ වැඩ පොළයි. ඇගේ පියා යතුරු පැදි අනතුරකින් මරණයට පත්වීමත් සමඟ ඇගේ පවුලේ අනාගතය අභියෝගයකට ලක්වෙයි.
දරුවන් තිදෙනෙකුගේ මවක් වූ කැනේඩියානු ජාතික කාන්තාවක් වන සාරා විවාහ දෙකකින් දික්කසාද වී සිටියි. දක්ෂ එමෙන්ම ප්‍රසිද්ධ නීතීඥවරියක් වූ ඇය රැකියාව කරන ආයතනයේ උසස්වීමක් බලාපොරොත්තුවෙන් දිවා රෑ නොබලා ඉතා උනන්දුවෙන් වැඩ කරමින් සිටින්නීය. ඇගේ එක් පියයුරක පිළිකාවක් ඇති බව දැන ගන්නට ලැබෙයි.
‘ වරලස’ යනු දේශ සීමා හරහා – භාෂා හරහා සහ සංස්කෘතීන් හරහා අපව සම්බන්ධ කරන මනුෂ්‍යත්වය පිළිබඳ විචිත්‍රවත් කතාවකි.
Quantity :
Compare

waralasa

පරිවර්තනය රංජිත් කුරුප්පු

pages 158

 

Weight .150 kg
Loading...