I was a boy in belsen
පරිවර්තනය : සුදාරි බස්නායක
ටොමී රයිකෙන්ටාල් වයස අවුරුදු නවයේදී නට්සීන් ගේ ග්‍රහණයට හසු වන්නේ තම මවත්, එකම සහෝදරයත් ,ආච්චි අම්මත්, නැන්දණියත් සමග තවත් පවුලේ සාමාජිකයින් කිහිප දෙනකු ද සමගය.අවසානයේදී ඔවුන් රඳවා තබන්නේ ඉතාම බිහිසුණු සිර කඳවුරක් වූ බර්ගන් – බෙල්සෙන් කදවුරේය.ඔවුන් කළ එකම අපරාධය ලෙස හැඳින්විය හැක්කේ ස්ලෝවැකියාව තුළ යුදෙව්වකු ව ඉපදීම පමණි.
කඳවුරේ ගත කළ කාලයේ එහි සිදුවූ දරුණු සිදුවීම් සියැසින් දුටු සාක්ෂිකරුවකු ලෙස ටොමී ලෝකයා ඉදිරියට පැමිණියේය.මිනිසත්කමටද නිග්‍රහ කරමින් දිනපතා මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් දැඩි කුසගින්න හා ලෙඩ රෝග පැතිර ගිය අයුරු පිළිබඳව ඔහු තම හඬ අවදි කළේය.වැසිකිලි වලවල් වල වැටී සිටින්නේ කුඩා බෝනික්කන් යැයි මුලින් ඔහු සිතුවද පසුව ඔහුට කටුක යථාර්ථය වටහා ගැනීමට වැඩි කාලයක් ගත වූයේ නැත.ඉහළට නැගුණ දුම් කවුළු වලින් පිටවන දුමාරය මිනිස් මල සිරුරු වලින් පිටවන දුමාරය බව වටහා ගන්නට ඔහුට වැඩි කාලයක් ගත වූයේ නැත.කුඩා දරුවන් බියට පත් නොකිරීම සඳහා නාන කාමරවල වතුර මල් වලින් පැමිණෙන්නේ විෂ දුම නොවේ යැයි වැඩිහිටියන් කොතෙක් පැවසුවද එහි යථාර්ථය තේරුම් ගන්නටත් ඔහුට වැඩි කාලයක් ගත වූයේ නැත.
1945 වර්ෂයේදී වර්ෂයේ දී ඔහු බර්ගන් – බෙල්සෙන් කඳවුරෙන් නිදහස ලබා ගත්තද ඔහුගේ පවුලේ සාමාජිකයින් තිස් පස් දෙනකු පමණ විවිධ කඳවුරු වල දී මියගොස් තිබුණි.
කුඩා කරල සිරකරුවෙකු ලෙස දිවි ගෙව්වත් එයින් නිදස් වූ ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙකු ලෙස දැන් ජීවත් වන්නේ අයර්ලන්තයේ ඩබ්ලින් නුවරය. අවුරුදු පනස් පහක් ගතවනතුරු යුද්ධය පිළිබඳව කිසිවක් නොපැවසූ ඔවු තම මතකයන් ලෝකයා හමුවේ පවසන්නට තීරණය කළේ බොහෝ දෙනකුගේ ඉල්ලීම අනුව ය.
Out of stock
I was a boy in belsen
පරිවර්තනය : සුදාරි බස්නායක