matara maha kerella
කෘතියේ පරිවර්තක නිර්මාල් රංජිත් දේවසිරි කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයාය
pages 194
මෙම කෘතිය ලුඩ වැයික් වාහනාර් ලන්දේසි බසින් රචිත ගාල්ල – ලංකාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ පාලන ශාඛාව – 1760 ලන්දේසි අධිකාරියට එරෙහි සිංහල නැගිටීම ආසන්න කාලයේ යටත් විජිත සමාජයක් පිළිබඳ Besenów (Lodewijk Wagenaar, Galle VOC vestiging in Ceylon- Beschrijving van een koloniale samenleving aan de voorond van de Singalese opstand tegen het Nederlandse gecag, 760 (Amsterdam (De Batalische Leciw) 1994) යන කෘතියේ පරිච්ඡේද තුනක සිංහල පරිවර්තනයකි. මේ පරිවර්තනය මගින් මූලික වශයෙන් අපේක්ෂා කරන්නේ 1760 දෙසැම්බර් මාසයේ දී ප්‍රධාන වශයෙන් ලංකාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ පරිපාලනය යටතේ පැවැති වර්තමාන මාතර දිස්ත්‍රික්කය ආශ්‍රිත ප්‍රදේශය මුල් කරගෙන හටගත් විශාල ජනතා නැගිටීම පිළිබඳ මූලික අවබෝධයක් සැපයීමටයි. ලංකාවේ ඓතිහාසික වර්ධනය තුළ අතිශයින් වැදගත් වුව ද එකරම් ප්‍රචලිත නොවන මෙම ජනතා නැගිටීමේ සැඟවුණු ඉතිහාසය. VOC නමින් ප්‍රකව, ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ දැවැන්ත සංරක්ෂිත අභිලේඛන එකතුව භාවිත කොට සම්පාදනය කර ඇති මෙම
කෘතිය මගින් නිරාවරණය කෙරේ.
1945 දී නෙදර්ලන්තයේ අමස්ටර්වාම නගරයේ උපන් ලුඩ වැයික් ජේ. වාහනාර් 1980 පටන් මේ දක්වා අඛණ්ඩව ලංකාව පිළිබඳ පර්යේෂණ කටයුතුවල නියැලේ. මේ කෘතිය ඇතුළුව ඔහු ලංකාව පිළිබඳ පර්යේෂණ කෘති ගණනාවක් සම්පාදනය කර තිබේ. අම්ස්ටර්ඩෑම ඉතිහාස කෞතුකාගාරයේ (Amsterdams Historisch Museum) eadem ce mogą කොට විශ්‍රාම ලැබූ ඔහු අමස්ටර්ඩෑම විශ්ව විද්‍යාලයේ )Universiteit van Amsterdam( ද කටයුතු කරයි.
matara maha kerella
කෘතියේ පරිවර්තක නිර්මාල් රංජිත් දේවසිරි කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයාය
pages 194
Weight | .192 kg |
---|