Misara apsara
කතෘ :ගිම්හානි වාසනා
ප්රකාශනය : සූරිය ප්‍රකාශකයෝ
පිටු : 292
වාලුකා කතර රන් පැහැයෙන් ඒකාලෝක කරමින් ප්‍රභාමත් වූ හිරු නැගී ආවේය.ඉර අවුවට රත්ව ගිය වැලි බිම මත දණ ගසා සිටි සෙත් සිටියේ තීරණයක් ගත නොහැකිව ලත වෙමින් ය.ඔහුගේ හදවතෙහි කොනක් වේදනාවෙන් ඉරිතැලී ගොස් තිබුණි.
“අහගන්න මගේ ආදරණීය දරුවා ඇගේ පියා වූ වර්තමාන රජු තමයි කුමන්ත්‍රණ කර ඔබේ පියාව මරා දැමුවේ.ඉතින් ඇගේ සිරුරේ දුවන්නෙ ඔබේ පියා මරා දැමූ ඒ ද්‍රෝහී රුධිරය . හැඟීම් වලට වහල් නොවී ඇගෙන් පලි ගෙන මේ වෛරය නිමා කරන්න. එවිට ඔබේ පලිගැනීම සම්පූර්ණ වේවි දරුවා.”
ඔහු බර සුසුමක් ඇදගත්තේය. පලිගැනීමේ පාලමෙහි අවසාන කෙළවර සිටි ඔහු ඉතසිතින් ආදරේ කළ දයාබර නෙෆ්රූය ඇයව නො මරා තම පලිගැනීම සම්පූර්ණ කළ නොහැක. එහෙත් එය කෙසේ කරන්ද?
ආදරයද..? පලි ගැනීම ද..?
ඔහු මේ හැඟීම් දෙක අතර සිරව ගියේය .
Misara apsara
කතෘ :ගිම්හානි වාසනා
ප්රකාශනය : සූරිය ප්‍රකාශකයෝ
පිටු : 292
Weight | .305 kg |
---|