Cart

Best Seller

ලැවෙන්ඩර්

Availability: In stock

Rs. 675

පුංචි ලැවෙන්ඩර් මල් පෙත්තක් ගැන හරි ලස්සන කතාවක්…

කැලෑ මල් සුවඳ, වැනිලා ගොඩක් දාලා හොදින් කලතාපු කැපුචිනෝ කෝපි කෝප්පයක සුවඳ,දූවිලි පිරුණු  පරණ පොතක පිටු අස්සෙන් එන කඩදාසි සුවඳ, හෙමින් හෙමින් ලෙලි ඉවත් කරන කොට මැන්ඩරීන් දොඩම් ගෙඩියකින්  එන මිහිරි පැඟිරි සුවඳ, ලැවැන්ඩර් මල් පෙති වලින් සරසාපු සිනිදු කොණ්ඩා කරල් වලින් එන සුවඳ, බී ආත්තම්මගේ හරි හතරැස් පෙට්ටියක් වගේ කේක් අවන් එක ළඟ ඉන්නකොට දැනෙන රසම රස බටර් කේක් සුවඳ, තකහනියේ වහින ග්‍රීෂ්ම වැස්සට පෙඟෙන දූවිලි පිරුණු පොළොවෙන් එන නැවුම් සුවඳ,, කප්පාදු කරාපු තණකොළ වලින් දැනෙන කැලෑ කොළ සුවඳ, කුඩු වුණු ක්‍රේයෝන් කූරු  ඇඟිලි අස්සෙ තැවරුණාම හමන අමුතු සුවඳ, ලෙමන් පුසුඹ සබන් කුඩු වලින් සෝදාපු ලිනන් බ්ලැන්කට්ටුවක් පොරෝගත්තාම නාස් පුඩු වලට දැනෙන නැවුම් ග්‍රීෂ්ම සුවඳ… ඇත්තටම මේ මම විඳපු හරිම ආදරණීය සුවඳ පිරුණු මතකයන් ගොඩක් ගැන කතාවක්..

Quantity :
Compare
Category:

lavender

Loading...