විද්‍යා ප‍්‍රබන්ධ ලෝලීන්ට “අබිරහස් රූමතිය” කතා මාලාව
යොවුන් වියේ සිටම ලේඛනයට ප‍්‍රිය කළ ජෙසිකා බ්‍රෝඩි සිය කුළුදුල් නවකතාව ලියා පළ කරන විට ඇයගේ වයස අවුරුදු හත සම්පූර්ණ වූවා පමණයි. 2001 වසරේ දී ස්මිත් පාසලෙන් උපාධිය සම්පූර්ණ කර ගත් ඕ තොමෝ ආර්ථික විද්‍යාව සහ ප‍්‍රංශ, ජපන් යන භාෂා ද ප‍්‍රගුණ කර ඇත. MGM ස්ටූඩියෝ ආයතනයේ වෙළෙඳ ප‍්‍රවර්ධන නිලධාරිනියක ලෙස සේවයට එක් වූ ජෙසිකා පසුව ඉන් ඉවත්ව යන්නේ ළමා වියේ සිටම දුටු තමන්ගේ සිහිනය වූ ලේඛිකාවක වීම යථාර්ථයක් කර ගැනීමේ අභිලාෂයෙන් ය. එතැන් සිට මේ දක්වා ජෙසිකා අතින් ලියැවී ඇති ප‍්‍රබන්ධ කතා ගණන දහයකි. ඒවා ද භාෂා රැුසකටම පරිවර්තනය වී ඇත. The Fidelity Filesජෙසිකාගේ පළමු නවකතාවයි. එය මේ වන විට චිත‍්‍රපටයකට ද තෝරා ගෙන තිබේ. ජෙසිකාගේ UNREMEMBERED කතාව 2013 වසරේදී එළි දැක්වූන අතර යොවුන් පාඨකයන් උදෙසා ඇය අතින් ලියැවුණු පළමු විද්‍යා ප‍්‍රබන්ධය ද වෙයි. ‘ස්ලම් ඩෝග් මිලියනයර්’ , ‘වැම්පයර් ඇකඩමි’ චිත‍්‍රපට නිෂ්පාදනය කළ සමාගම විසින් මෙම UNREMEMBERED නවකතාව ද චිත‍්‍රපටයකට තෝරා ගෙන ඇත. කතා ත‍්‍රිත්වයකින් යුත් මේ නවකතාවේ ඉතිරි කතා දෙක “Unforgotten” සහ ‘Unchanged’ යන නම්වලින් මේ වන විට පාඨකයන් අතට පත්ව තිබේ. මෙහි පළමු කෘතිය වන UNREMEMBERED හි සිංහල පරිවර්තනය මාධ්‍යවේදිනී, ප‍්‍රවීණ පරිවර්තිකා ඉරූෂා ගේ‍්‍රරෝ විසින් “පලායෑම” නමින් සිංහලට පරිවර්තන කර ඇති අතර එහි දෙවන කෘතිය වන Unforgotten හි සිංහල පරිවර්තනය “කාලතරණය” ලෙස නිකුත් වී ඇත.
Palayama
Unremembered – Jessica Brody
පරිවර්තනය : ඉරූෂා ග්‍රේරෝ
ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers
There are no reviews yet.
Your email address will not be published. Required fields are marked *
Your review *
Name *
Email *
Save my name, email, and website in this browser for the next time I comment.
Add to cart
Reviews
There are no reviews yet.