Yakada silpara
කතෘ : විමල් උදය හපුගොඩආරච්චි
ප්‍රකාශනය : සුරස ප්රකාශකයෝ
2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන හොඳම නවකතාව
දිගින් අඩි තිහක් පමණ වූ හොණ්ඩර හතක් පමණ බර වූ වානේ රේල් පීල්ලක් ඔසවන්නට කම්මල්කරුවන් දාහතර දෙනෙක් අවශ්‍ය ය .එහෙත් මට රේල් පීල්ලක එක පසක් තනිව එසවිය හැකිය. එහෙත්, උපරිමයෙන් මිනිත්තු පහකට වඩා එසේ ඔසවා ගෙන සිටිය නොහැකිය .අඩි හය හමාරක් පමණ උස කෙසඟ වලසකුගේ වැනි පෙනුමක් ඇති මිනිසෙකු රේල් පීලි දෙකක් දෑත් දෙකෙන් පහසුවෙන් ඔසවාගෙන යනු ඊයෙ රාත්‍රියේ මම දුටුවෙමි .ඔහු මා ද දෑතින් ඔසවා විසි කළේය .ඔහුගේ ශක්තිය කෙතරම්දැයි මට හරිහැටි තක්සේරු කළ නොහැකි වුවද ඔහුට අසාමාන්‍ය කාය ශක්තියක් ඇති බව නම් මට වැටහුනේය .ඔහු ඇතෙකු සමග පැමිණ ටොන් එකක් පමණ බර යකඩ බාල්ක ඔසවාගෙන යනු මුරකරුවකු දැක ඇත .එසේ නම් ඔහුට ටොන් භාගයක් පහසුවෙන් එසවිය හැකි විය යුතුය.මා ඔහුට රිපීටරයෙන් තුන් වරක් වැඩි තැබුවද රිපීටරය පත්තු නොවීය .
Out of stock
Yakada silpara
කතෘ : විමල් උදය හපුගොඩආරච්චි
ප්‍රකාශනය : සුරස ප්රකාශකයෝ
2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන හොඳම නවකතාව
Weight | .339 kg |
---|