lakdiwa uthurukaraye sathwasak
සැප්තැම්බර් මස 15 වෙනිදා නිකුත්වේ
පරිවර්තනය : ශ්‍රීලානි ප්‍රනාන්ද
MARY and MARGARET LEITCH’S විසින් රචිත SEVEN YEARS IN CEYLON කෘතියේ සිංහල පරිවර්තනය “ලක්දිව උතුරුකරයේ සත් වසක් ” සැප්තැම්බර් මස 15 වෙනිදා නිකුත්වේ …..
ලංකාවේ උතුරුකරයේ සත් අවුරුද්දක් Seven Years In Ceylon මෙරි හා මාර්ගට් ඩබ්ලිව් ලිව් සොහොයුරියන් විසින් මිෂනාරීවරියන් ලෙසට ලංකාවේ යාපනය ප්‍රදේශයේ ජීවත්ව සිටි වසර හතක් තුළ (1890 – 1896) ලත් තම අත්දැකීම් පිළිබඳ මතක සටහන් අලළා ලියන ලද කෘතියකි. මෙය පරිච්ජේද කිහිපයකට බෙදා ඇති අතර, ඒ සෑම එකකින්ම එහිදී තමා ලැබූ අත්දැකීම් පිළිබඳ විවිධාකාර වූ කථාන්දර මේරි ලීච් විසින් ඉතා ආකර්ෂණීය අයුරින් පවසා ඇත. මෙම කෘතියෙන් 19 වන සියවසේ අග භාගයේදී ලංකාවේ උතුරුකරයේ වසන මිෂනාරීවරයෙකුගේ ජීවිතය පිළිබඳ සිත් ඇදගන්නා සුළු වාර්තාවක් සපයයි. ඔවුනට එහිදී මුහුණ පෑමට සිදුවෙන භාෂා බාධක, සංස්කෘතික වෙනස්කම් සහ නව පරිසරයකට අනුවර්තනය වීමේ දුෂ්කරතා වැනි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ලෙසට ඇය මුහුණ දුන් අභියෝග පිළිබඳව මේරි ලිව් මෙහි සඳහන් කොට ඇත.
ඇය යාපනයේ ප්‍රදේශ වාසීන්, වෙනත් මිෂනාරිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළුව ඇය රැඳී සිටි කාලය තුළ ඇයට හමු වූ පුද්ගලයින් පිළිබඳව දිගු විස්තර සපයා තිබේ. එසේම මෙහි දී ඇය තමන් ප්‍රචාරය කළ ආගම පිළිබඳව පමණක් නොට, මුල් වරට යාපනයේ ගැහැනු දරුවන් හට ලබා දුන් අධ්‍යාපනය, නේවාසික පාසැල්, සෞඛ්‍යය සහ සමාජීය ප්‍රශ්න ඇතුළු පුළුල් පරාසයක මාතෘකා ආවරණය කරයි. ප්‍රදේශ වාසීන්ගේ කියවීම හා ලිවීමේ හැකියාව දියුණු කිරීම සඳහා නව පාසැල් විවෘත කිරීම මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමත් පුළුල් කරමින් ඔවුන් විසින් කළ මිෂනාරී සේවය ගැන මේරි ලීචි තබා ඇත්තේ දීර්ඝ වාර්තාවකි.
එසේම ඒ යුගයේ දිවයිනේ වෙසෙන සාමකාමී ජනතාව කෙරෙහි අයුතු ආකාරයෙන් බල පවත්නා යටත්විජිත වාදය ගැන ඇය බලවත් සේ කනස් සල්ලට පත් වී ඇත. බ්‍රිතාන්‍ය රජය තම ආදායම් තර කොට ගැනීමේ අරමුණ පෙරදැරි කොටගෙන වව්‍යාප්ත කරන ලද තැබෑරුම් හේතුවෙන් සාමකාමී ජන ජීවිතය බලවත් සේ ව්‍යසනයක් කරා ගෙන යන බවට පවසමින් ඇය කෙළින්ම රජය වෙතට දොස් පවරා ඇත්තේ එවකට ප්‍රචලිත වූ අමද්‍යප ව්‍යාපාරයට උපකාර කරමිනි.
lakdiwa uthurukaraye sathwasak
සැප්තැම්බර් මස 15 වෙනිදා නිකුත්වේ
පරිවර්තනය : ශ්‍රීලානි ප්‍රනාන්ද
Weight | .300 kg |
---|