Best Seller

පිදුරු බල්ලෝ

Availability: In stock

Original price was: Rs. 600.Current price is: Rs. 510.

 

මානවකේන්ද්‍රවාදයෙහි, නූතනත්වයෙහි සහ ප්‍රගතියෙහි අඳුරු ප්‍රදේශ වෙත එබී බලන්නට උත්තේජනය සපයන මෙම කෘතිය අලුත් ආකාරයක මානව ප්‍රගතියක් පිළිබඳ මෙනෙහි කරන්නට අප මෙහෙයවයි. පසුගිය පන්සිය වසක පමණ කාලය පිළිබඳ අවංක ආපසු හැරීමක් අවශ්‍ය වන යුගයකට අප පැමිණ නොතිබේදැයි කතුවරයා අසයි. විටෙක අප අවුස්සන, විටෙක අප කුතූහල ගන්වන, විටෙක අප කෝපගන්වන මෙම කෘතිය මග හැර කිසිම ක්ෂේත්‍රයක බරපතළ ක්‍රියාවක නියැළිය හැකිද?

ස්කොට්ස්මන් පුවත්පතට ලියූ රිචඩ් හැලොවේ මෙසේ කියයි: “අත්‍යලංකාර පොතකි. මෙය කියවන සෑම දෙනෙකුම ජෝන් ග්‍රේ සමඟ එකඟ නොවනු ඇත. එහෙත්, සෑම කෙනෙකුම මෙම පොත මගින් අලුතින්ද වේදනාබර ලෙසද සිතන්නට උනන්දු කෙරෙනු ඇත.”

*

‘පිදුරු බල්ලෝ’ කෘතිය ආචාර ධර්ම සහ දේශපාලනය වෙත ඩාවින්වාදය යොදාගන්නට දරන ලද ප්‍රයත්නයකියි ඇතැම් පාඨකයන් දැක තිබේ. එහෙත්, මනුෂ්‍ය සත්ත්වයා පිළිබඳ අවසන් විස්තරය නව ඩාවින්වාදී ගතානුගතික ලබ්ධිය තුළ ඇතැයි මෙම කෘතියෙහි කිසිම තැනක නොකියවේ. ඒ වෙනුවට මෙම කෘතිය කරන්නේ පවතින මානවවාදී ලෝක දෘෂ්ටිය බිඳින්නට ඩාවින්වාදය උපක්‍රමිකව යොදා ගැනීමය. මානවවාදීන් ඩාවින්වාදය වෙත හැරෙන්නේ ප්‍රගතිය පිළිබඳ තමන්ගේ සෙලවෙන විශ්වාසයට ආධාර කරන්නටය. එහෙත්, ඩාවින් හෙළිදරව් කළ ලෝකයෙහි ප්‍රගතිය කියා කිසිවක් නැත. සැබැවින්ම ස්වභාවිකවාදී ලෝක දෘෂ්ටියක් ලෞකික අපේක්ෂාවකට කිසිම ඉඩක් තබන්නේ නැත.

Quantity :
Compare

Piduru ballo

Straw Dogs – John Gray

පරිවර්තනය : ලියනගේ අමරකීර්ති – Liyanage Amarakeerthi

ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – Vidharshana publishers

 

Weight .285 kg
Loading...