rahas rakinniya
පරිවර්තනය : කෝශලී සිරිචන්ද්‍ර
පිටු 624
ප්‍රවීණ පරිවර්තිකා කෝශලී සිරිචන්ද්‍ර විසින් පරිවර්තනය කර ඇති Kate Morton විසින් රචිත The Secret Keeper කෘතිය අබිරහස් නවකතා ශානරයට මෙන්ම ඓතිහාසික ප්‍රබන්ධ ශානරයටද අයත් වන අතීතය සහ වර්තමානය අතර දෝලනය වෙමින් ගලා යන අන්දරයකි. නව යොවුන් වියේ පසු වෙන කාලයේ සෆක්හි පිහිටි, තම පවුලට අයත් ගොවිපොළේදී ලෝරල් භයානක අපරාධයකට ඇසින් දුටු සාක්‍ෂිකාරියක් වේ. එයින් පසුව ඇගේ ජීවිතය වෙනස් වෙයි. වසර ගණනාවකට පසුව, ජන හද දිනාගත්, දක්‍ෂ නිළියකව සිටින ලෝරල් නිරන්තරයෙන් අතීතයේ බලපෑමට ලක් වෙයි. අර ඉරණම් සහගත දිනයේදී තමන් දුටු එම අපරාධය පිටුපස ඇති අබිරහස කුමක් දැයි ඇයට තෝරා බේරා ගැනීමට උවමනා කරයි. එසේ තම ගැටලුවලට පිළිතුරු සොයා යන ලෝරල්, ඩොරති, විවියන් සහ ජිමී නමැති පුද්ගලයක් තිදෙනෙකු ගැන සොයා ගනියි. ඔවුන්ගේ අතීතය ඇගේ අබිරහසට විසඳුම සේම ඇගේ පැන සියල්ලටම පිළිතුරු සපයන වග ඇය වටහා ගනියි. ඉතින්, ‘රහස් රකින්නිය‘ යනු ලෝරල්ගේ එම සත්‍යය සොයා යන ගමනේ කතාවයි.
rahas rakinniya
පරිවර්තනය : කෝශලී සිරිචන්ද්‍ර
පිටු 624
Weight | .500 kg |
---|